“ඉන්ශා අල්ලාහ් සහ දැඬි තීරණ නොහොත් එකම කථාව”
වසර 2000:
Sunday Observer පත්තරේ වාණීජ වෙළෙඳ දැන්වීමකට මගේ අවධානය යොමු උනේ අවුරුදු දෙකක විදේශ සේවය හදිසියේම දාල ඇවිත් ගෙදර අවිනිශ්චිත මනසකින් ඉන්න වෙලාවක.
ඇබෑර්තුවක් නූනත් කටාර් දේශයේ ලබාපු ආසන්නම අත්දැකීම නිවාස ව්‍යාපෘතියක කලමනාකරණය නිසාත්, ජෝන් කීල්ස් නාමය ලංකාවේ ඉතාම ප්‍රචලිත නිසාත්, මගේ ලොකු පුතා වැඩකරන්නෙත් එම සමූහ ව්‍යාපාරයට අයත් software development අංශයේ නිසාත්, මට නිකමට වගේ හිතුන ඇමතුමක් ගන්න.
කොලඹ පුද්ගලික අංශයේ දුරකථන ක්‍රියාකරවන්නියන් ඉන්නෙ ඉංග්‍රීසිය පල්ලෙන් බේරෙනවා වාගේ නිසාත්, මගේ කඩුව වීර කැප්පෙටිපොළගෙ කඩුවටත් වඩා මුවහත් නිසාත්, ලේසියෙන්ම වැඩේ කරගන්න ඕන නිසාත්, අනිත් පැත්තෙන් හලෝ කියනකොටම මම මගේ කඩුව වනන්න පටන්ගත්ත.
“I would like to speak to your Director Mr. Uduwara please”
මේ වෙනකොට මම දැනගෙන හිටියත් Diector උඩුවර කියල කෙනෙක් කියල එයත් බැද්දෙ එකෙක් වග මම දැනගෙන හිටියෙ නෑ.
“ May I know your good name please”
අවංකවම කටහඩින් නම් නිලියක් වගේ වෙන්න ඇති කියල මම හිතෙන් රූපෙත් මවාගෙන ඉවරයි.
“ Kamal Semage, but he might not know me by name”
චූටි වංගුවකුත් එක්ක මම එහෙම කිව්වෙ එතකොට ඕන කෙනෙක් හිතනව එයාලගෙ Director ට පරණ හිතවත් කමකුත් ඇති මෙයාගෙ කියල.
“ Hang on please”
වැඩි වෙලාවක් ගියේ නෑ උඩුවර මහත්තයට මගෙත් එක්ක දුරකථනයෙන් සම්බන්ධවෙන්න.
කඩුවෙන්ම පටන්ගත්ත කථාව ඉවර උනේ මගේ වතගොතත් එයාගෙ වතගොතත් කියවලා අන්තිමට පහුවදාම උදේ දහයට යූනියන් පෙදෙසෙ එයාගෙ කන්තෝරුවට ඇවිත් මුණගැහෙන්න කියලයි.
================
මගේ ආසන්නතම රැකියාව වෙලා තිබුනෙ පහුගිය අවුරුදු දෙකේ කටාර් දේශයඅ ගොඩනැගිලි ඉදිකිරීමේ සමාගමක් භාරව කටයුතු කිරීම. රජයේ සේවකයන්ට ගෙවල් හදල දෙන්නයි අපිට පැවරිලා තිබුනෙ.
මම රාජකාරි භාර ගන්නකොට ඔක්කොම ගෙවල් දෙකයි හදන්න පැවරිලා තිබුනෙ. සම්පූර්ණ මුදල් දෙන්නෙ රජයෙන්. කොම්පැනිය අයිති අහමඩ් බින් අබ්දුල්ල කියල සූදු අරාබි කාරයෙකුට. කටාර්වල කලු අරාබි කාරයො කොටසකුත් ඉන්නව. කලු එවුන් හරිම අපිරිසිදුවට ඉන්න ආවේගශීලි කොට්ඨාසයක්. සුදු එවුන් හරිම පිරිසිදුයි. කලු එවුන්ව කීයටවත් ගනන් ගන්නෙ නැතත් සුදු අරාබියො කල්ලන්ට හරිම භයයි. අවවාදයක් හැටියට අහමඩ් මට නිතරම කියන්නෙ කල්ලො මොනව කිව්වත් “ඉන්ශා අල්ලහ්” කියල ශේප් න්‍යාය දාන්න කියලයි.
කෙරෙන්නෙ නෑ කියල හිතෙන ඕනම වැඩකට උඹ ඔය වචන දෙක කියාපන්. ඒ කියන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කියන එක නිසා වැඩේ නෙකරුනත් ප්‍රශ්නයක් නෑ කියන එක. ඒකත් ඇත්ත නේ. මුං ඕනම දේකට “ඉන්ශා අල්ලාහ්” කියල නිකන් ඉන්නව. මම එදා ඉදන් ඉන්තේරුවටම කරන්න පුලුවන් ඕනම වැඩකට “මීය මීය” කියන්නත් කෙරෙන්නෙම නැත්නම් “ඉන්ශා අල්ලහ්” කියන්නත් වැඩේ ඉඩක් ලැබුනොත් කරල දෙන්නම් කියන වෙලාවට “මුම්කින්” කියන්නත් පුරුදු උනා. “මීය මීය” කියන්නෙ සියයට සියයක් කියන එක. “මුම්කින්” කියන්නෙ සමහරවිට කියන එක.
මගේ කට හැකර ඒත් හිත හොඳ යාලුවො මාව කවදත් තක්සේරු කරන්නෙ “උඹේ තෙලේ ඕන පපඩමක් බැදෙනව” කියලයි. ඒක අවඥාවට කිව්වත් මම භාරගන්නෙ පැසසුමක් හැටියට කියලත් ඒ අය හොදාකාරවම දන්නව. කොහොම උනත් මට නම් සුද්දද කල්ලද කියල වෙනසක් දැනුනෙත් නෑ මම පෙන්නුවෙත් නෑ.
අපි හදන ගෙවල් දෙකේ වැඩ අධීක්ෂණය කරන්න රජයෙන් පත්කරලා හිටියෙ ඊජිප්තු කාරයෙක් “ඊස” කියල. මිනිහට අපේ කොම්පැනිය අයිතිකාරය පෙන්නන්න බෑ. එයා කියන්නෙම අහමඩ් “හරාමි” කියල. ඉස්ලාම් ආගම පිලිපදින්නෙ නැති නිසා එහෙම කිව්වත් අහමඩ් ගාව අගය කරන්න පුලුවන් ගතිගුන ගොඩාක් තිබුන. උග්‍ර ඉස්ලාම්වාදියෙක් වුන ඊස, අහමඩ්ව පිලිකුල් කර නිසා අලුත් වැඩ කිසිදෙයක් අපේ කොම්පැනියට නොලැබී ගියා. මම ටිකෙන් ටික ඊසගෙ හිතදිනාගත්තෙ එයාටවත් නොදැනීම. ඒකට ගොඩාක් දුරට මට උපදින කොටම දීල තිබුන නම රුකුලක් උනා. ලංකාවෙ කමල් අරාබියෙදි කමා..ල් උනා. කමල් සිංහල බෞද්ධ නමක් උනාට කමා..ල් මුස්ලිම් නමක්.
මේ අතරෙ අපේ කොම්පැනියට ආව ඉරාකියෙක් “ලුවායි” කියල. මිනිහ මෝඩකමේ ප්‍රතිමුර්තිය කිව්වොත් පවු පිරෙන්නෙ නෑ. මෙලෝ සසරක් දන්නෙ නැති මේකා ඒ දවස්වල සදාම් හුසේන්ගෙ පාලනයෙන් බේරිල කටාර් වලට පැනල ආපු එකෙක්. බැඳල හිටියෙ සදාම්ගෙ අධිකරණ අමාත්‍ය වරයා වෙලා ඉඳල පවුල පිටින්ම කටාර්වලට පැනල ආපු ඉබ්‍රාහිම්ගෙ දුවව. රාජකාරි වැඩවලදි මගෙන් බොහෝ උපදෙස් ලබාගත් නිසා තනියම ඉන්න මාව ගෙදර එක්කගෙන යනව කෑමට. කටාර් දේශයේ ආගමික අධිකරණයේ ප්‍රධාන විනිසුරු තමයි ලුවායිගෙ මාමණ්ඩි.
හැම බ්‍රහස්පතින්දම හවස් වෙනකොට අහමඩ් මට කෝල් කරල කියනව ගෙදර වරෙං කියල. එදාට ගෙදර අය ගමේ ඇරල යාලුවන්ට එන්න කියල පාටි දානව. මම යන්නෙ වීදුරුත් අරගෙන. ගෙදර වීදුරු විස්කි බොන්න පාවිච්චි කරන්නෙ නෑ. එලියෙ කොහෙවත් ව්ස්කි ගන්න නැතත් එයාගෙ ගෙදර අඩුවක් නැතුව සති අන්තෙට විස්කි පිරිල. එදාට මාව එයාගෙ අරාබි යාලුවන්ට අදුන්නල දෙන්නෙ එයාගෙ සහෝදරයෙක් ගානට. වෙලාවෙ හැටියට එයා මගේ තනතුර වෙනස් කරනව. වෙලාවකට “මොහන්දීස්” වෙලාවකට “මුදීර්.” මොහන්දීස් කියන්නෙ ඉන්ජිනේරුව, මුදීර් කියන්නෙ ආයතනයක ඉන්න ලොකුම තනතුර දරන්නා.
මම රියැදුරු බලපත්‍රය ලබාගත්ත හැටිත් හරිම අමුතුයි. කටාර් තමයි රියැදුරු බලපත්‍රයක් ලබාගන්න අමාරුම රට. රටේ නැති කඩුලු පනින්න ඕන. විදේශිකයන්ට පලවෙනි සැරේට දෙන්නෙම නෑ. එක පාරක් අසමත් වෙලා දෙවෙනි පාර ගත්තොත් ඒක විශාල ජයක්. ගිහිල්ල වැඩි කාලයක් යන්න කලින් ලොක්ක මාව ටෙස්ට් එකට ඇරියෙ කීයටවත් උඹට පලවෙනි සැරේ දෙන්නෙ නෑ කියන ගමන්. මමත් ගියේම හරි ඉතින් මොනව කරන්නද දෙවෙනි සැරේටවත් බලමු කියල හිත හදාගෙන. මේ සැරේ නම් වරදිනවාමයි කියන හැඟීම මගේ ලංකාවෙ යාලුවොත් දිගටම සනාථ කෙරුවෙ එයාලගෙ පුද්ගලික අත්දැකීම් සම්භාරයත් ඒකට එකතු කරන ගමන්මයි.
අයදුම්පත අදාල මුදලත් එක්ක කන්තෝරුවට භාර දුන්නෙ අපේ ඔය වගේ වැඩට යන අරාබියෙකුත් එක්ක ගිහිල්ල. මට කිසිම ආතතියක් දැනුනෙ නැත්තෙ මගේ තියෙන චන්ඩි කමට නූනත් මේ පාර ලැබෙන්නෙ නෑ කියන හැඟීම පත්තියන් වෙලා තිබුන නිසයි. දැනට තියෙන වලංගු වාහන බලපත්‍ර තුනක්ම මම අයදුම් පත්‍රයත් එක්ක අමුණල තියෙනව දැකපු නිලධාරිය උඹ ලංකාව, සිංගප්පූරුව, බෲනායි තුනේම එලවල තියෙනව නේද කියල අහනකොට මම ඔව් කිව්වෙ විශාල ආඩම්බරේකුත් ආරූඪ කරගෙන.
ඒ කියන්නෙ උඹ පාරෙ නීතිය හොදට දන්නවනේ කියනකොට මගේ හිතට අමුතුම උත්තේජනයක් ආව වගේ දැනුන. උඹේ නම කමා...ල් නේද කියල ටිකක් අරාබි ක්‍රමේට උච්චාරණය කරල අහපු දෙවෙනි ප්‍රස්නෙට මමත් අරාබි ක්‍රමේටම ඔව් කියන එක කිව්වෙ “නාම්” කියල. කෙලිය නේද තාප්පෙට කිව්ව වගේ මේකා ඊලඟ ප්‍රස්නෙ ඇහුවෙ අරාබියෙන්
“උඹ ඉස්ලාම්ද?”
මමත් ඇරියෙම නෑ ඕන කෙංගෙඩියක් කියල ආයෙත්
“නාම් ඉස්ලාම් ජඩිට්”
කිව්වෙ මම අලුතෙන් ඉස්ලාම් භක්තිය වැලඳ ගත් කෙනෙක් කියන්නයි.
ඊලඟට වෙච්ච දේ හරිම අපූරුයි. උඹව පරීක්ෂණය කලා කියන්න නිකමට වගේ වාහනේ අතට ගනින් කියල මීටර් දෙසීයක් විතර ගිහිල්ල ආපහු ආවෙ අපි දෙන්න සෑහෙන හිතවත්කමකුත් ඇතිකරගෙන ඒකා දන්න ඉස්ලාම් ආගමෙන් භාගයක්ම මගේ ඔලුවට දමලයි.
බැහැපු ගමන් කොලයක් අත්සන් කරල දුන්නෙ මට සැහැල්ලු වාහන පදවන්න බලය දීල උඹට අල්ලාහ් දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා කියලයි. කන්තෝරුවට ආපු මාව ලොක්ක පිලිගත්තෙ ඔලිම්පික් සම්මානයක් ගත්තු කෙනෙක් පිලිගන්නව වගේ. එදාම මට තඩි කැබ් එකක් දුන්නෙ නහයට නහය අතුල්ලලා සුබ පතල උඹ මගේ සහෝදරයෙක් කියන ගමන්. අරාබියො එහෙම කරන්නෙ නෑ විදේශිකයන් එක්ක.
මම ඉරාකි පවුලත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් ඇතිකරගත් නිසා බ්‍රහස්පතින්දා රෑට නහුතෙට විස්කි බිව්වත් සිකුරාදට ඉරාකි විනිසුරුවරයත් එක්ක පල්ලියට ගියා. ඒ ගියාම කටාරයේ ඉන්න ලොකුම තනතුරු දරණ ශේක්ලත් එක්ක එකට ඉඳගන්න අවස්ථාව උදා උනා විතරක් නෙමෙයි මම බෞද්ධයෙක් උනත් ඉස්ලාම් ආගම කෙරෙහි භක්තියක් ඇත්තෙක් විදියට ප්‍රසිද්ධ වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. කොහොම උනත් අල්ලාහ් දෙවියො මගේ මූණ බලන්න වැඩි කලක් ගියේ නෑ.
“When luck fucks nothing obstructs” කිව්ව වගේ එක දවසක් පල්ලියෙ ඉන්නකොට ඊසා මාව දැක්ක. ඒ වෙලාවෙ මගේ ලඟින්ම හිටියෙ ඉරාකි විනිසුරුවරයා. මිනිහට ඇස් අදහාගන්න බෑ. උඹ කොහොමද කමා..ල් අදුනන්නෙ කියල අහනකොටම ඉරාකි විනිසුරුවරයා මගේ අතින් අල්ලාගෙන කියාපි මෙයා ඉස්ලාම් ආගමට ආපු මගේ හිත මිත්‍රයෙක් කියල.
ඊසා එකපාරටම බිම දණ ගහල අල්ලාහ් දෙවියන්ට ස්තූති කරල මාව බදාගෙන අල්ලාහු අක්බර් කියල මාව පිලිගත්ත. පහුවදා උදේම මොන වැඩේ තිබුනත් කන්තෝරුවට ඇවිත් එයාව මුනගැහෙන්න කියල මාව පොරොන්දුත් කරගත්ත.
“ඕන ඉටිගෙඩියක් සිලිං පහයි කියල” මම පහුවදා උදේම ඊසව මුණගැහෙන්න ගියා. මේ යෝධයා මාව හතරවටේම ඉන්න උන්ට අදුන්නල දුන්නෙ අලුත් ඉස්ලාම් භක්තිකයෙක් කියල. කෝපි සංග්‍රහයකට පස්සෙ පැය භාගයක් ගියේ නෑ මිනිහ මට අලුත් ගෙවල් දොලහක කොන්ත්‍රාත් ගිවිසුම් දීල අත්සන් කරපන් කිව්ව. මම ලොක්කට දීල අත්සන් කරල ගෙනැල්ල දෙන්නම් කිව්වම මිනිහ කියනව එයාට ලොක්කගෙ අත්සනෙන් වැඩක් නෑ, උඹ අත්සන් කරල සීල් එක ගහල ගෙනැල්ල දීපන් මම සියයට තිහේ අත්තිකාරම් මුදල හෙටම ගන්න ලෑස්ති කරන්නම් කිව්ව.
මම ලොක්කව මුණගැහෙන්න ගියේ රටක් රාජ්ජයක් දිනාපු එකෙක් වගේ. ලොක්කගෙ ඇස් දෙක උඩගියේ මිනිහට අදහාගන්න බැරුව. සියයට තිහක අත්තිකාරම් මුදලක් කියන්නෙ ලොකු ගානක්. පැය විසිහතරක් ගියේ නෑ අලුත්ම කාර් එකක යතුර ගෙනැල්ල මට දුන්නෙ, දීල තිබුන කැබ් එක “කෙචරා” කියන ගමන්. කෙචරා කියන්නෙ කුණු කියන අර්ථයෙන්.
ගෙවල් දොලහෙම වැඩ පටන්ගත්තෙ ලොක්කගෙත් ඊසගෙත් ආශිර්වාද මැද්දෙ. ඉස්සෙල්ලම අත්තිවාරම හාරනව. පොලොව තනිකරම සුදු පාට ගල් තට්ටුවක් නිසා හාරන්නෙ rock breaker එකක් හයිකරපු excavator එකකින්. හාරල බිත්ති එන තැන් වලට සමතලා වෙන්න කොන්ක්‍රිට් දමනව. ඒ වැඩේට ලොකු වියදමක් යනව ලී රාමුව ගහන්න විතරක්. ලී රාමුව එක පාරයි පාවිච්චි කරන්නෙ. මම ලී රාමුව වෙනුවට අසීමිතව නැවත නැවතත් පාවිච්චි කරන්න පුලුවන් යකඩ රාමුවක් design කලා.
විශාල ලාබයක් ඒකෙන් අපිට ලැබෙන නිසා මට හිතුන මේක රට වටේටම ව්‍යාප්ත කරන්න ලියාපදිංචි කරන්න ඕන කියල. එහෙම හිතල මම ඒ සම්බන්ධව කටයුතු කරන රජයේ අදාල ආයතනයට ගියේ සියලුම ලියකියවිලිත් අරගෙන. එතන ලොක්ක ඊජිප්තු කාරයෙක්. මාව සුහදව පිලිඅරගෙන කෝපිත් පිරිනමල ඔක්කොම හොදින් අධ්‍යයනය කෙරුව.
මේක විශිෂ්ඨ නිර්මානයක් කියල පිලිඅරගන්න ගමන් එයා මට කියන්න ගත්තෙ අපූරු කතන්දරයක්. අපි මේ රටට ඇවිත් ඉන්නෙ මේ රටට අපේ ශ්‍රමය විකුනන්න මිසක් ශ්‍රමය අවම කරන්න නෙමෙයි. උඹේ ඔය දක්ෂකම් යොදවපන් මේ රටට අපේ ශ්‍රමය උපරිම කරන්න පුලුවන් ක්‍රම නිපදවන්න.
මම එලියට ආවෙ බිදුනු සිතකින් නම් නෙමෙයි. මට ඔය ටික තේරුම් ගන්න බැරි උන එක ගැන කනස්සල්ලෙනුයි. මම එදා තේරුම් ගත්තා අවශ්‍යතාවය තැනේ හැටියට වෙනස් වෙනව නේද කියල. එක තැනකට හරි දේ තව තැනකට වැරදියි. වවුලගෙ මගුල් ගෙදර ආවනම් ….කියල හිතාගෙන මගේ biological computer එකේ save කරගෙන මේසෙ උඩ තියෙන චීන ඇමරිකන් කාරයගෙන් කොපි කරගෙන ඌටත් වඩා හොදින් හදාපු කොම්පියුටරේ delete බොත්තම එබුව.
හදාගෙන යන නිවාස 14 ක රජයේ උසස් නිලධාරීන් හැමදාම හවසට මාව මුනගැහෙන්න එනව. එයාල එන්නෙ මූලික සැලැස්ම ඒ විදියටම තියෙද්දි එයාලගෙ වියදමින් පොඩි පොඩි වෙනස්කම් කරගන්න. මම අධික ලෙස කාර්‍ය බහුල වෙන්න ගත්තෙ දවසෙන් දෙකෙන්. සමහරු බනිනව, සමහරු බදාගන්නව, සමහරු විහිලු කරනව, ඒ මදිවට එකෙක් ඉවර උනාම ඒක එලියට දාන්නෙ හරිම අමාරුවෙන්. මුන්ට ඕන පච හල හල කල් අරින්න. එලියෙ බලාගෙන ඉන්න එකා ගැන වගේ වගක් නෑ. එලියෙ ඉන්න එකා තරහ ගන්නෙත් නෑ. අමුතුම ජාතියක් මුන්.
මේ අතර හිටියා අඩි හයකටත් වඩා උස හරිම ලස්සන CID එකේ ලොක්කෙක්. මාත් එක්ක ගොඩාක් කුලුපග වෙලා හිටපු එයා කවදත් එන්නෙ අරාබි තෝබ් එකක් ඇඳල ඔලුවට කෙෆිය එකක් අගාල් එකක් එක්ක ලස්සනට හැඩවෙලා. ඇත්තටම හරිම හැඩයි හරිම සුන්දරයි. වෙන කතරියො වගේ මහතත් නෑ.
එදා මට වැඩ අධික දවසක්. කතරියො කාටවත් එන්න කියල වෙලාව දීල තිබුනෙත් නැති නිසා නිවී සැනසිල්ලෙ කොම්පියුටරේ වැඩ කරගෙන හිටියෙ. එක පාරටම දොරකඩින් බූට් සද්දයක් ඇහුන නිසා මම ඔලුව උස්සල බැලුව. පාංශු දේහදාරී පොලීසියෙ එකෙක් නිල ඇදුමෙන්ම හිටගෙන ඉන්නව.
“අස්සලාම් වාලෙයික්කුම් ඔරහ්මතුල්ලා බෙර්කාතු”
“වාලෙයික්කුම් සලාම්” කියන ගමන්ම මම අතදික්කරත් එයා ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතිකොට මම සෑහෙන්න තැති ගත්ත.
ඒ ගමන මේක මට තර්ජනාත්මකව කියනව එයා ආවෙ මාව අත් අඩංගුවට ගන්නලු. මට දෙලොව රත් උනත් පොලීසිය ගැන අහල තිබුන නරක ආරංචි මතක් වෙලා, මමත් හිත හදාගත්තෙ අර මම ඉස්සෙල්ල කියාපු CID ලොක්ක මාව මග අරින්නෙත් නැති නිසාමයි. නැතත් මාව බේරගන්න ඉරාකි විනිසුරුවරයත් ඉන්නවනේද කියලත් හිතන කොටම මිනිහ හිනාවෙලා අහනව උඹ බය උනාද කියල. එතකොට තමයි මම හරියටම CID ලොක්කව අඳුනගත්තෙ.
ඇත්ත වශයෙන්ම එයා ඇවිල්ල තියෙන්නෙ මට ලොකු අවවාදයක් දෙන්න හරියටම අපේ ලොක්ක නැති වෙලාවක් බලල. ලොක්කගෙ චෙක් අගරු වෙලා. බැංකුවෙ මුදල් නැතුව චෙක්පත් නිකුත් කරන එක ව්ශාල වරදක්. කෙලින්ම හිරේ. ප්‍රස්නෙ තියෙන්නෙ ඒ හැම එකකම agreement එකට අත්සන් කරල තියෙන්නෙ මම. එයා කියනව අනිවාර්යයෙන්ම දෙන්නම අත් අඩංගුවට ගන්න වෙන නිසා ඉක්මනටම ගෙදර පලයන් කියල කියන්නලු ආවෙ.
ගෙදර විසාල කරදරයක් කියල ජාම බේරගෙන පහුවදාම ලංකාවට ආවෙ ආයෙත් ජීවිතේට කටාර් පැත්ත පලාතෙ යන්නෙ නෑ කියල හිතාගෙන
============
“We do not have a vacancy for an Engineer but, since you seems to be a good communicator I can recruit you as an Engineer responsible for all our public relations. This is a tough job and you will have to handle all complaints by our clients”
මම එක පයින් කැමති උනේ අරාබියන්ට තෙල් බෙදාපු මට ලංකාවෙ ගොබිලොත් කජ්ජක්ද කියල හිතිල.
පහුවදාම රාජකාරිය පටන්ගත්ත මම, වැඩිකලක් යන්න කලින් අමාරුම ගෝල් එකක් ගැහුවෙ ඩිරෙක්ටර්ගෙ ආත්ම වෛරක්කාරයෙක් මෙල්ල කරල. අපේ බර ගානක් මුදල් යොදවපු එක ව්‍යාපෘතියක් නැවතිලා අදාල රාජ්‍ය ආයතනයේ අනුමැතිය නැතුව. කීයටවත් අනුමැතිය ගන්න බැරි අදාල රාජ්‍ය ආයතනයේ සභාපති මුලු ලංකාවෙම ප්‍රසිද්ධ අග්‍ර ගන්‍ය උගතෙක් නිසාත් පවතින රජයේ පූර්ණ ආශිර්වාදය එයාට තිබෙන නිසාත් අපේ සමාගමට කීයටවත් අනුමැතිය ගන්න බැරි බව හැම සදුදාම තියෙන ප්‍රගති සමාලෝචනයෙදි කතා වුනා. මම උත්සාහයක් ගන්නද කියල අහපු වෙලේ කවුරුත් හිනාඋනේ මේ යකා පිස්සෙක් කියන්න වගේ.
පහුවදාම මම කන්තෝරුවෙන් අදාල ලියකියවිලිත් අරගෙන අදාල රාජ්‍ය ආයතනයට ගියේ ඒකෙ සභාපතිතුමාව බැහැදකින්නයි. අදාල ලියකියවිලි ගන්න ඩිරෙක්ටගෙ සෙකට්‍රි ගාවට ගියාම එයා කිව්වෙ උඹට ඕකට අනුමැතිය ගන්න තියා අපේ කොම්පැණියෙ නම කියාපු ගමන් එලවගන්නව කියලයි. මම සභාපතිතුමාව මුනගැහෙන්න ඉල්ලීම කලේ කොම්පැණියෙ නම නොකියා පුද්ගලික උවමනාවකට කියලයි.
“Come come Kamal what a surprise. Take a seat” කියල ඉතාම සුහදව මාව පිලිගත්තෙ බැද්දෙ (කටුබැද්දෙ ) අතීතයත් මතක් කරන ගමන්මයි.
පැය භාගයක් විතර ආගිය තොරතුරු කතාකරල මට ආපු කාරණාව ඉශ්ඨ කරල දුන්නෙ මේක මම ඔයාට කරන පුද්ගලික උදව්වක් කියල ඔයාගෙ අර ඩිරෙක්ටරයට කියන්න කියලයි. ඌ මට ජරා වැඩක් කලා. ඒකට කමක්නෑ. ඔයා ආවෙ නැත්නම් මේක මම කීයටවත් කරන්නෙ නෑ කියල ගොඩාක් අවලාද නැගුවත්, මම ඒ එකක්වත් ඩිරෙක්ටරයට කියන්න ගියේ නෑ. එදා ඉඳන් මම කොම්පැණියෙ වීරයා වෙලා අවුරුදු දෙකක්ම සම්පූර්ණ කලා.
“අන්න උඹට ලියුමක් ගහල accountant කාරය. මේ දවස්වල ඌ පොර වෙලානේ” දවල් කෑම වෙලාවෙ කැරම් ගහන ගමන් කවුරු හරි කියනව මට ඇහුනත් මම ගනන් ගත්තෙ නෑ.
මගේ ඔලුවෙ ඊට වැඩිය ලොකු ප්‍රස්නයක්. මගේ පරණ යාලුවෙක්ගෙ වදේට CV එකක් බහරේන් වලට ඇරියෙ ඕනවට එපාවට වගේ. වැඩේ ගැස්සිලා, උඹ ඉක්මනටම වරෙන් කියල කෝල් එක ඇවිල්ල පැයක් ගියෙත් නෑ. මම මෙතන වැඩට එනකොට එක කොන්දේසියක් තමයි අස්වෙනවනම් මාස හයකට නොඅඩු කාලයක දැනුම්දීමක් දෙන්න ඕන කියන එක. මම ගිරේට අහුවෙලා, යන්නත් බෑ, ඉන්නත් බෑ. යනවනම් බරගානක් ගෙවන්න වෙනව.
ඔලුව අවුල් කරගෙන මේසෙ ලගට යනකොට ලියුමක් මේසෙ උඩ, එක ව්‍යාපෘතියක වැඩ පරක්කු උනේ ඇයි කියල නිදහසට කරුනු අහල දින තුනක් ඇතුලත ලිඛිතව දැනුම් දෙන්න කියල. මේක මොකද්ද මට, දෙන්නම්කො Accountant කාරයට චූ යන්නම හොදම කඩුවෙන් කියල හිතෙන කොටම මගේ ටිකිරි මොලේට ටිකිරි අදහසක් ආව.
“මූ කවුද මගෙන් නිදහසට කරුණු අහන්න” කියල සද්දෙ දාල කියන ගමන්ම ලියුම කෑලිවලට ඉරල කුනු කූඩෙට වීසිකලේ කන්තෝරුවෙ ඕපෙ දුවන්නෙ විදුලි වේගෙන් කියල දැනගෙනමයි.
පැයක් ගියේ නෑ කැදවීමක් ඩිරෙක්ටර්ගෙන් වහාම එන්න කියල.
“Why did you throw that letter away”
මගේ අරමුණ සාක්ශාත් කරගන්න ඩිරෙක්ටර්ගෙ කතා විලාශය මෘදු වැඩියි කියල මට හිතුන.
“Because I do not recognise the accountant as my boss. Who is he?”
“I have delegated him to overlook the overall progress of all the sites”
ඒ ගමන නම් ටෝන් එක ටිකක් සැර වෙලා
“Still I refuse to accept an accountant as my boss”
“That amounts to insubordination”
“I am the least bothered”
ඇනේ ඔලුවටම මිටිපාර දුන්නෙ ඩිරෙක්ටර්ගෙ කට්ට කලු මූණත් රතුවෙන්න.
“Ok. I’ll get back to you”
පැයක් ගතවෙන්නත් කලින් කොම්පැනියම ගිනිඅරගෙන මට පණිවිඩයක් එනව මාව අස්කරනව කියල.
“එහෙම කරන්නෙ කොහොමද මම නඩුදානව” කියල ගෝරනාඩුවක් දාල හැරෙන්න උනේ නෑ මට මාස හයක පඩියකුත් එක්ක අස්කිරීමේ ලියුම ආවත් මම නෙමෙයි මගේ හිත ඇතුලෙ තියෙන ප්‍රීතිය එලියට දැම්මෙ.
ටික දවසයි ගියේ මට ගුවන් ගමන් බලපත්‍රයත් එක්ක පත්වීමේ ලිපියක් ආවෙ බලාපොරොත්තු උන විදියටම.
ඊලග සදුද රැස්වීමෙදි කරුණු කාරනා දන්න මගේ හිතවතෙක් මම කියාපු විදියටම මගේ බහරේන් ගමන පෙර සැලසුමක් කියල සභාවෙදිම කියලා.
“Kamal cheated us but, I really appreciate his guts and his contribution”
ඒ ඩිරෙක්ටර්ගෙ ප්‍රතිචාරය කියල පස්සෙ මට දැනගන්න ලැබුන.
පසුව ලියමි: බෙන්තර ගඟෙන් එහා ඉපිද මහනුවර හැදී වැඩී නැවතත් ගාල්ල මගේ ස්ථිර පදිංච්ය කර නොගත්තේනම් මගේ දිවියේ සත්‍ය සිදුවීම් රාශියක් අලලා ලියන ලද මෙම ලිපිය මේ අන්දමට නිමා නොවන බැව් මා හොදාකාරවම දනිමි.
Post a Comment