බැද්ද 2 - දිලිප් කුමාර් සහ සරත් කුමාර

බැද්ද 2 - දිලිප් කුමාර් සහ සරත් කුමාර

අලුත්ගම service එකෙන් nescafe බීල අපි කාර් එකට නැග්ගත් මගේ හිත තවමත් බැද්දෙ. ඒ සුන්දර අතීතයත් එක්ක අත්වැල් බැඳගෙන. එදා අපිත් එක්ක ගජේ දාපු අපේම සහෘදයන් බොහොමයක් අද විසිරිලා ගිහිල්ල. අවුරුදු 50 කට කලින් බැද්ද…..

ලෙක්චර්ස් ගිය පලවෙනි දවසෙම දැනගත්ත අපේ බැච් එකේ අර “කතරට පොද වැස්සක්” කිව්ව වගේ කෙල්ලො හතරදෙනෙක්ම ඉන්න විත්තිය. සුගුන තමයි ලස්සනම එකී. ප්‍රේම, සෝම සහ චිත්‍රා මගේ ඇස්‍තමේන්තුවෙ හැටියට සාමාන්‍යයි. ඔච්චරම තමයි architecture සෙට් එක එනකල්ම ලෙල දිදී හිටියෙ. අපි බාල්දිකාරයො නිසා අපි දිහා එකෙක්වත් බලන්නෙ නෑ. Archi සෙට් එකේ නම් හිටිය නියම කෑලි ටිකක්. මගේම අයියත් ආව ඒ බැච් එකටම. අයියට මටත් වඩා පිස්සු කියල වටහාගන්න සින්නොන්ට වැඩි කාලයක් ගියේ නෑ. එදා ඉදන් මම පොඩි පිස්සා අයිය ලොකු පිස්සා.

ඊට අමතරවත් තව පිස්සෙක් නිතර බැද්දට ආව ගියා. ඒ දිලිප් කුමාර්. හොස්ටල් එකේ වැඩකරපු පරණ cook කෙනෙක්. එයාගෙ පිස්සුව අසනීපයක් උනාට අපේ පිස්සුව ජාන වලින් ආපු එකක් විත්තිය අපේ ගෙදර ආපු ඕන කෙනෙකුට තේරෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ. තාත්ත ඉඩක් ලැබුන හැම අවස්ථාවකම අපේ යාලුවො ඉස්සරහ ඒක සනාථ කලා.

තවත් නොයෙක් ජාතියෙ පිස්සොත් බැද්දෙ හිටිය. හරියටම පිස්සෙකුට හිටියෙ සරක් කුමාර. පවු අහිංසකය. මානසික අසනීපයකට පිස්සෙක් කියන එක වැරදියි. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව තමයි මම එහෙම කිව්වෙ. සරත් කවදාවත් විභාගෙ පාස් කරගත්තෙ නෑ. හැම අවුරුද්දේම repeat උනා. අපිලිවෙලට හා තරමක් අපිරිසිදුවට ඉඳපු සරත්ට විභාගෙ ලංවෙනකොට පිස්සුව තදවෙනව. සින්නො එහෙම වෙලාවට අපි අහගෙන කියනව ඕකා ඔය බොරුව ගෙනියන්නෙ විභාගෙට ඉන්න වෙනවට. හොරෙන් එහෙම කිව්වත් කිසිකෙනෙක් එයාට විහිලු කරන්නවත් ගියේ නෑ.

දිලිප් කුමාර් ගාල්ලෙ පොරක්. කලක් හොස්ටෙල් එකේ උයන්න ඉදලා දැන් මහපාරට වැටිල. හිටපු ගමන් බැද්දට ඇවිල්ල යන්න එනව. බැද්දෙ ඕනම කෙනෙක් එයාව දන්නව. එහෙම ආපු දවසට කවුරු කවුරුත් අතේ තියෙන විදියට කීයක් හරි දෙනකොට අන්තිම වසරෙ කවුරු හරි හිටියොත් කියනව මතකයි  “අපි බැද්දට ආපු අලුත මෙයා Hostel එකේ වැඩ කලා” කියලා. නළුවෙක් වගේ පාර දිගට හින්දි සිංදු කියන එක තමයි එයාට පේන්න තිබුන පිස්සුව. කෙල්ලො ඉස්සරහ පිස්සුව වැඩිවෙන එක නිසා එයා ගැන පොඩි කුකුසක් අපේ හිත්වල ඇති නොකලාමත් නෙමෙයි.

මගේ අයිය ලණු දෙන්න උපන් හපන් කමක් තිබුන කෙනෙක්. සමහර වෙලාවට මිනිහගෙ ලණු ගිලල දිරවගන්න බැරුව එයාගෙ යාලුවො දඟලන කොට ඒකටත් උඩින් තවත් ලණුවක් ගිල්ලන්න හරිම දක්ෂයි. “වලියට බර වලිසුන්දරල ගුටි කන අවස්ථාවන් සුලභයි” කියන්න වගේ අපෙ අයියත් එයාගෙම ලණු අතරෙ පැටලිලා හිටපු අවස්ථාත් සුලභයි.

එයාලගෙ පැත්තෙ මොකද්ද නොසන්සුන්තාවයක් කියන ඉවක් මට වැටුනත් කිසිම කෙනෙක් කටක් අරින්නෙ නෑ. ඉන්තේරුවටම අපේ එකා මොකක් හරි කුපාඩි වැඩක් කරල ඇති කියල මට හිතුනෙ මිනිහගෙ ඔය මම කියන හැකියාව ගැන ඉතිහාසයක් තියෙන නිසාමයි. දැනගන්නකල් ඉස්පාසුවක් නෑ අහන අහන එකා ප්‍රස්නෙ මග අරිනව.

වෙනද ලොකු පිස්සගෙ මල්ලි කියල සුහදව කතා කරන Archi යො මෙදා ලඟට යනකොට වීසිවෙන්නෙ හරියට කාස කරයෙක් මග අරිනව වගේ. ඔලුව උස්සල කොරිඩෝව දිහා බලනකොට ශ්‍රියානි එනව අඬ අඬා සුගුනත් එක්ක. ශ්‍රියානි කියන්නෙ හැඩකාර Archi කෙල්ලක්. අපිට වඩා ටිකක් වැඩිමල් උනත් මොකද්දෝ පොඩි හැඟීමක් මගේ හිතේ මෝදුවෙලා තිබුනෙ නැට්ටට කිරි එරිල හිටිය කුපාඩි වයසෙ නිසා වෙන්න ඇති. අපේ වල් හිත් වල හටගන්න හැඟීම් එලියට එන්නෙ නැත්තෙ ඉස්කෝලෙ මහින්දෙ නිසා වෙන්න ඇති.

කොහොම උනත් මොකද්ද ප්‍රස්නෙ කියල අහන්න පෙරමග ඉද්ද ගැහුව වගේ හිටියත් වෙනද මොකක් හරි කියාගෙන යන ශ්‍රියානි මාව පහුකරගෙන යන්න ගියේ නොදැක්ක වගේ. දැන් ඉතින් අපේ එකාගෙන්ම තමයි අහන්න තියෙන්නෙ කියල හිතාගෙන Archi යො ඉන්න පැත්තට ගියා. ශ්‍රියානි මගේ අයියත් එක්ක ගොඩාක් කුළුපග විත්තිය මම දැනගෙන හිටිය නිසා මිනිහ මට කියාවි….

ඈත ඉදන්ම මම දැක්ක අර කෙල්ල අඬ අඬා යද්දී මේ යකා බැචාල රොත්තක් එක්ක දිලිප් කුමාර්ව වට කරගෙන කැකිරි පලනව. මාව දැකල ඉස්සරහට ආවෙ හිනාව තදකරගෙන කියල මට තේරුනා.

“ මොකද්ද ප්‍රස්නෙ”

වැඩි විස්තර පැත්තකට දාල මම ඇහුවෙ මේකා මොකක් හරි අංචියක් ඇදල කියල තේරුම් ගිය නිසාමයි.

“ මුකුත් නෑ මුකුත් නෑ…….තමුසෙ වැඩක් බලාගෙන යනවකො”

“ මුකුත් නෑ කියන්නෙ තමුසෙ මාර බඩුවක්නේ…..”

මුගේ හොම්බට අනින්න බැරිකමට මම දිලිප් කුමාර්ගෙ දිහා බලල මට හිතාගන්න බැරිත් නෑ කියන හැඟීමකුත් එක්කම තමයි ඇහුවෙ.

“ කිව්වම අහනවකො. පොඩි විහිලුවක් ටිකක් upset උනා. පස්සෙ විස්තරේ කියන්නම්”

“ අන්න අරකි නහුතෙට අඬනව”

ටිකක් බර දාල මම කිව්වෙ චූටි කේන්තියකුත් ආරූඪ කරගෙන.

පස්සෙ අස්පයගෙ කටින්ම කතාව එලියට පැන්නෙ හිනාවෙවී උනත් මට නම් තරමක කේන්තියකුත් ආව. “මිනිස්සු හඳට ආදරේ කරන්නෙ ඒ ගැන කවි සින්දු ලියන්නෙ ඒක ලබාගන්නම නෙමෙයිනේ” මට ශ්‍රියානි ගැන ලොකු අනුකම්පාවක් ඇතිඋනා.

දිලිප් කුමාර්ට සුගුනව පෙන්නල ලණුවක් දීල. කරුමෙට පෙන්නල තියෙන්නෙ ශ්‍රියානිත් එක්ක එන වෙලාවක. මේකාට වැරදිලා තනියම එන වෙලාවක් අල්ලල ශ්‍රියානිව අල්ලගෙන යන්න නොදී හින්දි සිංදු කිය කිය ලව් කරන්න අරගෙන.

ශ්‍රියානි සුමානයක් විතර ලැජ්ජාවට එන්නෙ නැතුව ඉන්නකොට අපේ ගොබිල තව සෙට් එකක් එක්ක ගෙදරටම ගිහිල්ල හිත හදල එක්කරගෙන ඇවිල්ල.

කුරුඳුගහ පහුවෙනව වගේ ඇස් කොනට දැක්කෙත් නෝන පුංචි තරහක් ආරූඪ කරගෙන වගේ කටහඬ අවදිකරනකොට.

“මොකද අනේ ඔයා divorce case එක දාල යනව වගේ කතාවක් නැතුව යන්නෙ”

“කෑව වැඩේ… මම මගේ පරණ love එකක් එක්ක හිටියෙ”

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget