ෆ්‍රෙඬා, කසිප්පු සහ ජැටිය....



ෆ්‍රෙඬා, කසිප්පු වඩිය සහ ජැටිය….

"සර්…. කාමරේ යතුර ටිකකට දෙන්න…. පිහිදල දාන්න…" 

Fernando නොහොත් කවුරුත් කියන විදියට "ෆ්‍රෙඬා" මගෙන් යතුර ඉල්ලගත්තෙ බලෙන් වගේ… 

මාල දිවයිනෙ හෙක්ටයාර් හැටපහක Hudhufushi දූපත Lahviyani Atoll එකේ තියෙන ලොකුම දූපත කිව්වොත් නිවැරදියි… Atoll විසිදෙකකින් සමන්විත මාල දිවයිනෙ දූපත් 1200 විතර තියෙනව…. මේ දූපතේ ඉඳිකිරීම් ව්‍යාපෘති කළමනාකරු හැටියට මම වැඩ භාරගත්තෙ මාස හයකින් ඉතිරි වැඩ කොටස ඉවරකරන බලාපොරොත්තුව ඇතුව…. වැඩේ ලේසි නෑ…  ඒත් මගේ ජීවිතේ අවසාන ව්‍යාපෘතිය කියල හිතාගෙන භාරගත්තෙ පරිසරයෙ සුන්දරත්වයත් මගේ වයසට ගැලපෙනව කියල හිතාගෙන.

මේ දූපතට ආපු පලවෙනි දවසේ මා මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම ගැන විස්තරාත්මක ලිපියක් මගේ withkase.blogspot එකේ Male' to Hudhufushi මැයෙන් පල කර ඇත.

ලංකාවෙ කොල්ලො සෙට් එක ඉතිං කන්න නැතත් බොන්න රුසියො නේ… මගේ කාමරේට කිසි කෙනෙක් අනවසරයෙන් එන්නෙ නැති නිසා කොල්ලො කාගෙත් සහභාගිත්වයෙන් ඊයෙ පැහෙන්න දාපු කසිප්පු බූලිය මගේ මතකයට ආවත් මේ වෙනකොට "ෆ්‍රෙඬාගෙ" තරම මැනගෙන හිටියෙ නැති නිසා යතුර දුන්නෙ මේක නියමෙට කාමරේ අස්පස්කරන නිසා…. මිනිහ ඒකට දස්සය. 

ෆ්‍රෙඬා ඕනවටත් වැඩිය උනන්දුවෙන් මගේ කාමරේ අස්පස් කරන වග දැනගත්ත සුභාශ් ඇතුළු අනිත් ශ්‍රී ලාංකික සෙට් එක අප්පට සිරි කියලා කටට ආපු වචන ගිලගත්තෙ මොකද කියල එදා මට තේරුනේම නෑ.

මාලේ මත්පැන් තහනම් උනත් කුඩු ඕසෙට… පුදුම විදියට කොල්ලො කුඩුකාරයො වෙලා… විශාල ප්‍රතිශතයක් තරුනයෝ කුඩු වලට ඇබ්බැහි වෙලා… අද ලෝකෙ දිහා බලනවිට මත්පැන් තහනම් කිරීමේ ආදීනව මාලේ ජාතික තරුණ පරම්පරාව දෙස බලන විට ඕනෑම කෙනෙකුට මනාව වටහා ගත හැකි බව මගේ විශ්වාසයයි… මත්පැන් තිබුනා නම් මෙහෙම වෙන්නෙ නෑ කියල හිතුන වාර අනන්තයි.

ෆ්‍රෙඬා මේ දූපතේ ඉපදුනේ නැතුව විතරයි… සන්නාලියෙක් හැටියට මේ ආයතනයට දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරපු ෆ්‍රෙඬා කාගෙත් සිත් දිනාගෙන හිටපු කෙනෙක්… මගේ ඇතුගල්පුර අවුරුදු දෙකක පමණ සේවාකාලය තුල ජීවිතේ මුණගැසුනු අවංකම ජන කොට්ඨාශයක් ලෙස හඳුනාගෙන සිටි මිනිසුන් ජීවත්වන පරිසරය තුලම හැදී වෑඩී සිටි ෆ්‍රෙඬා වචනයේ පරිසමාප්ත නාමයෙන්ම අවංක පුද්ගලයෙක්දැයි මෙය කියවා අවසානයේ ඔබටම තීරණය කල හැක.

ලොක්කගෙ තාත්ත ඉන්න කාලෙත් මෙයාගෙ සේවය උපරිම තත්වයෙන් තිබුන නිසා මේ වෙනකොට නිශ්ච්ත රාජකාරියක් පැවරිල නොතිබුනත්, අවුරුදු ගානක් මෝඩ අවස්ථාවාදී මාලේ හිතවතුන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් කුරුවල් වෙලා තිබුන වැඩබිම තුල ෆ්‍රෙඬා සෑහෙන සේවයක් කරමිනුයි හිටියෙ…. අපගේ ඕනෑ එපාකම් සියල්ල නොවලහා ඉටුකරදෙමින් ඉතා කුලුපගව හා සමීපව මාලේ වැසියන්ගේ මව්බස වන දිවෙහි බස චතුර ලෙස කථා කරමින් සිටි මොහු අවංක සේවකයෙකි.

"සර්… හෙට මූදෙ නාන්න යමුද?"

සුභාශ්, අපේ store keeper උනත් හැම වැඩක්ම කරන අකලට තට්ටෙ පෑදුන ගම්පොලයෙක්…. එහෙම කිව්වට හිත හොඳ කොල්ලෙක්… විශාල යටිරැවුල නිසා මූණ උඩු යට්කුරු කලානම් නියම කොණ්ඩයක් එක්ක එල කොල්ලෙක්ගෙ රූපෙ… ඕන ගේමකට ඔට්ටු පොරක් මගෙන් එහෙම අහනකොට හතරවටේම මූද තියෙන දූපතේ කොහේ නාන්න බැරිද කියල හිතුන මම ඒකට එකඟ උනේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම.

"අපි කෑම උයාගෙන එහා පැත්තෙ කොනටම යමු… අර බූලියත් අරගෙනම ගිහිල්ල full fun එකක් ගමු"

"හරි මම අරාබි බතක් උයන්නම්"

"සර් උයන්න ඕන නෑ… අපි උයන්නම්…. මේ බංගලියන්ගෙ කෑම කන්න බෑ"

සුභාශ් එහෙම කියනකොට මගේ හිත දවස් දෙක තුනකට පස්සට ගියා.. බංගලි උයන කෑම කාල මුළු කාමරේම වමනෙ ගියා… අපරාදෙ කියන්න බෑ ෆ්‍රෙඬාගෙ සාත්තු සප්පයම් නිසා දවසෙන් ගොඩ ගියා…. කිසිම හිරිකිතයක් නැතුව මිනිහ මුළු කාමරේම සුද්ද කරල ලඟින්ම හිටිය.

පහුවදා මම majboos (අරාබි බතක්) හැලියක් හදාගෙන ලංකාවෙ කොල්ලො ටිකත් එක්ක පාලුවට ගිය වැල්ලට ගියේ කාමරේ තිබුන මගේ උපදෙස් මත පිලියෙල උන කසිප්පු බූලියත් ලොරියට පටවගෙන… 

ගිහිල්ල බලනකොට බූලියෙන් භාගයයි…. භාගයක් අන්තරස්දාන වෙලා… ෆ්‍රෙඬා මගේ කාමරේ හැමදාම සුද්ද කරන ගමන් කසිප්පු වඩියත් සුද්ද කරල… අඩු පාඩුවට මගේ කාමරේ fridge එකේ තිබුන juice පැකට් ටික ඒකට හලලා…. කොහොම උනත් අට දෙනෙක්ගෙන් සමන්විත අපේ ශ්‍රී ලාංකික බලකායට කරටි කැඩෙන්න නැතත් කන සාක්කුවට වැටෙන ගානට කසිප්පු තිබුන…  

ඔය අතරවාරෙදි තමයි හුසේන් ගෙන් whatsapp message එකක් ආවෙ… හුසේන් අපි වැඩකරන දූපතේ අයිතිකාරය… සුන්දර චරිතයක්… ඒ නිසාම එයාගෙ ලඟින්ම ඉන්න අය කොලේ වහල ගහලම මේ ව්‍යාපෘතිය විශාල අර්බූදයක පැටලිලා තිබුනෙ… පරිපාලනය අතින් ගොඩගන්න බැරි අර්බූදයක තිබුනත් මම මේ ව්‍යාපෘතිය භාරගත්තෙ, පලවෙනි දවසෙම හුසේන් ඒ බව මා ඉදිරියේ නිහතමානීව පිලිගත් නිසයි…. මම කීප වරක්ම ඒ බව එයාගෙ මූණටම කියල තිබුන.

"Bank officials are coming for an inspection. Can you complete the jetty in one month. This is very important. I need a reply immediately"

මේ වෙනකොට මීටර් සියයක් පමණ දිග ජෙටියෙ ඉඳිකිරීම් හුසේන්ගෙම යාලුවෙකුට භාරදීල තිබුනත් ඉඳිකිරීම් අඩියක් දුරට වත් කරල තිබුනෙ නෑ… යාලුවත් නියම පොල්ලක් තියල වැඩෙත් අවුරුදු ගානක් පරක්කු කරල.

මම මනසින් ගනන් හදන්න ගත්තත් මේ වෙලාවෙ ඒකට නිසි පිලිතුරක් දෙන්න මට අසීරු උනා… ජෙටිය… මීටර් සියයක් විතර දිග… පහක් විතර පලල…. මුහුදෙ…. කොන්ක්‍රිට් කනු උඩ…. ඒ මදිවට කුඩු ගහන මාලේ සුපවයිසර්ල…. අපරාදෙ කියන්න බෑ අපේ සෙට් එක කුඩු ගහන්නෙ නෑ.

කොල්ලො සෙට් එක කන සාක්කුවෙ දාගෙන වික්ටර් රත්නායක මරනව…. අපි ඔක්කොම රජවරු…. 

ෆ්‍රෙඬා…. ටේලර් දැනට ඉංජිනේරුවගෙ total station එක කරගහගෙන යන සහායක…. සංජේ… ඉංජිනේරුව…. තාම ඇටෙන් පොත්තෙන් ආව විතරයි…. සුභාශ් තට්ටය…. ගබඩා පාලක සහ එකී මෙකී නොකී වැඩ…. බර යන්ත්‍ර ක්‍රියාකරුවන් දෙන්න… නම් මතක නෑ… මගේ හිතට එක දෙයක් ආව… කොහොම උනත් මුන්ට අවස්ථාව දුන්නොත් ගේමට බහීවි…

"මේ අහපියව්… ලොක්ක SMS එකක් එවලා"

මුං සෙට් එකේ අවධානය ගත්තු මම විස්තරේ කිව්ව….

"උඹල මට සප් එක දෙනවනම් මම වැඩේ භාරගන්නව කොන්දේසි සහිතව… මේක නියම වෙලාව අපේ colours පෙන්නන්න… මොකද කියන්නෙ…."

නහුතෙට ගහල හිටපූ උං මැරෙන්න උනත් ලෑස්තියි.

" හරි සර්… දෙමු ගේමක්…"

එක හඬින්…

"Yes…. But I need 5 weeks provided the sub-contractor is taken away immediately and no questions asked on the mode of construction"

මම SMS එකක් ගැහුවෙ කෝකටත් තව එක සතියක් දික් කරගත්තට කමක් නෑ කියල හිතා ගෙන.

"Agreed .   Go ahead"

හැරෙන තැපාලෙන් පිලිතුරක් ආව.

පහුවදාම වැඩේට බැස්සෙ ෆ්‍රෙඬාව සුපවයිසර් කරල… ඌට හොඳට දිවෙහි බාසාව කතාකරන්නත් කෑගහන්නත් පුලුවන් … total station එක කරගහගෙන හතර අතේ දුවන සංජේ වැඩ හසුරුවන්නත්, කනු නිසි පරිදි ඉඳිකරන්නත් භාර කලා… හොඳට වැඩ කරන්න පුලුවන් පීනන්න, කිමිදෙන්න දන්න බංගලි හත් අට දෙනෙකුත් ලංකරගත්තා.

මූණ දෙන්න සිදු උන කාර්මික බාධක හැම එකක්ම දිනාගෙන ඉදිරියට ගියේ ඇත්තටම අපේ කොල්ලො සෙට් එකේ සාමුහිකත්වය සහ උනන්දුව උඩ කියල මට නිහතමානීව සතුටු වෙන්න පුලුවන්.

මට කරන්න තිබුනෙ බලාගෙන ඉන්න එක විතරයි.. කොල්ලො සෙට් එක කොහොම හරි සති පහෙන් ජෙටියෙ වැඩ ඉවර කලේ අපිට යටිකූට්ටු ඇදපු, අපේ වැඩේ අසාර්ථක වෙනකල් ගැන ගැන හිටපු මාලෙ එවුන් අන්දුන් කුන්දුන් වෙලා කට ඇරගෙන බලා ඉන්න අතරෙයි… 

අවුරුදු දාසයක් අපි ලඟ වැඩකරපු ෆ්‍රෙඬාට හරියන ජොබ් එක ලැබුනෙ මේ සැරේය කියල හුසේන් පස්සෙ දවසක කියල තිබුන.

Post a Comment

අම්මෝ ඒ කාලෙ සර්.....

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget