නොබැඳුනු පෙම…
අහස ගුගුරා ඇද හැලුන වැහි
කොලඹ උතුරා දෝරෙ ගැලුවත්
බලා හිඳිනට නුඹ එන තුරා
පැකිලුනේ නෑ මහලු මගෙ සිත
වියපත්වු බඹරෙකු විලස
බලා සිටියත් නුඹ එනතුරා
අහස එරෙහිව ගිගුම් දෙන හැටි
බලා සිටියෙමි පැතුම් සුන්වී
එදා අදරින් නොබැඳුනත් අපි
නුඹේ පුතු අද දීග යන දින
සිතින් සිප ගමි නුඹේ දෙකොපුල්
නුඹේ සුසුමන් මගෙ ලයට ගෙන
තනිකඩව …..
Post a Comment
ඔයාගෙ සිතේ සිතුවිලි ශූනය කරා යනකං ඔහොමතමා ඉතිං