ශ්‍රී පාදය නොහොත් Adam's Peak

ශ්‍රී පාද කන්ද නොහොත් Adam's Peak….

මා ශ්‍රී පාදය තරණය කල අවස්ථා බොහෝය… කුලුඳුලේ එය තරණය කලේ අවාරයේ තනිවමය… ඒ වයස දහසයේදී පමණ මහනුවර ශාන්ත සිල්වෙස්තරයේ ශිෂ්‍යයෙකුව සිටි අවදියේ දීය. 

මිතුරෙකු සමග එහි යෑමට කථිකා කර ගත්තද ඔහු නොපැමිනියෙන් තනිවම යාමට තීරණය කලේ අම්මා අතට දුන් බත් පාර්සල් දෙකද අතැතිවය… එම ගමන තනිවම ගියද ජීවිතයේ විඳි උපරිම ආස්වාදය, සංත්‍රාසය හා අත් දැකීම මම විඳ ගතිමි…. ඉන් පසු මා ශ්‍රී පාදය තරණය කල වාර බොහෝය… ඉඩක් ලද සැමවිටම මම මිතුරන් සමග එම දුෂ්කරවූ ගමන ඉතාමත්ම සතුටින් ගියෙමි…. දෛවයද ඒ සඳහා ඉඩ කඩ සලසමින් මගේ සේවා ස්ථානය හැටියට තලවාකැලේ තෝරා දීම මගේ නොනිමි ආශාවට රුකුලක් විය…

එම පූජනීයැයි බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සියලුම බැතිමතුන් ඉතාමත් භක්තියෙන් හා ගෞරව නමස්කාරයෙන් තරණය කරනා දුර්ගය මා අනේක වාරයක් තරණය කලේ කිසිදු සම්ප්‍රදායික හෝ ආගමික වත් පිලිවෙලකින් තොරවය.

මාගේ පලමු කුළුඳුල් ගමනට බොහෝ බාධක ඇතිවිය… අවාරේ ගිය නිසා මස්කෙලියේ සිට නල්ලතන්නියට හිමිදිරි උදෑසන බස් තිබුනේ නැත… මහනුවර සිට රාත්‍රී දුම්රියේ හැටන් වෙත පැමිණි මට රාත්‍රිය ගෙවා දමන්නට සිදුවූයේ හැටන් දුම්රිය ස්ථානයේ යාචකයන් හා සමග ගිනි තපිමිනි… නල්ලතන්නියට මේ දිනවල අවාරේ නිසා බස් නොමැතිවීම විශාල බාධාවක් විය…. ඒ වනවිට තිබුනේ අද තිබෙනා නව මස්කෙලිය නගරය වෙනුවට පැරණි මස්කෙලිය නගරයයි… එය මාඋස්සාකැලේ ජලාශය ඉඳිකිරීමේදී  යට වී ඇත.

මම මස්කෙලිය නගරයට බසයෙන් ගොස් එතැන් සිට නල්ලතන්නියටද, ශ්‍රී පාද මුදුනටද ගොස් නැවත මස්කෙලියට පයින්ම ආවේ හුඳෙක් පාසැලේ එම වසරේම champion athlete හැටියට අභිශේක ලැබූ පන්නරයක් තිබූ නිසා විය හැක.. කෙසේ වුවත් එම ගමන ඉතාමත් සාර්ථකව නිම කලේ මගේ මුළු ජීවිත කාලයටම නොමියෙන ආශ්වාදයක් හා අත්දැකීම් සමුදායක් එක් කරමිනි.

" සිරී පාදෙ එක පාරක්වත් නොගිය එකාත් මෝඩය, කීපවරක් යන එකාත් මෝඩය" 

මෙය මගේ නොනිමි ශ්‍රී පාද තරණය පිලිබඳ ඇති ආශාව ඇසූ බොහෝ අයගේ මතය වූවත් මම එම ගමන ප්‍රීතියෙන් භුක්ති වින්දේ එක වරක් නොව අනේක වාරයකි…. තවමත් හිරිමල් වියේ පසුවන තරුණයෙකැයි සිතා සිටින මම, ලඟදීම නැවත වරක් එම ගමන පලමු ගමන මෙන්ම තනිවම යාමට ඉටා ගත්තේ, මගේ හිත මිතුරෙක් මාවෙත එවා තිබූ කෙටි පණිවිඩයකට ප්‍රතිචාරයක් ලෙසිනි.

" ඳැං ඒව බෑ මිස්ට කමල්…. ඕව බොරු කතා"

මගේ ශ්‍රී පාද නොහොත් Adams Peak ගමන හා මෙම ලිපියද එම කෙටි පණිවිඩයේ ප්‍රතිපලයකි.

මෙම ගිරිදුර්ගය තරණය කරන්නෝ විවිධය. බොහෝ අය ප්‍රීතියෙන් හා උනන්දුවෙන් ජීවිතේ පලමු වරට එම ක්‍රියාවේ නියැලේ… එය කාටත් පොදු දෙයක් වුවද බොහෝ අය ආසාවෙන් නැග ආ කන්දේ උච්චම ස්ථානයේදී කලකිරෙන්නේ මේකටද මෙච්චර දැඟලුවේ කියා සිතමින් ලතවෙමින්ය….. තවත් බොහෝ අය කඳු මුදුනේ අසිරිය විඳ ගත්තද ආපසු යන්නෙ ආයෙත් නොඑන අදහසිනි…. තවත් අය අතරමගදී හති වැටී අසරණ වී ආපසු හැරෙන්නේ බලාපොරොත්තු සුන් කර ගනිමිනි. 

ඉතාමත් සුළු පිරිසක් නැග්මද, කඳු මුදුනද, බැස්මද ඉතාම ලෙන්ගතු කමකින් හමාර කරන්නේ ඉඩක් ලද හැම විටම ආපසු එනවාය යන හැඟීමෙන්ය…. එවන් අය නැවත නැවතත් ඒ සුන්දර ආශ්වාදජනක කඳු මුදුනට පැමිනෙන්නේ වෙනදාටත් වඩා උද්‍යෝගයෙන් හා සතුටිනි…

මමද ලඟදීම එම කඳු මුදුනට යෑමට අදහස් කරගෙන සිටින්නෙමි.

සිතන්නට යමක් පසුව ලියමි: Adam යනු ආදම්ය… Peak යන්න climax යනුවෙන් අර්ථ දැක්විය හැකිය… එසේනම් Adam's Peak යනු ආදම්ගේ සුරතාන්තයයි…. ආදම්ගේත් ඒවාගේත් සුරතාන්තයේ පිලිබිඹුවයි. Tube Light දනෝ නැවත කියවත්වා….

withkase.blogspot

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget