ඈත පේන මුහුද දිහා මම බලාගෙන හිටියෙ කිසිම අරමුණකින් නූනත් එයා කියාපු එක දෙයක් මගේ හිතට තදින්ම කාවැදිල තිබුනෙ මටත් හොරා.
“සුමී මේ ලෝකෙ පුරුෂාධිපත්තිය ඉදිරියේ අසරණ උන එකම ගැහැණිය ඔයා නෙමෙයි.”
ඒ කටහඩ සීනුවක් වගේ හරිම ප්‍රබලයි.
“ඒ උනාට මට මේක දරාගන්න අමාරුයි. මම දරුවො දෙන්නෙක් එක්ක මේ ලෝකෙ තනිවෙලා”
හිතට ආපු ආවේගෙට එහෙම කිව්වත් මම මගේ දුක පෙන්නන්න අකමැති නිසා මූණට හීන් හිනාවක් ආරූඪ කරගත්ත.
“ඔයාට ඔයාගෙ සහෝදර සහෝදරියන්ගේ බැල්ම ආරක්ෂාව තියෙනව. හොද රැකියාවක් තියෙනව
දරුවො ආරක්ෂාකාරීව ඉන්නව. ඔය එකක්වත් නැතුව ජීවිතේ ගැටගහගන්න ගෑනු කොච්චර ඉන්නවද”
එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්ව. ඒ ඇස් වල තිබුන දීප්තිය මාව අන්ධ කලා. එයා කතා කරන්නෙ කෙලින්ම මගේ ඇස් දෙක දිහා බලාගෙන. ඒ ඇස් මාව මෝහණයට පත්කලාද කියලත් හිතෙනව.
“ඔයා දැන් දික්කසාද වෙලා නේ ඉන්නෙ. ඔයාට සුදුසුය කියල හිතෙන කෙනෙකුට ඔයා විවෘත වෙන්න. දැන් ඔයා ඉන්නෙ ඔයාම හදාගත්තු කට්ටක් ඇතුලෙ. ඕක කඩල දාල එලියට එන්න.”
“මට මිනිස්සු එපාවෙලා ඉන්නෙ වෙලාවකට හිතෙනව ජීවිතේ නැතිකරගන්න”
අහම්බෙන් මුනගැහුනු මේ ආගන්තුකයත් එක්ක මේ තරම් දොඩමලු වෙන්නෙ ඇයි කියල මට නොහිතුනාමත් නෙමෙයි. කතා කරනකොට පරිස්සම් වෙන්න ඕන කියල කොච්චර හිතුවත් එයාගෙ ඇස් මාව අනාථ කලා. මම බිම බලාගත්තෙ මගේ හිතත් එක්ක ලොකු සටනක් කරල.
“සුමී, මට එක පොරොන්දුවක් වෙන්න. මම කියන එක අහල කෙලින් මගේ දිහා බලන්න”
මම බැලුව නෙමෙයි බැලුන. මගෙ ඇස් එලියට ගන්න කොච්චර දැගලුවත් එයාගෙ ඇස් එක්ක බද්ධ වෙලා.
“දැන් මට පොරොන්දුවෙන්න අර ලංකාවෙ ඉන්න දරුවො දෙන්න අනාථ කරල මොනම හේතුවකටවත් ජීවිතේ නැතිකරගන්නෙ නෑ කියල”
එහෙම කියන ගමන් එයා අතක් මේසෙ උඩින් තිබ්බ. මගෙ අත ඉබේම එයාගෙ අත උඩට ඇදිල ගියා. මෙයා බොරු කියන්නෙ. ඔය කියන තරම් මෙයාට වයසක් නෑ. ඒ අත හරිම තරුණයි. හරිම සිනිදුයි.
“පොරොන්දු වෙන්න”
ඉස්සෙල්ල තිබුන ආයාචනාත්මක ස්වරූපය එයාගෙ කටහඩින් ඈත්වෙලා ඒ වෙනුවට විධානයක ස්වරූපයක් ආරූඪ වෙලා. ඒ ගමන මේ මිනිහ මට තර්ජනය කරනවද කියල හිතුනත් මම පොරොන්දු උනා ඒ ගැන හිතන්නෙවත් නැ කියල.
එයාගෙ වයෝවෘද්ධ කමත් එක්ක විසාල ජවයකින් තමයි කතා කලේ. එහෙම කියනකොට මට හිතුන මටත් මේ වගේ තාත්ත කෙනෙක් හිටිය නම් කියල. ඒ එක්කම මේ ආගන්තුකය එක්ක මොකද්දෝ ආත්මීය බැදීමක් තියෙනවද කියන ප්‍රස්නෙ මගේ හිතට වද දුන්න.
මට මගේ තාත්ත මතක් උනා. කොච්චර ධෛර්ය වන්ත මත්පැන් පානය නොකරපු කෙනෙක් උනත් මට තාත්ත එක්ක ඒ කාලෙ තිබුනෙ විශාල අප්‍රසන්නතාවයක්. ඕනම දුවකට තාත්ත කියන්නෙ මහමෙරක් කියල පන්තියෙ යෙහෙළියො කියනකොට මම බිම බලාගත්ත. කෙල්ලො තාත්ත ගැන ආඩම්බරෙන් කතාකරනකොට මම ගොලුවත රැක්කෙ ඇත්තටම මගේ තාත්ත ගැන මට කියන්න කිසිම දෙයක් තිබුනෙ නැති නිසයි.
හැමදාම එයා ගෙදර එන්නෙ ආරූඪ වෙලා. මොකක් හරි ප්‍රස්නයක් ඇදගෙන කියවනව. දරුවන්ටත් හැමවෙලේම දොස්කියන එකමයි කලේ. ඒ මොනවා උනත් අම්මා වහලියක් වගේ හැමදෙයක්ම කලා විතරක් නෙමෙයි එයා එපා කියන කිසිම දෙයක් හීනෙකින්වත් කලේ නැති විත්තිය මම හොදාකාරවම දැනගෙන හිටිය.
“මොකද්ද යකෝ මේ කරල තියෙන්නෙ.”
තාත්තගේ ගොරෝසු කටහඩ ගෙදර දෝංකාර දුන්නා .
“ඇයි අනේ කෑගහන්නෙ”
කියන ගමන් කුස්සියෙ හිටපු අම්ම එලියට ආවෙ බළල් පැටියෙක් වගේ. මට අම්ම ගැන හිතට ආපු වේදනාව දුක පපුව හිරකරගෙන පුපුරන්න වගේ දැනුන.
“මෙහෙ වර තිට පෙන්නන්න”
කියාගෙන අත දිග ඇරල ගහන්න පනිනකොටම මම කෑම පිගාන මුලු වැරම යොදල තාත්තගේ මූනට ගැහුවෙ අම්මට මගේ තිබුන අසීමිත ආදරේට. ඒ එක්කම මගේ මූනට මිට මොලවපු අතක් පහත් උනේ හෙන ගෙඩියක් වගේ. ඉතින් මම කොහොමද තාත්ත මට මහමෙරක් කියල කටක් ඇරල කියන්නෙ.
ඒ මොනදේ උනත් දෙන්න නිදාගන්නෙ එකට. කොච්චර රණ්ඩු උනත් කවදාවත් තාත්ත වෙන කාමරේක නිදාගන්නෙ නෑ. අම්ම තාත්තට අසීමිතව ආදරේ පිලිගැන්නුව. ඒ අසීමිත ආදරය මම එදා තේරුම් නොගත්තත් පසුකලෙක මගේ මුලු ජීවිතයටම ඒක බලපෑම් කලේ හොල්මනක් වගේ. මට ඒකෙන් ගැලවෙන්න කොහෙත්ම බැරිඋනා කියල අද පිලිගන්න වෙලා.
“මිස් capuchchino එක නිවිලත් ඇති දැන්. කොයි වෙලේද මම දුන්නෙ. ලොකු කල්පනාවක නේද හිටියෙ”
මම දන්නෙම නෑ මම වැඩකරන හෝටලේ ලංකාවෙ සේවිකාව කියනකල්ම. තිගැස්සුනු මම එයා දුන්න විසිටින් කාඩ් එක හංගගත්තෙ ඇයි කියල මටම හිතාගන්න බැරි උනා. කාන්ති දැක්කද දන්නෙ නෑ.
“ආ. අර මහත්තයගෙ ගානත් මගේ එකවුන්ට් එකට දාන්න”
“නෑ මිස්. ඒ මහත්තය දෙකටම ගෙවල ගියේ”
“ඇයි එහෙම කරන්න දුන්නෙ”
“නෑ මිස් ඒ මහත්තය හරිම හොදයි. මම කිව්ව. එයා කොහොමත් වැඩියෙනුත් ගෙවල යන්නෙ. කොම්පැනියක ඩිරෙක්ට කෙනෙක්. හැමදාම ලන්ච් ගන්නෙ මෙහෙන්.”
මම නැගිටල ඇවිත් උඩ තට්ටුවෙ මම වැඩකරන එකවුන්ට්ස් සෙක්ශන් එකට ආවත් මට ඒ හමුවීම පහුවදා වෙනකල්ම හිතේ පැල පදියම් වෙලා තිබුන.
============
පහුවදා කන්තෝරුවෙ කට්ටිය ferry එකක් ඈත මූදෙ පෙරලිලා කියල කතා වෙනව. මාල දිවයිනෙ මේක සුලභ සිදුවීමක්. කවුරුවත් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්කුවෙ නෑ. කොහොමටත් මාලෙ හැමෝම හොද පිහිනුම් කාරයො නිසා හැමෝම වගේ බේරෙනව. ඒ ආරංචිය මට අදාලම නෑ කියල මම බැහැර කලත් ඒක මගේ ජීවිතේට විශාල බලපෑමක් පසු කාලෙකදි සිදුකලා.
මම දවසෙ වැඩ ආරම්භ කලේ වෙනදට වඩා සැහැල්ලුවෙන් කියල මට හිතුන. වෙනද මහා කරදරකාරී විදියට මට පෙනුන කන්තෝරුව අද සුන්දර තැනක් වෙලා.
මට මගේ නොවන මගේම …….විකාර මටත් වෙලාවකට. ඒක මම ආසම සිංදුවක්. මොකද්ද මට මේ වෙන්නෙ. පිස්සුද කොහෙද .
මම ගොඩක් ආසාවෙන් එයත් එක්ක කතා කරන්න බලාගෙන හිටියත් සතියක් විතර යනකල් හමු උනේ නෑ. එයා මුනගැහුනු එක දවසට මම ගොඩාක් එයා ගැන පැහැදුනා. මොකද්දෝ හුරු බවක් මට දැනුන. අපි ගිය ආත්මෙ හරි මුනගැහෙන්න ඇති. මම දිගටම එයා කෑම වෙලාවෙ මුනගැහෙන්න බලාපොරොත්තු උනා.
“කාන්ති, අර මහත්තය ඊට පස්සෙ ආවෙ නැද්ද?” බැරිම තැන දවසක් මම ඇහුව.
“ නැහැ නේ මිස්. කොහේ හරි ගියාද දන්නෙ නෑ නේද. මාලෙවල ඉන්නවනම් එනවමයි”
එහෙම කියන ගමන් කාන්ති අමුතු විදියට හිනාඋනා. ඇත්තටම මේ කෙල්ලටත් ඕන නැති දෙයක් නෑ. මමත් මොකටද ඒක එයාගෙන් අහන්න ගියේ. ආවනම් ඉන්නවනේ.
සතියකට විතර පස්සෙ මම කෑමට පහලට එනකොට එයා අපි ඉස්සෙල්ලම මුනගැහුනු මේසෙම ඉදගෙන ඉන්නව. කොහොම උනත් මම හිතාගෙනමයි ආවෙ අදනම් මෙයා එනවමයි කියල.
“ඔයා පහුගිය ට්කේ ආවෙ නෑ නේද?
වෙනද එයාගෙ ඇස් දෙකේ තිබුන දීප්තිය අද නෑ. මූනත් සුදුමැලිවෙලා.
“නෑ මම ලංකාවට ගිහිල්ල හිටිය”
එයත් මනුස්සයෙක් නේ. මොකක් හරි ප්‍රස්නයක් ඇති.
“නෝනව බලල එන්න යන්න ඇති”
මම එහෙම කිව්වට පස්සෙ තමයි මට හිතුනෙ ඒක කියවුනේ චූටි ඉරිසියාවක් මට දැනුන නිසාද කියල.
“නෑ එහෙමමත් නෑ. වෙන වැඩකටත් එක්ක ගියේ”
“ඉතිං නෝන බලන්න ගියේ නැද්ද “
“මොකද නැත්තෙ”
“ඉතිං කොහොමද?”
“ඔයාට කොහොමද?”
“ඔහේ වැඩ ටික කරගෙන ඉන්නව”
“මට දුන්න පොරොන්දුව වෙනස් කරන්නෙ නෑ නේද”
“නෑ.”
“ඔයාගෙ ජීව්තේ ගැන අකමැත්තක් නැත්නම් මට හැම දෙයක්ම කියන්න. මම ආසයි දැනගන්න”
“ඒව මතක් කරන්න මම ආස නෑ.”
(ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කිව්වලු.)
එහෙම කිව්වත් මට හොදටම උවමනාව තිබුන අකුරක් නෑර මේ ඔක්කොම පිටකරල දාන්න. මම එයාගෙ දෑස් දිහා ආයෙත් බැලුව. වෙනද වගේම ඇස් දීප්තියෙන් බැබලෙනව. මම මෝහණය වෙලාද. හැම දෙයක්ම මගේ කටින් එලියට පැන්නෙ සුනාමියක් වගේ.
“දැං ඉතිං මේ කෙල්ලට යන කල දසාවක් ගැන බලන්න ඕන. මමත් ඉන්නෙ අසනීපයෙන් නේ”
අම්මගෙ කටහඩ මට යාන්තමට ඇහුන. තාත්ත හ්ම් කියනවවත් මට ඇහුනෙ නෑ. අම්මට මේ දවස්වල හතිය හොදටම. ලෙඩින් නිසා තාත්තගෙ ගෙරවිලි හොදටම අඩුවෙලා.
“මම පුතාට කියල පත්තරේට දාන්නද?”
අම්ම අහන්නෙ නැතුව කිසිම දෙයක් කරන්නෙ නෑ. මේ දවස්වල තාත්ත සන්සුන් වෙලා හිටියත් අම්ම පරන පුරුද්දට එහෙම ඇහුව
“හා. පුතාට කියන්න” තාත්ත ප්‍රස්නෙන් පැනල ගියා.
සතියක් දෙකක් යනකොට තොරතෝංචියක් නැතුව තැපැල් මහත්තය ගෙදර බෙල් එක ගහනව. ලියුම් මිටියක් එකතු උනා. අම්ම හැම ලියුමක්ම කඩල බලල වැඩක් නෑ කියනව. මමත් ඒ හැම එකක්ම කියෙව්ව. අන්තිමේදී ලියුම් එන එක නැවතුනාටත් පස්සෙ, ඒ කියන්නෙ මාසෙකට විතර පස්සෙ අම්ම කොට්ටෙ යට තියාගෙන් ඉදපු ලියුමක් මට දුන්න.
එංගලන්තයේ උගත් කඩවසම් එකම පුතුට…..
සති දෙකකට විතර පස්සෙ අපි එයාට දිනයක් දීල ලෑස්ති උනා. හරිම පිලිවෙලට ඇදල හිටිය එයා හැමදෙයක්ම පිලිවෙලට කරන පිරිසිදුකම ඉහලින්ම තියෙන කෙනෙක් කියල හිතුනෙ එයා තේ මේසෙට වාඩිවෙන්න කලින් අත් දෙක හෝදගන්න ඕන කියාපු නිසයි. කොහොම උනත් එයාට විනාඩි පහක් විතර ගියා ඒ වැඩේට. එයා එනකල් හැමෝම බලාගෙන හිටිය. එයා ඇවිල්ල හිටියෙත් හුරුබුහුටි යාලුවෙක් එක්ක. එයා උඩු රැවුල වවල ලස්සනට ට්‍රිම් කරල එයාගෙ යාලුව තවම දලි රැවුලවත් වැවිල නෑ වගේ. දෙන්නම ඇදල හිටියෙ එකම ජාතියෙ එකම පාට කමීස දෙකක්.
අම්ම නැතිවෙලා කිව්ව. තාත්තට වැඩ අධ්ක නිසාත් ඉස්සෙල්ලම දවස නිසාත් එයාට යාලුවෙක් එක්ක යන්න කියල. එයා යාලුව ගැන හරිම උනන්දුවක් තිබුනෙ. සාමාන්‍යයෙන් පිරිමි යාලුවන්ට කතා කරන්නෙ උඹ බං කියල උනත් මෙයාල කතා කලේ ඔයා මෙයා කියල.
කොහොම හරි වැඩේ ඉක්මනටම තීන්දුත් උනා. මහලොකුවට මගුලක් ගත්තෙ නැතත් සාමාන්‍ය මට්ටමට අපි මගුල ගත්ත. එයාගෙ පැත්තෙන් තාත්ත ඇතුලුව ටික දෙනෙක් ඇවිල්ල හිටිය. එයාගෙ අම්ම ජීවතුන් අතර නැති නිසා එයාගෙ නැන්ද කෙනෙක් තමයි අම්ම වගේ තාත්තත් එක්කම හිටියෙ. ඒ හැසිරීමත් අපේ පැත්තෙ අයට අවිස්වාසයක් ඇති කලත් මම ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්කුවේ නෑ.
“මිස් සප්ලයර් කෙනෙක් ඇවිල්ල බලාගෙන ඉන්නවලු”
“මම ඉක්මණින් එනව කියන්න”
ආයෙත් අපි හෙට මේ වෙලාවටම මෙතනදි හමුවෙමු කියල මම ලිෆ්ට් එකේ උඩට ගියා.
==============
එදා රෑ මම කාමරේට ගිහිල්ල ගොඩාක් වෙලා එයා ගැන කල්පනා කලා. මගේ කතාව එයා හරිම උනන්දුවෙන් අහගෙන හිටිය. හැම දෙයක්ම එයා තේරුම් අරගෙන හිටියෙ. වෙනද වගේ හරස් ප්‍රස්න ඇහුවෙත් නෑ. මම හැමදෙයක්ම තොර
තෝංචියක් නැතුව කියවපු නිසා අහගෙන ඉන්න ඇති.
පහුවදාත් මම යනකොට එයා එතනම වෙනද වගේම හිටිය. සුපුරුදු හිනාව මූනෙ තිබුනත් ටිකක් මැලවුනු මූනක් තිබුනෙ. එයාටත් මොනව හරි ප්‍රස්න ඇතිනේ. ආ මොන ප්‍රස්නෙ තිබුනත් එයා මගේ කතාව අහන්න එනවමයි.
මම මගේ කතාව නවත්තපු තැනින් පටන්ගත්ත. එදා අපි මධුසමය ගතකරන්න ගියේ ලග තියෙන හෝටලේකට. මට ඇදුම් ගලවලා ඇග හෝදගන්න කල් වත් එයාට ඉවසන්න බැරිඋනා. ඒ වෙලාවෙ එයා හැසිරුණේ මිනීමරුවෙක් වගේ. මිනීමරනව මම ඇස් දෙකට දැකල තිබුනෙ නැතත් මට හිතුන ඒක සිද්ධ වෙන්නෙත් මේ විදියටම වෙන්න ඇති කියල. පිහියක් අරගෙන ඇනගෙන ඇනගෙන යන මිනීමරුව එයාගෙ තරහ ඉවර වෙනකල්ම අනිනව ඇති කියල හිතුන.
මට හිතුන මේකද මධුසමය කියන්නෙ කියලත්. ගෑනු සතුටින් ගතකරන මධුසමය. මට දුකක් නම් හිතුනෙම නෑ. මට තාත්ත මතක් උනා. අම්මත් මේ වගේම ඉවසගෙන ඉන්න ඇති. හරිම වේදනාකාරී උනත් එදා රෑ එලිවෙනකල්ම මම පිරිමි එහෙම වෙන්න ඇති කියල ඉවසන්න පුරුදූ උනා.
එදා ඉදන් හැමදාම මම එයාගෙ ඒ හැසිරීම ඉවසන්න පුරුදු උනා. ජීවිතේට පිරිමියෙක්ගෙ පහස ලබා නොතිබුනු මම වෙන මොනව කරන්නද. ඔය අතරතුරේ තමයි අම්ම නැති උනේ. අම්මගෙ වියෝවෙන් පස්සෙ අපි ගෙදර තනිඋනා. තාත්තා කොහොමත් දවල්ට ගෙදර හිටියෙ නෑ. මෙයා දවල්ටත් මාව දූෂණය කරන්න ගත්ත. මගේ කැමැත්ත හෝ අකමැත්ත එයාට අවශ්‍ය උනේ නෑ. නිල් ච්ත්‍රපට ගෙනැල්ල මටත් ලගින් ඉන්න කියල බලනව. තැනක් නියමයක් නැතුව මාව අසාමන්‍ය විදියට දූෂණය කලා. එයාට ඕන උනා එයාගෙ ඒ සම්බන්ධව විශාල හැකියාවක් දැනුමක් තියෙනව කියල පෙන්නන්න. එයා කවදාවත් මගේ තොල් සිප ගත්තෙවත් ඇගපත අත ගෑවෙවත් නෑ. ඒකට එයා කිව්වෙ ඒව පොඩි ලමයි කරන වැඩ කියල.
මගේ පලවෙනි ලමය බඩට ඇවිත් මාස තුනයි. එයා යාලුවෙක් එක්ක ගෙදර ආව. එදා මම විතරමයි ගෙදර හිටියෙ. යාලුවට මාව අදුන්නල දීල කෙලින්ම යාලුව ඉදිරියෙම මාව දූෂණය කරන්න පටන්ගත්ත. මම අන්තෙටම අසරණ උනා. අර යාලුව ෆෝන් එකෙන් වීඩියෝ කරනව. එයා මාව හැම පැත්තටම හරව හරව දූෂණය කරනව. ටික වෙලාවකට පස්සෙ එයා වීඩියෝ එක අතට අරගෙන යාලුවට කරන්න කිව්ව. මේ වෙනකොට මම හොදටම හෙම්බත්වෙලා හිටියෙ. එයාගෙ යාලුවගෙ නෝන එක්කත් එයා එහෙම කරනව කිව්ව. එ වීඩියෝ පෙන්නන්නම් කිව්ව. යාලුවත් එයා වගේම කෙනෙක් උනත් ඒ තරම්ම අකාරුනික විදියට මාව දූෂණය කලේ නෑ. ඇත්තම කියනවනම් ඒක දූෂණයක් කියන්නත් බෑ. එදා මම මහත්තයගෙන් කවදාවත් නොලබපු සතුටක් එයාගෙන් ලැබුව. ඒක මහත්තයට හොදටම තේරුනා. ඒකෙන් මහත්තයත් වෙනදට වඩා ලොකු සතුටක් ලැබුව කියල මට හිතුන. එදා තමයි ජීවිතේ පලමු වරට රාගයේ සතුට මම භුක්ති වින්දෙ. ඇත්තටම ඒක අපූරු අත්දැකීමක් ඇති කරා.
පස්සෙ දවසක ඇත්තටම අර යාලුවත් එක්ක තවත් කෙල්ලෙක් ආව. අපි හතර දෙනාම නොයෙකුත් ආකාරයට ඒ විදියට හැසිරුනා. ඒ හැම දෙයක්ම වීඩියෝ කලා. මම ඒ හැම අවස්ථාවකම හිටියෙ සතුටෙන්ද අසතුටෙන්ද කියල අදටත් මට හිතාගන්න බෑ.
මේ හැම දේකම අවසානයට වැඩිකලක් ගියේ නෑ. එහෙම මේ ජවනිකා අවසන් උනේ මෙයා අපේ නැන්දගෙ දුවල දෙන්නගෙන් ෆන් ගමුද කියල අහල. අයියට එයාල ඔක්කොම විස්තරේ කියල. අයිය හෙදර ආවෙ යක්ශාරූඩ වෙලා. වහාම ගෙදරින් පලයන් කිව්ව. මම අසරණ උනත් එයා යන්න ගියවෙලාවෙ මට පුදුම නිදහසක් දැනුන.
එයා කොහේ ගියාද කියල හිතාගන්නවත් බැරි උනා. මේ වෙනකොට දෙවෙනි දරුවත් මගේ බඩට ඇවිල්ල. මම ඒක පාර්ශිකව උසාවියෙන් දික්කසාදයක් ගත්ත.
මම කතාව එතනින් ඉවරකරල ඉක්මනට කන්තෝරුවට යන්න ගියා. කන්තෝරුවෙ කට්ටියම ලොකු කතාවක. මම වෙනම ලෝකෙක හිටියත් යන්තමට වගේ ඇහුන ලංකාවෙ කෙනෙකුත් අර ferry එකේ ඉදල කියනව. මම කන්දුන්න ඒ කතාවලට.
“ His body had been recovered only today and beyond recognition”
“He had been a regular customer in our hotel”
“ I think I have seen him coming for lunch”
මගේ ඇග හිරිවැටිල ගියා වගේ දැනුන. මම පහල තට්ටුවට ගියාද දිව්වද කියල මම දන්නෙ නෑ.
“ කාන්ති අර මහත්තය ආවද?”
“නෑ මිස් ටික දවසකින් ආවෙ නෑ නේද”
“මට වතුර බෝතලයක් දෙනවද”
එක හුස්මටම වතුර බෝතලේම බීගෙන බීගෙන ගියා මතකයි.
“මම ඔයාට දුන්න පොරොන්දුව ජීවිතේට කඩන්නෙ නෑ මහත්තයෝ”
පසුව ලියමි:
සමස්ථයක් ලෙස ගත්කල මෙය පරිකල්පිතයකි. වස්තු බීජය සත්‍යයකි. පුරුෂාධිපත්තියට මෙයින් කෙළ පිඩක් වැටෙන්නේනම් මම සෑහීමකට පත්වෙමි.
Post a Comment