මා දුටු වෛජයන්තිමාලා.

මා දුටු වෛජයන්තිමාලා.

“බණ අහනව අපි දැක්කෙ නෑ නේ. ලබන ආත්මෙ කොහෙ යන්නද හිතාගෙන ඉන්නෙ”

එයාල කොහොමත් දන්නව මම බණ අහන්නෙවත් පන්සිල් ගන්නෙවත් පන්සලකට යන්නෙවත් නැති විත්තිය. එහෙම තියෙද්දිත් සෙනග ඉස්සරහ මේ වගේ ප්‍රස්නයක් අහන්නෙ මාව කුලප්පු කරන්නද. කමක් නෑ. ඉල්ලුමට සැපයුම කියල හිතා ගත්ත .

“බුදු අම්මෝ ඔයාල බන අහල පිං කරල ඕන තැනකට යන්න. කීයටවත් මට කතාකරන්න එපා එහාට යන්න. මට අපාය හොදයි ඔයාලත් එක්ක දිව්‍යලෝකෙ ඉන්නවට වඩා”

එහෙම කියාගෙන මම කෑම බෙදාහෙන පැත්තකට ගියේ නිස්කලංකව කෑම ටික වලදන්න. වලදන්නෙ හාමුදුරුවො, පෘතග්ජන අපි කනව. ඒ උනාට අද කාලෙ අපට වඩා සිවුරු පොරෝගෙන ඉන්න ගනයො පෘතග්ජනයි. ඒකයි මම කිව්වෙ එයාල කනව අපි වලදනව කියල.

නිස්කලංකව වලදන්න හිතාගෙන මම ඈතකට ගියත්, මට ඒ වයසට ගිය අපි පොඩිකාලෙ වෛජයන්තිමාල කියල විහිලුවට උනත් ඇත්තටම කියාපු රූපෙ ඈතින් පේනව. පොඩිකාලෙ ඒකි මාර ලස්සනයි. ඇත්තටම වෛජයන්තිමාල වගේ. මාර විසේ. එයා දන්නව අපි කවුරුත් එයාගෙ රූපෙට ආසයි කියල. හැබැයි ඒ උනාට කොල්ලො කියනව වගේ ඒකිගෙ අහවල් එක නම් නලලෙ තිබුනෙ නෑ. කොල්ලොත් එක්ක සුහදව හිටිය.

=====================

මම බල බල හිටපු පත්තරේ උඩට හොදට නවාපු ලියුමක් වැටුනෙ උඩින් වගේ. මම හැරිල බලනකොට කොටට කොටේ ගවුමක් ඇදගෙන එයා ගේ ඇතුලට ගියේ කොහොමටත් පද්දන එයාගෙ පස්ස හරවගෙන. කවදත් දනිහට උඩින් කොටට අදින එයාගෙ කකුල් “නැට්ටට කිරි එරෙන වයසෙ” හිටපු අපිට ලස්සනයි. නෑ ඇත්තටම ලස්සනයි. මම ලියුම අතට ගත්ත. මේක මටද කියල හිතුනත් ඒ සැනින්ම වෙන්න බෑ කියල හිතුනෙ මම වැලි කෙලියේ පටන්ම ආදරේ කෙරුවෙ එයාගෙ ලොකු අම්මගෙ දුවට නිසා.

“මේක රතූට දෙන්න” උඩින්ම ලියල තිබුන

මම යාලුවෙලා හිටියෙත් පසුකාලෙක බැන්දෙත් එයාගෙ ලොකුඅම්මගෙ දුව. එයාගෙ අයියල දෙන්නම මගේ හොදම යාලුවො. ලොකුඅයිය රට මෝඩය. පොඩි අයිය මගේ පන්තියෙ. අපි එකට පාඩම් කෙරුවෙ එකට ඉස්කෝලෙට ගියේ. රතූ
කියන්නෙ මෙයාගෙ පෙම්වතා. කරලත් බෑ. නොකරත් බෑ. ලොකු අයිය රතූව මරන්න බලාගෙන ඉන්නෙ. ගෙදරට වැඩේ ඉව වැටිල තිබුනෙ.

මම තීරනයක් ගත්ත. අතට අහූඋන ඊලග අවස්ථාවේදිම මට ඒක කරන්න බෑ කියල ආපහු ලියුම දුන්න. මම කාටවත් කිවිවෙත් නෑ. එයා ගොඩක් කල් මගේ මූනවත් බැලුවෙ නෑ. මගේ ලගින් යන්නෙම පුප්පගෙන ගස්සගෙන. ඒ ලස්සන පස්ස ගැන මට මතක් වුනා. 60 පැන්නත් වදුර….

================

“කාල ඉවරනම් අත හෝදගන්න”

මගේ සුන්දර අතීත ආවර්ජනය කඩාකප්පල්කල මගේ නෝන, ඉවරවෙලා තිබුන පිගාන අතට ගත්ත.

“කිරි පැනි තියෙනව අරගෙන කන්න”

“ඔයා ගෙනැල්ල දෙන්නකො”

අත හෝදගත්ත මම එතනම ඉදගත්ත. වැඩි වෙලාවක් ගියේ නෑ කට කපල කිරි එකක් මගේ අතේ. අනුන්ගෙ දානෙ ගෙවල් වලදි මොකට ලෝභ වෙනවද.

එයාගෙ ලොකු අයියත් දානෙ ගෙදර ඇවිල්ල. අංශබාගෙ වගේ. වත්තන් කරගෙන යන්නෙ. දකින ඕන කෙනෙක් එක්ක එයා හිනාවෙන්නෙ අදුනගෙන නෙමෙයි. ජීවිතේ අවසාන අදියරේ ඉන්නෙ. 75 විතර වෙන්න ඕන මගේ හිතේ. ජීවත්වෙනවද කියලවත් දන්නෙ නැතුව ඇති.

=======================

“පර බැල්ලි එක්කො තෝ මරණව නැත්නං ඕකව මරනව. තෝ මේක නවත්තනවද නැද්ද?”

ඒ ලොකු අයියගෙ හැටි. පඩ ශෝ. වැඩ නෑ. මල්ලි නෙමෙයි ඔලුව උස්සල බලන්නෙ. ඌ උගේ පාඩුවෙ පොතක් බලනව. පුංචි අම්ම අසරණ වෙලා. එකම දුව. රතුව එක්ක කොහේ හරි ගිහිල්ල මාට්ටු වෙලා වගේ. ඒ දවස්වල අද වගේ කොල්ලො කෙල්ලො කාමර වලට ගියේ නෑ. කාමර තිබුනෙත් නෑ. වැඩිම උනොත් කොටු තාප්පෙ උඩ. අරූ යන්න ඇත්තෙ වෛජයන්තිමාල එක්ක යනව වගේ ආඩම්බරෙන්. මට ගිහිල්ල අනින්න හිතෙනව උගේ හොම්බට දෙකක්.

“මචං මොකද අපි කරන්නෙ”

මගේ යාලුව මල්ලිනේ. උගෙන් සපෝට් එකක් ලැබුනොත් දැං යනව රතුව අල්ලල දෙකක් ඇනල එන්න. යකෝ ගමේ වැල ගමේ කපුටන්ට. ඌ මේ කොහෙවත් යන රස්තියාදුකාරයෙක්. ඉගෙන ගන්නෙත් නෑ. රැලක් එක්ක ඉන්නකොට ඕන බල්ලෙක් චන්ඩියෙක්ලු. කොහෙද මූට වගේ වගක් නෑ.

“මොනව කරන්නද”

“අරූ ගහවිද අරකිට”

“ගහපුදෙං බං ඇයි උඹ බේරන්නද”

මම හැදුවෙ චුට්ටක් මැදට පැනල ලකුනු ටිකක් දාගන්න. කොහෙද ඒකටත් මේ ගෝතය ඉඩ දෙන්නෙ නෑ. මූට ගානක්වත් නෑ. ඒ උගේ හැටි. නීරො වගේ පොරක් වෙනසකට තියෙන්නෙ මූට වීණාවක් නෑ.

ටික දවසක් හැමදාම වගේ ඔය විදියට හැමදාම රෑට සද්දෙ. අපිට පාඩම් කරන්නත් නෑ. අරකිට නීති කෝටියයි. වැරදිලාවත් රතුව කණ්ණාඩි දෙක දාගෙන උගේ ස්පෝට් බයික් එකේ දෙපාරක් විතර එහෙ මෙහෙ ගියොත් එදාට ගෙදර මිනීමරාගන්න හදනව. මේකිත් අත අරින්නෙම නෑ වගේ.

වැඩි කලක් ගියේ නෑ. සුනාමියක් ඇවිල්ලා ගියා වගේ ඔක්කොම සද්ද වහල. අරකි එහාට මෙහාට යන්නෙත් සොමියට සිංදුවකුත් කියාගෙන. අයියත් කඩේ වහල ඌට නෙමෙයි වගේ ඉන්නව. මල්ලි උගේ පාඩුවෙ පාඩම් කරනව. මටත් ඕන නැති පුකක් නෑ. අර කිව්ව වගේ නැට්ටට කිරි එරෙන වයසනේ. අහන්නත් බෑ. මල්ලිගෙන් අහල වැඩකුත් නෑ. ඌ උගේ ලෝකෙ.

“ අරූ ගොඩ දවසකින් මේ පැත්තෙන් යනව දැක්කෙ නැහැනේ”

බැරිම තැන අයිය උගේ පත සරීරෙ සෝපාව උඩ දාගෙන ෆෑන් එක යට තලගොයා වගේ තැපල ඉන්න වෙලාවක වැඩි සද්දයක් නැතුව ඇහුව.

“ඒකට මම වැඩක් දුන්න”

එච්චරමයි කිව්වෙ. ඊට එහාට මම මොකවත් අහන්න ගියේ නෑ. මෙන්න බොලේ නංගි පද්දගෙන ඇවිත් තේ එකක් ගෙනැල්ල අයියටත් දීල මටත් ඕනද අහනව. මම වැඩිය තේ බොන්නෙ නැති නිසා ඕන නෑ කිව්ව. සහෝදර  ප්‍රේමෙ ලගදි ඉදන් උතුරන්න අරගෙන. කොහොම උනත් තාත්ත නැති ගෙදර ලොක්ක වෙලා හිටියෙ අයියනේ. බාප්ප නැති වෙලා ගොඩක් කල්.

==============

“කාල ඉවරනං  ගෙදර ගිහිල්ලා නිදාගන්න මෙතන කටකැඩිච්ච කතා කියවන්නෙ නැතුව”

මම ගෙදර බොසා උනාට ගෑනිත් එක්ක චන්ඩි පාට් නෑ. පුතාල කියන්නෙ තාත්ත බොසා උනාට අම්ම තමයි ගෙදර  මූලිකය කියල දැන් ඉන්න කොල්ලො දෙමව්පියන්ට කිසිම ගරු සරුවක් නෑ. මගේ උපන්දිනේකට බිත්තියෙ එල්ලන්න ලස්සනට ලියාපු වාක්‍යයක් ගෙනැල්ල සාලෙම එල්ලුව.
DAD IS THE BOSS but WHAT MUM SAYS GOES
එදා බලාපල්ල කවදහරි තොපි දෙන්නට වෙනදේ කියල මම කියාපු එක අද හරි ගිහිල්ල. අද උන් දෙන්නම බැදලා ලමයිත් ඉන්නව. මම ඇදට ගිහිල්ල හාන්සි උනා.

=======================

“අඩෝ කැරි වේස බල්ල තෝ හිතුවද තොට මම නිදහසේ මැරෙන්න දේවි කියල පර බල්ල. මහ ලොකු දානපතිය. කවදහරි තොට යහතින් මැරෙන්න වෙන්නෙ නෑ”

රතුව පරල වෙලා. ලොකු අයිය සද්දෙ වහල ගෙදර ඉන්නව. රතුව හවසට බීගත්තම හැමදාම ඔහොම තමයි. නංගිව බන්දලදීල කුලියට ගේකුත් අරගෙන දුන්නෙ ලොකු අයිය. බැදපු දවසෙ ඉදලම බොන එකමයි වැඩේ හවසට. දුවෙකුත් ඉන්නව අවුරුද්දක විතර. මේ වෙනකොට ලොකු අයියත් බැදල. මමත් බැදල. අපි ඔක්කොම එකම ගමේ හිටියෙ. දවාලට රතුව හරිම හොදයි. මම කියන එක ටිකක් අහනව. මට මොකද්දෝ ගෞරවයක් තියෙනව. රස්සාවට ගිහිල්ල ඇවිල්ල බොන එකම තමයි වැඩේ. කොහොම උනත් ගෑනිට ගහන්න බනින්න යන්නෙ නෑ. ලොකු අයියව පේන්න බෑ. වෙන ඕන තැනකදි ඉස්සරහට යන ලොකු අයිය මෙතෙන්දි සද්ද නෑ.

“මම චුට්ටක් ගිහිල්ල අරූට දෙකක් කියල එන්නම්”

ඕන කුන්ඩවාලියකට කරගහන පුරුද්දක් තියෙන මම ඇහුවෙ යන එක කොහොම උනත් මනුස්සකමට. මේ වෙනකොට මටත් රතුව පේන්න බැරුව හිටියෙ.

“එපා එපා ඔව්ව අහන්න යන්න එපා”

මේ යකා මේ ප්‍රස්නෙදි ඉන්නෙම ආරක්ෂාකාරී පිලිවෙතක.

“ඇයි බං ඔච්චර උදවු කරලත්, උබ ඌට බන්දල දීල, ගේකුත් අරං දීල, එහෙම කරන්න දෙන්න පුලුවන්ද. මේක ඉවරයක් වෙන්න ඕන නේ”

“නෑ නෑ එපා ඌටම එපා වෙලා ඕකා නිදාගන්නව. මට ඕක පුරුදුයි”

එයා එහෙම කිව්වට මොකක්දෝ තැති ගැනීමකුත් ලොකු අයියගෙ කටහඩේ තිබුන. මුලු ගමම දන්නව මෙයා නංගිට කරපු උපකාර. ඉස්සර විරුද්ධ උනා තමයි. ඒක වෙනම කතාවක්. කොහොම උනත් මගේ යුතුකමක් රතුවට කතා කරල මේක විසදුමක් කරල දෙන එක. ටික දවසක් යනකල් මට ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ. රතුව හවසට අම්ම මුත්ත නැතුව ගමේ ප්‍රබල පවුලක් වෙලා හිටපු මේගොල්ලන්ගෙ පැටිකිරිය දිගාරිනව. කොහොම උනත් දිග ඇරෙන්නෙ මගෙ නෝනගෙත් පෙලපතේ පැටිකිරිය නේ.

ටික දවසකට පස්සෙ ගාලු ටවුන් එකේදි රතුව අහම්බෙන් මුනගැහුනෙ හවස් ජාමෙකමයි.

“සෙට් වෙමුද?”

දතකට මැදගෙන සෙට් වෙන්න හිටපු මගෙන් රතුව අහනව. ඇන්නෑවෙ කිව්වලු.

“කොහේද?”

“යමු සිඩ්නි එකට මම regular පොර නේ එතන”

මේ යකා බෝතලයක්ම ගේන්න කිව්වෙ මමත් ඌත් එක්ක සමසමව ගහවි කියලද කොහෙද.

“මචං මම නං වැඩිය බොන්නෙ නෑ උඹ දන්නවනේ. බාගයක් ඇති.”

“හරි බං වැඩි නං ගෙදර ගෙනියමු”

බෝතලේ මූඩිය පෑගෙන්නත් කලින් රතුව දොඩමලු උනා

“මචං මම උඹලගෙ එකෙක් එක්කවත් බොන්නෙ නෑ. උඹ එක්ක විතරයි බොන්නෙ. ඒ මම උඹට තියෙන ගෞරවයට. මගේ ගෑනිත් එහෙමයි. ඒක උඹ  දන්නවනේ”

ඒක ඇත්ත කියල මම කොහොමටත් දැනගෙන හිටිය. මෙයා බොන්නෙ තනියම. මෙතන උගේ regular ස්පොට් එක.

“ඒව අල්ලල දාපං බං අපි ආස්සරේ කරන්නෙ අපි කැමති නිසා ඒක කාටවත් වැඩක් නෑ”

“මගේ ගෑනි කියන්නෙත් උඹ විතරයි කෙලින් එකෙකුට ඉන්නෙ කියල”

“හරි හරි මට උඹව විස්වාසයි. උඹට මම විස්වාසයි. උඹේ  ගෑනි මගේ ගෑනිගෙ එකකුසේ ඉපදුනේ නැතත් අක්කල නංගිල. කොහොම උනත් උඹේ බීම අඩුකරගන්න බලාපං”

“ඒක කරන්න බෑ මචං. මම බොන්නෙ දුකට. මම බීලම මැරෙනව. ඒක නවත්තන්න බෑ. සක්කරයටවත් බෑ”

“ඇයි බං එහෙම කියන්නෙ එතකොට අර කෙල්ලටයි දරුවටයි මොකද වෙන්නෙ”

“මට අදාල නෑ”

“මාර කතාවක් නේ බං ඒක”

“උඹ දන්න කෙංගෙඩියක් නෑ. මගේ ජීවිතේ අරූ කාල දැම්ම”

“ඇයි බං එහෙම කියන්නෙ උඹට ඌ ගොඩක් උදවු කරනවනේ”

“උගෙ අම්මගෙ උදවු. ඌ උදවු කරන්න ඕන. මම ඕකට ගමේ යහතින් ඉන්න දෙන්නෙ නෑ. ඕක බලාපං පනුවො ගහල මැරෙන්නෙ කවදහරි”

“උඹ හරිම අසාධාරණයි බං”

“නෑ. මම අසාධාරණ නෑ. කවදහරි උඹ ඔය කටින්ම කියනව මම හරි කියල”

මේ වෙනකොට බෝතලේ භාගයක්ම ඉවර කරල.

“මචං ඔය කෝන්තර ඉවර කරල දාපං. කොච්චර බාල්දි පෙරලුවත් උබට නංගිව බන්දල දුන්නනේ”

මම එහෙම කියාපු ගමන් උගේ මූන වෙනස් උනා. කට කපල එකක් වීදුරුවට හලාගෙන එක හුස්මට ගහල දැම්මෙ ලොකූ සිත් තැවුලකින් කියල මට තේරුනේ දිග හුස්මක් පිට කරල වීදුරුව බිමින් තියන කොට.

“උඹට දැනගන්න ඕනද ඇයි මම ඕකට වෛර කරන්නෙ කියල. යකෝ මම උපදින ආත්ම ගානක් ඕකට වෛර කරනව. සමහර වෙලාවට පෙර ආත්ම වලදිත් මම ඕකට වෛර කරන්න ඇති. මේ ආත්මෙ ඒක තවත් වැඩි උනාද දන්නෙ නෑ”

මට තරු වීසි උනා තව එකක් කට කපල දාගන්නකොට. උගේ වචන දෝරෙ ගලාගෙන එලියට එන්නෙ සුනාමියක් වගේ. යන්තමට බිව්ව උනත් චුට්ටක් ඔලුවට දැනෙන්න එනකොටම ඒකත් කොහේ ගියාද දන්නෙ නෑ.

“මචං මම අරකිත් එක්ක යාලු උනේ කිසිම හැගීමකින් නෙමෙයි. මම මගේ පාඩුවෙ හිටපු කොල්ලෙක්. අපිටත් ඒ කාලෙ ආසාවල් කියල එකක් තිබුනනේ. කාටද බං අරකි දැක්කම යාලුවෙන්න හිතෙන්නෙ නැත්තෙ. හොදයි උඹම කියාපං උඹට ආස හිතිල නැද්ද ඒකිත් එක්ක නිදාගන්න. ඇත්තම කියාපං. මගේ ගෑනි තමයි දැං”

මාව උස්සල පොලොවෙ ගැහුවනං හොදයි මීට වඩා කියල හිතුන. මූ කියන්නෙ ඇත්ත උනත් මම කොහොමද පිලිගන්නෙ.

“විකාර කියන්නෙ නැතුව හිටපං”

“මම යාලුවෙලා වැඩිකල් ගියේ නෑ අරූ ඒකිට ගහන්න බනින්න ගත්ත. මම මචං ඕකිගෙ අතින්වත් අල්ලල තිබුනෙ නෑ. දවසක් ඒකි යුනිෆෝම් එක පිටින්ම මාව හම්බවෙන්න ආව අඩාගෙන. මට ගෙදර යන්න බෑ කිව්ව. දැං ඉස්කෝලෙ යන්නත් බෑ ගෙදර යන්නත් බෑ  අපි දෙන්නටම. මම දන්න ටැක්සියකට නැග්ගෙ කොහේ යන්නද කියල හිතන්නෙත් නැතුව. අපි කොට්ටාව කැලේට ගියා. එදා අපි පැය ගානක් සතුටු උනා.ඒත් මම පරිස්සම් උනා ඒකිට අතවරයක් නොකරන්න. මම ඒකිව ගෙදර ඇරියෙ කන්‍යාවියක් හැටියටමයි”

රතුව ඇස් දෙකේ කදුලු පුරවගෙන.

“කොහොම හරි ගෙදරට ආරංචිවෙලා ඒකිට හොදටම ගහල අරූ. මම එදා හිතාගත්තා මම නිසානේ ගුටිකෑවෙ අතාරින්නෙම නෑ කියල”

“ටික දවසක් ඔහොම යනකොට අරූ නංගි ගැන හොයන එක අත ඇරල තිබුන. මම හේතුවක් දන්නෙ නෑ. ඒකිට ඕන තරම් නිදහස දීල තිබුන නිසා අවුලක් උනේ නෑ. කොහොම හරි මමත් රස්සාවක් කරන්න ගත්තට පස්සෙ අපි බැන්ද. බැදල අපි honeymoon ගියා. මේ වෙනකොට මම ඒකිට අවංකවම ආදරේ කලා”

“එදා රෑ අපි වැලිගම හෝටලේක හිටියෙ. මගේ ජීවිතේම උපරිම සතුටින් හිටපු දවස. අපි එලිවෙනකල්ම ආදරේ කෙරුව. සතුටු උන වාර ගාන අපි දෙන්නම දන්නෙ නෑ. ආදරේ කරන්නත් ආදරේ දෙන්නත් ඒකි පුදුම විදියෙ දක්ෂයි. එලිවෙලත් අපි අමු නිරුවතින් බදාගෙන. අතරින් පතර නින්ද ගියත් ආයෙ ආයෙත් අපි සතුටු උනා. මම කොයිතරම් වාසනාවන්තද කියල හිතුන”

“මට හිතුන මේ අහිංසකීට මගේ මුලු ජීවිත කතාවම කියල මට වැරදුනු තැන් වලට සමාව ගන්න ඕන කියල. පහුවදා මම දවස පුරාම ඒකට වචන ගැලපුව. මේක මගේ පලවෙනි ප්‍රේමය නෙමෙයි. පලවෙනි සංසර්ගයත් නෙමෙයි. මම ඉස්සෙල්ලම ඒක කෙරුවෙ අපේ ගෙදර හිටපු දුරින් නෑකමට පුංචි අම්ම උන මට වඩා අවුරුදු දහයකට වඩා වැඩිමල් ගෑනියෙක් එක්ක. ඒක හරිම සුන්දර අත්දැකීමක් උනා. හැමදාම රෑට එක්කො මම එයාගෙ කාමරේට රිංගුවා නැත්නම් එයා මගේ කාමරේට ආව. එතකොට ඒකි බදින්න තීන්දු වෙලා හිටියෙ. ඒ මිනිහ සමහර දවස් වලට අපේ ගෙදර එනව. ඇවිල්ල දොර වහගන්නව. මම එහෙම දවස්වලට කොහේ හරි යනව”

“ඒකි කාලෙකට පස්සෙ බැදල ගියා. මම ලිංගිකව අසරණ උනා. මමත් මනුස්සයෙක් ඊට පස්සෙ මම හමුවෙන හැම ගෑනියෙක් එක්කම එකට හිටිය”

“ඉතිං දෙවෙනි දවසෙ අපි හවස කොටු තාප්පෙ පැත්තෙ ගිහිල්ල ඔය ටික ඔය විදියටම කියල මේ අහිංසකීගෙන් සමාව ඉල්ලුව. ඒකි හොදටම අඩන්න ගත්ත”

“ඇයි රතූ ඔයා මට ඔක්කොම කිව්වෙ”

එයා අඩන්න ගත්තෙ පොඩි එකියක් වගේ.

“මට මේ එකක්වත් හිතේ තියාගෙන ඉන්න බෑ. මම ඔයාට ඒ තරමටම ආදරෙයි. මින් ඉදිරියට මම ජීවිතේට වෙන ගෑනියෙක් ලගට යන්නෙ නෑ”

“මමත් ඔයාට පනවගේ ආදරෙයි වස්තුව.  මම කියන දෙයත් ඔයා ටිකකට අහන්න. ඔයා ඊයෙ මගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි මගේ කන්‍යාභාවය ගැන. එහෙම දෙයක් ඔයා දැක්කෙ නැතත් ඔයා ඒ ගැන ඇහුවෙ නෑ ඇයි ඒ”

“මම එහෙම නැතුව කොහොමද ඒ ගැන ප්‍රස්න කරන්නෙ. මට ඒක අදාල නෑ”

“ඔයා ඔයාගෙ හිත නිදහස් කරගත්ත වගේ මගේ හිතත් මට නිදහස් කරගන්න ඕන”

“එහෙමනම් කියන්න. හැබැයි මට ඔය කන්‍යාභාවය අදාලම නෑ”

“රතූ මට ඔයා වෙනුවෙන් මගේ කන්‍යාභාවය නැතිකරගන්න සිද්ධඋනා. මට ගෙදරින් ගොඩක් ප්‍රස්න ආව. අපේ නිදහස වෙනුවෙන් ඒක මට කැපකරන්න උනා.
එදා අයිය මට කිව්ව තොට පිට එවුන් ලගට යන්න පුලුවන්නම් උස්සපිය මටත් කියල මාව පෙරලගත්ත. ඌ තිරිසනෙක් වගේ මාව දූශන කලා”

නින්දත් නොනින්දත් අතර හිටපු මට ගෙදර දොර ඇරෙනව ඇහුන. මගේ නෝන ඇවිල්ල.

“නිදිනැද්ද?”

“නිදාගෙන හිටියෙ”

“හරිම පවු ලොකු අයිය විදවනවා බලාගෙන ඉන්න බෑ. වැඩි කලක් ඉන්න එකක් නෑ වගේ”

“බය වෙන්න එපා එයාට තව කල් තියෙනව. දැන්ම මැරෙන්නෙ නෑ”

පසුව ලියමි: සත්‍ය සිදුවීම් ඇසුරින් රචිත මෙම කතා වස්තුව මා කවදා හෝ චිත්‍රපටයක් කරන්නෙමැයි සිහින මවමින් සිටි වකවානුවක මේ හා සමානම කතාවස්තුවක් රැගත් කැඩපතක චායා ච්ත්‍රපටය වසන්ත ඔබේසේකරයන් විසින් එලි දැක්වීය. එහි ලොකු අයියා චරිතයට විජයත් ඇයගේ චරිතයට ස්වර්නාත් පනපෙවූ බව මතකය.
















Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget