මරණයේ දොරටුව

වැටෙන නැගෙන නැගී වැටෙන පෙරලෙන ලෝකේ……..

දුරකථනය නොනැවතීම වදිනව ඇහුනෙ හීනෙන් වගේ. කවුද යකෝ මේ මහ රෑ කියල හිතට ආවත් නැගිටල ගිහිල්ල ගත්තෙ, කවුරු හරි අරාබියෙක් වැරදිලාවත් ගත්තනම් නෝක්කඩුවක් කියන්න දන්න අරාබි ඩිංගිත්තත් මතක්කරගෙනම තමයි.

“හලෝ…”

අනිත් පැත්තෙන් අපේ එකෙක්ගෙ කටහඩ ඇහෙන කොටම මට සිංහල කුනුහරුප ටිකකුත් කටට ආවත් මමත් හලෝ කිව්වෙ ඕනවට එපාවට තේරෙන්නත් එක්ක

“ අම්මෝ මචං උඹ ඉන්නවද?”

“ඇයි... ඉන්නෙ නැතුව. මේ මහ රෑ?”

“දන්නෙ නැද්ද?…. ඉක්මනට BBC දාල බලපං”

“මොන රෙද්දක්ද බං කියන දෙයක් කියාපංකො මට නිදාගන්න”

ලංකාවෙ මොකක් හරි පිස්සුවක් වෙන්න ඇති.

“අද අර පාටි එක තිබ්බ බෝට්ටුව පෙරලිලා. පනස් ගානක් මැරිල. මම හිතුවෙ උඹත් බෝට්ටුවෙ කියල. උඹ ගියෙ නැද්ද පාටි එකට?”

“තෝ හිතුව මදි මාව තම්බන්න. අද මෝඩයන්ගෙ දවස”

“අද නෙමෙයි යකෝ මෝඩයන්ගෙ දවස හෙට. TV එක දාල බලපංකො”

=========

“අංකල් අද කම්පනි එකේ පාටි එකක්. අන්තිම කොන්ක්‍රීට් එක දැම්මම දෙන පාටි එක. අංකල් හවසට මාව බස්සන්න පුලුවන්ද”

මම බහරේන් වල ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ වැඩට ඉන්දිකව ගෙන්නුවේ මට ඊට වඩා හොද රැකියාවක් ඇමරිකන් කම්පනියක ලැබුනු නිසයි

“කීයටද?”

“අංකල්ට ලේසි වෙලාවක. පාටි එකක්නේ. හෙට නිවාඩුත් නිසා සුද්දො ඉතිං එලි වෙනකල් බොනවනේ”

“හරි…. එහෙනං මම උඹව 7 ට විතර ගන්නම්”

මම එහෙම කිව්වෙ තව යාලුවෙකුට පොරොන්දුවක් වෙලා තිබුන නිසා 5 ට විතර මුණගැහෙන්න.

සාමාන්‍යයෙන් වෙලාවට වැඩකරන පුරුද්දක් මට තිබුනත් එදා මගෙන් ඒක ගිලිහිලා ගියේ ඇයි කියන එක අදටත් මට ප්‍රෙහෙලිකාවක්. කොහොම උනත් මම 7.45 වෙනකොට ඉන්දිකව මගේ කාර් එකට දාගත්ත.

“හරි වැඩේනේ ඉන්දික මම මනාම ගියා. එන්න හදනකොට කවුද අරාබියෙක් මට කාර් එක ගන්න බැරි විදියට ඌ පාක් කරල”

“අවුලක් නෑ අංකල්….හදිස්සියක් නෑ නේ”

“හරි යමං”

“කොහෙද පාටි එක තියෙන්නෙ”

වැඩි දුරක් යන්න කලින් මම ඇහුවෙ හරියටම තැන දැනගන්න ඕන නිසයි

“දන්නෙ නෑ අංකල්. කොහේ හරි හෝටලේක ඇත්තෙ”

“යකෝ හෝටල් කීයක් තියෙනවද මේ මනාම වල”

“මම හිතුව අංකල් දන්නව ඇති කියල”

“මාර බඩුවක්නෙ යකෝ මම කොහොමද දන්නෙ…...කෝ ඉන්විටේශන් එක”

“ඔෆීස් එකේ අංකල්”

අනේ ඇත්තටම මේ වගේ එකෙක් නේද මම ගෙන්න ගත්තෙ කියල හිතුනත් කීප දවසකට උඩදි මට ඩේවිඩ් මුණගැහුන වෙලේ කියාපු කතාවක් මතක් උනා.

“Thank you Kamal for giving us Indika. He is very good”

“උඹට මතකත් නැද්ද?”

“මම බැලුවෙ නෑ”

“උඹනං පුදුම පුතයෙක්. ගනිං සයිමන්ට කෝල් එකක් මම අහන්නම්”

“Hello Simon how are you. I am on my way to drop indika for the party. Could I know where it is held?”

“You are too late buddy. It is on a ferry and we have already left”

“උඹ නං පුදුම හරකෙක් යකෝ. නියම ආතල් එකක් ගන්න තිබුන එක තෝ කෑව. මමත් ගියානම් ඉන්විටේශන් එකක් නැතත් මට නැගපං කියනව”

“අපි ස්පීඩ් බෝට් එකක් අරගෙන යමු. ගනිං අපහු සයිමට”

මට වැඩේ අතාරින්නම හිතෙන්නෙ නෑ

“Hi Simon can we join you guys. I can reach you in a speed boat”

“No way buddy we are too far into the ocean and it is very dark. I cannot give you the location”

“Hard luck bye”

“අපරාදෙ බං. දැං ඉතිං තායි රෙස්ටුරන්ට් එකට ගිහිල්ල බියර් එකක් ගහල කාල යමං”

“මට ගෙදර කෑම තියෙනව අංකල්”

“වරෙං වරෙං හිතේ අමාරුවටත් එක්ක බියර් එකක් ගහල කාල යමං”

එහෙම කියපු මට මොකද්දෝ අමුත්තක් හිතට දැනුන. අරාබියො අර විදියට අනිත් අයගෙ වාහන හරස් කරන්නෙත් නෑ. මේ යකා නිකමටවත් ඉන්විටේශන් එක බලලත් නෑ. මම හතට ගන්නම් කියද්දි කොහේටද එක්ක යන්න ඕන කියල ඇහුවෙත් නෑ. මට වෙනම ඉන්විටේශන් එකක් ආවෙත් නෑ. කරුණු කාරණා රාශියක් එකතු වෙලා අපේ ගමන වැලකුනාද?

“ඒක නෙමෙයි බං අපිට මේක මිස් උනේ බෝට්ටුව පෙරලෙයිවත්ද”

මට තෙරෙන්නෙ නෑ ඇයි මට ඉබේම එහෙම කියවුනේ කියල. ඉන්දිකත් එවේලෙ ප්‍රශ්නාර්ථයක් මූණට ආරූඪ කරගන්නව මට ඇහැ කොනකින් පෙනුන.

=========

“ඉන්දික ටීවී එක දාපං බෝට්ටුව පෙරලිලා පනස් ගානක් මැරිල”

මහ රෑ කියල බලන්නෙ නැතුව කෝල් කරල කිව්ව.

“අම්මට හුඩු. අංකල්ගෙ කට දැං මොකද කරන්නෙ”

ඒසී තිබිලත් මට හීංදාඩිය දාන්න ගත්තෙ බෝට්ටුව පෙරලුන එකටත් වඩා මගේ කටින් පිටවෙච්චි ඒ කටකැඩිච්ච කතාවට.

“මම දැක්ක ඩේවිඩ් ඉන්නව, සාබුත් හිටිය අනිත් එවුන් අදුනන්න  බෑ. බෝට්ටුව අනිත් පැත්තම ගහල”

“අපි යමුද බලන්න”

“ගියාට වැඩක් නෑ නේ. මෙහේ ලංකාවෙ වගේ නෙමෙයි නේ. ලගට වත් යන්න දෙන එකක් නෑ. හෙට උදේට යමු කම්පනි එකට”

==================

අපිත් එක්ක එකට වැඩ කරපු අපේම යාලුවො. රාජකරි කරනකොට කොච්චර අමනාප උනත් අපි එක අරමුනක හිටියනේ. සාබු බේරිලා හිටිය එක ලොකු දෙයක්. ඒ උනාට පනස් ගානක්.

කී දෙනෙක් ඉන්නවද, කී දෙනෙක් නැද්ද කියල හිත හිත එලිවෙනකල්ම කල්පනා කර කර හිටියෙ, අපි බේරුනාද නැත්නම් අර අරාබිය මට වෙලාවට යන්න නොදී අවහිර කලාද කියන දෙගිඩියාවෙන්.

පහුවදා  උදේ අපි ඉස්සෙල්ලම මේක ගෙවල්වලට කෝල් කරල කියල කෙලින්ම ඔෆීස් එකට ගියා. කොරිඩෝව දිගේ පිස්සෙක් වගේ ඩේවිඩ් යනව. මාව දැකල නැවතිලා විමතියෙන් මගෙන් අහනව

“What happened to you. I did not see you on the boat”

හත්වලාමේ මේ මොකද්ද මේ යකා කියන්නෙ.

“No David I was not invited”

“Who says? I wrote your invitation myself. We invited all our ex staff too”

“No David I did not get it”

“Anyway thank god you did not get it but that is quite strange”

එහෙම කියාගෙන ඩේවිඩ් යන්න ගියත් මම ගල් ගැහිල එයා යන දිහාව බලාගෙන හිටිය.

==========

“Kamal, I am not going to ask you too many questions. This is a huge project running into billions and as you may know this is an iconic structure. None of these fucking Indian QS’s can handle the reinforcements. Can you take over the reinforcement section. I want you to handle it on your own”

ඉන්ටවීව් එකට ආපු මට ඩේවිඩ් කියාගෙන යනව. මම ආසම නැති කම්බි වැඩේ. කමක් නෑ. අනිත් අයට බැරි නිසානේ.

“Yes no problem but, I hope you understand that you are throwing me into the deepest end. Not that I'm complaining, but I have to keep you informed”

“You are perfectly right. That itself tells me that you know your stuff. Ok come and join us anytime you can. Get your release letter from your present employer and meet me. But as soon as possible. We need you”

මම වැඩපලෙන් එලියට බැස්සෙ මගේ මාසික ආදායම දෙගුණයක් උනා නේද කියන සතුටු සිතින්. තව මාස හයකින් දුව බඳිනව. මම පිටරට වැඩකරලත් තවම ඒකට උවමනා කරන මුදල එකතු කරගන්න බැරි උනා. දැන්නම් මට පුලුවන් වේවි ඕනකරන මුදල එකතුකරගන්න. කෙල්ලගෙ වාසනාව.

ගිය සැරේ ලංකාවට ගිය වෙලාවෙ තමයි මට වෙන්ඩ බෑන මුණගැහුනෙ. පවුලෙ හැමෝම උඩින්ම කැමති වෙලා කොල්ලට. දුවත් දොස්තර, බෑනත් දොස්තර. මට අකමැති වෙන්න කාරණාවක් තිබුනෙත් නෑ.

මම කෙලින්ම ගියේ ග්‍රීක ජාතික මගේ බොසා හමුවෙන්න. කාරණාවට අවතීර්ණ උනේ වැඩේ ගැස්සෙන විත්තිය නොදැනමත් නෙමෙයි. මාරියෝස් අපේ ආයතනයේ හිටපු එපාම කරපු එකා හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියෙ. වෙන එකක් තියා මම ඉස්සෙල්ලම එයාපෝට් වැඩපොලෙන් මාරියෝස්ගෙ ඇල්බා වැඩපලට දානකොට, මගේ හැටිත් දන්න අනිත් අය කිව්වෙ එක්කො කමල් ඉවරයි නැත්නම් මාරියෝස් ඉවරයි කියලයි.

“Kamal I don't think the company will release you. Without the release you cannot join another company. That is the law in Bahrain. I personally hate to lose you. You are an asset to this site. I will speak to Christos and let you know by tomorrow.”

“Marios I hate to tell you this but, let me tell you my decision. I either join this new company at double this salary or I go home”

මගේ හිතේ ගල් හිතක් තියෙන මනුස්සයෙක් හැටියට ප්‍රසිද්ධ මාරියෝස්ට ඒක පපුවටම වැදුන. පහුවදාම මට සුභ ආරංචිය අරගෙන මාරියෝස් ආවෙ අලුත්ම යෝජනාවක් එක්ක.

“You go and work at World Trade Center immediately from morning till 2 pm. Come back here and work till late for 3 months. I will get you the release”

අලුත් කොම්පෑනිය මේ යෝජනාවට උඩින්ම කැමති උන නිසා මම ඊලග මාස තුන තැන් දෙකේම වැඩ කරල පඩි දෙකමත් අරගෙන හිතේ හැටියට දුවගෙ වෙඩින් එකත් ගත්ත.

මට පිටුපාල කොරිඩෝව දිගේ යන ඩේවිඩ් දිහා බලාගෙන හිටපු මම දෙවියන් ගැන විශ්වාසයක් නැතත් දෙවියන්ට ස්තූති කලා ඔහුව බේරාදුන්නාට.

විල් නෝලන්ටත් බේරෙන්න වෙලා නෑ. පවු හරිම වැදගත් හොද මනුස්සයෙක්.

මම කොරිඩෝව දිගේ යනගමන් මගේ පරණ ඔෆීස් කාමරේට එබුන.

================

එදා මම මගේ කාමරේ ලොකු වැඩක යෙදිල හිටියෙ. ඔලුව උස්සන්නවත් බෑ. අවධානය කැඩුනොත් ආයෙත් යොමුකර ගන්න එක අමාරුයි. විල් නෝලන් දකුණු අප්‍රිකානු ජාතික අපේ ඩිරෙක්ට, මගේ අවධානය බින්දා.

“Kamal hope you don't mind sharing this office with one of our new engineers”

“No problem with me but, since I am handling sensitive stuff it has to be your call”

“I understand that. It is only a temporary arrangement”

“Ok fine with me”

මම අපහසුවෙන් උනත් අවධානය ආපහු වැඩේට යොමු කරගත්ත. කොච්චර ලොකු තනතුරක් දැරුවත් විල් මගේ ලඟටම ඇවිල්ල කිව්වනේ කියල හිතාගත්ත.

අද එයා මේ අනතුරෙන් අපව දාල ගිහිල්ල. මට මගේ දොස්තර බෑණ නිතරම ලතාවකට මුමුණන වචන පේලියක් මතක් උනා.

“සංසාරේ හැටි තමයි ….වියෝග …..”

කොරිඩෝව දෙපැත්තෙ කන්තෝරු කාමර. ඔක්කොම හිස්. වෙනද කොහොම තිබුන තැනක්ද. මිනිස්සු කඩියො වගේ. අපේ අවධානය බොහෝ වෙලාවට කඩන්නෙත් ඩේවිඩ්මයි.

“You fucking assholes, working like mules. Stop that fucking shit and have some fun. Are you fuckers trying to finish this building next week”

අපිට කුණුහරුප උනාට මේක එයාගෙ භාෂාව. මොලේ වෙහෙසිලා ඉන්න වෙලාවට මේක හරිම සහනයක්. මේ වැඩේ ඉවර කලේ නෑ කියල කිසිම දොසක් කවුරුවත්ම නොකිව්වත් ඉවරකරනකල් ඉවසිල්ලක් නෑ.

යූසුෆ් මගේ හිතේ වයස 70 ක් විතර වයසක පකිස්තානුවෙක්. හරිම කඩිසර ගමනක් තිබුන ඉතාම සරළ තැන්පත් කෙනෙක්. එයාගෙ කන්තෝරු කාමරේ හිස්. ඉස්සරහට ආපු කෙනෙක්ගෙන් මම ඇහුව එයා ගැන.

“How is Yusuf?”

“He is still missing. He was not there at the body count”

“He is a champion swimmer I heard”

“Yes but fate always overtakes you”

“Who else is missing”

“That Sri Lankan who worked for the lift company”

ජීවිත පනහකටත් වැඩි ප්‍රමානයක් බිලිගත් මෙම සාදය කුමක් හෝ බලවේගයක් විසින් අප දෙදෙනා ප්‍රතික්ෂේප කලේ දෛවය තවදුරටත් අප හා අතිනත ගෙන සිටි නිසා විය හැක. ජීවිතය අත්විදීමට තවදුරටත් අපහට අවකාශ ඇත. තරුණ වියෙහි පසුවන ඉන්දික කෙසේ වූවත් ජීවිතයේ පස්චාත්භාගය ගතකරනා මා නව පණක් ලැබු සෙයක් දැනුනි. නැතිවූ ජීවිත ලබාගැනීමට නොහැක. මරණයේ දොරකඩට ගොස් ආපසු පැමිනීම මා ලැබූ පන්නරයක් යැයි සිතා ගනිමි.

පසුව ලියමි:
යූසුෆ් ගේ සිරුර ගොඩගසා තිබූ ස්ථානය හා දිශාව සංසන්දනය කලවිට ප්‍රවීණ පිහිනුම් කරුවකු වන ඔහු රාත්‍රිය නිසා වැරදි දිසාවට පිහිනාගොස් මියගියායැයි සිතිය හැක. ශ්‍රී ලාංකිකයා සාර්ථකව ගොඩබිමට පිහිනා අඩසිහියෙන් සිය නිවසට ගොස් එක දිගටම දින දෙකක්ම නින්දෙන් හෝ සිහිසුන්ව සිටි බැවි පසු කලෙක ඔහු විසින්ම මා හට පවසා තිබුනි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget