සීමා මායිම් නැති යථාර්ථය.

සීමා මායිම් නැති යථාර්ථය.

සිවිලිම බිත්ති පුටු මේස සියල්ලම කැරකෙනව, විසිවෙනව. මට තේරෙන්නෙ නෑ මොනව වෙනවද කියල. කිසිම දෙයක් හිතාගන්නත් බෑ. මුලු ඇගමත් හිරිවැටිල. මුළු ලෝකෙම විනාස වෙන්නද යන්නෙ කියල හිතෙනව. මහා ගෝෂාවකින් මුලු කාමරේම පිරිල. පුලුටු ගඳකුත් එනව ඉවසන්න බැරි. ඒසී එක අමුතුම තාලෙකට ඇඹරෙනව. එලියෙ කොච්චර රස්නෙ උනත් එහෙම වෙන්නෙ කොහොමද?

වෙලාව බලනකොටම මේසෙ උඩ තියෙන ඔරලෝසුව හැටට හැටේ දුවනව අනිත් පැත්තට. හිතට කිසිම හැඟීමක් එන්නෙත් නෑ. ලෝක විනාසෙ තමයි. ඒත් මට දුකක් නෑ. ලෝකෙ තිබිල වැඩකුත් නැහැනේ. මහ හයියෙන් හිනාවෙනව. කවුද ඒ. මගේ හිනාව වගේමයි. ඒ ගමන ඒසී එක ඇතුලෙන් නයෙක් එනව. ඌ පෙනේ පුප්පල හිනාවෙනව. ඒ මදිවට පියාඹනව. කාමරේ වටේටම. මගේ ඇඟේ දැවටෙනව. ඌ මාව වෙලාගෙන. කිටිකිටියෙ මාව හිරකරගෙන.

ඒසී එකේ හුලං පාර සැරයි. මගේ දුහුල් නයිටිය හුලඟේ පාවෙනව. මූ මගේ නිරුවත් ඇඟ පුරාම දුවනව. හරියට උගේ වගේ. තණපුඩු පූපුරන්න වගේ. මූන පුරාම මුගේ විස ගෑවිලා. මූ හිමීට මගේ කකුල් අතරට යනව. මම ඇස් පියාගත්ත. මට දැනෙනව ඇඟ ඇතුලට රිංගනව. මට විසාල වේදනාවක් දැනෙනව. මුලු ඇඟම විස දළ වලට පුපුරු ගහනව

මුලු ලෝකෙම නැවතිලා. මගේ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනව. පුලුවන් වෙර දාල කකුල් තද කරගත්ත. සීතලට මූ මගේ ඇඟ ඇතුලටම යනවා දැනෙනව. සුපුරුදු සතුටක්, විසාල වේදනාවක් එක්ක මගේ ඇඟ වෙලාගෙන. මම පාවෙනව. කොන්ක්‍රීට් සිවිලිම නහයෙ ගෑවෙන්නම පාවෙනව. නයා මගේ ඇඟ ඇතුලෙ දඟලනව.

එකපාරටම මුලු ලෝකෙම පුපුරලා විනාස උනා. ඇඳ උඩට වැටුනත් චුට්ටක් වත් රිදුනේ නෑ. ඒත් මගේ හිතට ලොකු පිලිකුලක් ඇවිත්. කැරකෙන පෙරලෙන බඩුමුට්ටු මග ඇරගෙන යාබද නාන කාමරේට පැනගත්ත. වතුර කරාමෙ ඇරල නාන්න ගත්ත. වතුර උතුරණ කේතලේකින් වැටෙනව වගේ මාව පිච්චෙන්න ගත්ත. සබන් කොච්චර ගෑවත් මදි වගේ. ඒ කැටේ ඉවරයි. තව කැටයක් ගත්ත. මුලු නාන කාමරේම ගඳයි.

==============

“ඔයා නිහල් අතේ එවාපු පාර්සල් ඔක්කොම ලැබුන. අද තමයි මෙහේ ආවෙ…. දවල්ට කෑමත් කාල කුරුනෑගල ගියා දුවයි පොඩි පුතයි එක්ක… සල්ලි මාරු කරගෙන එන්න”

රත්නෙගෙ කටහඬ දුරකථනයෙන් ඇහෙනකොට මගේ ඇඟ සීතල වෙලා ගියත් මට නිහාල් තුල තිබූ විශ්වාසය ඒ හැඟීම යටපත් කලා. නිහාල් මට වඩා ගොඩාක් වයසින් අඩු නිසා රත්නෙ අවිශ්වාසයක් ඇති කරගන්න කිසිම හේතුවක් නෑ.

“ඇයි එයා සල්ලි මාරුකරගෙන නෙමෙයිද ඇවිත් තිබුනෙ…….. මම කිව්වනේ මාරුකරලම දෙන්න කියල”

තරමක නෝක්කාඩුවක් ආරූඪ කරගත්තෙ යාන්තමට හරි රත්නෙගෙ හිතේ අවිස්වාසයක් තියෙනවනම් ඒක සමණය කරන අදහසින්.

“ නෑ... ලැබෙන ගාන දවසින් දවස වෙනස්වෙන නිසා කවුරුහරි එන්න කිව්ව එයත් එක්ක යන්න… මගේ කකුල අමාරු නිසා තමයි දුවයි චූටි පුතයි එක්ක එයා ආපු බයික් එකේම ගියේ”

කිසිම ප්‍රශ්නයක් නැති ගානට රත්නෙ කියාගෙන ගියාම මගේ හිතට ලොකු සහනයක් දැනුන.

“එවාපු සල්ලි පරිස්සම් කරගන්න... දුවගෙ වැඩකට ඕන වෙනවනේ. අර කපුව ආවෙ නැද්ද?”

“කී සැරයක් ආවද…...ගෙනාපු එකකටවත් දුව කැමැත්තක් නැහැනේ”

“කමක් නෑ හිමිකාරය කවදහරි ඒවිනේ....... කොහොම උනත් කපුවට කියන්න මම බැඳල දෙන්නම මෙහේට ගෙන්න ගන්නව කියල”

“මම කියල තියෙන්නෙ”

“හරි මම හවස්වෙලා ගන්නම්….. දුවටත් කථා කරන්න ඕන”

දුව හම්බවෙලා අවුරුදු නමයකට පස්සෙ මට පුතෙක් ලැබුනෙ. එක දරුවෙක් ඇති කියල හිතාගෙන ඉන්නකොට මම ගැබ්ගත්ත කියල දැනගත්ත වෙලේ අපි දෙන්නම තැතිගත්තෙ ආයෙත් දුවෙක් ලැබුනොත් කියන සැකය අපි දෙන්නගෙම හිතේ තිබුන නිසයි.

ඇත්තටම ලොකු පරතරයක් ඇතුව උනත් කොලු පැටියෙක් නිසා අපි ගොඩාක් සතුටු උනා. ලමයින්ට හොඳ අනාගතයක් හදන්න ඕන නිසාත් මහත්තයා හදිසි රිය අනතුරකින් ඔත්පල උන නිසාත් මම බහරේන් රාජ්‍යයට ආවෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන්.

==============

නිහල් ඒජන්සිකාරයකුට රැවටිලා ලක්ෂ ගානක් වියදම් කරගෙන බහරේන් වලට ඇවිල්ල ඉන්න හිටින්න තැනක් වත් නැතුව ඉන්න අතරතුරේදි තමයි මට මුණ ගැහුනෙ ලංකාවෙ කට්ටිය හැම අවුරුද්දෙම දෙන වෙසක් දන්සැලේදි.

“පව් අර කොල්ල අතරමං වෙලා…. තාම හරියකට රස්සාවක්වත් නෑ... “

ප්‍රේම එහෙම කියනකොට තමයි මම නිහාල්ව දැක්කෙ. නිහාල් කරුනෑගල කෙනෙක් උන නිසාත් මට ඒ අවස්ථාවෙ මැඩම් වත්තෙ වැඩට කවුරුහරි හොයාගන්න ඕන කියල තිබුන නිසාත් මම එයාට පහුවදාම ඇවිල්ල මාව මුනගැහෙන්න කියල මගේ දුරකථන අංකය දුන්න.

මැඩම් නිහාල් එක්ක කථාකරල පහුවදාම ඇවිල්ල වැඩභාරගන්න කිව්වෙ, එයාට වාහන එලවන්නත් සුදුසුකම් තියෙන නිසාය කියල මට හිතුනෙ මැඩම් “දැට්ස් ග්‍රේට්” කියල කියනකොට. වත්තෙ වැඩට ඔය විදියට ආපු නිහාල්ට වැඩිකලක් යන්න කලින් මැඩම් සර්ට කියල බහරේන් වාහන රියදුරු බලපත්තරේකුත් අරගෙන දුන්නෙ ඇත්තටම එයා කඩිසර කොල්ලෙක් හැටියට දෙන්නගෙම හිත දිනාගෙන හිටිය නිසයි.

===========

“මොකෝ බං... උඩ බලාගෙන කල්පනා කරන්නෙ?”

දන්නෙම නෑ ප්‍රේම ඇවිල්ල මගේ කාමරේ දොරත් ඇරගෙන.

“අද කලින්ම වැඩ ඉවර උනා”

“කවද්ද බං… උඹේ කොල්ල එන්නෙ”

ප්‍රේමා දන්නව මගෙත් නිහාල්ගෙත් සම්බන්ධෙ සහසුද්දියෙන්ම. එයාමනේ මට නිහාල්ව අදුන්නල දුන්නෙත්.

ආයෙත් මුලු කාමරේම උඩු යටිකුරු වෙලා මාව වෙව්ලන්න ගත්ත. අර නයා ආයෙත් ඇවිත්. මම කෑ ගහල ඔන්න නයෙක් කියල කිව්වත් ප්‍රේමා ඇහුනෙ නෑ වගේ මගේ ඇග උඩ නැගල ඔලුව බදාගෙන.ඒ ගමන එයත් නයා දැකල එක පාරටම එලියට පැන්න. නයා පියාඹලා ඇවිත් මගේ ඇඟ උඩට වැටුන. කොච්චර ගැසුවත් යන්නෙ නෑ. ඌ ඇඟටම ඇලිල. නයා ආයෙත් මගේ ඇඟ ඇතුලට රිංගන්න හදනව.

“නිලූ වට්ස් රෝං විත් යූ”

මැඩම් මගේ කාමරේටම ඇවිල්ලා. ප්‍රේම භය බිරාන්තවෙලා වගේ මගේ පිටට අත තියල මොනවදෝ කියනව.

මැඩම් එදාම මාව දොස්තර කෙනෙකුට පෙන්නල බෙහෙත් අරගෙන දුන්නත් මම කාමරේ තනිඋන වෙලාවලට අර නයා ඇවිත් මට කරදර කරන එක නැවතුනේ නෑ.

================

“ගෙදර පොඩි ප්‍රස්නයක්…. අර ලමය අපේ දුවව බදින්න කැමතියිලු…. දුවත් කැමැත්ත දීල”

රත්නෙගෙ කටහඬ මගේ කන් පසාරු කරගෙන ගියා. අරාබියට වැස්ස නැතත් හෙණගෙඩියක් මගේ ඔලුවට වැදුන. ඔලුව පුපුරලා සීසී කඩ විසිරිලා. මම මැරිලද?

“මම ගන්නම්. වැඩක ඉන්නෙ”

එහෙමවත් දෙයක් මගේ කටින් පිටවුනේ කොහොමද කියල මම දන්නෙ නෑ.

=============

නිහාල්ට ඉන්න තැනක් හරියකට නැති නිසා මගේ කාමරේ ඉන්න දෙන්නද කියල මම මැඩම්ගෙන් ඇහුවෙ ඒ වෙනකොටත් අපි දෙන්නට අපිව පාලනය කරගන්න බැරි තත්වෙකට අපි පත්වෙලා තිබුන නිසයි.

ඒක උඹල දෙන්නගෙ ප්‍රස්නයක් අපිට අදාල නෑ කියල මැඩම් අවසර දුන්නෙ ප්‍රස්න හදාගත්තොත් උඹලම විසඳගනිල්ල කියන්න වගේ.

මේ වෙනකොට මම දන්න තරමින් ඕනම ගැහැණියකට එන මනසේ ඇතිවන එක්තරා හැඟීමක් මගේ මනසටත් ඇතුල් වෙලා තිබුන.

“උඹල පිලිගත්තත් නැතත් මම එක දෙයක් කියන්නම්…. හොඳට අහගනිල්ල”

සති අන්තෙ ප්‍රේමගෙ මැඩම්ගෙන් සංතෝසෙට ලැබුනු වයින් බෝතලේට වග කියන්න අපේ ගෙදරට එකතු උනු කෙල්ලො රංචුව ඉස්සරහ ඉන්දියන් කාරයෙක් එක්ක ජීවත්වෙන අට පාස් නැති ප්‍රේමා දාර්ශනික අදහසක් දෙසාබාන්න පටන්ගත්ත.

“මම කසාද බැන්දෙ අවුරුදු දහඅටෙන්…. ඒ වෙනකොට මම පෙට්ටිය කඩාගෙන හිටියෙ නැතත්, ගමේ කොල්ලෙක් එක්ක ලොරි ලෝඩ් ගානට ගල් කපල හිටියෙ….. හැබැයි මම පෙට්ටිය කඩා ගත්තෙත් නෑ…..ඌට ඒක ඕන උනෙත් නෑ”

කෙල්ලො ටික අතුරු ප්‍රස්න නැතුවම ඇගේ හැකර කට දිහාව ඇස් පිල්ලන් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නෙ හරියට නිල් චිත්‍රපටියක් හොරෙන් බලාගෙන ඉන්නව වගේ.

“හැබැයි ඒකා මගේ ජීවිතේට සුන්දර අතීතයක් එකතු කලා….ඒ විතරක් නෙමෙයි…..මාව උපරිම සතුටටත් පත් කරන ගමන් සෙක්ස් කියන්නෙ මොකද්ද කියල මට කියල දුන්න”

මේකි කියවගෙන යන්නෙ බලාගෙන ඉන්න අපේ හිත්ද කියලත් හිතෙනව

“ගෙදරින් ගෙනාපු යෝජනාවකට මම වෙන එකෙක්ව බැඳල…..ඌට උපරිම සතුටක් දෙන ගමන්ම…. මමත් උපරිමවම සතුටු උනත්…. ඒ සතුට තිබුනෙ පලවෙනි බබා ලැබෙනකල් විතරයි බං...ඊට පස්සෙ ටිකෙන් ටික උගේ උනන්දුව අඩුවෙලා ගිහිල්ල නැත්තටම නැතිඋනත්… අපේ රටේ ලබ්බෙ සංස්කුරුතියක් කියල එකක් ඔලුව උඩ තියාගෙන ඉන්න නිසා මොනව කරන්නද කියල හිතාගෙන…. මගේ ඇඟිලි මටම හොඳා කියල ජාම බේරගත්ත”

මට කියන්න බැරි සම්පූර්ණ සත්‍යය කියවන මේකි ගැන අනිත් කෙල්ලො කොහොම උනත් මට නම් ලොකු ආදරයක් ඇති උනා. උගත් දාර්ශනිකයො එයාලම හදාගත්ත ශිෂ්ට සම්පන්න කියාගන්නා සීමාවන් තුල ඉඳගෙන කරන දේශනා එක්ක මේ අට පාස් නැති ගෑණියෙක්ගෙ සීමාවන්ගෙන් තොර දර්ශනය මගේ හිතට කා වැදුන.

“අන්තිමට මෙහෙට ආවට පස්සෙ සිංහලකම බලන්නෙ නැතුව ඉන්දියන්කාරයෙකුට කකුල් පලල් කෙරුවෙ…. වෙන මොන හත් ඉලව්වක්වත් නිසා නෙමෙයි බං…. අපේ එවුන් වැඩෙත් කරගෙන, ලංකාවට ලියුම් අරිනව මම අරකිත් එක්ක බුදියගත්ත කියල…. මෙහේ ප්‍රචාරය කරනව අරකි කීයක් හරි දුන්නම උස්සනව කියල…. ඉන්දියන් කාරය එහෙම නෑ බං... මේ අහපල්ල... ජීවිතේ…. අපේ මැඩම්ල වගේ විඳපල්ල…. විඳවන්නෙ නැතුව”

මම උඹලට ලස්සන කථාවක් කියන්නම්…… අහගනිල්ල…

“ජර්මනියෙ සුද්දෙක් ලංකාවට ඇවිල්ල විශේෂ කාරණාවකට. ඌට ඕන වෙලා උගේ කැරපොත්තෙක් වගේ තියෙන හම කලු කරගන්න. ලංකාවෙ වැල්ලෙ දවස් ගානක් අවිව තැපල ගානට හම රත්තරං පාට කරගෙන කාමරේට ගිහිල්ල හැඩ බලල ජර්මනියෙ සුද්දියො උගේ පස්සෙන් එන හැටි මතක්කරගෙන ජොකිය ගලවලා. අම්මද බොල ඕනම කරන සැට් එක කැර පොත්තෙක් වගේ සුදු පාටට එලියට පැනල. මාර උප්සෙට් එකේ ඉන්නකොට මැනේජරය මුගේ ලොරියට අහුවෙච්ච තැම්බ වගේ මූන දැකල ප්‍රස්නෙ තේරුම් අරගෙන උපදෙසක් දීල. පහුවදාම සුද්ද වැල්ලෙ වලක් හාරලා සැට් එක විතරක් එලියට හිටින්න අව්ව තපින්න පටන් ගත්තලු. ඔන්න ඔය වෙලාවෙ අවුරුදු හැත්තෑවක විතර සුද්දියො දෙන්නෙක් හැරමිටි ගහගෙන වැල්ල දිගේ යන්න ඇවිත් වැල්ලෙ වැටිල තියෙන සැට් එක දැකල අනිත් සුද්දිට මෙහෙම කිව්වලු”

“මම අවුරුදු දහයෙදි මේක අදුනගත්තෙ.
අවුරුදු විස්සෙදි මෙව්ව මගේ පස්සෙන් ආව. අවුරුදු තිහේදි මෙව්ව ඕනතරම් මට තිබුන. අවුරුදු හතලිහෙදි අමාරුවෙන් එකක් දෙකක් හොයාගන්න පස්සෙන් ගියා.
අවුරුදු පනහෙදි මම මෙව්ව සල්ලිවලට ගත්ත
අවුරුදු හැටේදි මට මේකකට හිඟාකන්න සිද්ධ උනා
දැන් මට හැත්තෑවයි. ඇයි බං මේව ලංකාවෙ වැල්ලෙත් පැලවෙනවනේ කියල මුළු වැර යොදල පයින් ගැහුවලු”

“දැන් උඹලම හිතාගනිල්ල උඹල ඉන්නෙ කොතනද කියල”

ලංකාවෙ කොල්ලො ගැන කියාපු දේවල් කොහොම උනත් පහුවදාම මම නිහාල්ව මගේ ඇඳට ගත්ත. එයාගෙ තරුණ ජවය මගේ මුළු ශරීරයටම ඇතුල්කරගත්ත.

===========

“ඔයා මොකද කියන්නෙ මේ ගැන. මගේ නම් එහෙම අකමැත්තක් නෑ”

මම තීරණයක් ගත්ත.

“මම ලංකාවට එන්නම් මැඩම්ට කියල. ඔයා එතකල්  හඳහන් බලල දිනයක් දාගන්න අපි පොඩියට කරල දාමු”

වෙලාවෙ හැටියට එහෙම කියල ඇඟ බේරගත්තත් මම හිතාගත්ත ලංකාවට ගිහිල්ල නිහාල් මුණගැහිල හරියටම තීරණයක් ගන්නව කියල.

==============

පහුවදාම මම මැඩම්ට සහසුද්දියෙන්ම විස්තරේ කියල සති දෙකක් නිවාඩු ඉල්ලගත්තෙ ගෙදර අමාරුම වැඩටික ප්‍රේමට පවරලා. මැඩම් මගේ පඩියට අමතරවත් තරමක ලොකු මුදලක් දීල කිව්ව උඹ ගත්ත තීරණේ හරි. උඹට උලුවන්නම් වීසා එකක් හදල දුවයි නිහලුයි මෙහාට ගෙන්න ගනින් කියල.

මම ලංකාවට ගිය දවසෙ නිහාල් විතරක් කටුනායකට ඇවිල්ල හිටියෙ මගේම ඉල්ලීම පිට. එන දිනය හරියටම ගෙදරට කිව්වෙ නැත්තෙ මට නිහාල් එක්ක ගොඩාක් දේවල් කථාකරන්න තිබුන නිසයි. එදා රෑ අපි හෝටලේක කාමරේක නැවතුනේ දෙන්නගෙම උවමනාවට.

කාමරේට ගිහිල්ල ඇඳ උඩ වාඩිවෙලා බිම බලාගෙන ඉන්න නිහාල්ට මම කථා කලා.

“ඉතින් නිහාල්…. අපි කොහෙන්ද පටන් ගන්නෙ”

එහෙම කියනකොටම නිහාල් අඬන්න ගත්තෙ පොඩි එකෙක් වගේ.

“ඇයි ඔයා මට ද්‍රෝහී උනේ … නිහාල්”

“මම අසරණ වෙලා …..කාන්ති”

ඇයි හත්වලාමෙ මමනේ අසරණ වෙලා ඉන්නෙ කියල කියන්න හිතුනත් මම අමාරුවෙන් වචන ගිලගත්තා.

“මට තේරෙන්නෙ නෑ…..ඇයි ඔයා එහෙම කියන්නෙ?”

එයා ලොකු වැරැද්දක් කරල මගෙන් සමාව ඉල්ලන්නද හදන්නෙ.ඒක සමාව දෙන්නත් පුලුවන් වැරැද්දක්ද. මම කොහොමද මගේ කෙල්ලට මූණ දෙන්නෙ.

“ඔයා මට අසරණ වෙලා ඉන්නකොට ගොඩාක් උදවු කලා. මම ඒවට සදා ණයගැතියි. මම ජීවිතේට ඔයාව අමතක කරන්නෙ නෑ”

මට තේරෙන්නෙ නෑ. මෙයා කියන්න හදන්නෙ දුවව බැන්දත් මගෙත් එක්ක ඉන්නව කියන එකද. මගේ හිත රේස් අස්පයෙක් ගානට දුවනව.

“හරි මට කියන්නකො මොකද්ද ඔයාගෙ අදහස කියල”

එයා ඔලුව උස්සල මගේ මූණ බැලුව. ඇස් කදුලින් පිරිල. මම ආදරේ කරපු, මාව ආදරයේ අලුත්ම පැත්තකට ගෙනගිය නිහාල්.

“ඔයා දන්නවනේ...අපි දෙන්නට කවදාවත් බඳින්න බැරි විත්තිය. මට ඔයාගෙ දුව දැක්කම...ඒක ආසාවක් නෙමෙයි කාන්ති...මම ආදරයත්… යුතුකමත්….අතර අතරමං උනා…. මම වැරදි ඇති…. ඒත්...මම එයාට කිසිම යෝජනාවක් කලේ නෑ…. එයා අම්ම ගැන හරියට දුක් උනා. අම්ම පිටරට කකුස්සි හෝදන්නෙ එයාට දෑවැද්ද හොයන්න කිව්ව. ගේන යෝජනා එකක්වත් හරි ගියේ නෑ කිව්ව…”

“කවුද එතකොට මේක යෝජනා කලේ”

“සත්තයි කාන්ති අපි දෙන්නම ඒක දන්නෙ නෑ”

“මේක පුදුම කථාවක් නේ”

“පුදුමයක් තමයි කාන්ති….. ඒත් පුදුමයක්මත් නෙමෙයි… එයාට හිතුන ඔයාව නිදහස් කරන්න… මට හිතුන ඔයාට කෘත ගුණ සලකන්න.. මම වැරදි ඇති….ඒක ඔයා තීරණය කරන්න…. මගෙන් ඒ කෙල්ලට කිසිම වැරැද්දක් වෙලා නෑ අදටත්. ඔයාගේ තීරණේට අපි ඔලුව නමනව”

මම ගොලුවෙලා ගියා. කොච්චර වෙලා මම එයාගෙ මූණ දිහා එක එල්ලෙ බලාගෙන හිටියද කියන්න දන්නෙ නෑ.

“නිහල් ....ඔයා රෑට කෑම කාමරේටම ගෙන්නගන්න අපි දෙන්නටම බියර් දෙකකුත් එක්ක...මම ඇඟ හෝදගෙන එන්නම්. හෙට උදේට මම මගේ තීරණේ කියන්නම්”

එහෙම කියාගෙන මම නාන කාමරේට ගියේ වෙනද අපි දෙන්නම එකට නේද නාන කාමරේට යන්නෙ කියල හිතාගෙන. මම එයාගෙ නිරුවත් ශරීරය සබන් ගාල සෝදන ගමන් එයා මගේ ඇඟ හැමතැනම අත ගාල හේදුවා විතරක්ද. අපි නාන කාමරෙත් සතුටු උනේ පුදුම ජවයකින්. ඒ වෙලාවට යකඩයක් වගේ ඉලිප්පෙන එයාගෙ පිරිමිකම මගේ ඇඟ පුරාම දුවල අන්තිමට නවතින්නෙ මගේ ඇඟ ඇතුලෙ. වතුර මලෙන් ඒ වෙලාවට විදින්නෙ වතුර නෙමෙයි ලස්සන චූටි රෝස මල්. මම ඒ මල් වරුසාවෙ නාන්නෙ පුදුම ආශ්වාදයකින්.

මම නාන කාමරේ දොර වහල අගුලත් දැම්මෙ එයාව කාමරේ තනිකරල. නාගෙන එලියට එනකොට එයා හිටියෙ නෑ කෑම ඕඩර් කරන්න යන්න ඇති.

නිහාල් එනකොට මම ඇදේ හාන්සිවෙලා ඒසී එකෙන් එන සීතල හුලගට මූණ දීගෙන හිටියත් අර නයා අවෙ නෑ. මොකද්දෝ සැහැල්ලුවක් ඇඟට දැනුන.

රෑ අපි හොඳට බියර් බිව්වෙ ඊයෙ දවස පිටිපස්සට දාල හෙට ගැන හිතන ගමන්. වෙනද බොන හැම උගුරකටම වගේ මගේ තොල් එයාගෙ තොල් අතරෙ රැදුනත් මෙදා අපි යාලුවො වගේ බිව්ව. ජීවිතේ එක මොහොතකින් උඩුයටිකුරු වෙනහැටි හරිම පුදුමයි. අපි එදා ගැන දුක්වියයුතුද? අද ගැන සතුටු විය යුතුද? ආදරය යදින වයසක සිටි මට ආදරය පිටුපසින් හඹා එන වයසක සිටි මොහු මා සතුටු කල හැටි මතක් වෙනව. චිත්‍රපටියක් වගේ.

අපි කාමරේටම ගෙන්න ගත් කෑම කාල ඇඳට වැටෙනකොට ගොඩාක් රෑ වෙලා. බියර් මත අපි දෙන්නම හොඳටෝම වෙලාගෙන. අපි එදා ගොඩාක් දවල් වෙනකල් නිදාගත්තෙ ඒසී එකේ සීතලටත් එක්ක බෙඩ් ශීට් එක අස්සෙ ගුලිවෙලා.

වෙනදා අපි මේ වගේ දවසක තුරුල්වෙන්නෙ ආදරයෙන් එකතුවෙන්න. ඒත් අද අපි දෙන්න බදාගත්තත් එහෙම හැඟීමක් අපි දෙන්නටම දැනුනෙ නෑ. එදා මගේ ඇඟ ඇතුලටම ආදරයෙන් රිංගන නිහාල් අද මගේ දරුවෙක් වෙලා පොඩි එකෙක් අම්මගෙ සෙනෙහස සොයනව වගේ.

සමාජ චර්යා ධර්ම, යුතුකම් හා මානුශික ආශාවන් අතර දෝලනයවූ අපගේ ජීවිත තුල අප විසින්ම ගත් මෙම තීරණය උගත්‍ යැයි සම්මත සමාජය කෙසේ පිලිගනීදැයි අප නොදනිතත්, අප දෙදෙනා විසින්ම ගන්න ලද තීරණයන් ගැන අපි දෙදෙනා ඉත සිතින්ම සතුටුඋනා.

පසුව ලියමි: මෙම සත්‍යවූ සිද්ධීන් සමුදායට දායකවූ අදටත් ජීවතුන් අතර සිටිනා චරිතයන් පිලිබඳව ඔබ දරනා අදහස කුමක්දැයි මම නොදනිමි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget