ඉක්මන් උනා වැඩියි නේද?

ඉක්මන් උනා වැඩියි නේද?

මගේම අතට හිරවුන පිහිය මගේම පපුවට කිඳාබැස්සෙ කිසිම වේදනාවකින් තොරව නිසා මට හිතුන මම මැරෙන එකක් නෑ කියල. ඒ එක්කම කකුල් පන නැති වෙලා තාර පාර බදාගත්තෙ දෙනෝදාහක් මිනිස්ස්සුන්ගෙ මර ලතෝනියත් එක්ක. මගේ ඇඟිලි තවමත් පිහිය බදාගෙන. මට ජීවත්වෙන්න බෑ, මැරෙන්නම ඕන. මම තාර පාරට පුලුවන් වෙර යොදල බර දුන්නෙ පිහිය තවත් ඇතුලට කිඳා බහීවි කියල හිතාගෙන.

තාර පාරත් පපුවත් අතර මගේම අතේ ගුලිවෙච්ච පිහිතුඩ තව තවත් පපුව තුලට කිඳාබැස්සත් මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ. මම මැරෙන එකක් නෑ කියන හැඟීම කොහොම මගේ ඔලුවට ආවද හිතාගන්න බෑ. පුලුවන් වැර යොදල පිහිය තාර පාරට හිර කර ගත්ත. පිහිතුඩ තව තවත් මගේම පපුවට කිඳාබහිනව දැනෙනකොටම මුලු ලෝකෙම අන්ධකාරය ගිලගත්ත.

===============

“සිල්වා මහත්තය අපිට කිව්ව ඉඩම බලාගන්න කවුරුහරි එවනව කියල”

වැටෙන් එහා පැත්තෙ ඉඳගෙන ගෑනු කෙනෙක් කියනව ඇහිල මම හැරිල බැලුවත් මගේ හිත තිබුනෙ ගහෙන් බිමට වැටෙන පොල්ගෙඩි ගාන ගැන විතරමයි. දඩස් ගාන හැම පාරකටම මම ගාන අල්ලන්නෙ හරියටම පොල් ගෙඩි කීයක් කැඩුවද කියල ගනන් තියාගන්න ඕන නිසයි. එකක් හරි වැරදුනොත් අපරාදෙ.

“ ආ...ඔව්. අද මේ පොල් ටික කඩල ගෙනියන්න කියල ආවා... සිල්ව මහත්තයල මේ දවස් වල රට”

මේ මොන කරදරයක්ද මගේ ගාන වරදිනව කියල හිතුනත්, තරමක හැඩකාර ලස්සන ගෑනියක් නිසා ඒ හැඟීම යටපත් කරගත්ත. ඇඟටම හිරවෙන ජීන්ස් කලිසමක් ඇදල හිටපු නිසා මට එයාගෙ රූපෙ හිතින් මවාගන්න අපහසු උනේ නෑ.

මම ගෑනුන්ගෙ ලස්සන දකින්නෙ නූගත් මට තේරෙන විදියට. සමහර ගෑණු සුන්දරයි. ඒ අයගෙ පෙනුම, හැසිරීම, ඇඳුම් පැලඳුම් සියල්ලක්ම සුන්දර පෙනුමක් ගන්නව. එයාලගෙ රූපෙ, මූණ, පියයුරු උකුල සියලුම අඟ පසඟ අඳින්න කවකට්ටෙන් පුලුවන්. එයාල හොඳයි කොටුතාප්පෙ උඩ ඉඳගෙන ඈත මුහුද දිහා බලාගෙන ආදර බස් කියන්න.

සමහර ගෑණුන්ගෙ තියෙන්නෙ වෙනම ලස්සනක්. ඒක කාමුක ලස්සනක්. දැක්කම ආස හිතෙනව. එයාලගෙ අඟ පසඟ අඳින්න පුලුවන් හොඳ චිත්‍ර ශිල්පියෙකුට විතරමයි. මෙයාට තියෙන්නෙත් එහෙම ලස්සනක්.

“ඔයා….සිල්ව මහත්තයලගෙ ගෙවල් පැත්තෙද?”

“ඔව්…. ඒ ලඟමයි”

ඔන්න ඔය විදියට පටන්ගත්ත කථිකාව නැවතුනේ යන්න කලින් එන්න තේ එකක් බීල යන්න කියන ආරාධනාවකුත් අරගෙන.

පොල් ගස් විසි දෙකක පොල් එකතුකරල මුදලාලිගෙ වාහනේටත් පටවලා, මම අල්ලපු ඉඩමෙ ගෙදරට ගියේ ආරාධනාව අහක දාන්න බැරිකමටත් වැඩිය, මේ වෙලාවට තේ එකක අගේ හොඳින් තේරුම් අරගෙනත් හිටිය නිසාමයි. මට එයාවා දකින්න ආසාවක් නොතිබුනාමත් නෙමෙයි.

ගෙදර ගෙනියන්න කියල අයින් කරපු පොල්ගෙඩි දහයත් මගේ ත්‍රී වීල් එකට පටවගෙන, අල්ලපු ගෙදරට ගියේ මොනව උනත් හිතවත්කමක් පාඩුවක් වෙන්නෙත් නැහැනේද, කියන සිතිවිල්ලත් එක්කමයි.

පලමු කථා බහෙන්ම මම දැනගත්ත ගෙදර ඉන්නෙ පුතයි දුවයි විතරයි කියල. මහත්තය ආමි එකේ රියැදුරෙක් නිසා බොහෝදුරට ගෙදරින් පිට ඉන්න විත්තියත් මම දැනගෙන හිටිය නිසා, කිසිම චකිතයකින් තොරවම මම ගෙට ගොඩ උනා.

ඒ වෙනකොට එයා නාල කොටගවුමක් ඇදලා හිටියත් මට එයාගෙ භාගෙට පෙනෙන කලවා අතරින් එයාගෙ කාමුක සිරුර සිතින් මවාගන්න අමාරු උනේ නෑ.

“ඉඳගන්න මම තේ එකක් හදාගෙනම එන්නම්”

මම ගේ ඇතුල පේන විදියට පුටුවක් තෝරගෙන ඉඳගත්තෙ ඇත්තටම ඒ ලස්සන සිරුර ලතාවකට ගැස්සෙන හැටි බලන්නමයි. අපේ ගෑනු ඇත්තටම එයාලගෙ සිරුර ගැන හිතන්නෙම නෑ. මගේ ගෑණිට තවම එක ලමයයි. ඒත් මේ වගේ දැක්කම ආස හිතෙන්නෙ නැත්තෙ එයාගේ ලස්සන නැතුවමත් නෙමෙයි. ඒ ගැන සැලකිල්ලක් නැතිනිසා නේද කියල හිතුන.

එයා තේ එක මට පිලිගන්නන කොට වාඩිවෙලා හිටපු මම එයාගෙ භාගෙට නිරාවරණය වුනු පියයුරු දිහාව බැලුව විත්තිය එයා දැක්ක නිසා යන්තමට අතින් වහගත්තත්, මගේ ඉස්සරහම පුටුවෙ ඉඳගන්නකොට නම් එයාගෙ කලව සුදට සුදේ දිලිසුනා මම දැක්ක.

අපි එදා ඉතා සුහදව දැන හැඳුනුම්කමක් ඇතිකරගත්තෙ කවදා හෝ ඒ දැනහැඳුනුම්කම අපි දෙන්නගෙම මාරයා වෙන විත්තිය අංශුමාත්‍රයකවත් අවිස්වාසයක් ඇතුව නම් නෙමෙයි.

එදා මම ඒ ගෙදරින් පිටවුනේ ගෙදර ගෙනියන්න ගත්තු පොල් ගෙඩි පහකුත් ලෙලි ගහලම දීලයි. ඒ පොල් ගෙඩි එයාට දෙනකොට සාමාන්‍ය විදියට අපේ අත් ගැටුනත්, ඒ ගැටුම තරමක් දුරට අසාමාන්‍යයි කියලත් මට හිතුනෙ ඒ එක්කම එයාගෙ දෑස් මගේ දෑස් එක්ක පැටලුන නිසා වෙන්නත් ඇති.

මම ගෙදර ආවෙ අමුතුම උද්‍යෝගයකින්. එදා දවසේ මට ත්‍රීවීල් ආදායමක් නැතත් පොල් වලින් ලැබුනු මුදල් ඕනවටත් වඩා ප්‍රමානවත් බව දන්න නිසා, ගෙදරට ගොඩ උනේ අරක්කු භාගයකුත් අරගෙනමයි. මම ගෙදරට අරක්කු ගෙනාවොත් බීමට ඇබ්බැහිවෙලා හිටපු නැති නිසා මගේ බිරිඳ  කලින්ම වැඩ ඉවරකරල ඇඳට එන්නෙ මාව සතුටුකරන්න බලාගෙනමයි.

එදා මම ලොකූ උද්‍යෝගයකින් විවාහක බිරිඳ එක්ක එකතු වෙලා උපරිම සතුටක් ලැබුවත්, අවසානෙදි මම හිතින් එකතුවෙලා හිටියෙ හිමාලි එක්ක.ඒක එදා මට නැවුම් අත්දැකීමක් වුනා.

“මචං අපේ රටේ බ්ලූ ෆිල්ම් තහනම් උනාට ජර්මනියෙ හන්දියක් ගානෙ සුරුට්ටු කඩවගේ සෙක්ස් ශොප්”

නාකි සුද්දියෙක් යාලුකරගෙන ජර්මනියට ගිහිල්ල ජීවිතේ සරු කරගත්තු මගේ යාලුවෙක් උගේ ලංකාවෙ ඉන්න කෙල්ල බලන්න මගේ ත්‍රීවීල් එකේ යනගමන් කියාපු දේශනාව මතක් උනා.

“උන්ගෙ උද්‍යෝගෙ අඩු උනාම සෙක්ස් ශොප් එකෙන් වීඩියෝ එකක් ගෙනැල්ල බලන ගමන් උන් සෙක්ස් කරනව. ඒක එහේ සාමාන්‍ය දෙයක්”

මමත් ව්‍යංගාර්ථයෙන් කලේ ඒකම නේද කියල හිතුනම, මගේ හිතේ යාන්තමට තිබුන වරදකාරී හැඟීම නැතිවෙලාම ගියා. ජීවිතේ අට පාස් නැති, පොතක් පතක් පරිහරණය කරන්නෙ නැති, ඉහළ සමාජයෙන් කොන්වෙලා ඉන්න ත්‍රීවීල් කාරයෙකුට, මේක අපූරු ආදර්ශයක් වුනා. රටේ පඬිවරු, ආගමික දේශකයො වදාරණ සංස්කෘතිය සභ්‍යත්වය මම මගෙත් බිරිඳ ගෙත් සතුට වෙනුවෙන් බල්ලට දාන්න හිතාගත්ත.

මම එදත් ඊට පස්සෙත් කායිකව කසාද බිරිඳත් එක්ක එකතු වුනත් මනසින් සතුටු වුනේ හිමාලි එක්ක. ඒක නිල් චිත්‍රපටියක් බලනව වගේ.

ඉඩමට යන හැමදාටම වගේ මට හිමාලි මුණගැහෙන එක සාමාන්‍ය සිදුවීමක් වුන අතරෙ, එයාට ගෙදරට ඕන කරන දේවල් ගන්න යන්නත් මගේ ත්‍රීවීල් එකම එයා පාවිච්චි කරන්න පටන් ගත්ත. මමත් ඒ හැමදෙයක්ම කලේ ගොඩාක් ආසාවෙන්.

වැඩි කලක් ගියේ නෑ, අපේ හිත් ඇතුලෙ තිබුන ආසාවන් එලියට පනින්න. එදා සෙනසුරාදා දවසක්. පොඩි දෙන්නත් එක්ක ගමණක් යමුද කියල ඇහුවෙ එයා හොඳටම දන්නව මම මේ වෙනකොට එයත් එක්ක යකාගෙ කටට උනත් යන්න ලෑස්ති විත්තිය දන්න නිසාමයි. වතුරට දානකොට ඉබ්බ ඇන්නෑවෙ කිව්වලු.

එදා අපි කොග්ගල මූදෙ නාන්න ගියා. අපි උවමනාවෙන්ම ටිකක් පාලු තැනක් තෝරගත්තෙ නිදහසේ ඉන්න ඕන නිසාමයි. ගල් පරයට රැල්ල බිඳෙන නිසා ආරක්ෂාව පිලිබඳ කිසිම සැකයක් තිබුනෙ නෑ. අපි පොඩි දෙන්නත් එක්ක නාන්න බැස්සෙ එයා කොට කලිසමක් ඇඳගෙන. තුනී කමීසය ලුණු වතුරට පෙඟුනම මට එයාගෙ වටකුරු පියයුරු පෙනුනෙ ඒව එයාගෙ නෙමෙයි මගේ කියන්න වගේ. ලස්සන කිරිපාටට දිලිසෙන කලව මාව පිස්සෙක් කලා.

වෙන දෙයක් උනාවෙ කියල මම වතුර යට තිබුන එයාගෙ අතින් අල්ල ගත්ත. පොඩි දෙන්න වැල්ලෙ සෙල්ලම් කරනව. ලඟ පාත පිට කවුරුවත් ඇත්තෙත් නෑ. එයත් මගේ අත තදකරල අල්ලගත්ත. මම එයාට ලංවෙනකොට එයා ඇස් පියාගත්ත. මම පලවෙනි වතාවට එයාගෙ ලස්සන තොල්පෙති සිප ගත්ත. ඉනෙන් පහල අපි දෙන්නම නිරුවත් වෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ. වතුර යට නිසා කාටවත් පේන්නෙත් නෑ. අපි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ පිස්සුවෙන් වගේ. මම ආසාවෙන් බලාගෙන, හිතෙන් එයාගෙ සිරුර වැලඳගත් කාලය නිමාකරමින් අපේ ලිංගික ආසාවන් සපුරාගත්ත පලවෙනි දවස විදියට එදා ජීවිතේ සනිටුහන් උනා.

එදා අපි දරුවො දෙන්නත් එක්ක ගෙදර ගියේ හරිම සතුටකින් හා අලුත් ජීවිතයකට ඇතුල් උනා කියන සුන්දර හැඟීමත් එක්ක. අපි දෙන්නම පොරොන්දු උනා ජීවිතේට වෙන් වෙන්නෙ නෑ කියල. සිල්වා මහත්තයගෙ ඉඩමෙ පාලුවට තිබුන අංග සම්පූර්ණ නිවස අපේ එක්වීමට අවුරුදු දෙකක්ම තෝතැන්නක් උනා.

මගේ ආර්ථිකය සීමාසහිත නිසා, ඒ අතින් මට හිමාලිට වැඩි යමක් කරන්න බැරි උනත් මම දැනගෙන හිටිය, එයත් මගෙන් එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු උනේ නැති විත්තියත්. මගේ බිරිඳ හා දරුවා වෙනුවෙනුත් වෙනදාටත් වඩා මම සැලකිලිමත් උනේ මේ සතුට සදාකල් විඳින්න තිබුන ආසාව නිසාමයි.

අපි ඒ අවුරුදු දෙකක පමණ කාලය ගතකලේ මේ ලෝකෙ අපි තරම් මානසිකවත්, කායිකවත් සතුටුවෙන ජෝඩුවක් නෑ කියන හැඟීමෙන්. අපි එකතුවුන හැම අවස්ථාවකම විවිධත්වයක් අපිම නිර්මානය කරගත්ත නිසා අපේ උනන්දුව අබ මල් රේනුවකින්වත් අඩුවුනේ නෑ. මේ සුන්දරත්වය සදාකාලිකයි කියන හැඟීමෙන් මම ජීවත්වුනා.

ඔය අතරතුරේ අපේ ජීවිතවලට අමුත්තෙක් ඇතුල් උනා. ඉන්දියන් සම්භවයක් එක්ක ආපු ඒ අමුත්ත එදා එයාගෙ දොරකඩ හිටගෙන හිටියේ මහා උජාරුවට. හිමාලි ඒ ලගින්ම ලස්සන හිනාවකුත් එක්ක හිටගෙන ඉන්නව මම දැක්කත් ඉරිසියාවක් ඇතිවුනේ නැත්තෙ ඒක හිමාලිටම ගැලපෙන ස්කූටියක් නිසයි.

“යමුද රවුමක්”

හිමාලි උතුරායන සතුටකින් අහනකොට මමත් ඒ සතුටට හවුල් උනා.

“කාගෙද?”

“වෙන කාගෙද... මගේ. මහත්තයට ආමි එකෙන් අඩු පොලියට ලෝන් එකක් ලැබිල…. ඊයෙ ගෙනැල්ල දීල ගියා”

හිමාලි ආඩම්බර මූණක් ආරූඪ කරගෙන කියනකොට එයාගෙ උකුල ගැස්සුන ලස්සණ මම ආසාවෙන් විඳගත්ත.

“මරුනේ… දැන් ඉතින් අපේ  ත්‍රී වීල් මොකටද නේද?”

එහෙම කිව්වෙ අපි දෙන්නම ගේ ඇතුලට යන ගමන්. ගෙදර කවුරුවත්ම නැති විත්තිය අපිට වඩා හොදින් දන්න අපේ තොල් පෙති එකට පැටලෙන්න ගත්තෙ ස්කූටිය ලැබුන සන්තෝසෙටත් එක්ක.

“මචං ඔය ස්කූටිය තියෙනව නේද…. ගෑනිට අරගෙන දුන්නොත් ගෑනි පිට යනව….., නුදුන්නොත් තරහවෙලා පිට යනව…”

මට දවසක් යාලුවෙක් විහිලුවට වගේ කියාපු දෙයක් මතක් උනත් මම ගාණකට ගත්තෙ නැත්තෙ කොහොමත් හිමාලි පිට ගිහිල්ල මගේ ලඟ නැවතිලා ඉන්න නිසා වෙන්න ඇති.

මම යමු කාමරේට කිව්වම එයා ටිකක් අදි මදි කලත් අපි එදත් වෙනදා වගේම සතුටු උනා. මට එදා පොඩි වෙනසක් නොදැනුනාමත් නෙමෙයි. ගෙදරින් එලියට බහිනකොට මිදුලෙ දැකපු ටයර් පාරවල් රෝද හතරක වාහනේක කියල හොඳටම තේරුනත් මම හිතුව ඊයෙ රෑ හිමාලිගෙ මහත්තය ආපු ආමි වාහනේ සලකුණු වෙන්න ඇති කියල.

ස්කූටිය ලැබුනට පස්සේ එයාගෙ වැඩ බොහෝමයක් එයාම කරගන්නකොට මගේ හිතට හීන් සැකයකුත් ආවෙ නැත්තෙමත් නෑ. එයාගෙ මිදුලෙ ටයර් පාරවල් දවසින් දවස අලුත් වෙනවත් මම දැක්ක. මම ඒ ගැන කිසිදෙයක් අහන්න ගියෙත් නැත්තෙ දවල් කාලෙ කිසිම වාහනයක් ඒ ගෙදරට එන්නෙ නැති විත්තිය සහසුද්දියෙන්ම දන්න නිසයි.

මගේ හිත මට වදදෙන්න පටන්ගත්තෙ හිමාලිගෙ සුළු වෙනස්වීම් එක්කමයි. අපේ කායික එකතුවීම් තුල මගේ උද්‍යෝගයෙ වෙනසක් නොතිබුනත් එයා වෙනදා තරම්ම මගෙන් සතුටු වෙන්නෙ නැති විත්තිය මට තේරුම් ගියා.

එක දවසක් මම යොදා ගත්ත මේ ගැන හොයල බලන්න. එදා මම රෑවෙලා හයර් එකක් යන විදියට මගේ බිරිඳට කියල එයාගෙ ගෙදර හොරෙන්ම ගියා. ඈත තියාම එයාගෙ ගෙදර මිදුලෙ ලස්සන කාර් එකක් නවත්තල තිබුන. රෑ එකොලහට විතර ඇති. හිමාලිගෙ කාමරේ ලයිට් එකත් පත්තු වෙනව.

මට ඉවසුම් නැති උනා. අද දෙකෙන් එකක් කියල හිතාගෙන මම ටිකක් ඈතින් මගේ ත්‍රීවීල් එක නවත්තලා හිමීට හිමාලිගෙ ගෙදරට ලංවුනේ වාහනේ නොම්මරේ බලාගන්නත් එක්කමයි. මම හිටපු තැනම ගල්ගැහුන. යුද හමුදාවෙ වාහනයක්. එයාගෙ මහත්තය ඇවිල්ල. මම ආපහු හැරිල ගෙදර ආවෙ මම කරපු මෝඩ වැඩේ ගැන පසුතැවිලි වෙන ගමන්.

ටික දවසක් මම කිසිම දෙයක් උනේ නැතිගානට හිටියත් අපි දෙන්නටම බැරිඋනා අපේ පරණ සුපුරුදු සුන්දරත්වය ලඟාකරගන්න. අපි එකතූ උනේ යුතුකමක් බැහැර අරින්න බැරි නිසාවටම වගේ. අපි ටිකෙන් ටික ඈත් වෙනව වගේ දැනුන.

මට ඉවසන්න බැරි දුකක් වේදනාවක් එක්කම ජීවිතේ විශාල පරාජයක් දැනුන. අපි මොනතරම් දුරට සිතින් හා ගතින් බැඳිල හිටියද කියන්න දන්නෙ අපි දෙන්නම විතරයි.

එදා මම හිමාලිගෙ ගෙදර උදෙන්ම ගියේ වෙනද වගේම කලින් දැනුම්දීමකින් තොරව. ගෙදර දොරවල් වහල තිබුන. මම එවේලෙම එයාගෙ ජංගම දුරකථනයට කථා කලා. මමම එයාගෙ උපන්දිනෙට තෑගි දුන්න ජංගම දුරකථනය තුලින් මමම දාල දුන්න එයාගෙත් මගෙත් ප්‍රියතම සිංදුව ඇහෙන්න ගත්ත.

සඳකැන් වැසිලා….අදුරේ එතිලා……

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු ...රහස් අහස් තලයට පවරා……

ටිකක් ප්‍රමාද වෙලා එයා දුරකථනය ඉස්සුවා.

“ඔයා කොහෙද ඉන්නෙ”

මම හලෝ කියන්නෙවත් නැතුව ඇහුවෙ මගේ කේන්තිය පෙන්නන්නත් එක්ක.

“මම ගෙදර නෙමෙයි….. පිට ගෙදරක ඉන්නෙ. පොඩි ප්‍රස්නයක්…... මම පස්සෙ කියන්නම්”

“හරි…..කොහේද ඉන්නෙ කියන්න”

“කච්චුවත්තෙ ගෙදරක”

එයා දුරකථනය විසන්ධි කලා.

මොකක් නමුත් ලොකු ප්‍රශ්නයත් වෙන්න ඕන. කරදරයක්ද? ඇයි එකපාරටම විසන්ධි කලේ? මේ වගේ ප්‍රශ්න වැලක මම අතරමං වෙලා. ආයෙත් කෝල් එකක් ගත්තෙ ඕන දෙයක් කියල හිත හදාගෙන.

ඒ ගමනත් පිලිතුරු දෙන්න ටිකක් ප්‍රමාද උනත් එහාපැත්තෙන් ආවෙ පිරිම් කටහඬක්.

“හලෝ...මම කැප්ටන් රංගනාත් කථා කරන්නෙ…. මම කොහොමටත් ඔයාට කථාකරන්න තමයි හිටියෙ…. ඔයා මේ කරන වැඩේ නවත්තන්න….. ආයෙත් හිමාලිට කරදර කරන්න එපා”

මගේ ඉහ මොල රත් වෙලා මුළු ලෝකෙම අන්ධකාරයට ඇදිලා ගියා.

“ඔයා කවුද මට එහෙම තරවටු කරන්න”

මහත්තයෝ… මම කවුද කියල හරියටම දැනගන්න ඕන නම් කොටුවෙ කෑම්ප් එකට එන්න. ඔයා මේ කරන වැඩෙන් ඔයාගෙ පවුලත් හිමාලිගෙ පවුලත් කඩාකප්පල් වෙනව….. ඔයා වහාම  මේ සම්බන්ධෙ නවත්තන්න”

ඒ ගොරහැඬි කටහඬ දිගටම කියාගෙන යනව, මට කිසිදෙයක් තේරෙන්නෙනෑ. මම ගල්ගැහිල අහගෙන හිටියත් කිසිම දෙයක් ඔලුවට ගියේ නෑ. මෙච්චර ආදරෙන් ඉඳලත් අඩු ගානෙ මට කියන්න තිබුන එයාට වෙන සම්බන්ධයක් තියෙනව කියල. මේක තමයි පහුගිය ට්කේ, ටික ටික වෙනස් උනේ.

මම හරියටම හිමාලි ඉන්න තැන දන්නෙ නැතත් කච්චුවත්තට ගියා. කච්චුවත්ත පුරාම රවුම් ගැහුව. පැය ගාණක් රස්තියාදු උනා හිමාලිව මුණගැහෙන්න. වෙනද කියන පරක්කුවට හමුවෙන හිමාලි අද මට හමුවෙන්න හැමතැනම ඇවිදින්න වෙලා. එයා වෙන මිනිහෙක් එක්ක ඉන්නව මට මැවිල පේනව. තවත් ආමි එකේ එකෙක්. මම අර දකින්න ඇත්තෙත් ඒ ආමිකාරයගෙ වාහනේ. ස්කූටියත් එයා වෙන්න ඇති අරගෙන දෙන්න ඇත්තෙ.

හවස පහ පහුවෙනකොටම වගේ හිමාලි කච්චුවත්ත හරස් පාරකින් මහ පාරට එයාගෙ ස්කූටිය දානව දැක්ක. වැඩි දුරක් යන්න කලින් මම ත්‍රී වීල් එකෙන් එයාට ලංකලා. එතනින් එහාට සිද්ධ වුනු හැමදෙයක්ම වෙනත් අභූත බලවේගයක් බලවේගයක් විසින් මෙහෙයවූ බවක් මට දැනුන.

හදිසියකට සීට් එක යට හංගලා තිබුන උල් පිහිය මේ වෙනකොට මගේ අතේ. යන ගමන්ම මම හිමාලිට ඇනපු පිහි පාර කොතනට වැදුනද දන්නෙ නෑ. එයා මහපාර මැද වැටුනත් ආයෙත් නැගිටලා දුවන්න ගත්තෙ, දෙනෝදාහක් බලාගෙන ඉදිද්දි මර ලතෝනියකුත් තියාගෙන. මම මගේ හිමාලිට කීසැරයක් ඇන්නද කියල නිනව්වක් නෑ. පාර අයිනෙ වැටෙනකල්ම ඇන්න. දැන් ඉතින් මම ජීවත්වෙලා වැඩක් නෑ. මගේ පිහිය මගේ පපුව පැත්තටම හැරවුනා.

=================

විසාල දෝංකාරයක් ඇවිත් මගේ කන් අගුල්වැටුන. හිතට විසාල හෑල්ලුවක් දැනෙනව. අහසෙ පාවෙනව. මමත් හිමාලිත්. නිරුවතින්. අපේ අත් පැටලිලා. මිනිස්සු වටවෙලා අපිව උස්සනව. ඒත් අපි අහසෙ පාවෙනව. අපිව ඔසවලා වාහනේකට දානව අපි බලාගෙන හිටියෙ හරිම සැහැල්ලුවෙන්. එකම දිසාවකට අපි පාවෙලා යනව. හිතට දැනුන සැහැල්ලුව අපට අලුත් අත්දැකීමක්. හිමාලි ටිකෙන් ටික මට ඉස්සර වෙනව. එයාව අල්ලගන්න මම උත්සාහ කලත් මට බැරිවෙනකොට මගේ හිත පිරිල තිබුන හෑල්ලුව ටික ටික වේදනාවකට හැරෙනව දැනුන. හිමාලි මගෙන් වෙන්වෙලා ඈතට යන්න යන්න මගේ වේදනාව වැඩිවෙනව දැනුන. උහුලගන්න බැරි තරමේ වේදනාවක් එක්ක එයා මගෙන් වෙන්වෙලා ගියා.

=============

ගොඩාක් ඈතින් ඇහෙන්න ගත්ත ගෑණු කටහඬක් ටිකෙන් ටික මගේ කණට ලංවෙනව දැනුන. මම ඇස් ඇරල බලන්න මහන්සි ගත්තත් පෙනුනෙ නෑ. ඒ ගමන ගෑණු කෙනෙක් අඬනව ඇහෙනව. දරුවෙක්ගෙ කෙඳිරිලි හඬකුත් එක්ක කලවමේ ඇහෙනව. ඈතින් ඇහුණු ඒ මැසිවිල්ල ලඟින්ම ඇහෙන්න ගත්තේ මාව වෙලාගෙන තිබුනු අන්ධකාරය අතරින් යාන්තමට ඡායාවකුත් එක්ක.

“රත්තරනේ….අපිව දාල යන්න එපා…තාත්තේ…”

ඒ මගේ බිරිඳත් දරුවත් කියල වටහගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. මට හෙල්ලෙන්නවත් බෑ.

මම ඉස්පිරිතාලෙ ඇදක් උඩ නේද මේ. මට ටිකෙන් ටික සිහිය එනකොට මගේ බිරිඳත් දරුවත් මගේ ලඟ හිටියෙ මට සමාව දෙන්න වගේ. එයාල ගොඩාක් මහන්සි වුනා මාව බේර ගන්න. මම ඉස්පිරිතාලෙන් රිමාන්ඩ් බන්ධනාගාරයටත් එතනින් ඇප අරගෙන ගෙදරටත් ආවෙ ආයෙත් ජීවත්වෙනව කියන අධ්ෂ්ඨානයත් සමග.

================

සෑම ඉරිදාවකම පොලිස් පොතේ අත්සන් කරන්න මට උසාවියෙන් නියම වුන නිසා ගෙදර ආපු පලවෙනි ඉරිද මම පොලීසියට ගියේ පොත අත්සන් කරන්න හිතාගෙන. පොත අත්සන් කරල එන්න හැරෙනකොට සාජන් මහත්තය මට පොලිස් භාරයේ තිබි මුද්දරයක් ඇලවූ කවරයක් සමග ලියුමක් දීල කිව්ව, ඔය බංකුව උඩ ඉදගෙන කියවලා ආපහු දීල යන්න කියල.

ආදර රත්නෙ,

මට ඔයාගෙ මූණට මේ ටික කියන්න බැරි නිසා මේ විදියට ලියුමක් තැපැල් කරන්න හිතුන.

පහුගිය ටිකේ මම ජීවත්වුනේ විසාල පීඩනයක් එක්ක. මහත්තයට අපේ සම්බන්ධෙ ගැන දැනගන්න ලැබිල. එයා ඒ ගැන සොයන්න දවසක් ගෙදරටම ඇවිල්ල. ඔයා එදා අපේ ගෙදර.

එයා කෑම්ප් එකට ගිහිල්ල එයාගෙ උසස් නිලධාරියෙකුට කියල කීප දවසක් අපේ ගෙදර ආව මහත්තයත් එක්ක මට අවවාද කරන්න. ඔයාගෙ ත්‍රීවීල් එකෙන් මම නොයෙකුත් වැඩ වලට යන නිසා ඒ මහත්තයගෙ උදව්වෙන් තමයි ස්කූටිය අරගෙන දුන්නෙත්.

එයා කිව්ව මේක නවත්තන්න බැරිනම් එයාලට මගේ මහත්තය වෙනුවෙන් තීරණයක් ගන්න වෙනව කිව්ව. ඒ කිව්වෙ මගේ මහත්තය වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ නැති කරන එක එයාලට ලොකු දෙයක් නෙමෙයි කියන එක වෙන්න ඇති කියල මම ගොඩක් පසුතැවිලි උනා.

මට ඒ තීරණය ගන්න කොහෙත්ම බෑ. මට සිද්ධ වෙනව ඔයාව අත අරින්න. තීරණයක් ගන්න එයා දුන්න සතිය අද ඉවරවෙනව. මම අද එයාගෙ ගෙදරට ගිහිල්ල පොරොන්දු වෙනව ඔයාව මීට පස්සෙ මුණ ගැහෙන්නෙ නෑ කියල.

මම ඒ තීරණය ගත්තෙ ඔයාට තියෙන ආදරේ නිසාමයි. මේ ලියුම ඔයාට තැපෑලට දැම්මෙ එයාට ඒ පොරොන්දුව දීල එන ගමන්

ඔයාට තෙරුවන් සරණයි. මොනවා උනත් මගේ ඈදරේ සදාකාලිකයි. මට වෛරකරන්න එපා.

හිමාලි

මම ලියුම සාජන් මහත්තයට දෙනකොට මගේ ඇස් කඳුලින් තෙත් වෙලා.

“ඉක්මන් උනා වැඩියි නේද?”

සාජන් මහත්තයගෙ කටහඬ මගේ පපුව පසාරු කරගෙන ගියේ උහුලන්න බැරි වේදනාවක් එක්ක.

පසුව ලියමි:  සත්‍ය සිදුවීමක් ඇසුරින් මා විසින් කෙටියෙන් රචිත මෙම සිද්ධිදාමයට අදාල අප අතර අදටත් ජීවත්වන මෙම චරිතය උසාවියේ තීන්දුව එනතුරු බලාසිටී. එය කෙදිනක කෙසේ සිදුවනු ඇත්දැයි අනුමානයෙන් හෝ දැනගැනීමට, මෙම සිදුවීමට අදාල ප්‍රදේශය වන කච්චුවත්තේ විශාල මන්දිරයක විරාජමානව සිටි රාජකීය දෛවඥයාද අද වන විට ආගිය අතක් නැත.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget