පාලිමන්ට් දොර

පාලිමන්ට් දොර ඇරෙන්නේ නෑ...

වැනි වැනී ඉදිරියට ආවත් හිඟන පෙනුමක් නෑ මුගේ
නැමි නැමී ඉල්ලුවත් මුදලක් හිතක් නෑ දෙන්නට මගේ
වැටි වැටී ඉල්ලුවේ නැතිමුත් විස්සෙ කොලයක් ඇති    වගේ
හැපි හැපී එන රල පහර ලඟ මේ යකා මත් වී රඟේ


උදේ ඇවිදින විටදි මහමෝදරදි හමු උන මේ යකා
වදේ තේ කහටයක් බොන්නට විස්සෙ කොලයක් පින් තකා
හිතේ තිබුනත් දෙන්න විස්සක් මගෙ හිතට ආ ලොබ මකා
විස්සකට තේ එකක් දෙනවද බොරු නැතුව පල ගුටි නොකා

සර් එහෙනම් සීයෙ කොලයක් දෙන්නකෝ මට පින් ගොඩයි
බාර් එක මේ ලඟද ඇහුවේ මුගේ ලඟ දැනටත් ගඳයි
පාර්ලිමන්ට් දොර ඇරෙන්නේ නෑ සීයෙ කොලයට සහතිකයි
මැගී අක්කගෙ හොරට විකුනන පොට් එකට නම් හරි ලගයි

මුගේ කට වාචාල ගතියට ලොබ බඳින්නට සිත් දෙනා
පර්ස් එක ඇරුනා ඉබේටම සීයෙ කොලයක් දික් වෙනා
සල්ලි කොල මිටිගහන ඝනයන් බහුල පන්සල් යන දනා
ගැන සිතා උදයේ දකින මේ චරිතයට දන් දෙමි මනා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget