හිම කුමාරි

ලන්තෙ නැති ජම්බු ගහ

රැජිනගේ ලන්තයට
ශිත කාලය ඇවිත්
වැහි බින්දු හිම වෙලා
දිය වැලුත් ගල් වෙලා

සුදෝ සුදු පරිසරය
නෙක වර්ණ මියැදිලා
කොලත් නැති මලුත් නැති
ගෙමිදුලේ රෝස ගස්

පිරිමින්ට නොතේරෙන
දොලදුකක් මට ඇවිත්
හිම කිරම සුදෝ සුදු
රස බලන්නට හිතයි

ලොකු එකී හිම මතින්
වැතිරිලා මවනවා
රටාවක් හිම කුමරි
අත් තටුද විදා හල

නොපිපෙනා රෝස මල
හිම තට්ටු පරයලා
මගේ සිත කියනවා
පිපෙනවාමයි මෙදා

තාත්තගෙ අනාවැකි
මෙදා හරි යන්නෙ නෑ
සුදෝ සුදු හිම කිරණ
මගේ සිත පාරලා

සමුගන්න අවසරයි
නොපිපෙනා රෝස මල
ග්‍රීෂ්මය ආ සැනින්
පිපෙනවා සහතිකයි

තාත්තේ ජම්බු ගහ
රෝස මල පිබිදිලා
වෙලාවක් එවන්නම්
රෝස මල ගෙට ගන්න

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget