කින්ඩලේ කින්ඩියට

කින්ඩලේ කින්ඩියට...නොහොත්  පෙබරවාරි 20

ඇයි බං උඹ…. හිනාවෙන්නෙ….
රාක්කෙ උඩ ….. ඇන තියාන
මම උඹලව …..බලාගත්තෙ
කුනුකොල්ලෙට ……...විකිණෙන කොට

What is your price…..
for the whole lot…..?
එහෙම…... අහල
Dollar …… ගෙවල
එක රොත්තෙට …..මිළට ගත්තෙ
විශ්‍රාමික…... සගයො ලෙසට

උඹල රොත්ත ….. හිනාවෙන්නෙ
මගේ දෑස් …. බොඳ නිසාද?
එහෙමත් නැත්නම් …..තවමත්
විශ්‍රාමික ……. නැති නිසාද?

ගැන්නෙත් නෑ….. කිරුවෙත් නෑ
තුරුලු කරන් ……. මම ආවේ
Extra baggage ……. එකත් ගෙවන්
මගෙ ගෙදරට ……. නුඹ කැන්දන්

දන්නව මම …... උඹලා මට
හිනාවෙන්නෙ…. මොකද කියල
අද වෙනකොට  …..හැත්තෑ එක
පසුකරනා…… නාකියෙක්‍ නේ

උඹලා හිතයි ….. මගේ ඇසුර
උඹලට නැතිවේවි …...කියල
ඒකට තව …...කාලයකුත්
ඉතිරිවෙලා….. නැතෙයි කියා

සමහරවිට උඹල…. ඔහොම
හිතන එකත්  ….. හරි ඇති බං
අද උදෙන්ම …...කුරියර් එකෙන්
මගේ නමට …… දුව එවාපු

පොත් දහසක් ……. ඇතුල් කරපු
ජීවන සුවඳක්…...……. වත් නැති
කින්ඩලේ…... කින්ඩියට
උඹලා දැක …...හිනා උනා වත්ද?

මට …..සමා වෙයල්ලා
කවදහරි …...මගේ මුනුඹුරෙක්
උඹලට …...ආදරේ කරාවි

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget