මවකගේ විලාපය



මවකගේ විලාපය

හිරු එලිය .... එරෙහි උන
උදෑසන අද .......පුතේ මට
වැරදුනා ......චුට්ටක්
සමාවෙයං ......මයෙ පුතේ

මහමෝදර ......යකඩ ගේට්ටුව
පෙනි පෙනී ......විලිරුදා හැදුනා
අසරණව මම....... පාර අයිනේ
පුතේ මම ...........උඹ බිහිකලා

දෙනෝදාහක් ...........මිනිස් ඇස්
අනුකම්පාවෙන් .......තෙත් උනත්
ඒ අතර ............... එක් මෘගයෙක්
පුතුගෙ ලේ රස ..........  ඉල්ලුවා

අසරණව මා .......වැතිර වෙරලේ
දෑත් පපුවට ......... ගසා ගත්තේ
මගේ පන නල ....... උඹේ සුසුමත්
එක්ක වා තලයට ........මුදන්නට

සෙනග අතරට ........එබුන නීතිය
මෘගයා ගෙන ........ නුඹත් සමගින්
සදහටම නුඹ ......... මගෙන් වෙන් කර
ඇදෙනු දැක්කා ......... පොලීසිය වෙත

ආයෙ කවදාවත්ම .......... නොදකින
ඒත් කවදා හෝ ............ දනිමි මම
නීතියේ පිලිසරණ .............. අතරින්
මා සොයාගෙන ...........සයුර තරණය
කරන වගනම්

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget