නිදහසේ ගැල් කවි

නිදහසේ ගැල් කවි

දුප්පත් කමට අපි උන් පස්සෙං යනවා
කන්ටත් නැතිව නිදහස අද සමරණවා
මහ රජ ගොනා පිටියේ තප්පුත් ලනවා
වෙඩි හඬ මැදින් ඔල්වරසන් මතුවෙනවා

වයිර ගොනා දණ ගහලා අදිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මුන් දෙන්නම එකට බැන්දට ගොංකමට
ඇදපං ගොනෝ දහනමයත් එක දිගට

පූදින ගොයම ගිනි ලෑවේ ගමේ හිටං
මැදමූලන විකට් එක රැක දුන්න හුටං
ලිප් බොක්කේ තිබුන ජාතික කොඩිය අරං
මෙදා  පොටෙත් වනනා හැටි අනේ හුටං

චන්දය දාට කතිරය ගහනවා විනා
රූපේ බලං සාපේ ගෙවනවා විනා
පක්සෙට අපේ පෙර පවු ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත බදු ගෙවනවා විනා

කළු ගල් උනත් අපි පාරට දමන්නේ
ඉක්මන් ගමනකට පෙර මග දකින්නේ
අපෙ කර මතින් ගොස් උං සැප විඳින්නේ
අපටම නේද කවදත් හෙන වදින්නේ

එගොඩ ගොඩේ ඇත් ගාලේ බැන්ද ගොනා
ගාල කඩාගෙන පැන්නයි ගඟට ගොනා
රැල්ලට ගියා ගහගෙන මූදටම ගොනා
අපොයි අපේ පුලතිසියෙන් ගෙනා ගොනා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget