අමුත්තා


ගෙදරට ආ අමුත්තා

අමුත්තෙක් ගෙට ඇවිත්
හරිම නරකයි එයා
හිස් අතින් ආවෙ ඇයි
තෑග්ගක් වත් නැතුව

බිස්කටුත් ගෙදර නෑ
තේ දෙන්න දන්නෙ නෑ
මට දෙන්න තියෙන්නේ
කෙසෙල් ගෙඩියක් තමයි

දොඩමලුව හිනැහුනත්
ගීතයක් මිමුනුවත්
මම බලාගෙන උන්නු
තෑග්ගත් ගෙනැත් නෑ

ලස්සනම ලස්සනට
සාරියක් දවටගෙන
කරට මාලෙකුත් දා
ඇයි හිස් අතින් ආවෙ

මගේ ඇස් කැවෙනකල්
මඟ බලාගෙන හිටිය
ලස්සනම අමුත්තිය
මගේ ගෙට අද ඇවිත්

හෙට උදේ පාසැලට
ගෙන එන්න කියාපු
අත්තටුව අනේ මට
දී යන්න පෙත්තප්පු

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget