වැලන්ටයින් රෝමයේ

වැලන්ටයින්

ලංකාවට ගොඩ බැස්සා වැලන්ටයින් ….. රෝමයේ
අපේ නඩේ සිර කෙරුවා මල් සරාව ……. වන්නියේ
ආදරේට හැමදාමත් කව් ගී කිව් ………...... නංගියේ
කියාපංකො පෙම් ගියක් රස කරලා …… මල්ලියේ

මිල්ට අයිය මල්සරාට සින්දු ……..…. කියන කොට
ජෝතිපාල අනංගයගෙ ගුන ……..…. ගයනා කොට
මරීනාට පදවැල් එම් එස් ……….......……..බඳිනා විට
උඹ කොහේද වැලන්ටයින් හිටියේ …... එතකොට

එන්නට කලියෙන් මෙරටට යුරෝපයේ …... තොපි
එක දවසද වෙන් කෙරුවේ ආදරයට ……......… අපි
හැමදාමත් ආදරයෙන් වෙලී හිටිය ……….......…. අපි
සල්ලි වලට උගස් කලේ වැලන්ටයින් …….. තොපි

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget