සීත මිස්..... Bulner.......හේරත්ගේ.... Mr. Amerasinghe.....


සීත මිස්..... Bulner.......හේරත්ගේ.... Mr. Amerasinghe.....

මහනුවර... මගේ මතකෙ හැටියට හැට ගනන් වල... කටුකැලේ.... පේරාදෙනිය පාරෙ.... අපේ ගෙදර කොල්ලො දෙන්නයි.... අයියයි මමයි.... ඊට අමතරව අපේ ලොකු අම්මගෙ පුතත් හිටිය.

අයියයි මමයි සිල්වෙස්තරයො..... අයිය මානෙල්.... ඉස්කෝලෙ කීකරුම ශිෂ්‍යයෙක්..... 

මැනික්පුර .... ලොකු අම්මගෙ පුතා.... ගාල්ලෙ මහින්දෙ කාපු එකෙක්.... මහින්දෙ...  putt shot, discuss, pole vault රෙකෝඩ්... පාසැල් මට්ටමෙන්.... දිස්ත්‍රික් මට්ටමෙන්.... ජාතික මට්ටමෙන්..... මිනිහගෙ OL රෙකෝඩ් එක අද වෙනකල් කඩලත් නෑ... කඩන්නත් බෑ... වැඩ අටම fail... සිංහල හා බුද්ධාගම ඇතුලුව..... 

මැක්කා කිව්වම සමකාලීනයො ඕන කෙනෙක් දන්නව..... මිනිහ ගැන දැනගන්නම ඕන නම්.... මගෙ blog එකේ...  මැක්කා එක හා මැක්කා දෙක කියවන්න...... withkase.blogspot.com

ඒ කාලෙ අපේ සරීර කූඩුවෙ chemisty වැඩ කරනව හැටට හැටේ..... වයස අදාලම නෑ.... කීමට කිව්වෙ five to fifty five කියලා..... පාදඩම කොල්ලො තුන් කට්ටුව..... වයස පරතරෙත්  ඉතාම අඩුයි... අවුරුදු දෙකක් වගේ.....හතර වටේම කෙල්ලො..... ලංසි.... දෙමල..... මැලේ..... මුස්ලිම්... සිංහල.... අත දැම්ම මුතු ගත්ත වගේ.... convent..... high school.... මහමාය.... පුෂ්පදාන... hillwood....
සුදු කෙල්ලො..... කලු කෙල්ලො.... මිටි කෙල්ලො.... උස කෙල්ලො..... You name it we had it.....

උදේට time කරල යන්නෙ.... සුදර්මි..... මල්කාන්ති.... daphne..... මල්ලිකා.... සරෝජිනී....

සුදර්මි කෙට්ටුයි.... මල්කාන්ති කොටයි වාත්තු කෙරුවා වාගෙයි... daphne අප්ප මතක් වෙනකොටත් ඔලුවට එන්නෙ ලස්සනට iron කරල ඇඳගෙන යන සුදු ගවුම.... මල්ලිකා මගේ හොඳම යාලුවගෙ අක්ක.... මම කිව්වෙ five to fifty five කියල.... සරෝජිනී.... එයා ගැන කියල මෙච්චර කල් රැකගෙන ආපු කසාදෙ කඩා ගන්න බෑ.

ඊට අමතරව.... සීත මිස්.... මගේ සුන්දර ප්‍රේමය... අදටත් ආදරෙයි මම..... මාක් කොටා මගේ අතින් මැරුම් කෑවෙ නැති එකනේ වැඩේ.... තම්බිමුත්තු..... පෙරුමාල්.... මානවඩු.... එයාල නම් ඉතින් මිස්ල විතරයි. සිල්වෙස්තරය ජීවිතේ පාඩම් කියල දුන්න විතරද..... ආදරේ පාඩම් ඉගෙන ගත්තෙත් ඔය අතරෙදිම තමයි....

Sigmund Freud... මනෝ විද්‍යාඥය කිව්වෙ the first stage of sexual development during childhood is oral. Through breast feeding by the mother.

ඉතිං ලස්සන සාරියක් ඇඳල.... මම කොහොමත් සාරියට ආදරෙයි.... පන්තියට ඇවිල්ල... කොච්චර දඟ වැඩ කලත්.... කට කොනකිං හිනාවෙලා... මිස් ලඟින්ම දණ ගස්සල.... මිස්ගෙ සුවඳ පපුවටම ඇදල ගන්නකොට.... ඒක අපූරුම සුන්දර ආදරයක්.... ඒ තමයි සීතා මිස්.

ඊයෙ කියල දුන්න ගාථාව කට පාඩමෙන් කියන්න බලන්න.... ඉස්සෙල්ලම මගෙන්.... දැනගෙන හිටියත් වරද්දනව..... ලඟින් දණ ගහන එක නේ.... බැරිඋනා මිස්..... " කමල්ට කුණුහරුප කවියක් පාඩම් කරන්න කිව්වනම්... " අනිත් අය පන්තියෙන් එලියෙ දණ ගැස්සුවත් .... මිස්ට මාව විශ්වාස නෑ.... දැල් දාල වත් හොයා ගන්න බැරි වෙයි කියල... මිස්ටත් ඕන මාව ලඟින්ම තියාගන්න.... මම එහෙම හිතුව.... මගේම වාසියට.

Mr. Amerasinghe.... Vice Principal.... DJN වගේ මහත නෑ... හරිම කෙට්ටුයි...... අපේ කාලෙ කොයි කවුරුත් කඩුව polish කරගත්තෙ එයාගෙන්.... ඒක තමයි කඩුව.... full suit.... වරද්දන්නෙ නෑ... pronounciation.... grammar.... spellings....එහෙම ගුරුවරු අද කාලෙ...... ඉන්නවනම් අට පට්ටමට කියන්න.

මම වැඩකරපු international company එකක.... වැඩි හරියක් හිටියෙ එංගලන්තෙ සුද්දො.... Director නොනිල නීතියක් දාල තිබුන.... අනිත් සුද්දන්ට.... ලියන හැම ලියුමක්ම..... කමල් දැක්ක කියල කෙටි අත්සන තියෙන්න ඕන.... සුද්දගෙත් ඉංග්‍රීසි මම නිවැරදි කෙරුවෙ Mr. Amerasinghe ට පිං සිද්ධ වෙන්න.

අපි වැඩ ඉගෙනගත්තෙ Dr. Kulasinghe ගෙන්..... කිඩ ඉගෙනගත්තෙ Mr. Amerasinghe ගෙන්.... ඒත් අපේ දඟ වැඩ අඩු කලේ නෑ

Kamal.... do you know the meaning of cur. C..U...R .... cur.

No Sir.  ඇත්තටම දැනගෙන හිටියෙ නෑ...

There are dogs as pets..... Then there are the dirty paraya dogs on the street..... A cur is a paraya dog.... You are a cur..... C..U...R.... cur.

අපි ජීවිතේට රජා මැරුවෙ නෑ..... ඒ දවස්වල සිල්වෙස්තරයො කවදාවත් .... Mr. Amerasinghe ට පිං සිද්ධ වෙන්න.... ඕන සභේක පස්සට ගියෙත් නෑ..... කට ඇරල... Sir ... කිව්ව..... ඒ ආඩම්බරෙන්....

ඇත්තම කියනවනම් ඒ කාලෙ හිටියෙ ගුරු දෙවිවරු.... එයාල කොහොම හරි syllabus cover කලා..... tution කියල එකක් තිබුනෙ නෑ. 

අපි ඉස්කෝලෙන් පස්සෙ police ground එකේ. බස්ස,... මහින්ද අලුවිහාරෙ..., ගාමිනී රාජපක්ශ..., අදිකාරම්,.... Darrel..... එයාල තමයි අපේ පිට්ටනියෙ වීරයො.... Boxing Ring එකේ . .Malcolm Bulner.... Micheal Bulner.....  Kito Bulner.... තව පොඩි bulner කෙනෙක් හිටිය..... නම මතක නෑ.... 

හේරත්ගේ....  වීරසිංහ.... Chin සහෝදරයො.... හැම අවුරුද්දෙම Stubbs Shield අපි ඉස්සුව.
On the blue corner.... referee ලවක් දෙවක් නැතුව කියවගෙන යනව.... අර champion.... මේ champion.....

On the red corner..... මොන විස්තරයක්වත් නෑ..... නිකම්ම හේරත්ගේ from Sylvesters....
අරුං හිටු කියල cheer පාර....  come on red... මොනවද ඉතින් one horse race.... ඒ වෙනකොට හේරත්ගේ නිකම්ම boxer කෙනෙක් විතරයි.

හේරත්ගේ මගේ යාලුව.... අපි ඉස්සෙල්ලම එකම දවසෙ boxing practice ගියේ... 

කවදාවත් මගේ වැඩ වලට කිසිම දෙයක් නොකියන තාත්ත..... තමුසෙට පිස්සුද.... තමුසෙ හොඳට ඉගෙන ගන්න ලමයෙක් නේද.... මොලේ නරක් කරගන්නද හදන්නෙ..... විකාර නැතුව ඉගෙන ගන්නව..... පලවෙනි දවසෙම එකෙක් මට ගැහුව හතර ගාතෙ දාල වැටෙන්න.... තාත්තගෙ පිටින් දාල මම ආයෙත් ගියේ නෑ... ඒ කාලෙ boxing ring එක තිබුනෙ මරක්කල පල්ලියට උඩින්.... අස්ගිරිය පැත්තට වෙන්න.... basketball court එකත් එක්ක.

හේරත්ගේ යනව කඟවේන වගේ. අපිට come on red කියන්නවත් උනේ නෑ.... සට පට ගෑව....  Referee one...two... ten... කිව්ව First round knock out. Champion බිම.

පස්සෙ මම හේරත්ගේ ගෙන් ඇහුව....

"How did you do it?"

"I got shit scared.., He is a national champion... I wanted to kill him... before he kills me"

හේරත්ගේ එදා තමයි එක මොහොතින් අපේ වීරය උනේ.... 

අර සනයි කලුවයි කාලයක් opening ගිහිල්ල පලවෙනි ඕවරේටම විස්සක් විතර ගහන strategy එක පටංගත්තෙ..... ඒ දවස් වල ඇත්තටම මට හිතුන..... මුං දෙන්න cricket වල ආතල් එක කෑව කියල.... ඇයි ඕයි ඊට පස්සෙ මොන ඉටි ගෙඩියක්ද බලන්නෙ....

හේරත්ගේට ටාං ගාල bell එක වදිනව ඇහුන ගමන්ම ආවේශ වෙනව... මොන ඉටි ගෙඩියක්ද.... අපිට ආතල් එකක් ගන්න .... cheer පාරක් දාන්නත් නෑ..... ප්‍රතිවාදිය බිම.... referree ගනිනව..... හෙරත්ගේගෙ අත උස්සනව.... 

එදා ලංකාවෙ Sonny Liston උනේ අපේ හේරත්ගේ... 1962 Sonny Liston පලවෙනි වටයෙදිම Floyd Patterson knock out කරල ලෝක heavy weight ශූරතාවය දිනාගන්නව.... ඊලඟ අවුරුද්දෙත් ඒ විදියටම කිරුල ආරක්ෂාකරගන්නව.... හේරත්ගේ Sonny Liston උනාද..... Sonny Liston හේරත්ගේ උනාද..... ඒක නම් දන්නෙ නෑ.

හේරත්ගේ පසුකාලෙක පොලීසියට බැඳුන.... කලුතරදි සීල් තියපු තාර පීප්පයක් කලු ගඟේ පාවෙලා ආව.... ඒක ඇතුලෙ නම් දරාපු චන්ඩියෙක් හිටිය.... හේරත්ගේ interdict උනා....

"මොකද උනේ මචං"

"එක පාරයි ගැහුවෙ..... ඌ මලා...."

පසු කාලයක හේරත්ගේ මගේ මතකයේ හැටියට පෑලියගොඩ පොලීසියේ සේවය කලා... ඔහු ජීවිතයෙන් සමුගත්ත බව නම් දන්නව..... දක්ෂ අවංක හිතවතෙක්.

On the blue corner..... Malcolm Bulner from Sylvesters......

On the red corner..... referree ආයෙත් කියවගෙන යනව..... අර Champion ..... මේ Champion..... undefeated....

හුටා බොලේ.... දෙන්නම undefeated..... තීරනාත්මක අවස්තාවක්..... අපි cheer කරනව.... වැඩේ පටංගත්ත..... අරූගෙ පෙනුමෙ හැටියට අද නම් බඩු බනිස්..... 

Bulner .... ring එක වටේ dance කරනව...... අරූ ගහනව හිටු කියල..... footwork උපරිම....එකක්වත් වදින්නෙ නෑ.... Bulner ගහන හැම එකක්ම වදිනව..... Rounds  දෙකක් ඉවරයි..... Referree bout එක නැවැත්තුව.... technical knock out....

ඇමරිකාවෙ Muhammed Ali..... floats like a butterfly..... and stings like a bee...... Muhammed.... Muhammed Ali...... නෑ ඒ සිංදුව අපේ Bulner ට වඩාත් ගැලපෙනව.
ලියන්න අපමණ දේවල් මගේ හිතේ තෙරපෙනව..... ඒත්..... ලිපිය පාඨකයාව වෙහෙසට පත් කරන්න බෑ..... පසුව නැවතත් හමුවෙමු.

පසුව ලියමි: මගේ මතකයේ හැටියට Bulner ගෙත් හේරත්ගේගෙත්  ප්‍රතිවාදින් වුනේ ඩග්ලස් කියල කෙනෙක් සහ පසුකාලීනව රන්මුතුදූව චිත්‍රපටියේ රෙංගා නමින් රඟ පෑ හෙක්ටර් ඒකනායක නම් අති දක්ෂ boxing ක්‍රීඩකයන් ය.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget