මා දුටු සාෆි.......

කිසිදා නුදුටු …. මා දුටු සාෆි……

සාෆි වඳ සැත්කම් අටදාහක් කරලා… ඌ මරලත් මදි…. ඕකගෙ අහවල් දෙක කපලා ලුනුදෙහි දාපියව්…. තම්බි ඔක්කොම එකයි…. ඔක්කොම සහරාන්ල…. දොස්තර අහවලා කිව්වෙ එහෙම කරන එක සුළු දෙයක් කියලා…. අම්මලා සියයකට වැඩිය පැමිණිලි කරලා…. සමහර අම්මලාව සීසර් කරල තියෙන්නෙ බලෙන්…. තනියම…. මහ රෑ ට්‍රොලිය තල්ලුකරගෙන ගිහිල්ල…. හම්බ පරයෝ…. පලයව් අරාබියට….  තොපි මරලා කෑවත් මදි…. අපේ ඥාණසාර හාමුදුරුවො ඕකනේ කලින්ම කිව්වෙ…. වීරවංසත් කිව්වෙ… අර පැත්තෙ බදුර්දීන් කැලේ කපනව…. තව එකෙක් අරාබි නගරයක් හදනවා…. යකෝ අපේ උං නිදිද.

සාෆි විශේෂඥ වෛද්‍ය වරයෙක් නෙමෙයි නේ…. එයා කොහොමද ශල්‍යකර්ම කරන්නෙ… කීදෙනෙක් වටේට ඉන්නවද…. එයා දක්ෂ වෛද්‍ය වරයෙක්…. අනිත් අය පැය දෙකක් ගන්නකොට මෙයා විනාඩි පහලොවෙන් කරනව…. අහවල් වෛද්‍යවරයත් කිව්වෙ එහෙම කරන්න බෑ කියලා…. අපේ ජාතිවාදී සිංහල හරක් දන්නෙ ගහපියව්, මරපියව් කියල දේපොල කොල්ල කන්න…. කාත්තංකුඩියෙ හිටවල තියෙන්නෙ රට ඉඳි නෙමෙයි… තල් ගස් වර්ගයක්… ඇයි යකෝ මුස්ලිම් ගස් කියල ජාතියකුත් තියෙනවද…. බදුර්දීන් කොහෙද යකෝ විල්පත්තුවක් කැපුවෙ…. යුද්දෙදි අතඇරලා දාලගිය ගම් බිම් වල ආපහු පදිංචි වෙන එක වැරදිද… 

අපි කාවද විශ්වාස කරන්නේ…. වැඩේ දන්න එක දොස්තරයෙක් එහෙම කරන්න බෑ කියනකොට තව එකෙක් මොකද බැරි කියල අහනව…. මුං අපිට බෙහෙත් කරන්නෙත් මේ විදියටද කියල හිතෙනකොට ඇඬෙනව…. පාදඩයො දොස්තරලා වෙලා දේශපාලනය කරනකොට එහෙම වෙනව…. ඉන්දියාවෙ ගිලන් රථ එපා කියාපු ජාතිය නේ….මොනව කරන්නද….. ලෝකෙන් උතුම් රට නේ…

ඒ මදිවට රට පාලනය කරන උං පිස්සු කෙලිනව…. දෙසීය හැට පහම දැනගෙන හිටියලු… මාර කෙලියක් නේ මේක…. දැනගෙන ඉඳලත් කිසිම දෙයක් කරල නෑ…. සාෆිලා සහරාන්ලාට ඉස්සෙල්ල මුං ටික උල තියන්න එපායැ… 

හොඳයි අපි එතනින් පටන් ගමුකො…. ඒ කියන්නෙ සියලු මැති ඇමතිවරු ජනාධිපතිය ඇතුලුව මේක දැනගෙන ඉඳලා… මාර සමගියක් නේ මුන්ගෙ තියෙන්නෙ…. අපි නොදන්නව වගේ ඉමු…. ඒ මදිවට ආරක්ෂකයො…. අපි විතරයිද දන්නෙ නැත්තෙ…. රටේ අනිත් කොනේ පඩයක් ගියත් බෝම්බයක් ගියා කියල කෑ ගහන මාධ්‍ය දන්නෙත් නැද්ද… නැත්නම් දැනගෙන කටයි පුකයි වහගෙන හිටියද…. ඒක නම් කරන්න බෑ ඕකුන්ට… එක්කො මුන් ඔක්කොම දැනගෙන සම්මුතියකට ආව කට වහගෙන ඉන්න… නැත්නම් මේ ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ….. ඒක වෙන්නත් බෑ….. ටක්කෙටම ඔත්තුව ඇවිල්ලත් තිබුන නේ අදාල අයටම…. එහෙනම් එකම දෙයයි වෙන්න පුලුවන්…. කවුරු හරි බලගතුම කෙනෙක් මේක යටගැහුව…. එහෙම හිතෙනකොට එකපාරටම කියවෙන්නෙ "අම්මට සිරි" කියල නේද… දැං ඔන්න අර කලින් කියාපු කුනුහරුප ලොකුම පුටුවට එල්ල වෙන්න ගන්නව…. සතාගෙ හැටියට මේ වෙලාවෙ හිටං ඕන දෙයක් කරනව.

අපි නිකමට හිතමුකෝ බහුතර මුස්ලිම් සමාජය අන්තවාදී නෑ කියලා…. ඇත්තත් ඒකම නේ… ඒත් එකක් නම් ඕන ගොනෙකුට තේරෙනව… මුළු මුස්ලිම් සමාජයම සහරාන් ගැන දැනගෙන හිටිය… ඒගොල්ල "දැක්කොත් බුවා… නොදැක්කොත් එබුවා" ප්‍රතිපත්තියෙ හිටියා… එක අතකට අපේ මී හරක් රජ කරන රටේ එහෙම ඉන්න එකත් සාධාරණයි…. දැං වැඩේ පත්තු උනාම මුස්ලිම් සමාජෙ විතරක් නෙමෙයි අදාල සියලුම ගොබිලො බුවාල වෙලා… හිටු කියලා කියවනව… ඔක්කොම වීරයො වෙලා.

මහජනතාවට කියන්න වෙලා තියෙන්නෙ "අනේ හුකේ නන්නානේ" කියල තමයි….. එක පැත්තකිං මුස්ලිම් සහරාන්ල බිහිවෙනව…. අනිත් පැත්තෙන් සිංහල සහරාන්ල…. 

අහිංසක සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ජනතාව නැට් පුක්ස් ගහගෙන දෙන්නම් බැටේ කියාගෙන ඉන්නව…. අන්තිමට බැටේ වදින්නෙත් අපිටමයි… මෙදාපොටේ එන්නෙත් පරණ ගොබිලො ටිකමයි.. ඒ ඇවිල්ල කරන්නෙත් අර ටිකමයි…. අපි සදා සොත්ති.

සාෆි අසාමාන්‍ය විදියට පෝසතෙක් වෙලා… එහෙම වෙන්න සාෆිට පිටරටකින් සල්ලි ඇවිල්ල ඇති… උගේ ඉස්ලාම් භක්තියත් එක්ක ISIS විශාල මුදලක් දෙන්න ඇති…. මූ ගෑනු වඳ කලත් නැතත් පොඩි කයියක් ගහන්න ඇති අහම කලා මෙහෙම කලා කියල… ISIS උනත් නිකං සල්ලි දෙන්නෙ නැහැනේ…. උගේ කයිවාරුව අන්තිමෙදි ඌටම බූමරංගයක් වෙන්න ඇති.

ඔය ටිකවත් ඔප්පුකරගන්න බැරි අපේ නීතියටත් ඉතින් සහරාන්ලගෙම පිහිටයි..

Post a Comment

This comment has been removed by a blog administrator. -

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget