මොහොතකට මුසල්මානුවෙක් වීමි.......

මොහොතකට මුසල්මානුවෙක් වීමි…..

බැරී ලංසි සම්භවයකින් ශ්‍රී ලංකාවේ ඉපදී දැනට එංගලන්තයේ වාසය කරන මගේ මිතුරෙක්…. ජීවිතේම විනෝදයක් කරගෙන තම බිරිඳ ගෙන් වෙන්වී ජීවත්වන බැරී මට අපූරු මිත්‍රයෙක් වෙන්නෙ උණවටුනෙදි…. ඒ නිසාම ආශ්‍රය තරමක් කල්පනාකාරීව කලයුතු උනත්, "මගේ තෙලේ ඕන පපඩමක් බැදෙන නිසා" අපි හොඳ මිත්‍රයො උනා.

ලංකාවෙදි මගේ උදව් උපකාර ඉහලින් අගේ කරන නිසාම මගේ අවුරුද්දකට වතාවක් වගේ යන එංගලන්ත ගමනෙදි, මෙදා පොටේ අපි සෙට් වෙන්න කථිකා කරගත්තෙ බැරී සාමාන්‍යයෙන් ජැමෙයිකාවේ රැකියාව කලත් මේ දවස් වල එංගලන්තෙ ඉන්න නිසයි.

බැරී ලංකාවෙ ඉපදුනත් දන්නෙ සිංහල වචන දෙකමයි…. "මචං" එයා නිතරම පාවිච්චි කරන වචනෙ. ඊට අමතරව "හරි… හරි" එයාගෙ ආසම සිංහල වචනෙ. 

"මචං… Can you join us at a party this Saturday" 

දුරකථනෙන් කියනකොට කිසිම පැකිලීමක් නැතුවම "Sure… no problem" කියන ගමන්ම ඊළඟ ප්‍රස්නෙත් කටින් පිටකරේ සෙනසුරාදා දවසක් නිසා මගේ සාමාන්‍ය දින චරියාවත් එක්ක මේ අවස්ථාව ගැටෙන්නෙ නැති බව දන්න නිසාමයි.

"Where is it?"

"I will pick you up… It is at Ealing"

ඔන්න ඔය විදිහට පටලවාගත්ත සති අන්තය පටංගත්තෙ අපි ඉන්න Abbots Langley කියන පැත්තෙ ඉඳගෙන විනාඩි 30 විතර දුරින් පිහිටි Ealing වල pub එකකදි…. 

බැරී ගෙ ඥාති පරපුරම එදා එතන…. එංගලන්තෙ ජීවත්වෙන ලංකාවෙ ඉපදුන මේ පරපුර ඉතාම විනෝද්කාමී සැහැල්ලු ජීවිතයක් ගතකරන විත්තිය තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියේ නෑ.

බැරී කවදත් තරමක කුකුල් කේන්ති කාරයෙක් බව මම කොහොමටත් දැනගෙන හිටියා…. විශේෂයෙන් බියර් දෙකකට උඩින් වොඩ්කා පාරක් වැටුනම මිනිහ කාව හරි අල්ලගන්නව මොකක් හරි කොනකට.

එදා අපි අතරෙ හිටපු එයාගෙ ඥාති සහෝදරයෙකුට සිද්ධ උනා ඔන්න ඔය කර්තව්‍යයට උර දෙන්න…. වැඩේ ටිකක් දුරදිග යන බව තේරුම්ගත්තු ස්ත්‍රී පාර්ශ්වය කාරනාව සමතයකට පත්කරන්න වෙහෙසුනත් ඒ ව්‍යායාම යත් ගින්දරට පිදුරු දානව වගෙ උනා.

වැඩි සද්දයක් නැතුව ඕසෙට වයින් බෝතලේ අඩිය බල බල හිටපු මැදිවියේ අයිරිෂ් ජාතික කාන්තාවක් කල් යල් බලල ලද සැනින් බැරීව ආමන්ත්‍රණය කලා…

"Barry… you are a cantankerous old fellow"

මුලු සභාවම මීයට පිම්බ වගේ ඒ කාන්තාවගෙ මූන දිහා බැලුවෙ හැඟීම් විරහිතව අසරණ වෙලා… 

"Does any of you know the meaning of cantankerous?" කියලා එයා අහනකොට අපි ඔක්කොම එක හඬින් කිව්වෙ no…. කියල…

"Google it…."

කට්ටියම සිරස ලක්ෂපතියෙ වගේ මීක් නෑ mobile එකට කොටන්න ගත්ත.

"Cantankerous… bad tempered…. Arguing a lot… irritating."

හැමෝම එක හඬින් හිනාවෙන්න ගත්තෙ බැරී ගැන හොඳින් දන්න නිසා උනත් මගේ මතකය ඒ වෙලාවෙ එක පාරටම කුරාණයේ තියෙනවායැයි මා අසා ඇති "ඔබට යමෙක් වචනයක් උගන්වයිද…. ඔහුට දාසයෙක් වන්න" යන වැකියට ඇදී ගියා.

මොහොතකට මම මුසල්මානුවෙක් වීමි….

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget