සුවපත් වෙලා....


සුවපත් වෙලා....

නියං කාලය ඇවිත් ... පොලොව ඉරි තැලීලා
අහස කළුවර කලත්... වැහි පොදක් වැටීලා

අනෝරා වැසි නැතත් ... අකුණු සර ඇදීලා
ආදරෙන් බලාගත් ... කොස් ගහට වැදීලා

ගසට හානියක් නැතත්... අපේ සිත් රිදීලා
නුඹේ මුල් සරු නිසා .. පන කෙන්ද රැකීලා

අපෙ සුසුම් වැල් පවන් ... තටු නෙරා ඉගිලිලා
ගව් දහස් ගෙවා ගොස්... නුඹෙ සවනෙ වැදීලා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget