තිර නාටකය......
ලියන්නට තිර නාටකය
ඇවැසි වෙයි දුෂ්ඨයෙක්
කට්ට කළු වුනු තරමටම ඌ
සුදුම සුදු වෙයි වීරයන්
ඇවැසි වෙයි දුෂ්ඨයෙක්
කට්ට කළු වුනු තරමටම ඌ
සුදුම සුදු වෙයි වීරයන්
හිකනලෙකු වුව පාට තවරා
කළුම කළු කර ලෙයින් තෙත්වූ
දත් නෙරා ඇස් ගෙඩිද රතු කර
ප්‍රේක්ෂක අනුවන දනන් වෙත
කළුම කළු කර ලෙයින් තෙත්වූ
දත් නෙරා ඇස් ගෙඩිද රතු කර
ප්‍රේක්ෂක අනුවන දනන් වෙත
නර්තනය මල බෙරද හඬවා
වේදිකාවද ගුගුරුවා
දුෂ්ඨයා ගිල ගනීවි ද ලොව
සියලු බල සෙන් පරදවා
වේදිකාවද ගුගුරුවා
දුෂ්ඨයා ගිල ගනීවි ද ලොව
සියලු බල සෙන් පරදවා
මරබියෙන් මත්වූ දනන් වෙත
වීරයා එයි හඬ නගා
දනන්ගේ ජය ගොස මැදින් ඔහු
නසාලයි කළු දුෂ්ඨයා
වීරයා එයි හඬ නගා
දනන්ගේ ජය ගොස මැදින් ඔහු
නසාලයි කළු දුෂ්ඨයා
දුෂ්ඨයත් වීරයත් දෙදෙනා
එකම පැජෙරෝවේ නික්ම යත්
මෝඩ දන වෙත අවඥාවෙන්
සතුටු ජය පැන් තොල ගගා
එකම පැජෙරෝවේ නික්ම යත්
මෝඩ දන වෙත අවඥාවෙන්
සතුටු ජය පැන් තොල ගගා
නික්ම යන්නෙත් නැවත එන්නෙත්
වේදිකාවම රසැඳුනක් කර
එකම නළුවන් වෙස් වලාගෙන
හුරේ දමනා එකම දන වෙත
වේදිකාවම රසැඳුනක් කර
එකම නළුවන් වෙස් වලාගෙන
හුරේ දමනා එකම දන වෙත
රසැඳුනකි දනන් හට.... මොහොතකට
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.