සිතාරය මමයි.....
සිතාරය මම යි නුඹෙ ඇඟිලි තුඩු පහස ලද
ගයන්නට මිහිරි ගී මා වැයූ මිහිරි නද
පිනවුයෙමි සිත් සතන් නොපැකිලව ඉඩක් ලද
අනන්තයි පෙම්තුන් වෙනුවෙන්ම වැයුනු නද
ලෝකයක් නතරවී වගුරද්දි කඳුළු ගඟ
නෙත් අයා සිටි දනන් වැලපෙද්දි නුඹේ ලඟ
රාගයත් ගොළු වුනා නුඹේ හඬ අතරමඟ
හසිනි යේ ගොළු වෙද්දි අසරණව නුඹේ රඟ
නිමක් නැත සිත් සතන් ප්‍රේමයෙන් උමතු කල
වැයුනු අවසන් ගීය දනන් සිත් සසල කල
තත් කුමට වයන්නද ගිලන් ඇය නොමැති කල
වාදකය සිඳලන්න දිනෙක ඇය මියෙන කල
පසුව ලියමි: අහම්බෙන් නෙත ගැටුනු, කීර්ති පැස්කුවල්ගේ ආරාධනයෙන් පිළිකාවකට ගොදුරුවී මරණ මංචකයේ සිටි හසිනි සමග වේදිකාවක ගායනා කල, "කවිකාරියේ" ගීතයේ වීඩියෝවක්; මගේ කිසිදා තෙත් නොවෙනා නෙතට ගෙනා කඳුලක් අතරින් සිතට ආ පද පේලි කිහිපයක් මෙසේ සටහන් කරතැබූවෙමි..
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.