“ හතරවටේම තාප්ප. හිතාගන්නත් බැරි තරම් පරන ඇති. සර්, ඕලන්දක්කාරයෝ වෙන්න ඇති නේද මේ ගොඩනැගිල්ලත් හදන්න ඇත්තෙ. “
“ කොහෙද ඉතිං ඉතිහාසෙ ගැන දැනගන්නවත් ඉස්කොලෙකට හරියට ගිය එකක් යැ. වඩ්ඩෙක් වෙන්නෙ නැහැනේ හරියකට ඉස්කෝලෙකට ගියානම්. අඩුගානෙ අකුරු ලියන්නවත් ඉගෙනගෙන තිබුන නං මගේ හිතට එන දේවල් ලියන්න තිබුන. දවස් ගානක් වැඩ කරල සල්ලි ගන්න ගියාම මහත්තුරු දෙන ඕන ගානක් අතට ගන්නව බොරුවට ගනං දන්නව වගේ. “
“ දවස් 22 ක් වැඩ කරල තියෙනව සරත්. 700 ගනනෙ 15400. ඔයා 11000ක් අරගෙන තියෙනව ඉතුරු 4400. හරිනේද? “
“ හරි සර් කියල සල්ලි අතට අරගන්නකොට ගැනල ගන්න කිව්වම ගනං කරනව. “
“ කවදාවත් මහත්තුරු නෝනල මට බොරු කරන්නෙ නැති විත්තිය මට විස්වාසයි.”
“ කරගන්න බැරි තරමට වැඩ තිබුනත් මට මේ කරුමාන්තෙ උගන්නපු විල්සොන් බාස් උන්නැහේ එයාගෙ වඩු මඩුවෙ වැඩට එන්න කිව්වම මම කොහොමද බෑ කියන්නෙ. ගාල්ලෙ ටවුමෙම තියෙන එයාගෙ වැඩපොලට ආවෙ ඔන්න ඔය විදිහට. ගෙදර ඉදං බස් එකේ එන්නත් එක්ක දවසට මට බාස් උන්නැහේ 1000ක් ගෙව්ව. මම හැමදාම උදේ එකම බස් එකේ වැඩට එනව. හවසට ඒකෙම යනව. අපේ ගමට යන්න තිබුන එකම බස් එක. බූස්සෙං හැරිල බස් එක නවත්තන තැනටම ගාට ගාට වලවල් මගඇරගෙන එනකොට විනාඩි 45 විතර යනව. බස් එකට නැග්ගම ගෙදර ගියා වගේම තමයි. “
“ මම කවදාවත් සිගරට් එකක්වත් බිව්වෙ නෑ. “
“ අරක්කු නම් මට අරහං. මම පවුලෙ බාලය. එකම පිරිමි දරුව. තාත්ත කනමදය වගේ බීල හවසට ගෙදර ඇවිත් අම්මට තඩි බානව. අම්මටත් ගුටි කන එක පත්තියං වෙලා හිටියෙ. තාත්ත නැඩ පුරුසය. ගස් කපල ඉරන එක තමයි රස්සාවට කෙරුවෙ. පොල් කදං තනියම කරගහන හැටි මම ආසාවෙං බලාගෙන හිටියෙ පොඩි කාලෙ.”
“ තාත්තගෙ ඇග දාඩියෙං පච්ච උනාම දිලිසෙනව. ඒ දවස්වල යන්තං හරි වැරැද්දක් කෙරුවොත් තාත්ත අපිට තඩිබානව. ඒත් මගේ හිතේ කවදාවත් තාත්ත ගැන ආඩ්ම්බරයක් මිසක් වයිරයක් ඇති වෙලාම නෑ.”
“ තාත්ත අම්මට ගහන එක එදිනෙදා ජීවිතේ අපිටත් පත්තියං වෙලා තිබුනෙ. අම්මට කොච්චර තඩි බෑවත් කාල නිදාගන්න යනකොට ඉක්මනට වර බැල්ලි කියල වැනි වැනී කාමරේට යනකොට අක්කල හිකිස් ගාල හිනාවෙන්නෙ ඇයි කියල මට ඒ දවස්වල නං නිනව්වක් තිබුනෙ නෑ. මම හිතුවෙ අම්මයි තාත්තයි හැමදාම කාමරේට ගියාම කෙදිරිගාන්නෙ තාත්තගෙ මහන්සියටයි, අම්මගෙ ගුටිකාල ඇග රිදෙනවටයි කියලයි. මම හැමදාම ඒ කෙදිරිගාන සද්දෙ අහගෙන ඉන්න පුරුදු උනා. මාත් එක්ක අනිත් කාමරේ නිදාගෙන ඉන්න අක්කල දෙන්න සද්ද නැතුවම එයාලගෙ කෙදිරිල්ල අහගෙන ඉන්නෙ විනෝදෙං වගේ. මම ඇත්තම කියන්නං සර්, එදා මට නොතේරුනාට අද මට තේරෙනව එක දෙයක්. මට තාත්තගෙ අහලකටවත් එන්න බෑ ඒ අතිං කියල.”
“සර් මගේ ජීවිත කතාව අහගන්න මෙච්චර ආස කරන්නෙ ඇයි”
“මම සරත්ට කිව්වෙ මට කරන්න පුලුවන් උදව්වක් මම ඔයාට කරනව කියල” මම මගේ යටි අරමුණ යටපත් කරගෙන කියනකොට සරත් මගේ දිහා බලගෙන හිටියෙ යාචකයෙක් ගානට.
“එතකොට සර් කොහොමද කාටවත් එන්න දෙන්නෙ නැති මේ හිරගෙදරට ආවෙ.”
“මේකෙ ලොක්කට මම ගොඩාක් උදව් කරල තියෙනව. එයා තමයි උදව් කරන්නෙ”
“සර් කොහොමද මම ගැන දැන ගත්තෙ”
“පත්තරෙන්”
“සර් මට ලියන්න බැරි උනාට කියවන්න පුලුවං මම කවදහරි මේකෙං නිදහස් උනොත් ඔය පත්තරේට ලියාපු එකාව හොයාගෙන ගිහිල්ල මරනව. මම ඒකිව මැරුවෙ නෑ බුදු සර්.”
නිස්සංක මහත්තය දොර ලග හිටගෙන කාමරේ ඉන්න අපි දෙන්න දිහාව බලාගෙන ඉන්නව දැක්කෙ එතකොටයි.
“ප්‍රස්නයක් නැහැනේ කමල්”
“නෑ මචං අවුලක් නෑ. උඹට ප්‍රස්නයක් නැද්ද “
“අපොයි නෑ. මම මේ බලල යන්න ආවෙ. කොහොම උනත් දන්නවනේ”
මම නිස්සංකගෙන් සරත්ව බලන්න අවසර ඉල්ලනකොට “ මචං කොහොම උනත් මුං මිනීමරුවො. මුන්ට උඹට මොකවත් කරන්න බැරි විදියට මම සර්ච් කරල එවන්නෙ” කියල කිව්වෙ වගකීම එයාගෙ කියන එක මට තේරුම්ගන්න මිසක් සරත් ගැන පූර්ව නිගමනයකට ඇවිත් නොවන බවට මම හොදින් දන්නව. ඊට අමතරව ජේල් ගාඩ් කෙනෙකුත් දොර ලග කැරකෙන්නෙ විමසිල්ලෙන් කියල මම දන්නව.
“උඹ ඕන තරම් වෙලා ගනිං හැබැයි හිමාලි ක්වාටස් වල කෑම හදාගෙන බලගෙන ඉන්නව. මම එන්නම්කො එක්ක යන්න.”
සරත්ව දොඩමළු කරගන්න අදහසින් මම එයාගෙ පැත්තට හැරිල බලනකොට ඇස් දෙකේ කදුලු පිරිල. සරත්ට මිනීමරුවෙක් ස්ත්‍රි දූශකයෙක් කියන ලේබල් එක වැදිල ඉවරයි. නීතියෙන් වරදකරු උනේ නැතත් සමාජය හංවඩු ගැහුවෙ පත්තරේ තඩි අකුරෙන් අහිංසක දැරියක් දූශනය කර මරා දමපු හිතක් පපුවක් නැති පාදඩයෙක් කියල ලියාපු වෙලාවෙමයි.
“ සර් මම විල්සොං බාසුන්නැහේ ලග හරිම සතුටෙං වැඩ කරගෙන හිටිය. බාසුන්නැහෙත් මට ගොඩාක් ආදරෙං සැලකුව. එයාට දුවලම දෙන්නයි. බාලම එකී මගේම වයසෙ තවම ඉස්කෝලෙ යනව. ලොකු එකී තමයි ගෙදර වැඩපල කරගෙන ඉන්නෙ. හාමිනේ නැතිඋනේ බාල එකී හම්බ උන ගමන්මලු. ගෙදර කොල්ලෙක් නැති පාඩුව තොරතෝංචියක් නැතුව හැමදාම වගේ කියවනව. ලොකු කෙල්ල දීග දෙන වයසේ හිටියත් ඒක පරක්කුවෙන එක ගැනත් මගෙත් එක්ක කියෙව්වෙ නැතත් දුකෙං හිටියෙ.”
“ මම විල්සොං බාසුන්නැහේ ලගට වැඩට යනකොට මගේ වයස යාන්තං 17 විතර ඇති. මට මතකයි බාසුන්නැහේ මට කියනව කවුරු ඇහුවත් උඹ වයස 19 කියාපං නැත්නං මම අමාරුවෙ බාල වයස්කාරයෙක් වැඩට ගත්ත කියල. උඹට 21 කිව්වත් ඕන කෙනෙක් විස්වාස කරනව.”
“ එදා බාසුන්නැහේ මට වැඩ පවරලා කෝට්බෑයත් දාගෙන එලියට බැස්සෙ මොකක් හරි වැඩකට. මේ වෙනකොට මම කෑම ගත්තෙත් බාසුන්නැහේගෙ ගෙදරින්මයි. වැඩපලත් ගෙදර මයි තිබුනෙ. නංගිත් ඉස්කෝලෙ ගිහිල්ල හිටියෙ. මමයි ලොකු එකියි ගෙදර තනිඋනා. පහුවදාට භාරදෙන්න අල්මාරියක් හදනගමං මම හිටියෙ.”
“ සරත් මල්ලියෙ චුට්ටකට මේ වී ගෝනිය ඇතුලට අල්ලල දෙනවද කියල මට කතා කලා. මම චුට්ටක් වත් අවිස්වාසයක් නැතුව ඇතුලට ගියා.ඒ වෙනකොටත් ඒකි ඉස්සරහට නැමිල එක පැත්තක් උස්සන්න වගේ ඉන්නව. ගවුමෙ කර හොදටම ඇරිල යටට බ්‍රෙසියර් එකක්වත් නැතුව හිටියෙ. මගේ ඇස් එතනිං එලියට ගන්න බැරුව මම ගල්ගැහුන. ජීවිතේට ගෑනියෙක්ගෙ පපුව දැකල තිබුනෙ නෑ සර් මම. එහෙම වෙනකොට මම අහක බලාගන්නෙ කොහොමද? “
“ ඔයාට ආසයිද කියල අහනකල්ම මම බලාගෙන හිටිය. එයා මගේ ලගට ඇවිත් මගෙ අත අරගෙන එයාගෙ පපුවට තියල තද කරගත්ත. මගේ අත කට කට ගාල ගැහෙනව.”
“භය වෙන්න එපා සරත්. අතගාන්න. “
“මම පිස්සෙක්වගේ අතගාන්න පටංගත්ත. රළු ලී අතගාන මට අමුතුම සතුටක් දැනෙන්න ගත්ත. ගෑනු ඇග මෙච්චර සිනිදුද කියල හිතුන. මට දැනුන එයාගෙ අත මගේ කලිසමේ සිප් එක අරිනව. ඊට පස්සෙ වෙච්ච දේවල් ඔක්කොම මම සර්ට කියන්න ගියොත් සර්ට බඩගින්නෙ ඉන්න තමයි වෙන්නෙ.”
“අනේ සර් එදා මගෙන් එයා දූෂණය උනාද එයාගෙන් මම දූෂණය උනාද කියල කියන්න උඩ ඉන්න දෙයියන්ටවත් කියන්න බැරි වේවි.”
“ මචං යමු නේද?” නිස්සංකගෙ හඩ දොර පැත්තෙන් ඇහුන.
පුවක් ගහ නගින්න කියල මගේ පැත්තට නැමෙන කොටම දෙබලක් දැක්ක වගේ කියල මට හිතුනෙ මගේ කුපාඩි හිත හින්දද නැත්නම් මගේ ප්‍රියතම නවකතාකරුවන් උනේ හැරල්ඩ් රොබින්ස් සහ සිඩ්නි ශෙල්ඩන් හින්දද කියල මට හිතා ගන්න බෑ.
“ අනේ සර් මට මේකට උත්තරයක් දීල යන්න. මගේ ජීවිතේ වෙනස්වෙන්න පටංගත්තෙ එදා. මට වරදින්න පටංගත්තෙ එදා. මම එදා වැරැද්දක්ද කලේ මගෙ බුදු මහත්තයො. “
මට කට උත්තර නැති උනා. යන්න නැගිටලත් මම ඒ අහිංසක දුක්බර මූන දිහා මොහොතක් බලාගෙන හිටිය. නූගත් අහිංසක කමක් ඒ මූනෙ ලියවිලා තිබුන.
“ නෑ සරත් ඔයා ඔතනදි වැරදි නෑ” කියල එලියට ආව.
“මචං උඹ මේ කරන දේ මට නම් තේරෙන්නෙ නෑ. මේ මනුස්සය එක්ක කතා කරල උඹ මෙයාව උසාවියෙන් නිදහස් කරගන්න උදව් කරන්නද හදන්නෙ.”
“ නෑ මචං ඒක උසාවියෙ රාජකාරියක්. මට ඕන ඇත්ත දැනගන්න. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි කිසිම කෙනෙක් අපරාධයක් කරන්නෙ නෑ ඒක එයාගෙ පැත්තෙන් සාදාරනීකරනය කරන්නෙ නැතුව. අන්න ඒ පැතිකඩ සමාජගත කරන්න දරණ මගේ උත්සාහයක් මේක. පොකට්කාරයෙක් උනත් හොරකම් කරන්නෙ ඒ ක්‍රියාව උගේ පැත්තෙන් සාධාරණයි කියල ඌ හිතන නිසා. අහිංසකයො එතනදි නිරපරාදේ ගොදුරක් වෙනව තමයි. ඒකට පිලිතුරක් දෙන එක මුළු සමාජයේම වගකීමක්. අපරාධ කාරයගෙ පැතිකඩ විචාරයක් කරගන්න කවුරුවත් නෑ.”
“ මට ඕන සරත් ඒ කෙල්ල මැරුවද කියල දැනගන්න නෙමෙයි. එයාගෙ මනසින් ඒ මරණය සාධාරණීකරණය කෙරුවෙ කොහොමද කියල දැනගන්න. සරත් කියන්නෙම එයා ඒ කෙල්ලව මැරුවෙ නෑ කියලමයි. කොහොම උනත් අකල් මරණයක් වෙලත් තියෙනව. තවම පොලීසියෙන් කිසිම හෙලිදරව්වක් කරල නෑ.”
----------------------------------------------------------------
“සරත් කෑවද?”
“ ඔව් සර් අද මගේ ගෑනි විසිට් එනකොට කෑම ගෙනාව. පව් සර් ඒ අහිංසකී මේකෙන් විදවනව කප්පරක්.”
“ඉතින් සරත් ඊට පස්සෙ මොකද උනේ”
“අපි දෙන්නම මේකට ඇබ්බැහි උනා. ඉඩක් ලැබෙන හැම වෙලේම අපි එකතු උනා. එයාගෙ ලග ලස්සන ටෙලිෆෝන් එකක් තිබුන. ඒකි ඒකෙන් මට සුද්දො සුද්දියො එකට ඉන්න චිත්‍රපට පෙන්නල මාව කුලප්පු කරනව. ඒකිට පුදුම උනන්දුවක් තිබුනෙ. ඒ සම්බන්ධව හැමදෙයක්ම මට ඉගැන්නුවෙ එයා. මොනව උනත් අපි දෙන්නම කසාදයක් ගැන වචනයක් වත් කතා කරල තිබුනෙ ම නෑ. සමහරවිට මම එයාට වඩා ගොඩාක් බාල නිසා වෙන්නත් ඇති. ඒ දවස්වල මට තේරුනේ නෑ. මම විතරක් නෙමෙයි අපි දෙන්නම මේකට ඇබ්බැහි වෙලා හිටියෙ. මම වැඩ අතපහු කලෙත් නෑ. මම ඉස්සරට වඩා වැඩි ජවයකින් වැඩ ටිකත් ඉවරකලා.”
“ඔය අතරෙ තමයි එක දවසක් මට බාසුන්නැහේ කිව්වෙ හෙට දවසෙ වැඩට එන්න එපා කියල. ලොකු එකී මගේ දිහා බලල යාන්තාමට හීන් හිනාවක් දැම්ම. වැඩට නාවත් උඹ වරෙං අපිත් එක්ක කච්චේරියට යන්න කියල බාසුන්නැහේ කියනකොට මගේ කකුල් දෙක පනනැතිවෙලා ගියා. මට හිතුනෙම අපි අතේ මාට්ටු කියල. මම අන්දුං කුන්දුං වෙලා ඉන්නකොට බාසුන්නැහේ කියාපි හෙට අපේ එකී බදිනව කියල. මම ඇහුව කාවද කියල. අපේම නෑදෑ වෙන ලමයෙක්. මගේ ඔලුව කැරකෙන්න ගත්තා. අපි දෙන්නට බදින්න බැරි විත්තිය මම දන්නව. ඒ උනාට ගහෙන් ගෙඩි එන්න වගේ මොකද්ද මේ උනේ කියල මට හිතාගන්න බැරිඋනා. එදාම හවස අපි දෙන්නට තනි වෙන්න අවස්ථාව ලැබුනෙ පොඩි එකී එක්ක බාසුන්නැහේ ගමනක් ගිය නිසයි.”
“දැං අපි මොකද කරන්නෙ කියල මම ඇහුවම ඒකි හිනාවෙලා ඇයි ඔයාට ඉරිසියාද කියල ඇහුව. ඇත්තටම සර් මට ඒ වෙලාවෙ ඉරිසියාවක් නම් දැනුනෙ නෑ. හැබැයි මහා ලොකු අසරන කමක් දැනු න. මගෙ ඇස්වල කදුලු පිරෙනව දැකල එයා මගේ ඔලුව පපුවට තියල තදකරගත්තෙ ඇදගෙන හිටපු බ්ලවුස් එක ඇරල. මම එයාගෙ පපුවෙ සුවදට ඇබ්බැහි වෙලයි හිටියෙ. ඒ සුවද මගේ මුලු ඇගම ප්‍රානවත් කරනවා. ටික වෙලාවක් එහෙමම හිටපු මම ඒ සුවද දිගේ පහලටම ඇදෙනකොට මට යාන්තමට එයා කෙදිරි ගානව ඇහෙනව. මට එතකොට මගේ තාත්තගෙ ජවය මගේ ඇග පුරාම දුවනව දැනෙනව. එයා සතුටින් මගේ ඔලුව අත් දෙකෙන්ම උකුලට තද කරගන්නකොට මම තව තවත් එයාගෙ තරුන කම උරාගන්නේ පොඩි එකෙක් වගේ. මම ඒ රසයට ඇබ්බැහි වෙලා හිටියෙ. අපි කවදත් උපරිම සතුටක් ලැබුව.”
“සරත් මම හෙට බැදලා මේ ගෙදරින් ගියත් මම ඔයාගෙ ලගට එනව සත්තයි.”
“එදා එයා මට එහෙම කිව්වත් ඊට පස්සෙ කිසිම දවසක එයා මගේ ලගට ආවෙ නෑ. බැරිම තැන මම එයාගෙන් ඇහුව ආයෙ කවදාවත් ඔයා මගේ ලගට එන්නෙ නැද්ද කියල.”
“අපි ගොඩාක් සතුටින් ඉන්නෙ සරත්. ඔයා වෙන කෙනෙක් සොයාගන්න කියල අමාරුවෙන් වචන ගලපනකොට අපි දෙන්නගෙම ඇස් වලින් කදුලු කඩා පැන්න.”
“මම ඉගෙනගත්තෙ නෑ. උගත් අය කියන ආදරය රාගය ඔය මොන හත් ඉලව්වක්වත් මට තේරෙන්නෙ නෑ සර්. හැබැයි ඔය දෙකම අනිත් හැමෝටම වඩා උපරිමයෙන් ඒකි මට දුන්න. මම ඒකිට දුන්න. ඒක මට සහතික යි.”
“ඔහොම ටික කාලයක් ඉන්නකොට බාසුන්නැහේ අපේ ගෙදරට යෝජනාවක් ගෙනාව පොඩි එකී මට බන්දල දෙන්න. අපෙ දෙමවුපියන්ගෙ කැමැත්තත් ඇතුව අපි බැදල අපෙ ගෙදරට ආවෙ අරකි ඒ වෙනකොට ඒ ගෙදරම බින්න බැහැල හිටපු නිසයි. ඔය කාලෙ වෙනකොට අපේ ගෙදරත් හිටියෙ අම්මයි තාත්තයි විතරයි. අක්කල බැදල ගිහිල්ලා.”
“මම අර විදියටම මේකිගෙනුත් හැමදෙයක්ම බලාපොරොත්තු උනා. කොහෙද මේකි මලමිනියක් වගේ. කිසිම දෙයක් ඒකිට තේරෙන්නෙ නෑ. මට වෙලාවකට හිතුන යකෝ මේකිගෙ සරීරෙ රබර්ද කියල. ඇත්තම කියනවනම් මේකි අක්කට වැඩිය ගොඩාක් ලස්සනයි. මුළු ඇගේම පලුද්දක් හොයාගන්න බෑ කන්නාඩි දාල බැලුවත්. අක්කත් එක්ක එකට තියල බැලුවොත් මේකි සුරංගනාවියක් වගේ. කොච්චර ඉවසගෙන හිටියත් මේකි වෙනස් උනේ නෑ. සමහර වෙලාවට මට හිතෙනව තාත්ත එහා කාමරේ ඉදගෙන මට හිනාවෙනව ඇති කියල.”
“ඔන්න ඔය වගේ මානසිකත්වයකින් ඉන්න අතරෙ තමයි මට බස් එකේදි අපේ ගමේම ඉන්න ශම්මි හම්බ උනේ. එයා කොග්ගල ගාමන්ට් එකට වැඩට යන්න පටන් අරගෙන. හැමදාම උදේට වැඩට යන්නෙ මම යන බස් එකේ. හවසට ගෙදර එන්නෙත් අපි දෙන්න එකට. දන්න අදුනන නිසා අපි බොහෝදුරට එක සීට් එකේ ඉදගෙන ආවෙ. ටික දවසක් යනකොට මට තේරුනා ශම්මි ගොඩක් දුරට අරකි වගේ කියල. අපි දෙන්න බොහෝ දවස්වල අන්තිම සීට් එකෙ තමයි වාඩි උනේ. අන්තිම සීට් එක අපි දෙන්නට විසාල ඉඩකඩක් හදල දුන්න. මම ඉක්මනට අපි දෙන්නට අවස්ථා වක් දෙන්න කියල කච්චුවත්තටත් භාර උනා.”
“ වැඩිකල් ගියෙ නෑ ඒ මූසල දවස ආව. එදා බස් එක මගදි කැඩුන. ඒක අපේ ගමට යන අන්තිම බස් එක. තව ගොඩක් දුර යන්නත් තියෙනව. හතරවටේම අන්ධකාරයි. වෙන කරන්න දෙයක් නෑ. අපි අත් අල්ලගෙන කලුවරේම ආව. පාරත් හොදටම පාලුයි. අපි දෙන්නටම එකතු වෙන්න හොද අවස්ථාවක් මේක. අපේ ගෙවල් කිට්ටුව පාලමක් එක්ක තරමක පලල ඇලක් ගලාගෙන යනව. අපි දෙන්නටම මේ සාවිය හොදටම පුරුදු නිසාත් ඒ අවට අන්ධකාරය වැඩි නිසාත් ඇල අද්දර පදුරකට මුවාවෙන්න කතා කරගත්ත. කිසිම භයක් සැකක් නැතුව අපි එකතුවෙන්න පටන් ගත්ත. ටිකවෙලාවක් මම එයාගෙ පපුව උඩ මූන තියාගෙන ඉන්නකොට ඒ උනුසුම ඒ සුවද මට දැනෙන්න පටන්ගත්ත. ශම්මි කෙදිරිගාන්නෙ හරියටම අරය වගේ. මම මගේ මූන එයාගෙ ඇග දිගේ පහලටම ගෙනියන ගමන් එයාගෙ යට ඇදුම ගැලෙව්ව. ශම්මිගෙ කෙදිරිය දිගටම මාව මගේ ලෝකෙට ගෙනිච්ච. මම මගේ කලිසමේ සිප් එක ගලවනකොටම ඉන්න අයියෙ චුට්ටක් මම එලියට ගිහිල්ල එන්නම් කියල ඇල පැත්තට ගියා. තත්පර කීපයයි ගියේ ජබොක් ගාන සද්දෙට මම එක පිම්මෙ ඇල ලගට ගියාම දැක්ක අඩ අදුරෙම එයා එගොඩට පීනනව.”
“ මට පීනන්න බැරි උනත් වතුරට බැස්සෙ බේරගන්නමත් නෙමෙයි. මම දන්නව එයාට හොදට පීනන්න පුලුවන් කියල. කොහොමටත් එයාට එගොඩට ගියාම ගෙදර අතේ දුර. මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ මම ගෙදර ගියා.”
“මගේ බිරිඳ මට මේ දවස් අගුනයි කියල නූලක් බදින්න කට්ටඩියෙක් ගෙන්නල. “
“පහුවදා පොලීසිය සැකපිට මාව අත්අඩංගුවට ගත්ත.”
පසුව ලියමි: මා පෙර කී පරිදි මගේ අරමුණ වූයේ අපරාධ කරුවෙකුගේ ඇසින් එම අපරාධය සාධාරණීකරණය කිරීමට වූවත් මෙහිදී අපරාධයක් සිදුවී නොමැති බැව් මා හට සක්සුදක් සේ පැහැදිලිවූයේ මාගේ හිතමිතුරියකගේ මාර්ගයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිතුමිය ගේ රපෝර්තුව දුටුවිටය. එහි සදහන් වී තිබුනේ කිසිම ලිංගික අතවරයකට හෝ වෙනයම් ශාරීරික හිංසනයකට ඇය ගොදුරු වී නොමැති බවය. මරණය දියේ ගිලීමෙන් සිදුවූ බව තවදුරටත් සනාථ වී තිබුනි.
මලක් නම් නුබ කටු අතර පිපි
පින්න වෙන්නම් අලුයමේ
විලක් නම් නුබ තෙරක් නොපෙනෙන
මාලුවෙක් වෙමි ඒ විලේ
සසර සයුරේ සැරි සරන්නට
පැතූමුත් මම නිරතුරේ
පරව වැටුනා එමල පාමුල
නොසිතු ලෙස රළු ගංතිරේ
එදා ගං තෙර පිපී පරවුනු
බඹරු නොදුටුව සොදුරියේ
බිත්ති හතරක සිරවෙලා මම
නිදිද දෙවගන නීතියේ
Post a Comment