මවකගේ ගීතය


මවකගේ ගීතය

අරුමයකි හිමිදිරි උදේ
පහත්වී ඇත කිරි සුදේ
බන්ඩි ගොයමට කිරි වදින්නද
පුතා ඒවිද අද උදේ

පුතේ නුබ ගව් සිය දුරයි
ගතේ වාරුව ගිලිහිලා
පහත් වනතුරු බලා ඉන්නම්
වලාවක් සේ බරවෙලා

පොලෝ තලයෙන් ඉගිලිලා
සුරගනන් ලග ගැවසිලා
අහස් කුස නුබ සිසාරා
සිටින හැටි මට සිහිවෙලා

එන්න පුතුනේ සැගවිලා
වලාකුලුසේ බරවෙලා
උදෑසන දුටු සුදු වලාකුලු
මගෙ දෙනෙතද බරකලා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget