අපේ කාලෙ

අපේ කාලෙ

චක්කරේ පාඩංද …………. නැති එවුං නැගිටපං
චන්දරේ පලමුවෙං………….. හඬ නගා කියාපං
මන්තරේ වගෙ නැතුව ……....ලස්සනට සීරුවෙං
නැගිටලා හඬ නගා ……….... අට වරක් කියාපං

කොපි පොතේ පිට කවරෙ …....චක්කරේ තියෙනවා
තොපි ඉතිං ඒකවත් …………..දන්නෙ නෑ කියනවා
ඇහුවොතිං කවදහරි………….. ලෝකයම දිනනවා
බැලුවොතිං පිට්ටනියෙ ………..සෙල්ලමට පනිනවා

මෙලෙස අකුරකට ගොස් … දැන උගත් මේ ලමුන්
අද දවසෙ මේ ලකේ ……..   උගත් දොස්තර වරුන්
ගණකාධිකාරිවරු හෝ……... දැයේ ඉංජිනේරුවන්
ඉගෙන ගෙන ජීවිතේ ………. ජය ලැබූ පඬ්වරුන්

අද කාලෙ

චක්කරේ වැඩකටද ……..පරිඝනකෙ තියෙනවා
හඬ නගන්නේ මොකද …..... මයික් එක තියෙනවා
මන්තරේ වගෙ අපිත්………….. උත්තරේ ලියනවා
පන්තියේ සියයක්‍ ය …………..නොම්මරේ දන්නවා

කොපි පොතේ පිට කවරෙ……. වීරයන් ඉන්නවා
රූප පෙට්ටියෙ ඉන්න …………  වීරයෝ දන්නවා
ඇහුවොතිං කවදහරි?............. හිතුවෙ නෑ කියනවා
පිට්ටනියෙ ගොඩනැගිලි …….. ටියුශන්ය කියනවා

මෙලෙස අකුරකට යන ……… ගැන්සියේ අපේ උං
අද දවසේ මහ පාරෙ ………….වීලරේ උඩ ඉඳං
කුඩු පැකට් ගංජ ගෙන …….විඳවන්නෙ උං විහිං
මෝචරියෙ ලගිනවා ……. ඇට කටුත් පොඩි කරං

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget