උපන් දින තිළිණය

උපන් දින තිළිණය

එදා තුරුලට ආ දිනේ
මතකයේ ඇත අද වගේ
මව්නි නුඹ ගුණ වයන්නට මට
වචන නෑ සිත් මන්දිරේ

නුඹෙන් ගිලිහී ගිය දිනේ
හඬා වැටුනෙමි නුඹෙ දෙපා මත
ඒත් අම්මේ දිවි මගේ
නුඹයි ගුණ නැන හා සෙනේ

ජය පරාජය එක ලෙසින්
වැලඳ ගන්නට කියාදුන්
අදයි මව ඉපදුන දිනේ
සියක් විසි හත් වසක් නිමවී

සහෝදර කැල අපි කුඩා කල
ගෙමිදුලේ සෙල්ලමට ගිය විට
අම්මෙ අයියා මගේ බැට් එක
දෙන්නෙ නෑ කී නෝක්කඩුවට

රණ්ඩු වෙන්නට එපා දරුවනි
කියා කීවත් රණ්ඩු වූ හැටි
බලා නුඹ වැගිරූ කඳුලු කැට
අපේ හදවත් පෑරුවා

ගාලු පුරයේ මිහිඳු මව් හට
උපන් දින තිලිනයක් විලසට
සහෝදරයන් විලස එක්වී
නිමාකරනට ප්‍රතිඥාවක්

“ගැටුම ආදරවන්තයන්ගේ”

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget