අපේ කාලයේ සිල්වෙස්තරය
පාසැලේ මුල් පුටුව යෝධයෙකි හොබවනා
සෙනෙවිරත්නයි නමින් තේජසේ උතුරනා
දුටු තැනදි කලිසමේ සුලු දියත් පහවෙනා
ගෝරිල්ල යන නමයි කොල්ලන්ට කියවෙනා
ගණිතයේ ගුරු පියා පාසැලේ කප් ගහං
විජේසේකර නමින් ගුරු මඬලෙ ඉදිරියෙං
ඔප්පු කල නොහැකි වුනු නියායක් කර තියං
පයිතොගේ නාමයත් ඔහු අරං ගෞරවෙං
පහයි හත පන්නලා සීත මිස් නම් උසයි
ලයින් එක දාගන්න කොට මාක් හරි මිටියි
වැව රවුමේ ගෙදරටම මූ යන්නෙ හවසටයි
ඉස්කෝලෙ කොල්ලන්ට ඒ නිසා ඉරිසියයි
ගුරු කැලට කන්දයියා ඒ කාලෙ සෙවලයා
උසට උස මානවඩු මිස්ගෙ නම් වීරයා
හරිගියේ නැති උනත් ඒ මගුල කල්තියා
සිරි බිරිය පැවතුනා දහසකුත් නෙත්අයා
අද කාලෙ කොල්ලන්ගෙ සිහිනයයි මුරලියා
ඒ කාලේ අපේ නම් බුල්නර් ය වීරයා
ටෙක්නිකල් නොකවුට් එක දෙන්න ඔහු සූරයා
නොකවුට් එක දෙන්න නම් හේරත්ය මාරයා
රතු කොනයි වීරසිංහට දෙන්නෙ රෙෆරියා
කලු කොනේ කා උනත් දෙන්නෙ ඌ ඇහිපියා
කමෝන් රෙඩ් කියනකොට ඉදිරියට පයතියා
හොම්බටම අනිනවා තරු පනින්නම කියා
අප් කන්ට්‍රි ලෝ කන්ට්‍රි ස්ටබ් ශීල්ඩ් කොයි එකත්
හැටේ දශකයෙ දින්නෙ අපි තමයි නෑ සැකත්
සිල්වෙස්තරේ කොල්ලන්ට පිටියෙදී නෑ නැකැත්
හොඳම පාසල තමයි මහනුවර පීරුවත්
ඒ කාලෙ වීරයා රිදී තිරයේ සිම්බො
ටීචර්ගෙ නමේ මුල් අකුරු දෙක එම්-ඕ
සාහිත්‍ය පාඩමට පස්සෙන්ම සිටි කබ්බො
කෑ ගසා කියන්නෙම ආයුබෝවන් සිම්බො
ඊයෙ මම ලියාදුන් කවිය කට පාඩංද
යායෙ මල් සාරියේ ඉනවටේ මිස් ඇන්ද
ලතාවට නැලවෙනා මතකයේ නම නැද්ද
කතාවට වට්ටක්ක නම කොල්ලො පට බැන්ද
පබැදුම: ක-සේ
Blogwithkase.com
Post a Comment