Let us play ටොයිස් කඩ


Let us play ටොයිස් කඩ

කතරගම පුංචි උං සෙල්ලමට             කඩදමං
වට්ටි කඩ පෙට්ටි කඩ ටොයිස් කඩ    උං ඇරං
අනාගත පරපුරේ සෙයියාව                 පතුරමිං
බජාර් එක පුරවන්න සැරසෙන්නෙ      දැං ඉඳං

පොඩි කෙල්ලො දොදොල් කඩ ආප්පත්  බදිනවා
චන්ඩි උං පාරෙ මැද පාකිනුත්           හොයනවා
තව එකෙක් වීලරේ බට් එකක්             අදිනවා
හවස් ජාමෙට ඇවිත් බෝතලේ           ගහනවා

නගරයේ පුංචි උං let us play කියනවා
You be the patient and I'll be the doctor
You be the judge and I'll be the proctor
ගමේ උං අනාථයි නගරෙ උං දිනනවා

ජප්පොංද බයියංද ටොයියංද               දැං ඉතිං
සාදුකිං පෙලෙන උං දැං ඉතිං             නැගිටියං
බත් පැකට් එක අරං බෝතලේ           කටගහං
බස් එකේ නැග වරෙං අරගලේ           විකුනපං

මේ සියල්ලම බලං දෑස් දොලහක්             ඇරං 
මයුරෙක්ගෙ කරපිටිං ගෑනු දෙන්නෙක්     අරං
දැක මගේ පොඩි එකා ගහනවා සෙල්     ෆියෙං
සයිකලේ කෙල්ලො දෙන්නෙක් තියං ඌ   ලඟිං

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget