අඩ සිය වසකට පෙර.....

අඩ සිය වසකට පෙර….Lover’s Quarrel.

අලපලාව කන්ද උඩින් ඉර පායන ……... කොට
සිරීපාදෙ පෙනෙනව සඟමිත් මව් ……..  තුමියට
මිහිඳු මව්නි ඒ අසිරිය දැක්කද ……... දෙනෙතට
එකම දසුන දකින්නෙ අපි පෙර කල …. පිනකට

මේ කන්දට පායන හිරු ඒ කන්දෙනි …..  වඩින්නේ
මේ කන්දට පායන සඳු ඒ කන්දෙනි ……. වඩින්නේ
මේ කන්දයි ඒ කන්දයි එකටයි පෙම් …… බඳින්නේ
කඳු දෙකටම එක විටකදි උක් දඬු හී…..  වදින්නේ

අලපලාව කන්දෙදි අපි පෙම් බස් ……. දොඩවන්නේ
පරක්කු නම් වෙන්න එපා අපි නෑ ……  නවතින්නේ
ගුරුතුමියක් දැක්කොත් නම් විනාසයකි .. වෙන්නේ
ඒ උනාට කොහොමද මම ඔයා නොදැක …. යන්නේ

Big Match එක ලඟ එනකොට ඇඟිලි ගැනං ….. ඉන්නේ
මහින්දෙ tent එකේ තමයි අපි එක් රොක් ……. වෙන්නේ
අප්පච්චිල මැන්ටල් set එකේ තමයි ….…...ඉන්නේ
කවදාවත් නොලැබෙන නිදහස එදාට ……...ගන්නේ

දැං එහෙම නෑ බං ….. ඒ අපේ කාලෙ……..

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget