මහමායෙ නංගිලා

මහමායෙට ගිය නංගිලා

නංගිලා ඉස්කෝලෙ ……...යන්න බෑ කියනවා
සපත්තුත් හිල්වෙලා ……. ගාස්තුත් හිඟ වෙලා
වැවරවුමෙ මහමායෙ ….. ඇවිදින්න තියෙනවා
මේ දවස් තාත්තට …....… අමාරුයි කියනවා

කොහොම හරි නංගියේ…... ඔයා පෑසැල් යන්න  
දැල් පන්දු තරඟයට ……...... මගේ දෙක දාගන්න
හෙට උදේ ටීචර්ට ………....... අසනීප උනු නිසා
මට එන්න බැරි උනා….....…. ලියුමකුත් ඇන්න යමු

නංගියේ තාත්තා …….......… අර එන්නෙ අද කලින්
ඉක්මනට අපි ගිහින් …...… කේතලේ ලිප තියමු
අද තාත්තට ටිකක්…......… මහන්සිත් වැඩි වගෙයි
ඒත් සතුටින් වගෙයි….....…මොනවදෝ අත දරන්

වෙදගිල්ලෙ ඔහු පැලඳි …. නෙක වර්න නවරත්නෙ
අද පෙනෙන්නට නෑ….....… උකස් තියලා වගෙයි
අම්මගේ නෙත් අගට …... කඳුලු බිඳුවක් ඇවිත්
නංගිලා දෙන්නටම ……..... පාවහන් ගෙන ඇවිත්

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget