වල කජ්ජ

වල කජ්ජ අත ලඟ නිසා…..

මචං සමරේ set වෙමුද අපි
ආරියාටත් call කරපං
හැත්තෑව පහු කරපු හිංදා
ඕන හු - - ක් සිලිං පහයි නේ

අර්ධ ශතකයකටත් ලංවුනු
අපේ මිතුදම සිහි කරන්නට
හිස්කරමු අපි පුරමු සව්දිය
පංච සීලෙං එකක් අතහැර

බොන්න පොට් එක ආරි ගානේ
බෝතලේ මම ඇන්න එන්නං
Bite එක නෝනට කියාපං
Shandy ටිකකුත් කඩෙං අරගමු

උඹෙ පැටව් ටික ඉගිලිලා
ආරිගේ එකෙකුත් ගිහිල්ලා
යාන්තම් මට තුනක් හින්දා
එකෙක් අපි ලඟ නැවතිලා

මචෝ ඌටත් හයයි හතලිස්
ඌත් එක්කං එන්න පුලුවං
ඌත් සොමියට බර නිසා
බෝතලේ මදි වෙයිද මංදා

ලංගමේ වත ගොත කියන්නට
ආරියා අපි form කරගමු
උඹට පුලුවං චිත්‍ර පට ගැන
අපට රසකර කියා දෙන්නට

මම නිකං අහගෙන ඉඳින්නම්
මගෙ කතා blog එකේ ලිව්වා
ඉතුරු වුනු වැදගත් යමක් නෑ
ඕන හු - - ක් කවිත් ලිව්වා

ඉක්මනට අපි set වෙමුකො බං
වල කජ්ජ අත ලඟ නිසා
බැරි උනෝතිං අපායෙදිවත්
Set වෙලා ගමු අපේ ආතල්

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget