රුහුණු කුමාරි

රුහුණු කුමාරියේ …. කුමාරි…...

පලවෙනි වේදිකාවට ………. දැන් පැමිණි
රුහුණු කුමාරී……….. සීඝ්‍රගාමි දුම් රිය

එක දෙක තුන හතර …….. පහ හය හත අට
නමවෙනි පෙට්ටියේ ……… මුහුද පැත්තේ කොනේ

දෙවන පන්තියේ …… සුව පහසු ආසනේ
එක ලඟින් වාඩිවී…… දොඩමලුව අපි ගියා

“නුඹේ සැමි නැති ……. මගේ අඹු නැති
ඉතින් සොඳුරියෙ……..කිම්ද අකමැති”

වීරෙ හඬගා ……… එදා ගැයුවේ
මගේ සිත  ……… කියවලා වෙන්නැති

දෂකයක් ගෙවිලා ……. කෝච්චියටම
ඒත් සොඳුරියෙ …….. අපි එතනමයි

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget