පවු කාරයා


පවු කාරයාගේ දින පොතෙන්.....
පෙර වදන;
සංවේදී අය, දුර්වල හදවත් ඇති අය, අධික බෞද්ධ---ආගම්කාරයන් හා නිතර ඇස් රතු කරගැනීමේ රෝගයෙන් පෙලෙන්නන් කියවීමෙන් වලකින්න.
අද පුතාගෙ මාමණ්ඩියගෙ දානෙ..... ඉතිං ..... ඔයා ඉතිං කැමති නෑ නේ..... ආරන්‍යයට ..... සනුහරේම එනවද? ..... නෑ අපි ටික විතරයි..... එහෙනම් යමු.......
කැලේ මැදින්..... මගේ ජීප් එකේ අපි දෙන්න  විතරයි .......
මගෙත් ආයු ගෙන .... මටත් වඩා කල්..... ටී එම්......
අපි බැදල අවුරුදු 50 මගෙ හිතේ....මතක නෑ...... වැඩකුත් නෑ නේ...... කොහොම උනත් සංසර ගමනෙ මෙයාගෙන් ගැලවීමක් නෑ..... කැලනි පන්සල් ගිය මෝඩකම.
අම්මට හුඩු .... වෙන කෙල්ලක් එක්කත් කැලනි ගියානේ.... විනාසයි..... ලබන ආත්මෙ ගෑණු දෙකයි..... කමක් නෑ..... කතරගම දෙයියොත් එහෙමයි.....
හරි යමු..... අටයි තිහට යමු කිව්ව... කවුද?.... ලොකු පුතා..... අපේ වාහනේට බඩු ටික පටවන්න කියන්න......
අපි දෙන්න ...... honeymoon එක....  කෝච්චියෙන් ........ හපුතලේ.... ඒ වගේ ....නාකි විසේ.....
පුතාගෙ නැන්දම්ම අපිත් එක්ක එනව කිව්ව..... කමක් නෑ නේ..... නෝනගෙ බැගෑපත් වෙන ඇස් දෙක...... මට කුනුහරුප කටට එනව.....
පවු මගෙ අහිංසකී..... මට දරුවො තුනක් දීපු...... මගේ ආතල් කුඩු..... කමක් නෑ....... බොන්ඩිගෙ පුතා... මගේ ලොකු එකා.... මල වාතෙ මගේ කරේ ගහලා ......  ඌ ආතල් ගන්නව....
එදා අපට පෙම්වත් සඳ..... අද දරුවන්ටයි.... එදා අප වෙලී ගිය මග .... මෙදා උන් වෙලී යන සඳ ..... තරහ නොගන්ටයි....
සුනිල් එදිරිසිංහ..... තරහ නොගන්ටයි....
අනේ පලයං යන්න.... ප්‍රස්නෙ මගේ..... දර්ශනය උඹේ.... උඹ සිංදු කියාපං.... ඒකත් කමක් නෑ කියමුකෝ.....
වාහනේ පුතාගෙ ගේ ලඟ..... තාත්තෙ ඇන්ටිත් ඉන්නව..... අලි මදිවට හරක්.....
උගේ හොම්බ වාහනේ ඇතුලෙ.... වාසනාවට අම්මගෙ පැත්තෙ.... නැත්නම් ආරන්‍යය කොහොම වෙතත් කරාපිටියෙ....
අසරණ තාත්ත.... දරුවො වෙනුවෙංනේ.... ඕන දුක් කන්දරාවක්... නෑ..... ඕන ගූ ගොඩක්..... නෝනගෙ බයාදු මූණ....
හා කමක් නෑ...... උගේ නම. .. මගේ හම.... දූගෙ ඩීසල්..... ඇයි එහෙම.... නෑ අම්මට දූ එවාපු සල්ලි වලින් ඩීසල්.....
මට 71, ... නෝනට 70,....  නැන්දම්මට 80.... මගෙ හිතේ,..... ඇන්ටිට 73....... දුවගෙ පර්මිට් එකට ගත්තු ජීප් එකට 6.....
උදේ පාන්දර කොන්ඩෙ ඩයි කරපු නිසා මට 40..... Naughty forty .... අනිත් ඔක්කොම Nasty eighty..... ඔක්කොමත් හරි.... ඉරිසියාකාර යාලුවෝ..... හොඳ වැඩේ ඕකට... නාකි හම්පඩය.
ඉස්සරහටම මුලිච්චි උනේ ලොකු මුනුපුරා.... ඌ එන්නෙ නෑ.... අද මහින්ද රිච්මන්ඩ්...  one day..... ගල් කබ්බ.... ඌ වැඩේ ගොඩ දාගෙන....
නැත්නම් මැන්ටල් ඔක්කොම උගේ කරේ.... පඩත්තලය.... ගල් මූසලය.... හවසට ඒවි .... උගෙ අප්පයි සීයයි එක්ක ශොට් එක දාන්න... ආපු දෙංකො අද.....
පුතාගෙ පොඩි එකී......පොඩි එකී?..... බූවල්ලෙං තොටම ගහ ගනිං..... අම්ම වගේම නාටු කෙල්ල... වේලකට චිකන් භාගයයි.... ඉතුරු භාගෙ අයියට.... නෑ ඒකෙනුත් කෑල්ලක්..... හිටපු ගමං රංඩු.....
ධාරා සිං..... ගෝරා සිං..... ඒ අපේ කාලෙ.... මේ කාලෙ undertaker... john cena....
චිකන් කාලම තෙලේ..... ඒකත් ආච්චිගෙ චිකන්..... ආච්චිගෙ කිව්වෙ? ... යකෝ මගේ නෝනගෙ....
ආච්චිගෙ චිකන් .... අප්පගෙ නං බැරියැ....මාර රසයි.... කමල්.... අද ලොකු කුකුලෙක්.... පොඩි උං ඉන්නවනේ.... නෝන ඇඳල...... ආච්චිගෙ චිකන්.... 
ඔන්න ඔන්න මල්ලි .... බලාගෙන..... බයිසිකලයක්...... දාන්න එපා..... දාන්න එපා..... පුතාල තාම නෑ..... එනකල් නවත්තගෙන ඉමු.....
පිටිපස්ස සීට් එකේ..... මහ ගෑනි බ්‍රේක් ගහනව.... මලේ මල...... මගේ ගෑනිගෙ බයාදු මූණ.... මම කොයිවෙලෙ පුපුරයිද....... පවු අහිංසකී.... ඉවසනව මම.....
බලන්නකො අක්කෙ..... පිටිපස්සෙං සට පට..... ටකරමකට ගහනව..... පුතාට අදත් වැඩ...... ෆැක්ටරියෙ ස්ටොක් ගන්නව...... අද බැරි වේවි.... අපේ මිනිහ ගියාට..... අනිත් අය එන්නෙ නෑ..... OT ගෙවන්නෙත් නෑ..... ඒකත් සීමා කරල....
දීපං ගෑනියෙ මට ටිශූ දෙකක්..... කනේ ගහගන්න.... කියවෙන්න යනකොටම...... බයාදු ඇස්.... අසරණී .... පවු...... නෑයො තරහ උනොත්.......
වෙනද හැමදාම මේ පාරෙ.... බස් එකේ..... ඉමදූවෙ..... දැං කොහෙද..... නැගගන්නවත් බෑ....   කොන්දොස්තරය.... ඩ්‍රයිවරය...... මට නං හරිම හොඳයි...... බොන්ඩිගෙ පුතාල..... අඩු කුලේ හැත්ත ..... හාලිද කොහෙද......
පිටිපස්සෙ සීට් එකේ..... නැන්දම්ම...... හිල්ටියෙං ..... කොන්ක්‍රීට් කඩනව...... මගේ ජීප් එක..... පවු අප්ප..... හොල්මන් වෙලා..... කවදාවත් නැතුව....... මෙච්චර සද්ද....... උගේ හිතේ ඌ වයසට ගිහිල්ල කියල...... එහෙම උනාම මූ මිස් කරන්න ගන්නව..... බොයිල් කරන්නත් ගනීවි.....
දූගෙ පෑන්ට්‍රිය..... හරිම ලොකුයි.... ඒත් මම කිව්ව.... ලොකු වැඩියි අක්කෙ..... බෑනට ලොකුවට ඕන......
ඔව් ඉතිං..... ඔහෙගෙ දූගෙ පස්ස..... නෑ මම කිව්වෙ නෑ ..... කියවුනෙත් නෑ.... යකෝ තොපි මට .....
වැඩක් නෑ නේ අක්කෙ.... ඔක්කොම බඩු අබාන්ස් එකෙං.......
ෆැක්ටරියෙ ලාභාංශ..... මේ සැරේ නෑ කිව්ව..... අපිට මීටිමට යන්න වාහන.... කොම්පැනිය ගානෙ... සමහරු කියෙව්ව..... මම අහංහිටිය.....
අහිංසකීගෙ බයාදු ඇස්..... නෑ නෑ.... මම පුපුරන්නෙ නෑ..... මගේ ඇස් එයාට කිව්ව..... අපි ඇස් වලිං කථා කරා.... ඒකත් මාර ආතල් එකක්.... ඇස් වලිං කථා..... යකෝ වචන ඕන නෑ නේ..... sms භාෂාව වගේ ඇස් භාෂාවක්..... එල නේ.....
ආරන්‍යය ටත් ආව..... පොර ටෝක්ස් ගොඩයි.... කවියෙන්.....
ගහකොල.... සතා සිව්පාව..... සොභා දහම.... ප්ලාස්ටික් එපා.... වාහන ඇතුල්වීම තහනම්.....
රැහැයි සංගීතෙ..... චේන් සෝ සංගීතෙ.... දෝරෙ ගලන ඇල.... නාන්න තහනම්...... සතුන්ට කෑම දාන්න තහනම්..... කුටි දොලහක් .... කැලේ ඇතුලෙ.... බලන්න තහනම්....
පෙරලපු ගස් අඬා වැටෙනව.... පිට පලු දිරා වැටෙනව..... යතුගාන, පුලුක්කු අරින යන්තරේ ..... වඩු බාස්..... මාරය වෙලා.... පන තියෙන යෝද ගස්..... තමන්ගෙ වාරෙ එනකල් .... ඇඹරෙනව.... හුලඟට නෙමෙයි යකෝ.... මර භයට.....
මම ඉංජිනේරුව.... ගොඩනැගිලි.... මාර ආතල් ..... ලොකු හාමුදුරුවො වීරයා.... චිරාත් කාලයක්..... අපේ රැකියාව.... සුරක්ශිතයි....
පොඩි හාමුදුරුවො..... හරිම ශාන්තයි..... මදුශ් වගේ.... නෑ නෑ චොප්පෙ අයිය වගේ..... අපරාදෙ පහලටම වාහනේ ගන්න තිබුන..... ලොරි දෙකක් පහල.....
අපේ හාමුදුරුවන්ට ලැජ්ජ හිතිල.... මැන්ටල් තුනක් බඩගානව දැකල..... අපරාදෙ වාහනෙංම එන්න තිබුන... රෙද්දටද යකෝ බෝඩි...... නෑ නෑ කිව්වෙ නෑ.... රෑ කෑම එක මතක් උනා..... නෝනගෙ රසම කෑම..... වරද්දගන්න බෑ..... ඔය වගේ කතා කියල.....
ආප්ප බාල්දිය මගෙ ඔලුවෙ...... නෑ නෑ කානුවෙ... සීතල තලවාකැලේදි.... හැත්තෑ හතරෙදි.... මාර බයිට්.... ඒ අස්සෙ අර බයාදු මූණ..... කමක් නෑ හාමුදුරුවනෙ .... යනකොට පහලට ගන්නම්.
ටීක් ජනාධිපති තුමාගේ.... අනුග්‍රහයෙන්.... මෙම පුණ්‍ය භූමිය.... විල්පත්තු..... සිංහරාජ...... නෑ යකෝ.... මේක ගාල්ල..... කමක් නෑ..... ආරණ්‍යයක්..... සසර කලකිරුනු..... පුන්‍යවන්ත.... තපස් දම්....
මධ්‍යම ප්‍රතිපදාව.....ඔලුව උස්සන්නෙ නැති හාමුදුරුවරු.... ශාන්ත ගමනින්..... දනට.... සුද්දෙකුත් මහණ වෙලා..... තායිලන්තෙනුත්.... හරිම සංවරයි.... නානසාරල... උපාලිල..... මහසෝනල.... පුරුදු අපිට.... විය සිදුරෙං... පින්වත්.... ගුනවත්.... දැක්මත් භාග්‍යයක්.... ඇත්තටම... සාධු.... සාධු....
ඒත්.... සන්නස්ගලගෙ..... කොලඹ කතාව.... ලංකාවෙ ඕනම පන්සලකට.... ලංසුවක්... මුදලට විකිනෙනව..... කුටි වලට අමතරව.... ගොඩනැගිලි..... වටිනාකම.... ටික කලකිං .... අලුත් නායක නමක්.... හිටපු ගිහිනම.... දැං කොලඹ..... කසාදෙකුත්.... දායක සභාවෙන්ම.... මහා දානමය..... පුන්‍ය කර්මය....
දානෙ.... වාහනේ පුරවලා.... හාමුදුරුවො උපරිම දොලහයි..... වෑංජන දොලහයි.... මධ්‍යම ප්‍රතිපදාව.... අපේ ශ්‍රද්දාව....
හතර වටේ වල් ඌරො.... කන්න දාන්න තහනම්.... උපරිම සත්ව කරුණාව.....
ඇලේ නාන්න තහනම්..... උපරිම සොභා දහම සුරැකීම.....
ඉතුරු කෑම.... උත්තරේ අත ලඟම...... කතරගම සරත්..... මෙතන ඇබිත්තය කතරගම සරත්ගෙ මල්ලි.....
සරත්.... කාල ඉතුරුව.... වහල තියන්න..... නෝන කුස්සියට ගිහිල්ල.... සිහි නැතුව වැටිල.... සරත ඔක්කොම කාල.... හැලියම.... මූ යකෙක්.... ඇවිල්ල සුමානයයි..... උදේට හැමදාම කෑමට .....ලෑල්ලට එන මොනරු රැල..... කෝ බං... දැං එන්නෙ නෑ මහත්තය..... දාන්න කෑමක් ඉතුරුවෙන්නෙත් නෑ.... එක්කො මොණරු.... එක්කො සරත්.....
සරත්ගෙ මල්ලි .... මෙහේ ඇවිත්..... කතරගම.... මොනරු නෑ.... මෙහේ වල් ඌරො නෑ....
වැඩේ ඉවරයි.... යමු තාත්තෙ.... ආයෙත් මැන්ටල් එක්ක...... ඇයි යකෝ මීක් නෑ.... නෝනෙ බලහංකො.... පිටිපස්සෙ මෝට සයිකල් දෙකක්.... හොන්ඩද?.... යමාහද?..... අනේ යමුකො සද්ද නැතුව.... ඒ ගමන නියෝගයක්....
අපි ගෙදර .... පුතාගෙ ගෙදර .... ඒකා බියර් ගෙනැල්ල..... ආතල් ඔක්කොම ඉවරයි.... දැං අපි දෙන්න.... මඩ ගහන වෙලාව..... වැඩක් නෑ ... පොඩි එකා ෆිජී වල.....

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget