හම්පඩයාගේ අඳෝනාව


හම්පඩයාගේ අඳෝනාව නොහොත් නූතන ජන කවි

බඩත් නෙරලා .... කොන්ඩෙ පැහිලා ..... ඇවිදගන්නත් අමාරුයි
හැත්ත එක .... දාහතයි හිතලා ..... කොන්ඩෙ ඩයි කරලා තමයි
සීනි වැඩි වී ..... කොලෙස්ට්‍රෝල් හා ...... බ්ලඩ් ප්‍රෙශර් හොඳටම වැඩියි
දිනපතා මෙට්ෆොමින් ......  ඇමිලෝඩිපින් ...... පෙති අහුරට වැඩියි

ඇඟට හිරවෙන ..... ඩෙනිම් ටී ශර්ට් ...... පයට ස්නීකර්ස් හරි අගෙයි
උදේ කොල කැඳ ..... ටිකක් බීලා ...... ගාලු කොටුවේ සැරි සරයි
ඇස් වහක් ..... කට වහක් වැදුනත් ...... ඕන ලබ්බක් සිලිමයි පහයි
මගේ සමකාලීනයෝ .....  ජීවත් වෙලා ... ඉන්නේ ටික දෙනයි

ගාලු කොටුවට .... වැටුනෙ නැති රණ ......  මොනර පිල් අද සැරිසරා
කලියුගේ හින්දද ..... දන්නෙ නෑ ........ නටන මොනරුන් පිරිවරා
ෆොටෝ ශූට් ...... ගන්නට එන්නෙ නෑ ...... මුලු මුදල ගෙවනා තුරා
හිග මුදල් ...... තිබ්බොත් කපෝතියි ..... සහතිකේ උන්  ඇත ඉරා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget