පුංච් පැංචි
රූමස්සල කන්ද අදුරුයි
වැහි වලාවක් අහස වටකර
පුංචි පැංචෙක් මහ ගලක් උඩ
යදිනවා බුදු රුවක් අභියස
වැහි වලාවක් අහස වටකර
පුංචි පැංචෙක් මහ ගලක් උඩ
යදිනවා බුදු රුවක් අභියස
වෙසක් පතකින් ඇය සදාගත්
පුංචි බුදු මැදුරක් ඉදිරියේ
යදිනවා ඇය භක්තියෙන්
සියුම් හඬකින් කඳුළු කැට පිස
පුංචි බුදු මැදුරක් ඉදිරියේ
යදිනවා ඇය භක්තියෙන්
සියුම් හඬකින් කඳුළු කැට පිස
විභාගය අත ලඟද කෙල්ලේ
පාඩමක් අත පසු වෙලා මෙන්
යදින්නේ පිහිටක් පතා වද
එතෙර වන්නද කඩ ඉමෙන්
පාඩමක් අත පසු වෙලා මෙන්
යදින්නේ පිහිටක් පතා වද
එතෙර වන්නද කඩ ඉමෙන්
විභාගය මට ප්‍රස්නයක් නෑ
තාත්තා දැන් ලෙඩ ඇඳේ
බුදු ගෙයක් මම හදා පින් දෙමි
මගෙ පියා සුව වෙන්න පතලා
තාත්තා දැන් ලෙඩ ඇඳේ
බුදු ගෙයක් මම හදා පින් දෙමි
මගෙ පියා සුව වෙන්න පතලා
හිරු දෙවිඳු බැස යන සැඳෑවේ
අඳුර අතරින් වැහි වලාවේ
දුටුව රිදියෙන් නිමවු සිත්තම
මගෙ නෙතට කඳුලක් ගෙනාවේ
අඳුර අතරින් වැහි වලාවේ
දුටුව රිදියෙන් නිමවු සිත්තම
මගෙ නෙතට කඳුලක් ගෙනාවේ
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.