අනේ ටීචර්…..
අනේ ටීචර් මමත් කැමතියි
ප්‍රින්සිපල්ගේ කාර් එක වගෙ
ලොකුම ලොකු රතු පාට එකකිං
මගේ ටීචර් බහින දවසට
පංතියේ අර දඩබ්බරයා
ජිනේවත් බිම පෙරලගෙන මම
දුවල ඇවිදිං අරිනවා දොර
ගන්නවා ටීචර්ගෙ බෑගය
ඒත් ටීචර් ජිනේ කියනව
ප්‍රින්සිපල් නම් පගා මරුවා
ඌත් ආවේ සල්ලි දීලා
උගේ අප්පලු ඌට කිව්වේ
අරගලය මට තේරෙන්නෙ නෑ
අන්තරය නම් දැකල පුරුදුයි
විස්ස විද්‍යාලෙට ඇතුලු වී
මටත් වේවිද පාරෙ නෑමට
කඳුලු ගෑස් පාරකුත් කාලා
Post a Comment