නුවර කෙල්ලන්ගෙ රෝමියෝ

නුවර කෙල්ලන්ගෙ රෝමියෝ… සිල්වෙස්තරයන්….

යාන්තම් SSC ඉවරයි…. කියවෙන්නෙම SSC කියල…. මෑතදි නේ GCE (O/L) උනේ… පරණ නමමයි කියවෙන්නෙ…. ඊලඟට HSC… නෑ GCE (A/L)... ගතියක් නෑ වගේ… HSC කිව්වම ගැම්මයි… Higher School නේ…. ඒකට results එන්නත් එපායැ….

හැට පහේ… සිල්වෙස්තරයෙ…. ආස්සරේ කලේම වාත සෙට් එකක්… හැමදාම මොකක් හරි කුණ්ඩවාලියක්… මොනව කලත් කවුරුහරි ගොබිලෙක් එතන…. තාත්තට ආරංචිය යනව… කාසල් වීදියෙ…. සයිමන් මහත්තයගෙ පොඩි එකා… මම පොඩි එකා… අයිය ලොකු පුතා…

රීගල් එකේ ගැලරිය… සත 55… පුටු නෑ… බංකු මකුනො පිරිල… ඒ මදිවට ගංජ කාරයො… ඇතුල්වෙන පෝලිම… හිර ගෙදර වගේ… එල්ලිල ඉන්නෙ… John Wayne…. Maureen Hingert…. ගැලරියෙ පොරේ… ලංකාවෙ එකම හොලිවුඩ් නිලිය බලන්න…. හරියට අද විතරයි වගේ…

ගංජ කාරයො…. මදාවි කාරයො… මාකට් කොල්ලො…. බජාර් එකේ කකුල්…. දෙයියන්නෙවෙල සුනිල්ගෙ සෙට් එක…. අපිත් අරින්නෙ නෑ…. අපි කටුකැලේ…. බාල්දි වත්තෙ… බාල්දි වත්ත කියන්නෙ වලි නිසා නම් නෙමෙයි… ඒකට වෙන අර්ථයක් තිබුන… කියන්න බෑ… හිතාගන්න 1965 ගනන්වල කකුස්සි වලට ගිහිල්ල… ඒත් බැරිනම්… සුදුහුම්පොල… අස්ගිරිය… සක්කිලි ලයිම්….ඊට වැඩිය කියන්න බෑ…. පටි රෝල් වෙනව.

ටිකට් දෙනකල් පන බයේ ගැහෙනව…. මුන්ට නෙමෙයි…. සුරංගනීල, molly ල, Audrey ල, මල්ලිකා අක්ක, සුදර්මි…. එකෙක් දැක්කොත් ඉවරයි…. Boot කෝටියක් වදිනව… උන්ටත් අල්ලන්නෙ අපේ මානෙලා වගේ first class යන උං… මානෙල් චන්ද්‍රරත්න…. මගේ අයිය….

යාන්තම් ඔලුව දාගෙන බැලුව… කිට මරල… Elvis bump එක දාල… Elvis නැතත්...ඒ දවස්වල කාටූන් එකේ…. ගොඩ්ඩිං අයිය වගේ…. දැක්කොත් පද්මාවතී….. කැමිලස්ගෙ මගෙ හිතේ…. මම ලපය වෙලා… ජීවිතේට ගැලරියක් දැකපු නැති එකා…. ඔය යන්නෙ….. first class පෝලිමට…. දැක්කොත් විනාසයි…. අම්මට complain…. ඌට ලැජ්ජයි… මල්ලි ගැලරියෙ… සිල්වෙස්තරයේ ආදර්ශමත් සිසුව…. Pytho ගෙ හොඳම ගෝලය… Double Maths…. Distinction… හිමීට ඔලුව ගත්ත ඇතුලට…. ඉබ්බෙක් වගේ.

මැවිල පේනව…. තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි… ගැලරියෙ…. තමුසෙ සිල්වෙස්තරයෙක් නේද… මූව ධර්මරාජෙට දැම්මනං ඉවරයි… නැත්නං විද්‍යාර්ථෙට…. තරහ වෙන්න එපා… එදා එහෙමයි… අද නම් එහෙම නැතිලු… සිල්වෙස්තරේ ගානටම නැතත්…  දැන් ඔය දෙකම හොඳයිලු…

රාජන් කිව්වම මතක් උනේ…. මේකට අදාල නැතත්… නොකියම බෑ ඕයි…. හිනාකාල මැරෙනව.. මගෙ පුතාගෙ යාලුවෙක්… ප්‍රසිද්ධ … ගොබිලෙක්… මචං මම අද ගාලු එනව… show එකකට… උඹ මාව බස්සපං… මගේ එකත් හා කියන්නෙ බොක්කෙන්ම…රාජන් highway එකෙන් ඇවිල්ල බැලින්නම්….  show එක බේරුවල….. ඔන්න රාජන්ල… මේක කියෙව්වත් ඕකා කොටන්නෙ නෑ…. කෙටුවොත් වැඩේ මාට්ටු.

සන්නගෙ භික්ෂු පරිච්ඡේදය වගේ… පටංගන්නෙ පංසලෙං…. ඉවරවෙන්නෙ මගුල් ගෙදරිං…. ඒකත් පට්ට ආතල්… ඒ විදියත් හොඳයි…. ආයෙත් යමුකෝ රීගල් එකට…. පටංගන්න බෙල් එක වදිනකොටම…. ලයිට් නිවෙනව…. කවුද එකෙක් ගැලරියෙ… නැගිටලා… අත් දෙකම උස්සල කෑගහනව…. “අඩෝ මානෙල්…. මල්ලි ගැලරියෙ”.. කවුද කියල පේන්නෙ නෑ…. ඒත් කටහඬට බොරු කරන්න බෑ.

අම්ම හිනාවෙනව…. අයියට මල පැනල… ඇත්ත කියන්න ඔයා ගැලරියෙද හිටියෙ…. ඔව්…. කවුද කෑගැහුවෙ…. දන්නෙ නෑ අම්මෙ…. බොරු අම්මෙ මුගේ කටහඬ…. මම දන්නෙ නැද්ද… ලැජ්ජයි අම්මෙ…. මූත් එක්ක … පාරෙ බැහැල යන්නත්… අම්මගෙ ගෝරිල්ල මම…. මගේ ගෝරිල්ල DJN.

ඒත් බැරිඋනා... ප්‍රධාන මාතෘකාවට එන්න.

FB එකේ සිල්වෙස්තරයෙක්…. නෝනයි ලමයි දෙන්නයි එක්ක …. පින්තූරයක් දාල… කොටලත් මැකුව… “ලස්සන පේන්නෙ... පසුතලේ හිස් උනාම…” තට්ටෙට අපහාසයක්… ඒක නිසා මැකුව… ඒත් පසුතලය… මගේ මතකය… අවධි කලා… මාලිගාවෙ මගුල් මඩුව… ඒ කාලෙ උසාවිය.

Results එනකල් … අපි නඩු අහමු…. පිස්සු…. මොකටද…. ජොලියට…. නොයෙක් විරෝධතා… අන්තිමට... මතකෙ හැටියට... ගුරා නිදිමතය… පසුකාලෙක…  පේර කැම්පස් එකේ… ඉංජිනේරු පීඨයෙ… Survey Section Head… අංගි… පසු කාලෙක… වාරි ඉංජිනේරු…. කීපදෙනෙක් සෙට් උනා… අපි නඩු අහන්න… උසාවියෙ වාඩි උනා… ප්‍රේක්ශකයො හැටියට.

කෑගල්ලෙ…. Rape Case එකක්… ලස්සන කෙල්ලෙක්… කෙල්ලෙක්මත් නෙමෙයි… සාරියක් ඇඳල…. කෙල්ල වෙනුවෙන්…. උසට උසේ… බණ්ඩාරනායක මහත්තය…. මාර handsome… හයේ හයේ…. Crown Council… නඩු තීන්දුවට කලින්…. අපි අපේ තීන්දුව…

චූදිතය කෙල්ලව…. පාලු ගෙදරකට ගෙනිහිල්ල… දූෂණය කරල…. හරස් ප්‍රශ්න…. විත්තියේ නීතිඥ …  පොලීසිය…. වෙලාවකට වැරදිකරු… ආයෙත් නිවැරදිකරු… අපේ ඔලු… කුරෝ-ඔලු වෙලා.. දවස් ගාණක් ඇදිල ගියා… අත ඇරියෙම නෑ… හැමදාම ගියා…. නඩ්ඩ අපිව notice කරන්නත් ඇති…. අපි කලින්ම ගිහිල්ල… ඉස්සරහින්ම ඉන්නව.

ගුරා මීක් නෑ… අපි වාද විවාද… කෙල්ල කැමැත්තෙං…. පල යන්න… අරූ බල්ලෙක්… ඕකා ගස් යනව…. තීන්‍ත කුප්පිය…. පෑන…. බර talks….පඩ කොල්ලො ටිකක්… සිල්වෙස්තරයෙ…. හෙට තීන්දුව…. මොකද කියන්නෙ… වැරදිකරු… වැරදිකරු…. වැරදිකරු…. ගුරා මීක් නෑ…. උඹ මොකද කියන්නෙ… උඹ අහගෙන හිටියෙත් නෑ නේ…. නිදිකිරා වැටුන නේ…. කමක් නෑ… කියහංකො බලන්න…. නිවැරදිකරු…. පල ඩෝ යන්න … ගොං තඩිය…. තොගෙන් අහල වැඩක්නෑ… ගුරා මීක් නෑ.

පහුවදා… අපි දත කට මැදගෙන… ගුරාට වටවෙලා දෙන්නෙ…. ගොං හරක…. ඌ මීක් නෑ….

විත්තිකරු සියලු චෝදනා වලින් නිදහස්….

ගුරා මීක් නෑ…  යකෝ තෝ කොහොමද හරියටම කිව්වෙ…. බණ්ඩාරනායක මහත්තයගෙ prosecution එක… පට්ට… ඇත්තටම කියාපංකො…

“කොහේද…  උඹල case එක... තේරුම් ගත්තෙ නෑ නේ… “ ගුරා කියාපි… නිදිකිරා වැටුනු එකා…

අනිත් උන් එහාට මෙහාට වෙලා… ගුරාට ලං උනා… අපේ ගෙදර ඇවිත්… උගේ හඩු shirt…. බෝල කූඩුවෙ දාල … මගේ කමීස ඇඳගෙන යන එකා… “ඇත්තටම කියාපංකො…”

“මම අහගෙන හිටිය…. කෙංගෙඩියක් නෑ බං… උඹලට පිස්සු නේ… නඩ්ඩත් නිදිකිරා වැටුන බං…. මම කෙල්ලට ඇහැක් ගැහුව…. කෙල්ල respond කලා…. චුට්ටක් හිටපංකො… මම වචනයක් දාල එන්නම්”

කෙල්ලො වැටෙන්නෙ නැතෑ… සිල්වෙස්තරයෙක් නේ...

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget