පුනරුත්පත්තියද?

පුනරුත්පත්තියද මෙය...

මහ වලාවක දිය බිඳක්වී
මිහිකතට බට මහා වැස්සක්
පහල ගම් බිම් දනව් සරුකර
ගලා හැලෙනා මහ සයුර වෙත

රළු වුවද මග දුර්ග පසු කර
දෙමින් ජීවය සිය දහස් වර
සතුන් සිව්පාවුන්ද ගහකොල
නැගී සිටියා මග දෙපස සිට

මිරිජ්ජක්වී ඉපිද මිහිමත
කරිජ්ජක්වී මහ සයුර ලඟ
හිරු රැසින් මම නැවත ඉපදෙමි
මහ වලාවක් ලෙස අහස් කුස

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget