වයිබරේ....

වයිබරේ….

මල කරදරේ… එංගලංතෙ ඇවිල්ලත් හිතේ සැනසිල්ලෙ ඉන්න හැටියක් නෑ මේ වයිබර් නිසා… වයිබර් කියන්නෙත් වයිෆර් වගේම වයිපරයක්… වාහනේ වයිපරේ නෙමෙයි…. ඇන්නොත් උඩුකුරිඥ්ඥං වෙන සයිස් එකේ පොලොං රාජයෙක්… ලෝකෙංම ඉංන විසකුරුම සතා ලංකාවෙ තිත් පොලොං රාජය කියල ලඟකදි හොයං තියෙංනෙ …. මම කිව්වෙ මගේ වයිෆරේ ගැන නං නෙමෙයි… මේක කියවන බොලාගෙ වයිෆර්ලා ගැන… 

නිවාඩුවකට හිරු නොබහින අධිරාජ්‍යයෙ කේංදරස්ථානයට ආවෙ ලංකාවම ඔලුවෙං අයිං කොරල නිදහසේ මොකක් හරි පල්හෑල්ලක් ලියලා උඹත් පොරක් කියලා බුකියේ හාල්පාලුවංගෙං කුනුහරුප ටිකක් අහං ආතල් එකක් ගංඥං කියල හිතාන…. කොහෙද ඒකටත් ඉඩක් නෑ… ඉස්සර මලදානෙ විනාඩියකට සියගානක් ගෙවාපු කෝල් එකට මේ බඩකඩිත්තු වයිබරේ නිසා අංඩ වාතයක් පිටඋනත් ගූ පුච්චං කන ඈයොත් වෙලාවක් අවේලාවක් නැතුව කෝල් ගංනෙ.... නෑ මචං නිකං කතා කලේ කියනකොට මලේ මල පනින්නෙ.

මැසෙන්ජරේ ඊට හපං… බුකියෙ ඔලු දෙකක් ආවොත් කොහේ හරි ඉන්න ගොබිලෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල… ඊලඟට දහාතෙ කල්පොනා කොරංඥෙ දන්න එකෙක්ද කියල…. රෙස්පෝන්ඩ් කලොත් ජංජාලයයි… ඊලඟ මොහොතෙං හායි ඔයා කොහේද …. කෙල්ලොවත් අපෙං අහපු නැති ප්‍රස්න පත්තරයක් එලියට එන්නෙ හැරෙන තැපෑලෙං… 

කොහොමිං හරි ලංකාවෙ විස්තර එසැනිං අපේ කනේ මේ වයිබරේට පිංසිද්ධ වෙන්ඩ…. 

"හලෝ කොහොමෙයි" 

ලංකාවෙං වයිබරේ අහනකොට මම චූං එකේ විස්කියක් ගහන ගමං හිටියෙ...

"හොඳයි… මොනවැයි තොරතුරු...?"

"ඩෙංගු ඕසෙට මෙහේ… අපේ ගමෙංම දහයක්"

"නෑ… කවුරුංගෙ කවුද…? "

"එහා ගෙදර මැගිලිං… මෙහා ගෙදර අබිලිං...ආ...තව අර සම්මානිගෙ නංගි"

"අර සංගමිත්තෙ හිච්චංකිතර එකීටත් හැදිලද..?"

"ඒකනේ… එයාල හේමාස් එකේ දාල ගොඩගත්තෙ"

"අප්පට සිරි ලොකු ගානක් යන්න නැතෑ"

"ඔව් ලස්සෙකට ඩිංගිත්තක් අඩුවෙං"

"ලොකු ගානක් නේ"

"ඔව්… ඒක ඉස්කෝලෙ ඉංශුවර් එකෙං ඔක්කොම ගෙවලා"

"මොනව… ඇත්තටමද?"

"ඔව් නේ"

"නෙදකිං සමනලයා… ඌ අජ්ජාපනේ කෑව… අපෙං බදු අරං ඩෙංගු වලට ගෙවනව… පර බල්ලා… ඕකව මෙදාපොටේ පන්නන්නම ඕන… ඔය ඔක්කොම මහිංද මහත්තයට කෙලවංඥ කොරන එව්ව… හිටුකො ගෝතා එනකං … ඔක්කොම සමනලුංගෙ තටු කප්පංඥ…. ඩෙංගු හැදුනම කෝටි ගනං ගෙවන්නෙ… යකෝ ලමයිංට කන්න නෑ… "

මම දිගටම කියවං ගියේ කෝල් එකට එංගලන්තෙ පෙනියක් වත් යන්නෙ නැති නිසා… මට අකිලයා අරහං… වෙන එවුං නැත්තං… ඇයි යකෝ පංචා යුදේ, ගෙංබංපිල, රත්තරං, බොරලුගොඩ කැනහිලා, වාසුව… කොච්චරක් උං ඉන්නවද රට හදංඩ...

"මචං ඕක කියනකොට මට මතක් උනේ අනගාරික ධර්මපාල තුමාටත් සමනලය කියල හංවඩු ගහල අපේ උං රටෙං එලවගත්ත කියල බෝක්කුව උඩදි අබරං සීය දවසක් කිව්ව ඇත්තෙයි බං.."

ටෙලිපෝං වයිබරේ එහෙම අහනකොට විසංදි උනාද විසංදි කොලාද කියල මම තාම කල්පොනා කොරනව...

පසු සටහං: බොරු නං ගාල්ලෙ සංඝමිත්තෙ පිංසිපොල් ගෙං වයිබරේ හරහා නොමිලේම අහගං

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget