ඒ මගෙන් හැමෝම අහන ප්‍රස්නය. ඒත් මට ඒකට උත්තරයක් දෙන්න බැරි මගේ හිත දන්නව මේ කිසි දෙයක් මම හිතා මතා කරගත්තෙ නෑ කියලා. දිය පහරක් පහලට ගලාගෙන යන්නෙ අවට පරිසරය හැඩ ගැහිල තියෙන විදිහට. ඒ දිය පහර මහා ඇල්ලකින් පහලට කඩා හැලෙන්නෙ හරිම අකාරුනික විදියට. මගේ ජීවිතෙත් ඒ වගේ කඩා හැලුනෙ මාව මානසිකව සුනුවිසුනු කරලා. මා වටා ගොඩනැගිලා තිබුන පරිසරය මාව මෙතනට ඇදලා දැම්ම.
"මොකද්ද බං උඹට මේ සිද්ධ වුනේ?"
ඒ ප්‍රස්නෙට නම් මගේ දීර්ඝ පිලිතුරක් තියෙනවා.
~~~~~~~~~~
ගමේ පන්සලේ විහාර මළුවෙ ඇත් පවුරට පිට දීල ඉඳගත්තෙ මගේ මහමෙරක් බර දුක් කන්දරාව බිමින් තියන අදහසින් වුනත් අනායාසයෙන් හිත හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසකට ඇදිලා ගියා. අවුරුද්දක්ම හිතට වද දුන්න ඒ කටුක අත්දැකීම මාව අද මෙතනට ගෙනාවෙ ඇයි කියන ප්‍රස්නයට පිලිතුරක් සොයන්න තරම් මගේ මිනිස් සිත ගැන තියෙන අවබෝධය මදි කියලයි මට නම් හිතෙන්නෙ.
හරියටම අවුරුද්දකට කලින් අද වගේ ජූනි මාසෙ දොලොස් වෙනිදා දවසක මම විහාර මළුවට ආවෙ වන්දනා මාන කරන්න නම් නෙමෙයි. එදත් මෙතනම මේ විදියටම ඉඳගෙන වෙලාව එනකල් දොහොත් මුදුන් තබාගෙන නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ අද වගේ සන්සුන් සිතකින් නම් නෙමෙයි.
අලුත් නායක හාමුදුරුවො සුපුරුදු විදිහටම එදත් විහාරය වන්දනාමාන කරළා පඩි පෙල ලඟට ආවෙ එයාගෙ කුටියට යන්න හිතාගෙන වෙන්න ඇති. මට පැවරිලා තිබුනෙ ඒ බව ජංගම දුරකථනයෙන් රුවන්ට දැනුම් දෙන්න විතරමයි. එතනින් එහාට කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ.
නායක හාමුදුරුවො පඩිපෙළ බහිනවාත් එක්කම විශාල සද්දයක් එක්ක මම දැක්ක උන්නාන්සෙ වැටෙනව. මම කිසිම දෙයක් නොදැක්ක ගානට අනිත් පඩිපෙලින් බැහැලා ගෙදර ආව.
හරියටම අවුරුද්දකට පස්සෙ අද දවසෙ මොකද්දෝ අභූත බලවේගයක් විසින් මාව නැවත වරක් මෙතනට ගෙන්නුවද කියලත් මට වෙලාවකට හිතෙනව. අවුරුද්දක් ම සමාජයෙන් ඈත්වෙලා ඉඳපු මම ගෙදරින් එලියට බැහැලා කෙටි පාරකින් විහාර මළුවට එන අතරෙ ලඟ පාත ගෙදරක පොඩි ළමයි කීපදෙනෙක් සෙල්ලම් කරනවා මම ටිකක්
~~~~~~~~~~
කලින් මේ විහාරස්ථානයේ වැඩ සිටි නායක හාමුදුරුවො අපවත් වුනේ කලක් අසනීපෙන් සිටි නිසාත් වයස්ගතව සිටි නිසාත් කියන කාරණාව මුළු රටම දැනගෙන හිටියා. මුළු රටේම බෞද්ධ ජනතාව ඉතාමත්ම භක්ත්‍යාදරයෙන් වන්දනා මාන කරන මේ විහාරස්ථානයට ලැබෙන රාජ්‍ය අනුග්‍රහයට අමතරව දිනපතා පැමිනෙන බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර විශාල ප්‍රමාණය ගනනය කරන්නත් බැරි තරම්.
පිටින් බැතිමතුන් මේ විහාරස්ථානය වැඳ පුදාගන්න වැල නොකැඩී ආවත් ගමේ මිනිස්සු නම් මෙතනට ආවේ යම් කිසි මුදලක් හරි හම්බ කරගන්න. සමහරු තෙල් මල්, හඳුන්කූරු විකුනන අතරෙ තවත් සමහරු හිඟන වෙස් ගත්තා. තවත් සමහරු මිනිස්සුන්ගෙ භක්තිය අධික මිල ගනන් වලට විකුනගෙන කෑව.
නායක හාමුදුරුවො හාස්කම් මවා පාන අවස්ථා වල මිනිස්සු සාධුකාර දුන්නෙ මුළු රටටම ඇහෙන්න මාධ්‍ය අනුග්‍රහයෙන්. ඒ අතරෙ මිනිස්සුන්ගෙ සාක්කු හිස් වුනේ එයාලටත් නොදැනීම. බලධාරීන් ධර්මය ආගමකට හරවාගෙන වාණීජ කරනය කලා. අවට පරිසරයත් මේ හැම මජර ක්‍රියාවකටම අනුබල දුන්නා. අවට පදිංචිව සිටි මිනිස්සු හැම දෙනෙක්ම වගේ යැපුනෙ මේ විහාරස්ථානය නිසයි.
මම අද මෙතනට ආවෙ ඒ කිසිම දෙයක් ආවර්ජනය කරන්න වත් විවේචනය කරන්න වත් නූනත්, මමත් ඒ මජර ප්‍රවාහයේම ගසා ගෙන ගියා නේද කියල මට තේරුම් යනකොට ගොඩාක් ප්‍රමාද වෙලා, ජීවිතේ අගාධයේ දොරකඩටම ඇවිත්. කාගෙන්වත් පලිහැනීමක් තුන් හිතකවත් නොතිබුනත් මගේ ජීවිතේ ගැන තීරණාත්මක අවස්ථාවකට මම ඇවිත්.
~~~~~~~~~~
පාසැල් වියේ ඇතිවුන ප්‍රේම සම්බන්ධයක් මගේ විවාහයට මුල් වුනේ කාගෙත් කැමැත්ත මත. ලොකුවට මගුලක් කන්න තරම් වත්කමක් මගේ දෙමව්පියන්ට නොතිබුනත් පවුලේ එකම දරුවා හැටියට ලඟම ඥාතීන් කීප දෙනෙකුටත් තාත්තාගේ හිතවතුන් අතලොස්සකුත් එදා සහභාගී වුනා. තිස්සට මම කැමතිවුන එකම හේතුව එයාගෙ තිබුන අහිංසක කම විතරමයි. විවාහ ජීවිතය ගැන නිසි අවබෝධයක් නොතිබුන නිසාදෝ මම එයාගෙ අහිංසක ගති වලට ආදරේ කලා. ඒත් ඒ අහිංසක කමත් මගේ රූපයත් අපේ ජීවිත වලට අති විශාල වශයෙන් බලපෑම් කළා.
තිස්සගෙ හොඳම යාලුව රුවන් පලාතෙ ප්‍රභූ යැයි සම්මත පවුලක සම කාලීනයෙක්. රුවන්ගෙ පියා විහාර මළුවෙ එක් කොනක ස්ථාපිත දේවාලයේ කපු මහතා. ඉතාමත් ගුන යහපත් කෙනෙක් හැටියට කාගෙත් සිත් දිනාගෙන සිටි බණ්ඩාර කපු මහතා දේවාලයේ පූජාව භක්ත්‍යාදරයෙන් සාධාරණ ව ඉෂ්ඨ කලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේද සිත දිනාගනිමින්.
කාලයාගේ ඇවෑමෙන් රුවන්ට සිද්ධ වෙනවා දේවාලෙ කපුකම භාරගන්න එයාගෙ තාත්තගෙ හදිසි වියෝවත් එක්කම. රුවන් දේවාලෙ විශාල වශයෙන් වාණීජකරණය කරන්නේ කාගේත් කැමැත්තටම නූනත් බොහෝ අය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා නිහඬ වෙනවා. වෙනදා සම සමව දේවාලයත් විහාරස්ථානයත් අතර බෙදී ගිය දේවාල ආදායම දිනෙන් දින සරු වෙන්න පටන්ගත් නිසාමදෝ එවකට වැඩසිටි නායක ස්ථවීරයන් වහන්සේත් නිහඬ වෙනවා.
සියල්ල මුදලට විකිණෙන ලෝකය ඉදිරියේ භක්තියත් මුදලට විකිණෙන්න ගන්නවා. දේවාශිර්වාදයටත් මිළක් නියම වෙනවා. දේව පූජාවටත් මිළ දර්ශකයක් වදිනවා. පූජාවට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තු ගත වෙලා මුද්‍රණය වෙනවා. පූජාවට පමණක් විවර වෙන දේවාල දොර වන්දනාවට අගුල් වැටෙනව. වෙනදා වැල නොකැඩී දේවාලයට ඇතුල් වුන බැතිමතුන් හට විහාර භූමියේ සිට දෙවියන් යදින්න සිද්ධ වෙනවා. දේවරූපයට හිස තබා නමස්කාර කල බැතිමතුන්ට දේවාලය තුලට යෑම තහනම් වෙනවා. පූජා භාණ්ඩ ලැයිස්තුවට අනුකූලව රැඟෙන යන අයට පමණක් දොර විවර වෙනවා. කපු මහතාගේ අනුග්‍රහයෙන් සියලුම පූජා භාණ්ඩ චක්‍රීකරණයට භාජනය වෙන අතර ආදායම් සරු වෙනවා.
රුවන්ගෙ ලඟම මිත්‍රයා හැටියට සීග්‍රයෙන් ගලා යන මේ ප්‍රවාහයට නොදැනීම තිස්සත් ඇතුල්වෙන්නෙ රුවන්ගෙම ඉල්ලීමකට අනුකූලවයි. බැතිමතුන් රැඟෙන එන පූජා භාණ්ඩ අතර ප්‍රතිචක්‍රීකරණය කල හැකි සියලුම භාණ්ඩ සිය නිවසේදීම රහසිගතව සිදුකිරීමට තිස්සගේත් මගේත් සහාය නොමඳව ලැබෙනව. ඒ වෙනුවෙන් දවසේ වැඩි කොටසක් රුවන්ගේ නිවසේ ගත කරන්නට මට සිදුවෙනව. මේ අතර රුවන් මිලදී ගත් කැබ් රථයේ භාරකාරත්වයද තිස්සට පැවරෙනව. බොහෝ අවස්ථාවල මම රුවන්ගේ ගෙදර තනිවෙනවා.
~~~~~~~~~~
"නංගි… මට තේරෙනව ඔයා සතුටින් නෙමෙයි ඉන්නෙ කියලා… ඇහුවට අහිතක් හිතන්න එපා.. තිස්සගෙ ඇල් මැරුණු ගති ගුන වලින් ඔයා ඉන්නෙ හෙම්බත් වෙලා නේද?"
රුවන් මගෙන් ඒ විදියට ඇහුවාම මම පුදුම වුනේ නැත්තෙ මට මෑතදි පැහැදිලිව තේරුම් ගිහින් තිබුනා මෙයා මාත් එක්ක සුහද පිලිසඳරකට කල් යල් බලන විත්තිය.
"ඒ එයාගෙ හැටි නේ අයියෙ"
මම ඒ විදියෙ පිලිතුරක් දුන්නෙ මාතෘකාව මග අරින්න මත් නෙමෙයි. ඒ පිලිතුර දීර්ඝ සාකච්ඡාවකටත් අපේ ජීවිත උඩු යටිකුරු කරන්නත් මූලාරම්භයක් වේවි කියලා මට ඒ වෙලාවෙ හිතුනෙම නෑ.
"පිරිමියෙක් උනාම මීට වැඩිය කඩිසර වුනේ නැත්නම් දියුණුවක් වෙන්නෙ නෑ… මගේ හොඳම යාළුව වුනත් මම එයාගෙ ඔය සෝමාරි කමට නම් කැමති නෑ… මට ප්‍රස්නයක් නෑ… එයා මම කියන හැම වැඩක්ම කරනවා… ඒ වෙනුවෙන් එයාට මම ඕනවටත් වඩා ගෙවන්නෙ මට එයත් ඔයත් ගොඩාක් විශ්වාස නිසයි…. ඒත් මට පේනව ඒ දේවල් ඔයාගෙ පවුල් සංස්ථාවට බලපානව"
මම විවාහ වුන දවසෙ පටන් මේ වෙනකල්ම ගතකරපු ඇල් මැරුණු නිදියහන චිත්‍රපටියක් වගේ ආයෙත් පෙනෙන්න ගත්තා.අපි කායිකව සම්බන්ධ වුනේ කිසිම ආස්වාදයකින් තොරවම. මේ වෙනකොට අපි කායිකව සම්බන්ධ වෙන්නෙම නැති තැනකට අපි පත්වෙලයි හිටියෙ.
"ඔය දෙන්නගෙ ආර්ථික අග හිගකම් ඉහටත් උඩින් පියවන්න මට හයිය හත්තිය තියෙනව… දැනටමත් ඒ ටික මගෙන් ඔය දෙන්නට සිද්ධ වෙනව කියන එක මම හොදාකාරවම දන්නව… මේ දේවාලෙ මම ජීවතුන් අතර ඉන්නතාක් කල් මගේ… ඒක වෙනස් කරන්න කාටවත් බෑ… ඔයා දන්නවනේ දවසක දේවාලෙ ආදායම මම කොච්චර වැඩි කලාද කියල… කී දෙනෙක් දේවාලෙන් අද වෙනකොට යැපෙනවද… එහෙව් එකේ ඔයාල දෙන්නත් ජීවිතේ සරුකර ගන්නම ඕන… ඒකට අවශ්‍ය වටපිටාව මම දැනටමත් සූදනම් කරලයි තියෙන්නෙ…. ඔයා ඒ බව දන්නව නේ"
එදා ඒ කතාව අතරමග නතර වුනේ දේවාලෙ ආවතේව කරන මනුස්සයගෙ පැමිණීමත් එක්ක. රුවන් කියාපු දේවල් එදා මගේ හිතේ යාන්තමට හරි එයා ගැන තිබුන අප්‍රසන්නතාවය නැතුව ගියා. මිනිස්සුන්ගෙ භක්තිය විකුනාගෙන කෑවත් මේ මනුස්සයගෙ ඇතුලාන්තයෙ ඉන්න සුන්දර චරිතයක් මට පෙනුනා. එදා ඇතිවුන ඒ ප්‍රසන්න හැඟීම දවසින් දවස වර්ධනය වෙන්න ගත්තා. සමහරවිට තිස්සගෙ මන්දගාමී ජීවන රටාවත් මගේ සිත ඒ පැත්තට නැඹුරු වීමට විශාල වශයෙන් හේතු වෙන්න ඇති.
~~~~~~~~~~
මට පැවරිලා තිබුන වගකීම පූජා භාණ්ඩ ප්‍රතිචක්‍රිකරණය කරන එක. සෑම දේව පූජාවකටම අවශ්‍ය පූජා භාණ්ඩ ලැයිස්තුවක් මුද්‍රිතව බැතිමතුන්ට ලබාගන්න රුවන් සලස්වලා තියෙනව. ඒවා අධික මිළ ගනන් වලට සපයන්නත් නගරයේ විශේෂිත කඩ අඳුන්නල දීලත් තියෙනව.
සුදු රෙදි යාර හයයි
කහ රෙදි යාර තුනයි
තිර පැකට් එකයි
සුවඳ විලවුන් බෝතල් එකයි
හඳුන් තෙල් කුප්පියක්
හඳුන් කූරු පැකට් එකයි
කපුරු පැකට් දෙකයි
රෝස වතුර බෝතල් භාගයයි
සාම්බ්‍රානි පැකට් එකයි
පස් තෙල් කාලයි
කටු කැරළි එකයි
පොල් තෙල් බෝතල් භාගයයි
මේ ලැයිස්තුව මිළට ගන්න විශාල මුදලක් බැතිමතුන් වැය කරනවා. ඒ මුදලින් ලොකු පංගුවක් හැමදාම රුවන්ට අතටම ගෙනැවිත් දෙන්න කඩකාරයො නොපැකිලව ඉදිරිපත් වෙන්නෙ එයාලගෙ ලාභෙත් අති විශාල නිසයි.
රුවන්ගෙ තාත්ත දේවාල කපුකම කරන කාලෙ නියම වෙලා තිබුනෙ සුදු රෙදි යාර හය වෙනුවට සුදු වේට්ටියක් දේව රූපෙට අන්දවන්නයි. බැතිමතුන් ගෙන් ලැබෙන වේට්ටි එකක් ඇර එකක් පන්සලට දෙන්න නියම වෙලා තිබුන නිසා රුවන් නොවරදවාම ඒ පොරොන්දුව ඒ විදියටම කරන්න අමතක කලේ නෑ. පිං කැටයට වැටෙන ආදායමත් භාගෙට භාගයක් පන්සලට දුන්නත් පඬුරු හැටියට ලැබෙන මුදල් හා අනිකුත් වටිනා භාණ්ඩවල ගණනයක් නොතිබුන නිසා ඒකෙන් වැඩි කොටස රුවන් තියාගත්ත විත්තිය නායක හාමුදුරුවො නොදැන සිටියාමත් නෙමෙයි. වයෝවෘද්ධ භාවයත් රුවන්ගේ පියාට තිබුන ඥාතිත්වය හා ගෞරවය පෙරදැරිව නායක හාමුදුරුවො ඒ ගැන සැලකිලිමත් වීම මග ඇරියා වෙන්නත් පුලුවන්.
~~~~~~~~~~
රුවන් කොහේ ගියත් යන්නෙ තිස්සත් එක්ක නිසා ඒ දෙන්නගෙ සම්බන්ධයත් ටිකෙන් ටික වර්ධනය වෙන අතරෙ අපේ අත මිට සරු වීමත් ඉබේටම වගේ සිද්ධ වුනා. ඒ යන ගමන් වලදි රුවන් මොනවා හරි තෑග්ගක් මට ගෙනැවිත් දෙන්න අමතක කලේ නෑ. මුල් දවස් වල ඒ තෑගි රස කැවිලි වගේ පොදු දේවල් වලට සීමා වුනත් පහු වෙනකොට මට ම විශේෂිත සාරි වගේ දේවල් ගේන්නත් එයා අමතක කලේ නෑ.
රුවන් යුග දිවියට බැඳුනෙ අපිටත් කලින්, ප්‍රදේශයේ ප්‍රභූ පවුලක දියණියක් එක්ක. පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධයක් ඒ විවාහයට මුල් වෙලා තිබුනත් විවාහය සාර්ථක වුනේ නෑ. ප්‍රේම සම්බන්ධය දැනගත් දෙමව්පියො ඒක නවත්වන්න යොදාගත්තෙ තර්ජනය හා හිංසනය. මග තොටේදි රුවන්ට හොඳටම අල්ලගෙන අඩන්තේට්ටම් කළ නිසා කෙල්ල රුවන් එක්ක පැනල ගියේ කාටත් හොර රහසේ. රූප සොභාවයත් ගතිගුණත් කිසිසේත්ම නොගැලපුන නිසා දෙන්නා මේ වෙනකොට නීතියෙන් දික්කසාද නූනත් වෙන්වෙලා හිටියා.
උදෙන්ම රුවන්ගෙ ගෙදරට එයාම අරගෙන දීල තිබුන කැබ් එකෙන් එන අපි දෙන්නා ආයෙත් ගෙදර යන්නෙ රෑ වෙලා. සමහර විට අපි ඒ ගෙදරම නැවතුනේ බොහෝ දුරට වැඩ අධික දවස් වල නිසා මගෙත් තිස්සගෙත් වැඩි හරියක් ඇඳුම් තිබුනෙත් ඒ ගෙදරම අපිටම වෙන් වුනු විසාල කාමරයක.
~~~~~~~~~~
මට එදා මඟුල් ගෙදරක් යෙදිලා තිබුන නිසා කාමරේ රුවන්ම තෑගි දීල තිබුන සාරියක් ඇඳගෙන කොණ්ඩෙ පීරන ගමන් හිටියෙ. තිස්ස පිට වැඩකට ගිහින් හිටිය නිසා මම කුලී රථයකින් යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවෙ ගෙදර ඉන්න රුවන්ගෙ වයසක අම්මට කියලා සාරි කටුව ගහගන්න හිතාගෙන. ඒ වෙලාවෙ අම්ම පේන්න හිටියෙ නැතත් රුවන් සාලෙ පත්තරයක් බල බලා හිටියා.
"ඒ සාරියට ඔයා හරිම හැඩයි නංගී… මම ගෙනාපු එකක් නේද?"
රුවන් මගේ දිහා බලලා කිව්වෙ අවංකවම කියලා මම දන්නවා.
"ඔව් අයියෙ… මමත් ඒ සාරියට ආසයි… ඇයි සෙරෙප්පු දෙකත් ඔයා නේ දුන්නෙ"
මම එහෙම කියනකොට එයා නැගිටලම ලඟට ආවෙ මම කකුලක් ඉස්සරහට දමලා එයාට පේන්න යන්තමට සාරිය එක අතකින් උස්ස ගත්තෙ අනික් අතින් සාරි කට්ට ගහන්න පොට අල්ලගෙන ඉන්න ගමන්.
"ආ… සාරි කට්ට නේද… මම ගහන්නද?"
මට එපා කියන්න කිසිම හේතුවක් තිබුනෙත් නෑ කිසිම උවමනාවක් තිබුනෙත් නෑ. මේ වෙනකොට මගේ හිතේ තිස්සගෙත් රුවන්ගෙත් අතර තිබුන වෙනස බොහෝ දුරට පහව ගිහිල්ලයි තිබුනෙ. ඇත්තම කියනවා නම් තිස්සට වැඩිය මම මේ වෙනකොට රුවන්ට හිතින් ලංවෙලා හිටියෙ.
"අයියට පුළුවන්ද?"
එකපාරටම හා නොකියා මම එහෙම කිව්වෙ පොඩි ආත්ම ගෞරවය කුත් මගේ හිතේ තිබුන නිසා වෙන්න ඇති.
"පුරුද්දක් නං නෑ… පොඩි උත්සාහයක් කරලා බලමු"
අපි කාමරේ කණ්නාඩිය ඉස්සරහට ඇවිත් එයා කටුව අතට ගත්තත් ඒ කණ්නාඩිය තුලින්ම අපි දෙන්නගෙ එකට ඉන්න රූප දෙක ලස්සනට පෙනුනා. ඒ වෙලාවෙ අපි දෙන්නගෙම ඇස් එකම මොහොතක ගැටුනා. අපි දෙන්නටම අහක බලාගන්න බැරි වුනා. රුවන් මගේ කම්මුලට එයාගෙ කම්මුල එකතු කරනකොට මගේ මූණ දිගේ මොකද්දෝ සුන්දර හැඟීමක් පපුව ඇතුලටම කිඳා බහිනව වගේ දැනුනා. අපූරු බලවේගයක් මාව එයාගෙ පැත්තට හැරෙව්වා. මගේ නලලෙ රැඳුන එයාගෙ තොල් පෙති සීරුවෙන් කම්මුල් දිගේ ඇවිත් මගේ තොල් සිප ගත්තා. මම ආදරෙන් එයාව වැලඳ ගත්තා. අපේ ඇඳුම් එකින් එක හුළඟෙ පාවෙලා ගියා. අපි පිස්සුවෙන් වගේ අපේ සිරුරු ගවේශණය කරන්න ගත්තා. එයාගෙ ඇඟෙන් පිටවෙන සුවඳ, ඒ හුස්ම මගේ පපුව අසීමිතව පිරෙව්වා. ජීවිතේ කිසිදාක විඳපු නැති ආදරයක් රුවන් මට බන්දේසියක තියලා දුන්න. මම ගොඩාක් ආදරෙන් ආසාවෙන් ඒක භාරගන්නකොට එයා මගේ ඇඟ ඇතුලටම ගිහිල්ල මාව අනන්තයටම එක්ක ගියා. අපි ඒ අනන්තයේ සැරිසැරුව.
හැතැප්ම ගානක් දුවලා හති දාන දෙන්නෙක් වගේ අපි ඇඳ උඩ එකිනෙකා බදාගෙන කොච්චර වෙලාවක් හිටියද කියල අපි දන්නෙ නෑ.
"ඔයා මගේ වස්තුවෙ"
රුවන් මගේ කණට කොඳුරන කොට මට එයාට කියන්න දහසක් දේවල් තිබුණ.. ඒත් මම ආයාසයෙන් එකම දෙයක් එයාගෙ කණට කරලා කිව්වා.
"ආදරේ මෙච්චරම සුන්දරද අයියෙ"
ඒක මම ඇහුවෙ ප්‍රස්නයක් විදියට නම් නෙමෙයි; පිළිතුරක් විදියට එයා තේරුම් ගත්ත කියලා මට හොඳටම විශ්වාසයි.
එදා පටන් හැමදාම වගේ අපි එකතු වෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් යොදාගත්තා. අපි ගොඩාක් සතුටින් එකතු වුනා. ඇත්තටම මගේ ජීවිතේ අළුත් වුනා. අපිට කිසිම ආර්ථික ප්‍රස්නයක් තිබුනෙ නැති නිසාත් ඕනෑවටත් වඩා නිදහසත් මේ බිත්ති ඇතුලෙ තිබුන නිසාත් අපි අසීමිතව එකතු වුනා.
~~~~~~~~~~
නායක හාමුදුරුවො අසනීප වෙලා ජනාධිපති තුමාගෙ අනුග්‍රහය යටතේ කොළඹ පුද්ගලික රෝහලකට ගුවනින් ගෙන ගොස් ඇතුලත් කලත් අපවත් වුනා. රාජ්‍ය අනුග්‍රහය සහිතව දේහය ආදාහනය කළා.
අළුතින් පත්වෙලා ආපු නායක හාමුදුරුවො තරමක දැඬි ස්ථාවරයක සිටියත් රුවන් ඒ ගැන වැඩි තැකීමක් කලේ නෑ. මේ වෙනකොට රුවන්ගෙ සමාජ පැවැත්ම ඉතාම ඉහල මට්ටමක තිබුණා. මැතු ඇමතිවරුන් පවා කිට්ටුවෙන් ඇසුරු කළා.
සාමාන්‍යයෙන් දේවාලයක කපුකම පරම්පරාගතව පැවත ආවත් මේ දේවාලයේ එහෙම සිරිතක් තිබුනෙ නෑ. සියළු බලධාරියා හැටියට ක්‍රියා කලේ නායක හාමුදුරුවොයි. අළුතින් පත්වෙලා ආපු නායක හාමුදුරුවරුවන්ට ගිහි ගෙයි සිටි අවධියේ සිටි බිරිඳට නඩත්තු ගෙවන බව ඇස් පනාපිට ඔප්පු වුනේ දවසක් ඒ ගෑණි නඩත්තු ඉල්ලාගෙන පන්සලට ඇවිත් රණ්ඩු වෙන්න ගත්ත නිසයි. එයට අමතරව හවසට මත්පැන් පානය කරන දුශ්ෂීල හිමි නමක් හැටියට වැඩි කලක් නොගොසින්ම ප්‍රසිද්ධ වුන නිසා රුවන් එයා ගැන වැඩි තැකීමක් කලේ නෑ. පන්සලට දේවලයෙන් ලැබෙන කොටස ගැන හටගන්න මතභේද ගැනවත් රුවන් වැඩි අවධානයක් යොමු කලේ නෑ.
මේ අතර දවසක් බැතිමතෙක් පූජා කල රත්‍රන් මාළයක් රුවන් ගෙදර ගෙනාවා. එයා ඒ වෙනුවට ගෙදර තිබුන කුඩා මාළයක් පන්සලට භාර දුන්නා. එයා කීයටවත් හිතුවේ නෑ දේවාලෙට පූජා කරන්න ගෙනාපු මාලෙ ඒ බැතිමතාම කලින් නායක හාමුදුරුවන්ට පෙන්නලා ගෙනාපු විත්තිය.
පහුවදාම නායක හාමුදුරුවො දේවාලෙට සීල් තියලා රුවන්ව එලියට දැම්මා. රුවන් යක්ෂාවේස වෙලා හැමතැනම කියවන්න ගත්ත නායක හාමුදුරුවන්ගෙන් පළි ගන්න බවට.
රුවන් මගෙන් එකම ඉල්ලීමයි කලේ නායක හාමුදුරුවො විහාර මළුවෙන් පිටත් වෙනකොටම ඇමතුමක් දෙන්න කියලා. මම ඒ ඉල්ලීම හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක ඉෂ්ඨ කලා.
පහුවදාම රුවන් පොලිස් අත් අඩංගුවට පත් වුනා. ටික දවසකින් මටත් තිස්සටත් රිමාන්ඩ් සිර ගත වෙන්න සිද්ධ වුනා. මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා මට කියාපු දෙයක් මගේ හිතට පහුගිය කාලවකවානුව පුරාම වද දෙන්න ගත්තා.
"ඔයාට රජයේ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වෙන්න කැමති නම් නායක හාමුදුරුවො වෙඩි පහරින් නොමැරුනු නිසා දඬුවම අවම කරගන්න හෝ නිදහස් වීමට අවස්ථාවක් ගන්න පුළුවන්"
දොහොත් මුදුන් කර වෙහෙර වහන්සේ වැඳ පුදා හෙදර යාමට මම සූදානම් වුනේ, තව දුරටත් අපේ ආදරය වෙනුවෙන් රුවන් ලඟින්ම ඉඳගෙන එන ඕනම අවස්ථාවකට මුහුණ දෙනවාය යන ස්ථීර අදිටනින්.
Post a Comment