අමතර පංතියේ අපි......


අමතර පංතියේ අපි....

කලුවැල්ලෙ පන්තියට
අපි ගියේ වසරක්ම
හොඳම යහලුවො වගේ
කඩචෝරු බෙදාගෙන

තව දවස් කීපයයි
First Flag උස්සන්න
අයියලා කියනවා
අද උදේ මහින්දෙදි

මචං මම හෙට එන්නෙ
මේස් දෙක ගලවලා
බැජ් එකත් සාක්කුවෙ
නොපෙනෙන්න හංගගෙන

වරෙං ඒ විදියටම
වෙනත් ඉස්කෝලෙක වගේ
හැකිවේවි ආයෙමත්
එක ලඟින් ඉඳගන්න

කඩල ගොට්ටක් අරං
බෙදාගෙන සෙනෙහසින්
සහෝදරයන් වගේ
එකට පංතියෙ ඉන්න

මහින්දය දෙවෙනි මව්
උඹේ මව රිච්මන්ඩ් ය
අයියලට අපි කියමු
කවුරු දිනුවත් එකයි

ආදරෙන් රංඩු වෙමු
සෙනෙහසින් සමුගනිමු
හෙට දවසෙ ආයෙමත්
බෙදාගෙන කඩල කමු

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget