අබරං සීයා...

අබරං සීයා සහ මුනුබුරා

"සීයෙ… හොඳයි කියාං බලංඩ අපේ ගෝට සෑර්ට සුදුසුම අගමැට්ටා කවුද කියාලා… උඹ හරි හමං නමක් යෝජනා කලොතිං… මං  බොට කේරළ ගංජා සුරුට්ටුවක් දෙයියංපා ගෙනත් දෙනෝ…"

"මං කියඥ්ඥං … හැබැයි මට තෝ විස්සාසයක් නෑ ඕං… තෝ කේරළ ගංජා කියාලා මොන දහජුරාවක් ගෙනැත් දෙයිද දන්නවයැ…"

"සීය පල්ල සීයෙ... චන්දෙ ලඟ නිසා කේරළ ගංජා වැහි වැහැලා බාං… දෙසීය විසි පහෙං වැඩි පංගුවක් ගංජා ගෙන්නන නිසා අවුලක් නෑ… දෙනව කීවොත් මේ පුතය දෙනවමයි… ගෝට සෑර් කිව්වැහෙ...."

"මයේ මනාපෙ නං බොලේ මයින්ද මාතියා… සහෝදරයා නෙව… වැඩ කොරන්නත් ලේසියි නෙව…. අනික ගිය සැරේ අපේ මායියට සිල් රෙද්දකුත් දුන්නැහේ… "

"ඇත්ත කියාං සීයෙ… උඹයි මායි එකට ගංජා ගහන්නැහෙ අද උදහැනැක්කෙ තෝ මං සරීරක්කුරුතිය කොරන්ඩ ගිය වෙලේ ගංජා ගැහුවැයි ඔහොම කයියක් කෙලින්ඩ… එතකොට බාං අර සයින්දමරුන්දු කතංදරේ අයිය දුන්න… මල්ලි ගත්තා… ඒ මක්කෙයි බාං…."

"තෝ පොඩි එකා තාම... ගංජා ගැහුවට උජාරුවට… තොට තේරෙන කෙංගෙඩියක් තියෙයි… යකෝ ඕක අර ඉස්සර පංසලේ පෙන්නාපු ටීටර් වගේ නේ බොල… අපිට පේංඩ කඩුවෙං කොටා ගන්නවා… මේං උං පිටිපස්සෙං එකට රා අඩ්ඩ කෙලිනවා ලුණු පොල්කට්ට පැත්තෙං තියාන… ටීටර් එකේ පයිට් බලාන අපි විසිල් ගානවා…"

"ඒ උනාට උඹෙ මායිය නං කීවෙ පුතානෝ තමා හොඳම කියාලා… උන්දෑ කියන්නෙ ගෑනුන්ට පත්තිරිප්පුව පෙංනුවෙත් පියානෝ නිසා පුතානෝ ආවොත් හොඳා කියාලා.."

"උන්දෑ දංන සිංපිඩියක් තියේ…. ඒක හරියන එකක්යැ බාං… ගෝට මිලිටරියා… පුතානෝ සෙමටිරියා… බොට මතක නේ අර චේ ගුවේරට ඇඳගෙන හිටි ගල් කටස් වීරයා සෙමටෙරියට ඇරපු හැටි පියානෝ…"

"ඉතිං හරිනේ බාං... ඌ සෙමටිරියට අරින වංගියෙ මූ වාහනේ හප්පෝල සෙමටිරියක් කොරනෝ… දෙකම එකයි නේ බාං… තකට තක බාං.."

"හේනං උඹ හාංකො අර බොංඩිගෙ පුතා වෙච්චි බොගෙ අපුච්චගෙං… ඌ රට තොට ගැන දංන කියන එකා නෙව…"

"හෑව්ව සීයෙ හෑව්ව… ඌ කියන්නෙම රනිල තමා කියාලා… ඌ සූත්තර පුංචා නිසා බැකුව කඩාලා හරි පිච්චිය නැතුව ඉන්න ගෝටට පැට්ටෝල් අඩුකොරන්නත් එක්ක කාසි හොයලා දේවි කියාලා… ගෝට පිච්ච්ය නැතුව නෙව ඉන්නේ…".

"අම්මපා බොලේ ඒ සංතෑසිය මටත් මතක් උනේ නෑ බාං … යකෝ මුං ඩබල එක්කාහු උනෝතිං වැඩේ ගොඩ…. වෙනේකක් තියා ගංජත් නීතිගත කොරල ඩබ් හවුස් දොරත් ඇරලම දාවි…"

"බොට ඇති පලේ මොකද්ද සීයෙ.   ඩබ් හවුස් ඇරිය කීල… මොකෝ උඹ ඒ මණ්ඩිවල කරක් ගහන්නෙයි… මේ නහින දෙහින කාලෙ.."

"අවුලක් නෑ බොල පච වංසය සන්තකේ අර නැගිටින පෙති ඕසෙට තියෙන්නෙ… අඩුපාඩුවක් උනොත් උගෙ ගෑනිගෙං හරි ඉල්ලගන්න බැරියැ…"

"ඒක නෙමේ සීයෙ… මං උඹේ මී මුණුබුරාගෙනුත් හෑව්ව… ඌ පොඩි එකා උනාට මගෙත් පුතානෝ නෙව… ඌ නං කියන්නෙම පොලඟා නිසා පොලොංනරුවෙ පොලොවෙං මතු වෙච්චි සරල මයිත්‍රී තමා සුදුසුම කියාලා… ඌ සෙංකෝලෙ යටිං රිංගලා හරි දස්ට කරාවිලු… එතකොට ඌට මාර ආතල්ලු…."

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget