ලිස්ට් එකේ නෑ මචං උඹේ නම....


ලිස්ට් එකේ නෑ මචං උඹේ නම....

කටුබැද්දෙ හැට අටේ
අපි මුණ ගැහුනු දින
අද වගෙම මගෙ මතක
සටහනේ ලියවිලා

දඩබ්බර උඹ මගෙං
එක දෙයක් ඉල්ලුවා
කට් කරපු දේශනා
මචං දීපං කියා

උඹේ ඍජු ගති වලට
ගරු කලත් හිතුනෙ නෑ
උදව්වක් කරන්නට
ලෙක්චර්ස් මග අරින
උඹෙ දඩබ්බර කමට

ඒත් මම එකක් නෑර
නෝට්ස් ඔක්කොම දුන්නෙ
හිත ඇතුලෙ හිරවෙච්චි
උඹට ලෙංගතු කමට

අවසාන විභාගයෙ
දහසයක් ඉඳ ගත්ත
ගොඩ ගියේ දෙන්නමයි
අපේ ගැංසියෙ ඉඳපු
උඹට මතකද මචං
ඒ උඹයි මේ මමයි

වසර අඩ සියක් ගොස්
මහලු විය ලංවෙලා
සුහද හමුවත් අපේ
අත ලඟට ඇවිල්ලා

මචං උඹ ආවොතිං
මගෙ දෑස් තෙත් වේවි
ඉහ වහා යන සතුට
දෝරෙ ගලනා නිසා

මචං උඹ නාවෝතිං
මගෙ දෑස් තෙත් වේවි
ඉහ වහා යන දුකට
දකින්නට නැති නිසා

ලිස්ට් එකේ කොහේවත්
නෑ මචං උඹේ නම...

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget