මම කවුද කියල අහන්නත් කලිං සුදා ගේට්ටුවත් තල්ලුකර ගෙන දුවනව දැක්ක. මගේ කකුල් දෙක පන නැතිවෙලා එතනම බිම ඉදගත්තෙ හිතට ආපු ආවේගෙ හුස්මෙකින් පිටකරගෙන. කවුදෝ පුරුදු හඩකින් මහ හයියෙන් හිනාවෙනව මට හතරවටින්ම ඇහෙන්න ගත්ත. මුලු සාලෙම දෝංකාරදෙන්න ගත්ත. කවුරුවත් පේන්න නෑ. මගේ ඇස් පියවෙලාද නැද්ද කියලවත් මට නිනව්වක් නෑ. මට මගේම ගත වාරු නැතුව ගියා. මම පොලොවෙ උඩුබැලි අතට හාන්සි වෙනකොටම මගේ කම්මුල් දෙකටම කව්දෝ ගහනව දැනුනත් මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ. මගේ ඇදුම් ඉරෙන්න ගත්ත. එකින් එක ගැලවෙනව. ඒ එක්කම යකඩයක් මගේ යට ඇදුම් පසාරු කරගෙන ඇග ඇතුලටම යනව මට දැනුනත් වේදනාවක් දැනුනෙම නෑ.
මම දගලන්න ගත්තත් හෙල්ලෙන්නවත් බෑ. මගේ මුලු ඇගම කව්දෝ හූරනව. ඇග උඩ විසාල බරක්. ඒත් ඒ බර මට දැනෙන්නෙ නෑ. මොකද්දෝ සුපුරුදු අප්‍රසන්න අමිහිරි අත්දැකීමක් නේද මේ. ඒ සුපුරුදු අමිහිරි ගද මට දැනෙන්න ගත්ත. තවමත් අර හිනාව මට ඇහෙනව. දුශා මගේ නැතිවෙච්ච මහත්තයගෙ හිනාව.
“ ඔන්න අපි ඔයාගෙ ප්‍රස්නෙ ඉවර කරා” කියන කොටද මට පියවි සිහිය ආවෙ නැත්නම් ටෙලිෆෝන් එකේ සද්දෙටද නිච්චියක් නෑ. මම ටෙලෙෆෝන් එක කනේ තියාගත්තට කිසිම දෙයක් කිව්වෙ නෑ අනිත් පැත්තෙන් තියනකල්ම.
මම මහත්තයගෙ මහගෙදරට යන්න එලියට බැස්සෙ නොයාම බැරි නිසා. හන්දියට යනකොටත් මහගෙදර ඉස්සරහ සෙනග කන්දරාවක්. දුශාගෙ මරනෙ කටයුතු කෙරුවෙත් මේ ගෙදරමයි. කුමා කියන්නෙ දුශාගෙ එක කුසේ උපන් අයිය. මට හිතාගන්න අමාරුයි මේ මිනිස්සු මෙච්චරම කුමාට ලෙන්ගතුද කියල.
මම වටපිට බලනකොට දැකපු ගෑනුන්ගෙ ඇස්වල පිරිල තිබුනේ සතුටු කදුලද කියලත් හිතුන. මට දුශා මගේ ලගින්ම ඉන්නව වගේ දැනුන නිසා මම තනිවෙලා කියල දැනුනෙම නෑ. මේ ගෙදර දුශාගෙ. එයා වැඩිහරියක් ජීවත් උනේ මෙතන. මම විතරද අද සතුටුවෙන්නෙ කියල දිග හුස්මක් අරගන්නකොටම දොරකට තට්ටු කරනව වගේ ඇහුන.
මම දොර අරිනකොටම කුමා සිරි සිරි බෑග් එකක් දික්කරල මේක උයල ගන්න කියනව. මම අතට ගත්තෙ පිලිකුලෙං උනත් කරන්න දෙයක් තිබුනෙ නෑ. මාලු පාර්සලේ අරගෙන කුස්සියට යනකොට මට දැනුන එයා පස්සෙං එන විත්තිය. ඒ එන්නෙ මගේ ජීවිතේ බිල්ලට ගන්න විත්තියත් මට ඉවෙන් වගේ තේරුනා.
“කෑ ගැහුවට වැඩක් නෑ. කවුරුවත් එන්නෙ නෑ. උඹට අතතියන්න අවසර තියෙන්නෙ මට විතරයි” කියනකොටත් මගේ අත මේසෙ උඩ තියෙන පිහියට ගියා. මට මගේ දරුවො තුන් දෙනා මතක් උනා. මාව බිත්තියට හේත්තුකරගන්නකොට මම මූන පැත්තකට හරව ගත්ත. මගේ මූන දඩුඅඩුවකට අහු උනා.
“ උඹ දන්නවනේ මට හිතුනොත් මම කරනවාමයි”
එදා ඌ මාව බිමදාගෙන දූශනය කරල මට අතින්පයින් ඇතිවෙනකල් ගැහුව. යනගමන් දොරලගදි ආපහු හැරිල පට්ට වේසි කියනකොට මගෙ පපුවෙන් වචන කීපයක් එලියට පැන්න.
“ උඹ කවද හරි මට ගහපු ඔය අත් කකුල් වෙන් වෙලා තමයි මැරෙන්නෙ”
මගේ පිටට තට්ටු කරනව වගේ දැනුන නිසා මම හැරිල බැලුව.
“නංගි ඔයා ඉන්නව දැකපු නිසයි මම ගොඩ උනේ”
“තවම ඉස්පිරිතාලෙ නේද? කොහොමද තත්වෙ දන්නෙ නැද්ද?” කියල මම ශ්‍රියානි ගෙන් ඇහුවෙ වෙන අහන්න දෙයක් හිතට ආවෙ නැති නිසයි.
“ගෙනියනකොටත් මැරිලලු “
එහෙම කියනකොට මගේ කිසිම වෙනසක් කාටවත් පෙනුනෙ නැත්තෙ මට දුශා කලින්ම ඒක කියාපු නිසා වෙන්න ඇති.
“ කවුද දන්නෙ නෑ කරල තියෙන්නෙ” මම ඇහුවෙ නොදන්නකමටමත් නෙමෙයි.
“ වෙන කවුද ඉතිං අස්පයගෙ සෙට් එකම තමයි”
මම සුදු සාරියක් ඇදගෙන එදා උසාවියට ගියේ දුශා ගෙ නඩුව කැදවනව බලන්න. තනියට එක්ක යන්නවත් කවුරුවත් හිටියෙ නෑ. දුශාගෙ අයිය උනත් මම කුමාටවත් කියන්න ගියේ නෑ. එයා ඇවිල්ල හිටියෙත්නෑ. වැඩිය වටපිට බලන්නෙ නැතුව මම බිම බලගෙන ඉන්නකොට අස්පය මගේ ලගට එනව දැක්කෙ මගෙ ඇහැ කොනකට වගේ. අහක බලාගන්න උත්සාහ කෙරුවත් බැරි උනා.
“ අක්ක තනියමද ආවෙ”
“ඔව්” කිව්වෙ නොකිය බැරි කමට උනත් ඔව් අයියෙ කියන්න මට හිත් දුන්නෙ නෑ
“ඇයි කුමා අයිය ආවෙ නැද්ද”
“නෑ” මම එක වචනෙකින් උත්තර දුන්නෙ මගේ මහත්තයගෙ මිනීමරුවො එක්ක කතාකරනව කවුරුහරි දැක්කොත් හොද නැති නිසයි.
“අපි අතර ප්‍රස්න තිබුනත් ඔයා එක්කවත් දරුවො එක්කවත් අපේ තරහක් නෑ. අක්ක ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න. අපි බොක්කෙංම කරල දෙනව.”
එහෙම කියල අස්පය එයාගෙ නොම්මරේ මට දීල ගියා. මම වීසි කරන්න අතින් ගුලිකරලත් ආයෙත් පර්ස් එකට දාගත්තෙ සමහර වෙලාවට අසාධාරණයට දෙය්යොත් අහක බලන වෙලාවක ඕන වේවි කියල හිතුන නිසයි.
“මිනීමරුවො අදුනගෙනද දන්නෙ නෑ” පියවි සිහියට ආපු මම ඇහුව.
“අදුනගත්තත් සාක්කි දෙයිද නංගියෙ. ඩ්ක්සන් හංදියෙ අර ස්විප් ලෑල්ල ඉස්සරහ වෙලා තියෙන්නෙ”
“ඒ මිනිහ සාක්කි දේවිනේ.” කියල මම ඇහුවෙ මගේ හිතේ තිබුන කිසියම් සැකයක් නිසා කියල එයාට තේරුනාද දන්නෙ නෑ
“මොන පිස්සුද කට්ටිය මිනිහට වතුර ගහල ලොකු ජරමරයක් කරලලු සිහිය ගත්තෙ. මිනිහ එතනම සිහිනැතිවෙලා වැටිල.” කියනකොට මට නොදැනීම මගේ පපුව හෑල්ලු උනා වගේ දැනුන.
මෙතන ඉන්න හැමෝම අපි දෙන්න දිහාව බලනව කියල මට දැනුනත් මම ගානක් නැතුව හිටිය. මම හොදටම දන්නව ඒ අය කුටු කුටු ගාන්නෙ ශ්‍රියානිගෙ කුමා එක්ක තිබුන සම්බන්ධෙ මුලු ගමම දන්න නිසා කියල. මට වෙච්ච කිසිම දෙයක් කවුරුවත්ම මේ වෙනකොට දැනගෙන හිටියෙ නෑ. දැනගෙන හිටියෙ මමයි, දුශයි විතරමයි.
“නංගි දන්නවනේ මේ මිනිහ මට කොච්චර වද දුන්නද කියල. අනේ නංගියෙ මෙහෙම හරි මේක ඉවරවෙච්චි එක මට ලොකු සහනයක්” ශ්‍රියානි කියන්න ගත්තෙ කදුලක් ඇහේ රදවාගෙන.
මට මේකිත් එක්ක ඒ වෙලාවෙ හිතට තරහක් ආවත් ඒක යටපත්වෙලා අනුකම්පාවක් ඉස්මතු උනේ අපි දෙන්නම ගෑනු හැටියට අසරණයි කියල හිතුන නිසයි. මම ආයාසයකින් නූනත් ශ්‍රියානිව බදාගත්තෙ කදුලු පුරවගෙන.
“ නංගියෙ උඹ එනවද ඉස්පිරිතාලේට යන්න” කුමාගේ පවුල ලගට එනකල්ම අපි දෙන්නම දැක්කෙ නෑ.
මම යමු අක්කෙ කිව්වෙ මටත් හොදටම ඕන වෙලා තිබුන කුමා ඉන්න හැටි බලන්න.
මෝචරියෙ දොර අරිනකොට ලයිට් නිවල තිබුන නිසා හරිම අදුරු මූසල කමක් මාව බදාගන්නව වගේ දැනුන. ලයිට් එක දානකොට මම දැක්ක සුදු රෙද්ද්කින් වහල තිබුන කුමාගෙ මිනිය. සුදු රෙද්ද පැත්තකට ගියේ අමුතුම ලතාවකට හරිම සීරුවෙන්. මට දැනුනෙම නෑ වෙන කවුරුවත්ම මගේ ලගින් ඉන්නව කියල. මගේ දුශා මගේ ලගින්ම ඒ මොහොතෙ හිටිය. එක කකුලක් කරවටින් වෙන්වෙලා පැත්තක තිබුන. දකුනු අත වැලමිටෙන් වෙන් වෙලා.
මගේ බඩටත් ඔලුවටත් පපුවටත් ඒ අත් වලින් කකුල් වලින් අනිනව වගේ මට දැනුනත් එදා වගේ රිදුනෙ නෑ. මගේ අත් දෙකම මිට මෙලවෙන එක මටම නවත්ත ගන්න බෑ වහේ. විශාල අසූචි ගොඩක් මට පෙනෙන්න ගත්ත. මම අප්පිරියාව දරාගන්න බැරුව කෙලගහන්න හදනකොටම අක්ක මාව බදාගෙන විලාප තියන්න ගත්ත. දුශා මගේ අතින් අල්ල ගත්ත. ඒ වෙලාවෙ මට ඇඩුන.
මරණෙ වැඩ කටයුතු වලට මමත් සහභාගි උනා. ගොඩක් සෙනග අස්සෙ දුශා ජීවත්වෙලා ඉන්න කාලෙ ලගින්ම ආශ්‍රය කරපු එයා ගරු කරපු චරිතයක් ඉන්නව මම දැක්ක.
කමල් අයිය දැන්ද ආවෙ.
ඔව් නංගි කියල එයා දොඩමලු වෙන්න ගත්ත.
“මට සතියකට විතර කලින් කුමා උසාවිය ලගදි හම්බවුනා. කුමා තනියම ඇවිල්ල හිටියෙ. මම එයාට කිව්ව ඔය විදියට මේ වගේ තැන්වලට තනියම එන්න එපා. උඹට බඩු එනව කියල කිව්ව. කුමා ගනංගත්තෙ නෑ.”
මට ඒවෙලාවෙ කෝල් එකක් ආපු නිසා ඒකට උත්තර දීල නිකමට වගේ කලින් ලැබුනු කෝල්ස් බැලුව. එදා මට ආපු කෝල් එක සේව් වෙලා තිබුනෙ asp කියල.
Post a Comment