ලෙල්ලමේ මාලු නෑ

ලෙල්ලමේ මාලු නෑ

ලෙල්ලමේ මාලු නෑ - හුටා අද මහ පෝය
කොල්ලො දෙන්නම ඇවිත් - ගෑනු දෙන්නත් එක්ක
අලි මදිවට හරක් - පැටව් හතරත් අරං
මස් මාලු මුකුත් නෑ - ෆ්‍රිජ් එකත් හිස්වෙලා

වෙජිටේරියන් ඩයට් - නෝනගෙන් අදහසක්
පොඩි එකා මට දුන්න - ෆිජි රටෙන් අරං ආ
ලීටරේ විස්කි දැක - බයිට් නැතුවනම් බෑ
බේබද්දො දෙන්නෙක්ම - මගෙ කනට කොඳුරන්නෙ

කාර්ගිල්ස් එකට යමු - මාලු නැත්නම් චිකන්
ඌරු මස් උනත් ඇති - ශැණ්ඩි එකකුත් ගන්න
බුචරියේ ෆ්‍රෙශ් චිකන් - උන්ට මොන පෝයක්ද
ගියත් කාගිල්ස් එකට - වහල බං බුචරියම

හුටා එතනත් වහල - කියවුනත් හරුපයක්
ප්‍රොසෙස්ඩ් මස් ඇති පදම් - ෆ්‍රීසරේ කටලඟට
කබරයත් තලගොයා - කරල කන අපෙ අයට
ඝනයෙකුත් පෝලිමේ - මස් කිලෝවක් අරං

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget