එම්. ඕ. සර් සහ අමරසිංහ සර්

එම් ඕ සර් සහ අමරසිංහ සර්…..

සිංහල සාහිත්‍යය ඊලඟ period එක….. සත පහකට වැඩක් නෑ…. එම් ඕ…. නිදිමතයි…. Good morning සර්….. ඒ කාලෙ සිංහල සාහිත්‍යයද, බුද්ධාගමද කියල නෑ… කෝකටත් good morning තමයි….. ආයුබෝවන් කිව්වෙ නෑ.

ඒ අස්සෙ කවුද දඩබ්බරයෙක් ….. good morning සිම්බෝ කියල…. පහුගිය ටිකේම එම් ඕ. ප්‍රනාන්දු සර්ට වාතයක් වෙලා ඉඳපු මම…. එදා පොඩි ගොට්ටක් අල්ලන්න හිතාගෙන….  blackboard එක මකන්න ඉස්සරහට ආව.

චටාස් ගානව විතරයි ඇහුනෙ…. වම් පැත්තෙ කණ අගුලු වැටුන….. හරිම අසාධාරනයි නේ…. මට ගහපු එක නෙමෙයී…. ඕක සාමාන්‍ය දෙයක්….. කවුද යකෝ හරියටම මම සර් ලඟ ඉන්නකොට කෑ ගහපු එකා… ඒ මදිවට කොල්ලො හුරේ දානව…. Taste of your own medicine වගේ…. තිත්ත බෙහෙත් දොස්තරයටම පෙවිලා…. හැමදාම ගුටිකන අහිංසක සැට් එකට රජ මගුල්.

එම් ඕ සර්ට මල පැන්නාම ලඟම ඉන්න එකාට ගහනව. ඒක දන්න අපි ලෙඩේ අදින්නෙම අහිංසකයෙක් සර් ලඟ ඉන්න වෙලාවටමයි.

එදා ඔය විදියට සාහිත්‍යය පන්තිය කඩාකප්පල් කරපු එකේ පව …. අද මම ගෙවනව….. මටත් සන්නල, රත්න ශ්‍රී ල වගේ ප්‍රබුද්ධයෙක් වෙන්න තිබුන අවස්ථාව මග ඇරිල ගියා…..  මගේ හඳහනෙත් තිබුනලු… එක්කො Sidney Sheldon කෙනෙක් නැත්නම් රත්න ශ්‍රී කෙනෙක් කියල… දෙකම අවුල් උනා.

මම හිතුව ජෝතිපාල න්‍යාය ට පිවිසෙන්න…. ජෝතිය ජීවිතේට ස...රි....ග...ම … වත් ඉගෙනගත්ත එකෙක් නෙමෙයිලු. …. ඒත් ලස්සනට සිංදු කිව්ව…. අමරදේව කවුද ජෝතිය නේ ගායකය කියන අයත් ඉන්නවනේ.

හැත්තෑ ගනන් වල කොලඹ ඉඳන් ගාල්ලට ආවෙ වාද්දුව හරහා… highway නෑ…. මෙන්න බොලේ එම් ඕ සර් වංගුවෙම මිදුලක් අතුගානව…. පපුව හිරවෙන්න ගත්ත…. නෝන ලමයි ඉස්සරහ අඬල සවුත්තු වෙන්න බෑ… උං ඕව මඩ බැංකුවෙ දාල තියාගෙන ඉන්නව…. පස්සෙ දරුණු මඩ ප්‍රහාර… ඇත්තම කියනවනම් ඒව ප්‍රති ප්‍රහාර… කොච්චර හිතාගෙන හිටියත් දවසක එම් ඕ සර් තනියම ගිහිල්ල හමුවෙලා….  සමාව ගන්න ඕන කියල… වැඩේ අතපසු උනා…. මට පවු සමා කරගන්න බැරි උනා… මම ජෝතිපාල උනා… අමරදේව හීනයක් උනා… ප්‍රබුද්ධ බාසාව නොදන්න මම දන්න බාසාවෙන් ලියන්න ගත්ත.

හැට පැන්නා... කරන්න දෙයක් නෑ…. ලියන්න ගත්තා…. වචන එන්නෙ නෑ…. එම් ඕ සර් හිටියනම්….  ආයෙත් පන්ති යන්න තිබුන…. අමරසිංහ සර් මතක් උනා…. කඩුව…. ලියන්න ගත්තා…. ලියාගෙන ලියාගෙන ගියා…. රූමස්සල හාමුදුරුවො ගැන….. තල්මහගෙ බොකු ගැන…. රජ්ගම මිනීමැරුම් ගැන…. නූතන කුවේණි ගැන… අවසාන බිංගේ ගැන...මගේම බාප්ප කෙනෙක් මරාපු CASH ගැන…. මගේම BUCKET LIST එක ගැන…. ගොඩක් ලිව්ව… ඔක්කොම කඩුවෙන්.

ප්‍රබුද්ධ යාලුවෙක් … කියන්න ගත්ත…. මචං blog එකක් දාපං …. ඒ තමයි මචං සමරෙ…. මාල දිවයිනෙ මගේ project එකේ store keeper ….  සුභාෂ් Computer පප්පා…. blog එකක් හදල දුන්න… දිගටම ලිව්ව….. අමරසිංහ සර් බුදුවෙන්න… කඩුව මුවත් තිය තිය ලිව්ව… කියවන්නෙ ටික දෙනයි… ආයෙත් එම් ඕ සර් මතක් වෙන්න ගත්තා…

ඔය අල්ල පනල්ල අස්සෙ…. සෙංකොට්ටං කියෙව්ව…. මහින්ද ප්‍රසාද් මස් ඉඹුලගෙ… අබිං කෑව නම් මීට හොඳයි… මාණික්කාවතත් කියෙව්ව.. මදි වගේ…. කවි පොත් දෙකත් ගත්ත… ඇහිපියන් ඇහැරිලා…. හිරුත් හිම පියල්ලක… පිස්සු ඩබල් වෙලා ගියා.

ලියන්න ගත්ත දන්න සිංහලෙන්…. ජෝතිය වගේ… රජ්ගම බාසාවත් ඉගෙනගත්ත….. ප්‍රියාන් ඩි සිල්ව ගෙන්…. ඌ ඉතාලියෙ ඉඳන් අපිට රජ්ගම භාෂාව ඉගැන්නුවා… රජ්ගම වික්‍රම ඕන නම් මූණු පොතෙන් ප්‍රියාන්ගෙන් බලාගන්න.

මගේ ඉස්කෝලෙ…. අලුත් කොල්ලො ටිකක් සැට් උනා… සිල්වෙස්තරයො...උන් හුරේ දාන්න ගත්ත… තව නොදුටු හිතවතියන් ගොඩක් හුරේ දානව… මම ලියනව…. දැන් හැත්තෑ එකයි… තව නමයක් ලියනවාමයි…. මාරයට ඔහේ හිටු කියල ලියනව.

අද කාලෙ වගේ ගෙදරින් පිට අයියල,මල්ලිල, අක්කල, නංගිල ….. හිටියෙ නෑ… කවදාවත් යාලුවන්ට අයිය මල්ලි කිව්වෙ නෑ… සරත්…. නිමල්…. ගුනේ…. නැත්නම් හොට්ට… පඩය… අස්ප කටා…. ඒ මම….හැමවෙලේම දිව හපන නිසා…. ඒත් අද වගේ තරඟයක් තිබුනෙත් නෑ… ජාතිවාදයක් තිබුනෙත් නෑ…. එකට වල බැස්ස…. එකට සතුටු උනා…. එකට ගහගත්ත…. අද වගේ කඩු කිනිසි නෑ…. අතිං පයිං…. අන්තිමට දෙන්නම “මම ඌට ඇට්ටි හැලෙන්න දුන්න” කියනව… දෙන්නම දිනල…. පහුවදාට ආයෙත් එකට වල බහිනව.

අපි පාරෙ ගහගත්තෙ නෑ…. ඔක්කොම challenge fight… boxing ring එකේ… අස්ගිරිය පාරෙ….. basketball court එක ලඟ…. Gloves දාගෙන … boxing උණ… තරහ නෑ… boxing උණ…. කවුරුහරි පරයෙක් වැඩේ leak කෙරුවොත්… ගෝරිල්ල ගෙන් බඩු.

විජේසේකර සර්… ඒ දවස්වල එහෙම කිව්වට නුවර මිනිස්සු තියා සිල්වෙස්තරයො වත් දන්නෙ නෑ…. PYTHO කිව්වොත් ඕන කෙනෙක් දන්නව…. මුලු නුවරම,.... හැම තාප්පයක්ම,... මේස, පුටු, … හැම තැනක්ම අලංකාර උනේ PYTHO කියල.

අධ්‍යාපනයට නොමැකෙන සේවයක්….විශේෂයෙන් ගණිතයට …. කරල පයිතගරස් නාමයෙන් පිදුම් ලැබූ එකම පුද්ගලයා…

In a right angled triangle, the square of the hypotenuse is equal to the sum of the squares of the legs.

මේක ඔප්පු කරන්න පුලුවන් වෙලා තිබුනෙ ජ්‍යාමිතිකව විතරමයි…. ඒත් විජේසේකර සර් ඒක සමීකරණයකින් ඔප්පු කලා…. මුළු ලංකාවෙම තාප්පවල PYTHO කියල ලිව්වත් එතුමා ඉතාම නිහතමානීව එයාගෙ ක්‍රමය කියල දුන්න.

පාසැල ආසන්නයේම හරස් වීදියේ නිවසක එතුමා පදිංචි වී සිටියා…. එතුමාගෙ පුත්‍ර රත්නය උපාලි මගේ පන්තියේ සිටි අහිංසකයෙක්… එම් ඕ සර්ගෙන් නිතර ගුටිකන … කිසිම දවසක වැරදි වැඩක් නොකරපු අහිංසකයෙක්…. දැන් කොහේද දන්නෙ නෑ.

“Your brother has distinctions in double maths, you will never even get an ordinary pass”.... විභාගෙට සතියකට කලින් කොරිඩෝරයෙදි විජේසේකර සර් කිව්ව….. ඒත් එයා දැනගෙන හිටියෙ නෑ…. මම කොච්චර දඩබ්බරය උනත්…. මගේ maths දැනුම එයාට ප්‍රදර්ශනය නොකල විත්තිය.

Pure Maths papers දෙකක් ඒ දවස්වල තිබුන… algebra…. පැය තුනයි…. Geometry … පැය තුනයි…. Geometry ප්‍රශ්න පත්තරේ පැය භාගෙකට කලින් දීල එලියට බැස්ස…. සීයට සීයක විශ්වාසයකින්….

Algebra paper එකට උත්තර ලියන්න ගත්තෙ පුදුම විශ්වාසයකින්…. ප්‍රශ්න හතරකට විතර සාර්ථකව උත්තර ලිව්ව…. ඊලඟ ප්‍රශ්නෙ හිර උනා…. වෙලාව යනව දැනුනෙම නෑ…. Equation එක විසඳගන්නම බෑ….. ඒ equation එක වැරදියි කියල තේරුම් ගන්නකොට තව ඉතුරුවෙලා තිබුනෙ පැය භාගයයි…. දෙයියො සිහි උනත් මට මාරම confidence එකක් හිතට ආව…. ඉතුරු පැය භාගෙ මිඩංගු කලේ ඒ ප්‍රශ්නෙ වැරදියි කියල ඔප්පු කරන්න….

විභාග ප්‍රථිපල ආව…. මට distinction….. Daily News පත්තරේ තිබුන විභාග දෙපාර්තමේන්තුව ඒ ප්‍රශ්නය වැරදියි කියල පිලි ගත්ත කියල.

ඒ දවස්වල සිල්වෙස්තරයො ප්‍රසිද්ධ ස්ථානවල මොකක් හරි මදාවි වැඩක් කරල අහුවෙන හැම තැනදිම ට්‍රිනිටීයන් වෙනව….සිල්වෙස්තරය පාවා නොදෙන්න තරම් පාසැලට ආදරේ කලා…. අපි ට්‍රිනිටියට එහෙම කලත් වෙන කිසිම පාසැලකට එහෙම කලේ නෑ…

ට්‍රිනිටිය ආසන්නයේම නිවසක පෙරුමාල් මිස් හිටිය…. ද්‍රවිඩ…. ඒ දවස්වල ජාතිය අපිට අදාල නෑ…. එයා ලස්සනයි කියන්නත් බෑ…. නෑ කියන්නත් බෑ…. අපි ඒ මිස් දිහා බැලුවෙ සීත මිස් දිහා බලන ඇහෙන් නම් නෙමෙයි….. සීත මිස් අපේ සුන්දර සිතිවිලි අවදි කලා… මෙයා අපේ chemistry ය අවදි කලා… පෙරුමාල් මිස්ගෙ sexy figure එක අපේ මනෝ ලෝකයේ සංකේතයක් උනා… හරියට අර venus වගේ.

එදා සිල්වෙස්තරයෙ pardon කියන වචනෙ අපි කිව්වෙම නෑ… physics පන්තියෙදි විශේෂයෙන්… ඒ වෙනුවට අපි pun කිව්ව…. Physics සර්…. ද්‍රවිඩ…. Pardon කියන්න දන්නෙ නෑ… pun කියලමයි කියන්නෙ….. අපි කොචෝක් එකට pun කිව්වට සර්ට තේරෙන්නෙත් නෑ…. එදා අපි ඒකට පුදුම උනත් අද එහෙම නෑ…. පතෝලයට කොච්චර හිටං කිව්වත් ඌට තේරෙන්නෙත් නැති කොට…

Physics සර්ගෙ නම මතක නෑ... අසෝක අංගම්මන ආදී සිල්වෙස්තරයෙක්…. කුන්ඩසාලෙ විශ්‍රාමිකව ඉන්නව...උගෙන් ඇහුවොත් කියාවි…. බඩට කලිසම ඇඳල පන්තියට එන්නෙ… ගොනා කානුවෙ දාගෙන… ඕනම පාඩමක් එක සැරයක් කියල දුන්නම හොඳටෝම ඇති…. ගලේ කෙටුව වගේ….

හොට්ට… කරුනාරත්න සර්… වවුල කියලත් ආදරේට කියනව…. ඒ ජාතික ඇඳුම අඳින නිසා… 56 මගේ හිතේ…. බණ්ඩා ජාතික ඇඳුම ඇන්දුවා…. කරුනාරත්න සර් බණ්ඩා ගිය පාරෙ ගියා.. අපි යන්නේ කොයි පාරේ කිය කිය… බණ්ඩා ආයෙත් tail coat top hat එකට මාරු උනා… අපේ සර් දිගටම වවුල ඇන්ද….

Chalk කෑල්ල අරගෙන Black board එක පැත්තට හැරුන විතරයි…  ටොක් … ටොක්… සර් ආපහු හැරුන…. කොල්ලො මීක් නෑ…. ආයෙත් ටොක් ටොක්…. හැරෙන්න බෑ…. ටොක් … ටොක්… බලු කොල්ලො…. හොයාගන්න බෑ…. ඒ කාලෙ ටික්කො කියල චූටි භාන්ඩයක් තිබුන… ඒක තද කලාම ටොක් ගානව….. අත ඇරියම ආයෙත් ටොක් ගානව…. මුළු පන්තියම check කලත් අහු උනේ නෑ…. “සර් සමහරු කමීසෙ නවාපු අත අස්සෙ දාගෙන ඉන්නව”…. සිංහය ලෙඩේ ඇද්ද… සිංහාරච්චි සර්ගෙ පුතා…. අපි අහු උනා…. කෙලින්ම DJN ගාව…. Public caning.

මගේ chemistry practicals පොතේ කියන්න තරම් වැරැද්දක් තිබුනෙ නෑ…. එදා දිනේ දාන්න බැරි උනා විතරයි… කන්දයිය සර්… පොත වීසි කලා…. මගේ ඇස් දෙක එයාගෙ ඇස් දෙකත් එක්ක පැටලුනා… ඇස් හතරම ගිනිගත්ත….. දෙන්නගෙම ඇස් පිච්චෙන්න ගත්ත… එයා යකා උනා… මගේ යකාත් අත ඇරියෙම නෑ….

මගේ මූණ පැත්තට අතක් එනව දැක්ක…. මිනිහ පේරදෙනියෙ campus එකේ ප්‍රසිද්ධ boxing ක්‍රීඩකයෙක්….. මටත් boxing උණ සසලවල තිබුන… මගේ වමත ඒ පහර ආවරණය කලා…. මගේ දකුනු අත බලාපොරොත්තු රහිත විදියට… knee jerk reaction…. කන්දයිය සර්ගෙ මූණට එල්ල උනා… ඊලඟ පාරට මම knock out වෙනවාමයි…. Chemistry lab එකේ ඇසිඩ් බෝතලයක් කොහොම මගේ අතට ආවද දන්නෙ නෑ…. ඒ එක්කම bulner සහෝදරයෙක් මගේ අතින් අල්ලගත්ත…. Malcolm ද  Micheal ද හරියටම මතක නෑ.

වැඩි වෙලාවක් ගියේ නෑ… DJN මගේ බෙල්ලෙන් ඇදගෙන ගේට්ටුව ගාවට ගියා…

Never ever come back to this school කියල පස්ස පැත්තට පයින් පාරකුත් ගැහුව.

එදා එලියට බැහැපු මම වැස්සකටවත් සිල්වෙස්තරයට ගොඩ උනේ නෑ….. ගාල්ලෙ මහින්දෙට ඊලඟ සතියෙම ඇතුල් උනේ මගේ එදා පෙම්වතිය අද බිරිඳගෙ දෝරෙ ගලන සතුටත් එක්ක.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget