බෙලිගහ වෙසක් තොරණ...
බෙලිගහ….ආනන්ද බේකරිය…..වෙසක් තොරණ...පනහෙ හැටේ …. දශකතුල ලංකාවෙ අස්සක් මුල්ලක්…. නෑර ප්‍රසිද්ධ… ගාල්ලෙ බෙලිගහ තොරණ.
ඩිජිටල් නොදුටු…. පුරා සතියක්… බද්දේගම පාරෙ… රෙඩි මේඩ් නොවුනු… කොල්ලො පිස්සු වට්ටපු… ජාතකයක් කියවුනු…. පොසොන් පෝයට…. වෙන තැනක… රිපීට් නැති…. බද්දට නොගිය…. ආනන්ද බේකරියෙ…. බෙලිගහ තොරණ….
මාස ගාණක්… ලී බැරල් එකක්…. තඹ පටි අලවපු… කූරු ටික…. ඇද උනොත්… ලයිට් නිවෙන… ලයිට් බාස්… නෑ තොරණ් බාස්… පේන්ට් බාස්… නෑ කලා ශිල්පියා… දාඩිය පෙරාගෙන… ප්ලේන් ටී… කිඹුල බනිස්…. කොල්ලො කුරුට්ටො… වට කරගෙන… පාදඩ කොල්ලෙක්… නෑ දෙතුන් දෙනෙක්…. තීන්ත බාල්දිය… පෙරලල බැනුම් අහන… උණ ගස් …. කෙලින් කරන… කොල්ලො රංචුව… දායක වුන...බෙලිගහ තොරණ.
බද්දේගම බස්... නරාවල පෝද්දල බස්… හන්දියෙදි ඉබිගමනට මාරු වෙන… හයියෙන් ගියොත්… ඩ්‍රයිවර් බැනුම් අහන… ඈත ඉඳං … කොල්ලො කුරුට්ටො… බක්කි කරත්තෙං… ජොලියට එන… අහල පහල… තැඹිලි ගස්…. වලු පිටිං… බිමට පාත් වෙන…. අරක්කු බියර්… අහලකවත් නැති… එකෙක් දෙන්නෙක්… ට්‍රෙන්ඩ් එකට… සිගරට් එකක් බොන…. මිරිස් කුඩු… ගල් කුඩු… නිල් කුඩු… කුඩේ කුඩු… විතරක් අඳුනන… මත් කුඩු…. අහලාවත් නැති…. බෙලිගහ තොරණ.
ගෝරි නැති… වලි නැති… පිහි නැති… කඩු නැති… කිනිසි නැති… හොර සාධුල නැති…. හොර උපාසකයොත් නැති… දේශපාලුවොත් නැති… කථා නැති… මල් මාල නැති… ප්‍රශස්ති නැති… ආධාර එකතු නොකරපු… ටිකට් නැති… එලිවෙනකල් හිටගෙන… බලාගෙන හිටපු… හෙටත් එන…. අනිද්දටත් එන...පහුවදාටත් එන… බලල ඉවරයකුත් නැති… බෙලිගහ තොරණ.
තණ්හා රතී රඟා… මාර දූතියො… වටේට නටන… අතරින් පතර … තණ්හා වැටෙන… රතී රඟා තනියම නටන…. පාදඩ කොල්ලො … හූ කියන…. හුවට නැටුම නවතින… තොරං බාස්…. රෙඩී පිට… උණ ගහ … දිගේ නගින... තණ්හා කෙලින් කරන… ආයෙත් තුන්දෙනාම… වටේ කැරකෙන… වයර් පැටලෙන…. උපාසක අම්මලා… සාධුකාර දෙන…. බෙලිගහ තොරණ.
ඊයෙත් ගියා… පෙරේදත් ගියා… අදත් යනවද… අම්මල බෙරිහන් දෙන…. අයියෙ අපිත්…. නංගිලා නාහෙන් අඬන… එක්ක ගියොත්… අපේ ජොලිය… කුඩේ කුඩුවන… ආච්චිල සීයලා… මාමල නැන්දල… අක්කල නංගිලා… අයියල මල්ලිලා…. හැමෝම එන… ලොරි පිටින්… බස් පිටින්…. බක්කි කරත්තෙං… බයිසිකල් පැදගෙන… ඈත ඉඳන්… ඇවිත් බලන… ඉවරයක් නැති… බෙලිගහ තොරණ.
දැකපු අය… අතීතෙට යන්න…. නොදැකපු අය… හිතෙන් මවාගන්න…. එදා අසිරිය… බෙලිගහ තොරණ.
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.