ෆාතිමා බුර්කාව ගලවන්න.....

ෆාතිමා බුර්කාව ගලවා හිස ඔසවන්න….

දෙමලාද ලංකාවේ වැසියෙකි… නානාද ලංකාවේ වැසියෙකි… ලංසියාද…. ජාවාද….. එසේමය…. සිංහලයා මහ ජාතියය…. ඒ ඉලක්කං වලින් පමණය….. කෙරුවාවෙන් අඳෝමය… ඒ අම්බානකට ගුටි කන තුරු පමණය…. සිංහලයා මර නින්දේය… ඒ ලේ දකින තුරු පමණය.

දෙමලාට වෙලාවක් කලාවක් ඇත්තේ ආගමට ධර්මයට පමනි…. රජකාරිය උගේ දේවකාරිය වගේය…. වැඩට බැස්සාම ඌ වැඩමය… බර වැඩට රුසියෙකි…. ඌ හින්දුය… හරක් මස් නොකයි… බොහෝ විට නිර්මාංශිකය… සමස්තයක් හැටියට නොවූවත් බොහෝදුරට මත් පැනින් වැලකී සිටී…

දෙමලා සිය නිජ බිම යාපනය හැටියට සලකයි… යාපනය අති දුෂ්කරය….ඒ එදවසය…. ඔවුන් යාපනය සශ්‍රීක කලේ සිය දහඩිය මහන්සියෙන්ය… සිංහලයා එයට දායක නොවීය…. එහෙත් යාපනය අපේයැයි කියන්නට සිංහලයා ඉදිරිපත් විය… ඒ හුඳෙක් ඉරිසියාව මුල්කරගෙනය… දෙමලාද නිදහස් සටනට එක්විය… නානාද, ජාවාද සියල්ලෝමද නිදහස් සටනට එක්විය.

නිදහසෙන් පසු දෙමලාද, නානාද, ලංසියාද සියල්ලෝම පාලනයට හවුල් විය…  එකල ඩොලරය රුපියලක් වූ බවට මට මතකය… ඒ සියලු ජාතීන් සමගියෙන් රට පාලන කල යුගයේය.

ගමන දුෂ්කර වූවත් අපි නිවාඩුවට යාපනයේ ගියේ තල් වැටෙන් වටවූ මුරුගයියාගේ ගෙදර තලු මරමින් තෝසේ කෑමටය… අපි සෙල්ලම් කලේ මුරුගයියාගේ දරුවන් සමගය.

අසමගියේ පලමු වෙඩිමුරය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වේශයෙන් එලියට පැන්නේ ටොප් හැට් පැලඳි දේශපාලකයා පැය විසිහතරෙන් සිංහල භාෂාව රජයේ භාෂාව කිරීමේ අමන ප්‍රයත්නයක් සමගය…. දෙමලා පලමු අසිපත එසවූයේ යාපනයේ ශ්‍රී අකුරට තාර බාල්දි එකතු කරමිනි. …

මුරුගයියලා යාපනයේ කඳවුරු බඳින විට අප්පුහමිලා දකුනේ කඳවුරු බැඳගත්තේය… අවස්ථාවාදී දේශපාලකයෝ සිංහ වෙස් ගෙන අමන සිංහලයන්ට බුල්ටෝ කවන්නට ඉදිරිපත් විය.

රටේ ධනය හා සම්පත් සමසේ බෙදාදීමට දහ අතේ පොරොන්දු දෙමින් බඩගෝස්තර විප්ලවය ආරම්භ විය… සාදුකින් පෙලෙනවුන් එදා සිටියාදැයි මටනම් මතකයේ නැත… හිටියානම් හිටියේ ගම්බඳවය…. ඉඳහිට නගරයේ පදිංචිව සිටි අපි නෑගම් ගියේ හද්දා පිටිසර ගම්මානවලටය…. ඔවුන් අපට ජීවිතේට දැකනැති කෑම ජාති වලින් සංග්‍රහ කර නගරයට එව්වේ රාත්තල් ගනනකින් බර වැඩිකර දීලාය… නැගිට්ටවීමට පොර කෑවේ එවන් සාදුකින් පෙලී සිටි ගැමියන්ය.

ඩී එස් ලංකාව ලාංකිකයන්ගේ රටක් යැයි හඬක් නගනා විට බණ්ඩා සිංහලයට මුල්තැන දීමේ පොරොන්දුව එලි දැක්වූයේ හුඳෙක් දේශපාලන වාසි මුල් කරගෙන වීම අභාග්‍යයේ මූලාරම්භය විය… Tail Coat බණ්ඩා රෙද්ද ඇඳ, ගෑරුප්පුවෙන් කිරිබත් කා, වේදිකාවට නැග සිංහ නාද කරනාවිට සිංහලයා හුරේ දැම්මේ, බණ්ඩා ගහකටවත් නගින්න එකෙක් ඉතුරු කරාපං කියා කන්නංගරට කීවායැයි නොදැනම නොවේ.

අසරණ ගැමියාට එදවස සීනි කරකර සෑදූ ටොපිය ගමේ ගහේ ඉදුනු උගුරැස්සා ගෙඩියට වඩා රසවත් විය…. බණ්ඩාගේ ටොපි මල්ල ගැමියන් රස කර කර කෑවේය.

සිංහලයා Top hat සිංහල ගුලිය ගිල්ලත් වැඩි කල් නොගොස්ම ගමනක අවසානය සිවුරක් තුලින් එලියට ආවේ ඉතිහාසයේ නිදහසට පසු පලමු දේශපාලන ඝාතනය සනිටුහන් කරමිනි…. එයට දායක වූයේද මහනෙකි…. පෙරකී පංච මහා බලවේගයේ කහ කඩය තණ්හා, රතී, රඟා ඉදිරියේ ගැලවී ගියේය. ගැලවී ගියා නොව විමලක්කා ගලවා දැමුවාය.

සිංහලයාගේ අවසානය සිංහලයාම වීම එදත් අදත් මතුවටත් එකසේ පැහැදිලි සත්‍යයකි…. සිංහලයාද රතු ඉන්දියානුවාමෙන් වඳවීයන ජාතියක් ලෙස ලෝක බලවතා නම් කර ඇතැයි මා කලකට පෙර කොහේදී හෝ කියවා ඇත්තෙමි…. එය සත්‍යයක් යැයි මට හැඟේ… අනගාරික ධර්මපාල තුමා සිංහලයාගේ විනාශය කල් තියාම ඔහුගේ දෘශ්ටි කෝනයෙන් දුටුවේය… ඔහුට සිවුර අකැප වූයේ එකල සාසනයට අරක්ගෙන සිටි පටු මත දාරීන්ගේ මැදිහත්වීමෙන් බවට තතු දන්නෝ සාක්ෂි දරනු ඇත…. එනිසා ඔහු අනගාරික විය.

නානා වෙළෙඳාමට රුසියෙකි… ඌට එස්කිමෝවරුන්ට වුව ශීතකරණ අලෙවි කල හැක…. ඒ උගේ හැකියාවය…. ඌ ඉස්ලාම්ය…. ඌරු මස් හැර ඕනෑම මසක් ඌ කයි… නිර්මාංශික නානෙක් මට හමුවී නැති තරම්ය…. මත් පැනින් වැලකී සිටී…. ඌරු මස් කන මත් පැන් බොන නානල ඕනෑ තරම් සිටී… මා දන්නා හඳුනන එවැන්නන් ඇසුර ඉතාමත් ප්‍රිය ජනක බව මම අත්දැකීමෙන් දන්නෙමි.

උග්‍ර ඉස්ලාම් ලබ්ධිකයන්යැයි හංවඩු ගසා ගෙන සිටින අරාබිකරයේ මත්පැන් ඕසෙටය… තහනමද ඕසෙටය… මා ලංකාවේ රැකියාව කල කාල වකවානුවේ මත්පැන් පානය කල ප්‍රමාණය හා සසඳා බලන කල මැද පෙරදිගදී මත්පැන් බීවා නොව නෑවාය….. ඒ බොහෝ විට ඉස්ලාම් භක්තිකයන් හා සමගය…. ඔවුන් සුන්දර මිනිසුන්ය…

ඔවුන්ගේ හැඟීම් ආගම විසින් යටපත් කර තිබීම, මා ඇසුරු කල ඉස්ලාම් භක්තිකයන්ගේ හදවතේ ගැඹුරුම තැන් තුලට එබී බැලීමට මා හට මත්පැන් මහත්සේ උපකාරී විය.

අරාබියේ තරුණයන් ඉතා අසහනකාරී ජීවිත ගත කරන්නේ ගැහැනියක හා සංවාසයේ යෙදීම තබා උත්සවයකදී පවා එකට ඉඳගැනීමට ඉඩක් නොලැබීම හේතුවෙනි. තරුණ වියට එලඹෙත්ම ශරීරයේ ඇතිවන වෙනස්කම් තුලින් මතුවන ආතතිය පිටකර ගැනීමට මගක් ඔවුනට ඇත්තේම නැත.

අරාබි දෙමවුපියන් කිසිම අවස්ථාවක දරුවන් නිවස තුල තනිකර දමා යන්නේම නැත…. ඒ ඔවුන්ගේ ආතතිය ලේ ඥාතීත්වය අභිබවා යන නිසාවෙනි…. අරාබියේ එය සුලභ කරුණක් යැයි මා හට සපථ කර කිව හැක්කේ මා ඉතාමත් ලඟින් ඇසුරු කල අරාබි මිනිසුන්ගේ මුවින්ම දැනගත් කරුණු පාදක කර ගනිමිනි…. වෙනත් ක්‍රමයකට කියනවානම් from the horse's mouth ය.

ගැහැණු දරුවන් සුන්නත්කරණය කිරීම අරාබියේ සම්ප්‍රදායකි…. එය එංගලන්තය වැනි බටහිර රටවලද ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලද බහුලව සිදුවේ… ලංකාවේ මුසල්මානුවකගෙන් මෙය සත්‍යයක්දැයි ඇසුවොත් ඔබහට විවිධාකාර පිලිතුරු ලැබෙනවා ඇත.

"නෑ ඒ බොරු" කියා කීවොත්, ඒ මුසල්මානුවා පවසන්නේ අමූලික බොරුවකි.

"ඔය කියන තරම් දෙයක් කරන්නේ නෑ… චූටි කැපුමක් විතරයි කරන්නෙ" කියා කීවොත් ඔහුගේ පිලිතුර මදක් නිවැරදිය.

එහෙත් සත්‍යය එය නොවේ…. ඔවුන් සංසර්ගයේ සුරතාන්තය අහිමි කරන තරමේ අවයවයක් කපා වෙන්කර දමන්නේ ඉතාමත් අමානුෂික ආකාරයටය.

මුසල්මානු ස්ත්‍රීන්ට සුරතාන්තය හරාම් වේ… මේ ලිපිය කියවන මාගේ මුසල්මානු මිතුරන් මට වෛර කරනවා නිසැකය… එහෙත් මුසල්මානු ස්ත්‍රීන් මෙයට එරෙහිව ක්‍රියා කල යුතු කාලය එලඹ ඇත…. ඉස්ලාම් ආගමේ නැති, එහෙත් අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් එකතු කර පිලිපදින ස්ත්‍රීන් සම්බන්ධ හිංසනාත්මක හා නිදහස අවම කිරීමේ නීති බැහැර කිරීමට කාලය එලඹ ඇත… ෆාතිමා දැන්වත් නැගිටින්න.

මා කුඩා කල නානලා රෙදි පොට්ටනිය හිස දරා වෙළෙඳාමේ ආවා මතකය…. රෙදීයප්… රෙදීයප්… හඬ ගැමියන් හට පැවසුවේ නානා හා රෙදි පොට්ටනිය පැමින ඇති බවය….. ප්‍රේටේ… ගෝදේම්… බරොටි….. ඇසෙන සෑම සවස් කාලයකම අපි ගෝදම්බ රොටි උණු උණුවේ කෑමට පාරට දිව ආවෙමු… නානා කොහේ සිට පැමිනෙන්නේදැයි අපි දැන නොසිටියත් ඔහුගේ පෙට්ටියේ රොටි සෑමවිටම උණු උණුවේම තිබීම නානාගේ ශූර වෙළදාම විදහා දක්වන්නක් විය… පහසුකම් එමට ඇති අද දිනයේ පවා සිංහල කඩයකින් උණු උණුවේ රොටියක් කෑම උගහටය.

වසර හැටකට පෙර පයින්ම පැමිණ වෙලඳාම් කල නානා අද සුවිසල් මැදුරක දිනකට පස් වතාවක් යාඥා කරන්නේ අඩුම තරමේ බෙන්ස් රථයකින් ගමන් බිමන් යන අතරවාරයේය…. අපි ඌට ඊර්ෂ්‍යා කරමින් තම්බියා කියා බැන වදින්නෙමු.

ලංසියා එක් දින කෝටිපතියෝය…. උන් හෙටක් ගැන තැකීමක් නැත…. විනෝදය උන්ගේ අංක එකය…. අතිශය මිත්‍රශීලීය…. උන්ට සිංහලයාත්, දෙමලාත්, ජාවාත්,  නානාත් එකය… ක්‍රිස්තියානි ලබ්ධිකයන්ය…. එහෙත් පල්ලියට යන්නේත් බොහෝ විට විනෝදයටය…. නිර්මාංශික ලංසියෙක් මා දැක නැති තරම්ය.

නැව ගිලුනත් බෑන් චූන් සංකල්පය ලංසියා පිලිපදින්නේ ඉත සිතින්ය… බෝතලේ ඔවුන්ගේ සවස් යාමය රසවත් කරන්නේ ඉංග්‍රීසි බස චතුර ලෙස හසුරවමින්ය…. එහෙත් බොහෝ දුරට කථාවට පමණය… මා ඉංග්‍රීසි බස කථා කිරීමට ඉගෙන ගත්තේ ලංසි කෙල්ලන්ට ආදරේ කරලාය… එකල ආදරය සීමාවී තිබුනේ බොහෝ දුරට කථාවට පමණය…. වෙනත් බසක් ඉගෙනගැනීමට හොඳම ක්‍රමය එම බස කථා කරන කෙනෙකුට ආදරය කිරීමය.

ලංසියා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ මේ අල්ල පනල්ලේය… ලංකාවේ ලංසි ජනගහනය සීග්‍රයෙන් පහත බැස්සේය…. මා දන්නා බොහෝ විනෝදකාමී ලංසි දැන් ජීවත්වන්නේ පිටරටය…

සිංහලයා බොහෝ විට අති දක්ෂයෝය…. උන් සිංහයෝය…. සිංහයෝ කම්මැලියෝය…. බෞද්ධයෝයැයි කියාගනී…. එහෙත් උන් බෞද්ධ… ආගම් කාරයෝය…. නියම බෞද්ධයෝ හිතලුවක් පමනි… ඉන්නා ටික දෙනාත් අප්‍රකටය… සියලු දුසිරිත් ඔවුන් බොහෝ දෙනා සතුය…. හිංසාකාරී විවේචනයේ ශූරයන්ය.

සෝමාරාමගෙන් හා බුද්ධරක්ඛිතගෙන් පටන් ගත්තායැයි සිතිය හැකි නූතන පැවිදි මංමුලාව අද නානසාර දක්වා විහිදී ගොස් ඇත්තේ බුදු සසුණේ අභාග්‍යයට බව පසක් කරගත්තෝ අල්පය… බොහෝ නාමික බෞද්ධයෝ මංමුලාවූ පැවිද්දන්ට හුරේ දමන්නේ හුඳෙක් කපටි දේශපාලනයේ අතරමං වී සිටිනතරේය.

දෙමලා වෙනම රාජ්‍යයක් උදෙසා සටන් කලේය…. එය දේශපාලන යුද්ධයක්ම විය…. දකුනේ දේශපාලකයෝ දෙමලා යුද්ධයට තල්ලුකලේ සිය උඩඟු කම නිසාමය…. උන් ස්වයං පාලනයක් ඉල්ලුවේ බැරිම තැනය.

සිංහල දේශපාලකයා නිදහසේ සිට රට කෑවේය… අතීත දේශපාලනයේ පාවාදීම් සුලභය…. තම මඩිය තරකරගන්නා සිංහල දේශපාලකයා දෙස දෙමලාත් නානාත් බලා සිටියේය…. ස්වයං පාලනයක් තුලින් උතුර සිංගප්පූරුවක් කල හැකි බව තෝසේ එකක් හෝ ඉඩලියක් කා ප්ලේන් ටී එකකින් වේල පිරිමසාගෙන තොරතෝංචියක් නැතුව වියලි වගාබිම් ආඬි ලිඳෙන් වතුර ඇද සරුකරගත් දෙමලාට ඒත්තු ගියේය… එයට එකම බාධකය වී තිබුනේ දකුනේ ඔලමොට්ටල දේශපාලකයන්ය… ඒ හා සමගාමීව උතුරෙන්ද අවස්ථාවාදි කුහක ඔලමොට්ටලයෝ කොලඹට ආවෝය.

දෙමලාද නානාද රටේ ප්‍රගතියට දායක වන විට සිංහලයා රටේ අගතියට දායක විය…. එකම පවුලේ සියල්ලෝ දහඩිය මහන්සියෙන් පවුල සශ්‍රීක කරනාතුර වැඩිමලා අයාලේ යෑම බාල සොහොයුරන්ගේ කනස්සල්ලට හේතු වීම ස්වාභාවිකය….. වැඩිමලා බලවතා වී දෙමලා පර දෙමලා විය… නානා තම්බියා විය...

උතුරේ යුද්ධය බිහිසුණු විය…. දකුණේ පරිපාලනය නන්නත්තාර විය… ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් උතුර අල්ලාගත්තේය… උන් එතනින් නැවතුනානම් අදටද උතුර උන්ගේය…. සිංහයන් අවදිවූයේ මාවිල්ආරු සොරොව්වෙනි… පරිපාලනය දකුණේ චන්ඩියෙක් අතේ තිබූ හෙයින් සටනට ඔහුගේ මූලිකත්වය ලැබුනි… සටනට අවතීර්ණ වූයේ දකුණේ අභීත සිංහයෝය…

සොල්දාදුවෝ "ඉස්සරහට ගියොත් ජොනී… පස්සට ගියොත් ෆොනී" කියමින් සතුරාට මුහුණ දුන්නේ මිනීමරු ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි ජාත්‍යාන්තරයටද පාඩමක් කියා දෙමිනි.

දකුණේ සිංහයෝ දඩයමෙන් පසු නැවතත් සිංහ සෙයියාවෙන් නිදිය… ඒ සිංහයන්ගේ හැටිය….

සිංහල අළුත් අවුරුද්දට සිංහලයෝ නානාගෙන් ඇඳුම් ගත්තේය…. වෙසක් සැරසිලි ගත්තේද නානාගෙනි… නෝම්බි කැඳ බිව්වේද නානාගෙනි… නානා සිංහල අළුත් අවුරුද්දට සිංහලයාගෙ කැවුම් කිරිබත් කෑවේ සතුටිනි…. සිංහලයා නනාගෙ බුරියානිද, කොත්තු රොටිද රසකරමින් කෑවේය…

නිතරම නොවූවත් නානාගේ ෆාතිමා, අප්පුහාමිගේ කොල්ලා එක්ක පැනගොස් සතුටින් පවුල් කෑවේය…. නානාගෙ අෆ්සාල් අප්පුහාමිගේ සුදු මැනිකාට පෙම් බැඳි වාර අනන්ත විය…. යම් යම් හැල හැප්පිලි තිබුනද උග්‍ර ගැටුම් කිසි දිනෙක සිදු නොවීය.

නානා අතරින් සහරාන්ලා බිහිවනවිට නානා අඳ ගොළු බිහිරි පරිච්ඡේදය කියවමින් සිටියේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා න්‍යායට අනුකූලවය…. නාන සිතා සිටියේ එක බෝම්බෙට සිංහයා අවදිවේයැයි සිතාගෙනය…. ඒ නිසා නානා තණකොල කපන්නට කඩු එකතු කලේය…. වැඩේ සිතූ ලෙස පත්තු උනේ නැත…. නැගිට්ටේ සිංහ හමට යටින් සිටි නරියන් රැලක් වීම නානලා එබුවා වෙනුවට බුවා කරවීමට සමත් වීය.

පලමුව එලිය දුටුවේ අන්තවාදී සහරාන්ද අන්තවාදී නානසාරදැයි සෙවීම කිකිලිද බිත්තරයද අසන්නාක් වැනිය… උනුන්ගේ ජාතකය සෙවිය නොහැක්කේ උන්දෙන්නාම අවජාතක නිසා විය හැක.

කෙසේ හෝ බෝම්බ පුපුරා විශාල විනාශයක් සහරාන්ලාට සිදුකල හැකිවූයේ උන් ප්‍රභාකරන්ලාට වඩා දරුණු ඝනයේ ත්‍රස්තවාදීන් නිසා යැයි කීම බුද්ධියට අවමානයකි… එය සිදුවූයේ දකුණේ දේශපාලකයාගේ නොසැලකිල්ල හා අමන කම නිසා බැව් ඔප්පු වෙමින් පවතී.

සහරාන්ලාට එක දෙයක් කිව යුතුව ඇත…. සිංහලයාගේ අවසානය සිංහලයා තුලින්ම පැමිනෙන්නාසේම, සහරාන්ලාගේ අවසානයද ෆාතිමාලා තුලින්ම පැමිනෙන කාලය වැඩි ඈතක නොවේ.

බුර්කාව ඇඳ එය උස්සා අයිස් ක්‍රීම් කන ෆාතිමාලා..., සුන්නත්කරණයට ලක්වී විවාහ දිවියේ සුන්දරත්වය පිරිමින්ටම බිලිදෙන තස්ලිමාලා…., පුරුෂාධිපත්තියට බිලිවී වහල් දිවි ගෙවන ජැස්මිනාලා….., සත් දෙනෙක් සමග සැමියා එකම වහල යට යහන්ගත වෙනවා ඉවසා සිටින සබ්‍රිනාලා …., අන්තවාදී සහරාන්ලාට විරුද්ධව වීදි බසිනා කාලය වැඩි ඈතක නොවේ.

එය එසේ නොවුවහොත් තද නින්දක සිටින සිංහයා අවදිවනවා ඇත…. එදාට මැද පෙරදිග තෙල් හෝ සම්බාධක නැතහොත් වෙනත් රටක න්‍යෂ්ටික අවි වුවද සිංහයා මායිම් නොකරනු ඇත්තේ "කම් ඕ ගෝ ච්කාගෝ" න්‍යාය පදනම් කරගෙන විය හැක.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget