දේශපාලන ඇස්බැන්දුම......

දේශපාලන ඇස්බැන්දුම…..

අප්‍රේල් 21 ට පෙර;

"මාතිය කෝමද... මොනවද ඕන...."

"මුදලාලි ... මට සිමෙන්ති කොට්ට 10ක්..."

"සංස්ථා ද ? ... මාතිය ගන්නෙ සංස්ථා නේ"

"සංස්ථා හොඳයි මුදලාලි"

"අපේ මාතියට සංස්ථා දහයක් දාන්න කැබ් එකට... මාතිය වහින්න වගේ... කොල්ලො අර ඉටි කොල කෑල්ලක් හොයල උඩිං දාපං ..."

කඩේ සිංහල කොලුවා සිමෙන්ති පටවා ඉටි කොලයකුත් දමා දෙන්නේ නානා ගේ උපදෙස් පරිදිය.... ඒ නැතත් සිංහල කොල්ලාද නානාකරණය වී ඇත.... කවදා හෝ ඒ සිරිදාස කොලුවාද නානාගේ වැනි කඩයක් දමන්නේ නම් ඒ රටේ වාසනාවටය....

"මාතිය නෝම්බි කාලෙට මේ පැත්තට එනවනේ... කැඳ බාල්දියක් අරගෙන යන්න එන්න..."

මම පාස්කු බෝම්බ ප්‍රහාරයට කලින් සෑම අවස්ථාවකම ගනු දෙනු කලේ හැකිතාක් දුරට මුස්ලිම් කඩවලිනි. එයට එකම හේතුව සිංහල කඩේකින් බඩු ගැනීමට යන කිසි විටෙක අප හට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන නිසාවෙනි.

පාරිභෝගිකයා සිංහල මුදලාලිගේ යටහත් සේවකයාය... නානා පාරිභෝගිකයාගේ යටහත් සේවකයාය.... සිංහල මුදලාලි හා එහි සේවකයන්ට පාරිභෝගිකයා හිසරදයකි.... නානා පාරිභෝගිකයාට හිසරදයක් වන තරමටම යටහත් පහත්ය.... සිංහල මුදලාලිගේ මුහුනේ සිනා පොදක් මතුවන්නේම නැත.... නානාගේ වම් කනේ සිට දකුනු කනටම සිනාව පැතිරිලාය.

බෝම්බ ප්‍රහාරය අප මත පැටවූ අනිවාර්ය නිවාඩුව ඊනියා ඉස්ලාම් ත්‍රස්තවාදය හා ව්‍යාප්තවාදය පිලිබඳව නැවත වරක් සිතා බැලීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබුනි.

සියලු මුසල්මානුවන් ත්‍රස්තවාදීන් නොවේ... එහෙත් සියලු ත්‍රස්තවාදීන් මුසල්මානුවන්ය.... මෙය සත්‍යයක් සේ අපට මතුපිටින් පෙනේ.

ත්‍රස්තවාදීන්ට අනුබල දුන්නේද මුසල්මානුවන්යැයි මොහොතකට උප කල්පනය කරමු..... එසේනම් ඔවුන්ද ත්‍රස්තවාදීන්ය.... මතුපිට ස්ථරය දෙස බලන ඕනෑම කෙනෙකුට එසේ සිතෙනු නොඅනුමානය... ඒ අපි බිත්තියේ මතුපිට සුදු නිසා බිත්තිය සුදුයැයි පැවසීමට පුරුදු පුහුණු වී ඇති නිසාය.

පාස්කු ප්‍රහාරයට පසුදිනම මම එක්තරා පල්ලියක සැක කටයුතු අන්දමට සටන් ක්‍රම පුහුණු වන බවට අදාල අංශ දැනුවත් කලෙමි... වරකට නොව දෙවරකටම එසේ කලේ මා සියැසින් දුටු නිසාය.... දින දෙකක් ගතවූ තැන එම පල්ලියේ නේවාසිකව සිටි සියලුම දෙනා හිටි අඩියේ අතුරුදන් විය.... පල්ලිය වසා දැමූයේ අදාල අංශ විමර්ශනයක් හෝ වැටලීමක් කල නිසා නොවන බැව් ඒකාන්තය.

වැටලීමක් හෝ වැටලීමේ අදහසක් ඇති බැව් එහි පුහුණු කටයුතු කල අයට දැනගන්නට ලැබුනායැයි සැක කල හැක්කේ එදා පටන් අදාල ආරක්ෂක අංශ අක්‍රීය වී ඇති හෙයිනි.... එසේ ඔවුන් දැනුවත් වූවා නම් ඒ කාගෙන්දැයි ඔලු ගෙඩි කුරෝලු වනතුරු සිතා බැලීමට අවශ්‍ය නොවන්නේ "වැටත් නියරත් ගොයම් කා නම්" යන පැරැන්නන්ගේ කට කහනවාට මෙන් කී ප්‍රස්ථා පිරුල  මතකයට එනවිටය.

මොනයම් බලපෑමක් නිසා හෝ අද වන තුරුත් ආරක්ෂක අංශ එම ස්ථානයට අඩියවත් තබා තිබුනේ නැත.... එවිට එයද ත්‍රස්තවාදයට අනුබල දීමක් නොවන්නේද?

මුසල්මානු දේශපාලනඥයන්ද දැන් දැන් එලිබසින්නේ ත්‍රස්තවාදයෙහි වගකීම අමු සිංහල දේශප්‍රේමී පාලකයන් පිට පටවමිනි... ඔවුන් සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඉදිරියේ එය මේ වනවිට ඔප්පු කරමින් සිටී.... එය එසේ නම් දකුණේ දේශප්‍රේමියෝද ත්‍රස්තවාදයට අනුබලදී ඔවුන්ද ත්‍රස්තවාදීන් ඝනයට වැටී ඇත.... අරාබියේ අයිසිස් ත්‍රස්තවාදයට යම්තාක් දුරට හෝ උදව් කල සිංහලයෙක් සිටීනම් ඔවුන් අන්ත ත්‍රස්තවාදීන් හා දේශද්‍රෝහීන් වේ.

සහරාන්ලා මිය ඇදී ඇත.... තව සහරාන්ලා අප අතර සිටී.... ඔවුන් හඳුනාගැනීමට හා නීතිය ඉදිරියට ගෙන ඒමට අදාල අංශ ක්‍රියා කරනවා ඇතැයි සිතුනත්, විශාල ධනස්කන්ධයක් සතු ත්‍රස්තවාදීන් එම බලය යොදා රාජ්‍ය ආරක්ෂක අංශද ත්‍රස්තවාදී ගොන්නට ඇද නොදමනවා යැයි සිතිය නොහැක.... එය ත්‍රස්තවාදයටත් වඩා ඛේදවාචකයකි.

ත්‍රස්තවාදයේ පිහිටෙන් හෝ ගොඩ යෑමට මාන බලමින් සිටින පාලකයන් සිටින රටක සියලුම අංශ ත්‍රස්තවාදීන් වීම නොවැලැක්විය හැකිය… අසල රටවල් අපටත් වඩා ත්‍රස්තවාදීන් හැන විමසිලිමත්ව සිට ඇත…. එක් වරක් නොව කිහිප වරක්ම ඔවුන් රජය දැනුවත් කර ඇත්තේ ටක්කෙටමය… එසේනම් තුන්සිය ගනනක් මිනී මැරුවේ සහරාන්ලා තනිවම නොවේ…. මිනීමරුවෝ තව දුරටත් රෙදි නැතිව අප පාලනය කරමින් සිටී.

අතටම ආ උඩ පන්දුව රැක ගන්නට බැරිවූ විට අම්මා මෝ නැතුව පලු අරින අපි මේසා විශාල අපරාධයක් කලවුන්ට හුරේ දමන්නේ කෙසේදැයි සිතා ගැනීමද අමාරුය.

රතණ හිමියන්ද බදුර්දීන්ට එරෙහිව සාක්ෂි ඇතැයි කට මැත දොඩා අවසානයේදී මාරාන්තික උපවාසයද පාරාවලල්ලක් කරගත්තාදැයි සැක සිතේ.... රතණ හිමියන් හැදූ දරුවා වැඩි කල් නොගොස් බිහිවෙනු ඇත.... එම මාරාන්තික උපවාසයෙන් බිහිවන දරුවාගේ පීතෘත්වය සොයා ගැනීමට ඩී එන් ඒ පරීක්ෂන අවශ්‍ය නොවන්නේ ඔහු නිදි වැදුනේ දළදා මාලිගය අභියස දෙනෝදාහක් බුද්ධ පුත්‍රයන් හා ශ්‍රාවකයන්ගේ සාදු හඬ මධ්‍යයේය.

ඥානසාර හිමිද ඩෝසරයේ එන්ජිම රාජ්‍ය නායකයාට උගස් තබා ඩෝසරය පමණක් ප්‍රදර්ශනය කරමින් සිටියත් මහජනයා ඒ බැව් හොඳින් වටහා ගෙන හමාරය.... උසාවියේදී කැස්සත් දඩ කන රටක ඥානසාර හිමි සිංහ නාද කර මහ උළු ගෙදර කම්බි කූරු ගනන් කිරීම බදුර්දීන් උසාවියට ගල් ගැසීම නිසා අවලංගු විය යුතු වන්නේ නැත.... එය එසේ වූවානම් ඔහුටද නීතිය ක්‍රියාත්මක විය යුතුය.

ගාල්ල උසාවිය ඉදිරියේ වාහනය පසුපසට ගැනීමට ගොස් ඇතිවූ සිහින් අනතුරු ඇඟවීමේ නාදය හේතුවෙන් මාව එවෙලේම විත්ති කූඩුවට නැංවූ මහේස්ත්‍රාත්වරුන් සිටින රාජ්‍යයක ගල් ගසා බේරීමට හැකිවූවායැයි පැවසීම තරමක කුතුහලයක් දනවන්නකි.... කාක් බෙට්ට කාක්කන් හතකගේ මරණය දක්වා පැතිර යන රටක නැගෙනහිර උසාවියේ මිදුලේ තිබූ ගලක් දකුණට එනවිට ගල් වරුසාවක් වූවාදැයි සැක පහලවේ.

අනෙකුත් දේශපාලනික භික්ෂූන් ගැන කුමන කතාද?

රාජ්‍ය නායකයා ගැන නම් ලියන්නට තරම් වටිනා යමක් ඇත්තේම නැත.... ඒ තරමටම එතුමා කුජීත වී ඇත.... ප්‍රසිද්ධියේ ඔහුගේ ගුණ ගැයීමට තැත් කිරීම පවා සිය දිවි නසා ගැනීමක් වනු නියතය..... ඔහු කරළියට ගෙනා රනිල්ද ගලේ පාහර බල්ලාමෙන් නිහඬය.... චතුර කථිකයෙක් හා ශූර දේශපාලනඥයෙක් වන ඔහුගේ නිහඬත්වය "නැට්ට කුනු වෙච්ච ගෙඩියට ගල් ගහන්න එපා" යන න්‍යායේ සිට කරනා ප්‍රතිචාරයක්දැයි සිතේ. ... මේ තරම් කුජීත වුනු ජනාධිපතිවරයෙක් දන්නවා නම් අටපට්ටමට කියනවා විනා වෙන විකල්පයක් මහජනයාට නැත..

විරුද්ධ පක්ෂය නොහොත් ඒකාබද්ධය ප්‍රසිද්ධ වහරෙන් කියනවානම් ඒකා බඩ්ඩ වෙලාය... දේශද්‍රෝහීන් දේශප්‍රේමින් කිරීමේ පුදුම පහන ඔවුන් සතුය... රටක් රාජ්‍යයක් දිනූ, ත්‍රස්තවාදය තුරන්කර ලෝකයම මවිත කල අවස්ථාවේ මා නම් හිතුවේ මහින්ද සක්විති රජ වෙනවා කියාය.... ඔහුගේ නොවූවත් දරුවන්ගේ කරුමයකට හෝ කූඩැල්ලෝ රැසක් ඔහුගේ ලේ උරා බොන්නට විය.... කූඩැල්ලා ලේ උරාබීමට ප්‍රථම වේදනා නාශකයක් ශරීර ගත කරනා නිසා වේදනාවක් නොදැනේ.... එවිට වේදනාවද චූන් නිරායාසයෙන් චූන් එකක් වේ.

මහින්දගේ කූඩැල්ලෝද එසේමය..... උන්ට චන්ද පදනමක් නැත්තේය.... උන් මහින්දට පොහොට්ටු වේදනා නාශකය විද ලේ උරා බොමින් සිටී.

උන්ගෙන් එකෙක් 2500 වීරයා විය....

තවෙකෙක් මාවරමණ්ඩියේ කොමියුනිකේෂන් වීරයා විය...

තවෙකෙක් හෙල බසට පකයා යන වචනය ඇතුලත් කර වීරයෙකු විය....

තවෙකෙක් එතනෝල් වීරයා වී සංගීතය හරහා සිය අච්චුව ලෝකයටම පෙන්වා වීරයා විය...

තවත් එකෙක් ෆිනෑන්ස් කොම්පැනියක් හරහා ලක්බිමේ විශාලම දික්කසාද වන්දිය ගෙවීමේ හැකියාව පෙන්වූ වීරයා විය...

තවෙකෙක් බොල්ගොඩ සිංහයෙකුට දාව නරියෙකුව ඉපිද සිංහ නාද කර වීරයෙකු විය...

තවෙකෙක් රත්තරං මාල කඩා වීරයෙකු විය...

ලැයිස්තුව දිග වැඩිය.... ඒකා බඩ්ඩේ කෙරුවාව එසේය... ඒ මහින්දගේ හෙංචයියෝය.... මහින්ද හෝ නාමල් පුතයා මොවුන් සමග මහජන රැල්ලක් ගොඩනගා බලය අතට ගැනීමට සිතීමට තරම් අමනයන් විය නොහැක.

මහින්ද කෘත හස්ත දේශපාලනඥයෙක් බව අවිවාදයෙන් පිලිගත යුතුව ඇත... 2020 මහින්දගේ ඉලක්කය නොවන බව මගේ මෝඩ තර්කයක් විය හැක... ඔහුගේ එකම අභිලාෂය සිය පවුලේ සාමාජිකයන්ගේ හිස් මතට එල්ලවී ඇති නීතියේ අභියෝගයන් මග හැරීමම වේ.

පසුගිය අවුරුදු හතරේම ඔහු කලේ ආරක්ෂිත පියවර ගැනීමය... කූඩැල්ලන් පිරිවරාගත් පොහොට්ටුව ඔහු හට මහත් අස්වැසිල්ලක් විය.

රනිල් බලයට ආවේ දුර්දාන්ත පාලනය අහෝසි කර, වරදකරුවන් නීතිය ඉදිරියට පමුනුවා යහපාලනයක් පිහිටුවීමේ පොරොන්දුව පිටය… බලයට ආ දිනයේම වරදකරුවන් හට නීතියේ උපරිම පිළිසරණ ලබා දෙන බවට රාජපක්ෂ බලකායට පොරොන්දු වීය…. සීරියල් චිත්‍රපටයක් අපේක්ෂාවෙන් චන්ද පොලට ගිය ජහමනයාහට ඈනුම් අරිමින් නරඹන්නට සිදුවූයේ නෝංජල් නලුවන් රඟපාන අංජකොරොස් ච්ත්‍රපටියකි.

මා මේ ලිපිය නිර්භයව ලියන්නේද, ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවල කරනම් ගසමින් සාෆිලා වඳ සැත්කම් කල බවට සංදර්ශන පවත්වන්නේද, රනිල්ගේත් සිරිසේනගේත් යහ පාලනය නිසා බව නම් කිවමනාය…. එය එසේ වූවත් ඉහවහා ගොස් තිබූ දූෂණය හා මිනීමැරුම් ඩේසි ආච්ච්ගේ මැණික් මල්ලෙන් හා වෙලාවකට යටයන නැවතත් එලි බහින ලිපි ගොනුවලින් යටවී යාම මහජනයා ප්‍රකෝප කර ඇත්තේය.

එයට අමතරව ටෙලි නාටකයක පිස්සෙකුගේ චරිතය රඟපාන කැකිල්ලේ රජතුමාටද 2020 දී දේශපාලන වේදිකාවකට ගොඩවීමට පවා අවස්ථාවක් මහජනයා ඉවසා දරා ලබා දේවීදැයි සැක සහිතය...

සිංහල චන්ද දායකයාගෙ කර මතින් පාර්ලිමේන්තු ගිය මුසල්මානු දේශ පාලනඥයාටද මෙවර යන එන මං නැති වනු නොඅනුමානය... ඔවුන්ටද විකල්ප දේශපාලන ගමනකට යාමට සහරාන්ලා හේතු සාධක උදා කර ඇත…. සාමාන්‍ය බහුතර සාමය අගයන අන්තවාදී නොවන මුසල්මානුවාද ඔවුන්ගේ දේශපාලනඥයන්ගේ තොප්පිය හැරෙන දිශාව ගැන කලකිරී සිටිනවාට සැකයක් නැත.

ජවිපේ කවදත් අතරමං වන්නේ අවසාන මොහොතේ ජහමනයාගෙ සිත් තුල 71, 89 හොල්මන් කරන නිසා විය හැක… ඔවුන්ගේ ධනාත්මක පැතිකඩක් වන්නේ ඔවුනතර අපතයන් නොමැතිකමත්, මහජන නියෝජිතයන් සියලු දෙනාමත් උගතුන් වීමය... 2020 පිලිබඳ ඔවුන්ගේද බලාපොරොත්තු නැති සේය.... තුන්වන බලවේගය තුල ඔවුන්ගේ පැවැත්ම ඔවුන් තෘප්තිමත් කර ඇති සෙයක් පෙනේ….. ඉන් ඔබ්බට යෑමෙන් පොල්ලත් බල්ලාත් දෙකම ආරක්ෂා කර ගැනීමේ වැට උඩ න්‍යාය බිඳ වැටෙනු ඇත.

මේ අතර නාගානන්ද කල එලි බැස ඇත්තේ විකල්පයක් ලෙසිනි.... ඔහුගේ යෝජනා තිත්ත කසාය හැලියකට මී පැණි කලවම් කරනවා වැනිය.... මී පැනි රසය තිත්ත කසාය රසය අභිබවා යාවිදැයි සැකසහිතය...  බොන්න පුලුවන්නම් කසාය ගුන විය හැක…. එහෙත් ඔහුද ගල් ගැසුවේ වීදුරු ගෙයක සිටදැයි විටෙක සිතෙන්නේ ගල් පාරවල් කෑ අයද ගල් ගෙඩි අමෝරා සිටිනු දකිනා විටය.

නාගානන්දගේ යෝජනා අප වෙත එන්නේ පුදුම පහනක් විලසිනි... ජහමනයාට ඇත්තේ පහණ පිරිමැදීමට පමනි. එසැනින් සියල්ල බලාත්මක වෙයි.... හෙම්බත්වී හොට බිම ඇනී සිටින ජහමනයාද ඉල්ලන්නේ එවැනි පහණකි.

ගමරාලලා ජහමනයාට වහකදුරුවී ඇති අවස්ථාවක පල්ලේවත්තද සටනට පිවිස සිටීම මහරගම නගර සභාවේ සර් සටනට බහිනවායැයි කීම හා සමානය… පල්ලේවත්තගේ පැය විසිහතරෙන් සියලු ණය පියවන බයිලාව මේ වනවිට වෙනත් තාලයකට ගැයීම ජහමනයා අතර රඟ දෙන බයිලාවක් නොවනු ඒකාන්තය.

සියයට විසිපහේ පොලියට කෑදරවී සක්විතිගේ ආයතනයේ මුදල් ආයෝජනය කල ආයෝජකයාට සිදුවූ සන්තෑසියම ජහමනයාටද මෙදා පාරද සිදුවේවිදැයි සාධාරණ සැකයක් පවතී.... දැනට පේනතෙක් මානයේ විකල්පයක් ඇත්තේද නැත.

මෙතරම් දුරක් මේ හෑල්ල කියවූ ඔබට මෙහි අඩංගු සියලු කරුණු බයිලා බවට 2020දී පරිවර්තනය වනු දැක බලාගත හැක... ඒ මෙම අලුත් බයිලාව පැරණි බයිලාව විසින් ගිල දමනු ඇති බැවිනි…. බොහෝ ජහමනයාට පැරණි බයිලා රසවත්ය.

අවසාන මොහොතේ කුමක් හෝ උප්පරවැට්ටියකින් පරණ ගායකයෝම දියවන්නාවේ වේදිකාවට ගොඩවනවාට කිසිම සැකයක් නැත... ඒ බුකියේත් වේදිකාවේත් පොර ටෝක්ස් දෙන න්‍යායවාදීන් සිටින්නේ අතලොස්සක් බැවිනි.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget